IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


ගිවිසුම නිසා කැබිනට් සංශෝධනය ප්‍රශ්නයක්

හර්ෂණ තුෂාර සිල්වා

මීළඟ අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් අතර අත්සන් තබා ඇති ගිවිසුම නිසා පක්ෂ දෙකේ ප්‍රබලයන් අතර අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.

ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතාට වරාය හා නාවික අමාත්‍යාංශය හෝ මහාමාර්ග අමාත්‍යාංශය ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබුණත් එම අමාත්‍යාංශ දෙකම පක්ෂ දෙක අත්සන් තැබූ ගිවිසුම අනුව ලැබී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයටය. 

 

ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ප්‍රබල කැබිනට් අමාත්‍යධුරයක් ලබාදීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිතවත් පාර්ශවය දැඩි උත්සහායක නිරත වී සිටින බව ද එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා කීය. 

තවදුරටත් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යධුරය දැරීමට තමාගේ අකැමැත්තක් නැති බව පසුගිය සතියේ දිනක පැවැති මාධ්‍ය හමුවක් අවසානයේදී ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවේය. 

මීළඟ අමාත්‍යාංශ මණ්ඩල සංශෝධනයේදී පරිසර අමාත්‍යාංශය යටතේ පවතින වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් නිපුණතා හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ධීවර සහ නාවික ඉංජිනේරු ආයතනයත් (සාගර විශ්ව විද්‍යාලය) ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය යටතට පැවරෙනු ඇතැයි ද පසුගිය සතියේදී වාර්තා විය. 

මේ අතර ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා තමාට පැවැරී තිබූ විෂය සහ කාර්යය රැසක වගකීම විශේෂ ගැසට් පත්‍රයකින් ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාට පැවැරීමට කටයුතු කර ඇතැයි ද ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය අද (27) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය 2015 වසරේ අගෝස්තු මාසයේදී අමාත්‍යාංශ 30 පක්ෂ දෙක අතර බෙදා ගනිමින් වසර දෙකක ජාතික ආණ්ඩුවකට මුල පිරීය. 

එම ගිවිසුම වසර පහක කාලයක් සඳහා දීර්ඝ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරු පසුගිය වසරේ ජූලි මාසයේදී පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළහ. 



අදහස් (9)

ගිවිසුම නිසා කැබිනට් සංශෝධනය ප්‍රශ්නයක්

Wicky Monday, 27 March 2017 05:44 PM

1948 සිට ඔලු ගෙඩි මාරු උනාට මොලේ තියෙන ඇමතිවරු මේ රටේ පත් කරගන්න කවදාවත් අපිට බැරි වුනා. ඔය කව්රු ආවත් එන්නේ හොරා කන්න.

:       2       107

daham Monday, 27 March 2017 07:20 PM

පක්ෂ දෙකෙන්ම දක්ෂකම් මින් පෙර සහ දැනුත් පෙන්වා ඇත්තේ එකම පුද්ගලයායි . ඔහු නම් චන්ද්‍රිකා රජයේ හිටපු ප්‍රබල ඇමති කෙනෙකි. පසුව unp යට ගොස් ඇත .

:       1       0

susantha Monday, 27 March 2017 08:45 PM

විශ්ව විද්‍යාලයක උපාදියක් තියන 25 දෙනයි ලංකා පාර්ලිමේන්තුවේ ඉන්නේ - රටේ නීති හදන විවාද කරන තැන තත්වේ එහෙමයි. ඉන්න උගත් කීප දෙනාත් තමන්ගේ ඉදිරි පරම්පරා 4-5ක් එක පාර්ලිමේන්තුවෙන් ගොඩදාගන්න ආපු උදවිය. එහෙවු තත්වයක් යටතේ ඉන්න හොරුන්ගෙන් රටට වැඩියම හොඳ හොරුන් තොරගන්නයි වෙලා තියෙන්නේ. ඉස්සර හිටි හොරු එහෙම හොරු බවයි මගේ අදහස, රටටත් වැඩක් කල හොරු. දැන් ඉන්න හොරුන්ගේ කයියයි හොරකමයි රට බෙදීම සහ රට පාවාදීමයි විතරයි, වැඩක් පෙනෙන තෙක් මානෙකවත් නෑ.

:       0       0

mahee Monday, 27 March 2017 09:04 PM

ඔලුව කැක්කුමට කොට්ට මාරු කරලා වැඩක් නැහැ. අනික, කොට්ට කිව්වට මේවා ලී කොට කෑලි මිසක් අඩු ගානේ ගෝනි පඩංගු කොට්ටවත් නෙමෙයි.

:       0       0

siri Monday, 27 March 2017 09:16 PM

පුළුවන් නම් ඔය හැම දේටම කටදාන වාචාලයෝ ටික එලෙවුවොත් තමයි හොද.

:       0       0

kalpa Tuesday, 28 March 2017 02:26 AM

විකී හරි මහින්ද අමරවීර ඇමතිතුමා හරිම දක්ෂයෙක් ශ්‍රීලංකා නිදහස් පක්ෂයට හොඳ ඇමතිකම් ඇත්තෙම නැද්ද ගැටුම් ඇතිවුණානම් ගිවිසුම් ගැන නොසිතා අදහස් ප්‍රකාශ කලේ ඇයි

:       0       0

Dhammika Tuesday, 28 March 2017 04:03 AM

මේ මිනිස්සු රටට මොනවද කරලා තියෙන්නේ අපි මෝඩයෝ වගේ මුන්ට ඡන්දෙ දීල උඩ බලාගෙන ඉන්නවා. මමත් ඡන්දෙ දුන්න තමයි අපරාදේ. මුන් වාහන ගන්න දඟලනවා රටේ මිනිස්සු හිගාකනවා. අපිට ඉවසන්න කියන උන්ට ඉවසන්න අමාරුද රටගැන හිතල. අපිට පිස්සු .

:       0       5

daham Tuesday, 28 March 2017 04:54 AM

ආපු දවසේ ඉඳල කරපු හැම එකේම ප්‍රශ්න. මුළු රටම ප්‍රශ්න ගොඩක් කරලා ඉවරයි. සංශෝධන ඕනේ නැහැ. දෙයියන්ගේ නාමෙට ඉක්මනටම තොලොන්චි වෙලා පලයවූ මේ රට ජාතිය විනාස නොකර.

:       0       297

siri Tuesday, 28 March 2017 07:20 AM

කවුරු කවුරුත් ගොඩ ලොකු කරගන්න බලනවා ඇති. කෙසේ වෙතත් ඔය වාචලයින්ගේ ඇමැති ධුරවලින් මාරු කලත් නම් ලොකු ආදර්ශයක් කාට කාටත්. ඉන් පසුවවත් හැදෙන්ඩ බලයි.

:       0       20

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසන්ත නිසා කවිරත්න වේදිකාව වර්ජනය
2024 සැප්තැම්බර් මස 16 597 0

සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී


පන්නල පොලිසියට පාප්ප ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 16 190 0

පන්නල ඇලබඩගම සුහද ජනපදය මාර්ගයේ එක්තරා දේශපාලන පක්ෂයකට අයත් දැන්වීම් අලවමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගිය පොලිස් කණ්ඩායමක පාප්ප බාල්දි පාරක් කෑමට වූ


ශිෂ්‍යත්ව පේපරය බෙදන්න කලින් පිට කරලා
2024 සැප්තැම්බර් මස 16 461 0

අනුරාධපුර, රත්මලේ තිස්ස විදුහලේ පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කිය


ජනපති අපේක්ෂක සීලරතන හිමිට අ:පුරේදී මැර තර්ජන
2024 සැප්තැම්බර් මස 16 698 0

ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ ඔහුගේ ආරක්ෂකයාට ඊයේ (15) රාත්‍රී අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිරිසක් පරුෂ වචනයෙන


ජල ගැලුම් නිම්නයේ වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 16 180 0

පොළොන්නරුව ජලගැලිම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ, සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින්ම දිගු කලක සිට අක්කර පනහකට


ලංකාවට යන්නේ පරිස්සමෙන්: ඇමෙරිකාවෙන් උපදෙස්
2024 සැප්තැම්බර් මස 16 574 0

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site