ආර්ථික වටිනාකමක් ඇති ගස් වවා ඉඩම් විකුණා ගනුදෙනු කරුවන් 1300කට පමණ රුපියල් කෝටි 2500කට අධික වංචාවක් කැර රට හැර ගිය අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිසිය අන්තර්ජාතික පොලිසියේ සහය පැතීමට යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වංචා වලට බොහෝවිට ඉහළ නිලධාරීන් සම්බන්ධයි (නි)
අයියෝ! අමාරුවෙන් උපයාගත් මුදල්! (නි)
අපේ ගෙදරටත් පහුගිය දවස්වල කාන්තාවන් පිරිසක් පැමිණිලා ආර්ථික වටිනාකමක් ඇති පැල වගයක් විකුණන්න හැදුවා. මම නම් අහුවුණේ නැහැ (නි)
මේ දෙදෙනා නීතියේ රැහැනට හසුකරගන්න පොලිසියට නොහැකිවීද? (නි)
කවුරුවත් ගස් හිටවලා තව කාටවත් ලාභය ගන්න දෙයිද? ඒ ටිකවත් හිතන්න තිබුණනේ (නි)
මමත් මේකට සල්ලි දාන්න ඔන්න මෙන්න තියෙද්දී ඔවුන් එතන වැඩ කළ අයටවත් නොදන්වා පැන ගිහින්. මගේ යාලුවෝ කීප දෙනක්ම මේකට අහුවෙලා , වසර ගණනාවක් දුක් මහන්සි වෙලා හරිහම්බ කළ සල්ලි නැතිකර ගත්තා. (නි)
ආයෝජනයක් කරන විට සිහියේ තබා ගත යුතු මුලික කරුණ එම ආයතනය රජයේ හෝ හෝ මහා බැංකුවේ ලියාපදිංචි වෙලා ද යන්න. ඉන්පසු එහි කළමනාකාර සහ අධ්‍යක්ෂක දුර හොබවන අයගේ වෘත්තිමය ඉතිහාසය , ඔවුන් මීට පෙර සේවය කල ස්ථාන ආදිය ඉතා වැදගත්. සමහරු කියාවි අපිට කොහෙද ඕවා සොය සොයා ඉන්න වෙලාවක් කියලා . නමුත් ඔබේ දුක් මහන්සියෙන් හම්බ කල සල්ලි වෙනුවෙන් සුමාන දෙකක් මේ පෙර විපරම සඳහා ගත කිරීම වටිනවා මුළු සන්තකේම ජීවිතේටම නැති කරගන්න එකට වඩා. මුල්‍ය ආයතන වල වංචා වලට අසුවී සේවයෙන් පහ කල උදවිය පවා ඉන්පසු මෙවැනි ව්‍යාපාර පිහිටුවාගෙන සල්ලි ගරනවා. මම මේ ගැන අවබෝධයෙන් අනෙක් අයගේ දැන ගැනීම පිණිස මේ ලියන්නේ. ආයෝජනය හොඳම පිවිසීම තමා පෙර විපරම. ! (නදී)
අපි දැන් අමාරුවේ වැටිලා ඉන්නේ. (නි)
තව ටික දවසකින් එනවා අලුත් වගාවක්. මීට වැඩිය සල්ලි හොයන්න පුළුවන්. දැනටමත් පත්තර වල දැන්වීම් පලවෙනවා. "වල්ලපට්ටා වගාව'' ඔබගේ සියලුම මුදල් යොදවන්න...! (නදී)
මෙම ව්‍යාපාරය හොඳින් කෙරුණා අවසන් අදියර කඩා වැටුනේ වෙනත් හේතුවකින්. යම් ආකාරයක කොමිස් මුදල් ගෙවීමක් එකඟ නොවීමෙන් (නදී)
පවතින තත්ත්වය අනුව අපේ රටේ ඕනෑම දෙයක් කරලා සල්ලි හම්බ කරන්න පුලුවන් වගෙයි. පස්සේ මොන දේ කළත් කාටවත් සෙතක් නැහැ (නි)
මම ඕක වෙන්න පෙර ඉවත් වුණා. දන්නා අයට කලින්ම කිව්වා. පවු අහිංසක මිනිස්සු. දැඩි දඩුවම් දෙන්න ඕනෑ අර ජෝඩුවට (නි)
වංචාව නම් ඔක්කොම ඉවරයි (දී)
ඉතිහාසය පිරික්සීමේදී සැමදාම මෙබදු සමාගමක් බිදවැටුණු විට සිදුව ඇත්තේ ඊට වගකිවුතු ප්‍රධාන පාර්ශව 2 වන එහි අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළත් ඉහළ කළමනාකරණය හා මහා බැංකුව මාස කිහිපයක ඇනුම් බැනුම්, චෝදනා ලබා නඩු වාර කිහිපයකට පෙනී සිට ඉන් නිදහස්වීමය. ඔවුන්ට කිසිම මුල්‍යමය අලාභයක් සිදු නොවේ. අවසානයේදී අසරණ තැන්පත්කරුවන්ට කඩින්කඩ ඉතා අඩු පොළී අනුපාත යටතේ ඔවුන්ගේ මුදල් අවුරුදු ගණනාවක් තුළදී ලබාදේ. බලන්න මෙය කෙතරම් අසාධාරණද? මෙම ක්‍රමය වෙනස් කළ යුතුය. එක අතකින් නීතිය විනාශ වී ඇති ඇති රටක අසරණ තැන්පතුකරුවන් කුමක් නම් බලපොරෝත්තුවන්නද ? (දී )
භානු ගේ කතාවට මම 100% එකගවෙනවා අපේ මිනිස්සු පත්තර කියවනවද කියල හිතෙනවා මේ වගේ ලෝක හොරුන්ට නැවත නැවත අහුවෙන්න (දී)
දැන් ඒ මිනිසුන්ගේ සල්ලි වලට මොනවා වෙයිද? (නි)
මෙවැනි දේවල් වලට ඉස්සෙල්ලාම අල්ල ගන්නේ ගෙදර නොනව.. ප්‍රචාරය කරන්නෙත් ගෘහනියක් හුරුබුහුටු දරු පැටියෙකු සමග අනාගතය ගැන අහසේ මාලිගා තනනවා. ඉන්පසු පෙන්නනවා උපාධිය ලබා ගන්න පුතාව , සහ මගුල් පෝරුවේ ඉන්න ලස්සන දුව. රටතොට ගැන කිසිම දැනුමක් නැති කාන්තාවක් නම් කොහොමහරි සැමියාට කන මෙන්දිරි ගාලා මුදල් තැන්පත් කරනවා. කාර්ය බහුල සැමියාට නිතර මාධ්‍ය යේ ප්‍රචාරය වෙන නමක් නිසා සොයා බලන්න තරම් සැකයක් වත් වෙලාවක් වත් නැහැ. පසුව තමා දහවල් තරු පෙනෙන්නේ. මේ වගේ හොර වංචාකාරයන් ඉස්සෙල්ලාම අල්ල ගන්නේ ලේසියෙන් ම රැවටෙන ගෙදර ඉන්න නෝනලා . මම දන්නා කාන්තාවන් දෙදෙනෙක් මෙහි ආයෝජනය කර අම්මරුවේ වැටිලා ඉන්නවා. ඒ දෙදෙනාම වැඩිපුර නිවසින් බැහැරට යන්නේ නැති , සමාජය ගැන ගොඩක් අත්දැකීම් නැති ගෘහිනියෝ. (දී)
මේරටේ හොරුන්ට හොරකම් කිරීමට අවශය පහසුකම් ලබා දෙන්න්‍ෙ මැති ඇමතිවරු හා ඔවුන්ගේ ගෝල බාලයන්. ඒ නිසා ඕනෑම වංචාවක් කරලා නිදැල්ලේ ඉන්න පුලුවන්. (ස)
මගේ නෝනා නම් ගත් කටටම කිව්වා ඕව බොරු වැඩ කියල. අනේ වාසනාවන්......(ස)
අපි හැමදාමත් මේවා දකිනවා අහනවා. එදත් අදත් හැමදාමත් අහුවෙනවා මොකද හේතුව ? තියෙන දේ එක දෙක කරගන්න තියෙන තන්හාව නිසා නේද මේ හැම දේම සිද්ද වෙන්නේ ? (ස)
කොම්පැනි යේ නම ...වුඩ් වවපු ගස් ජාති ගොඩයි .... සුදු හදුන් / තේක්ක / මහෝගනී / අගර්වුඩ්. (ස)
ජනාධිපතිතුමනි!!!!. අපි මේකට අහු උනා. අපිට පිහිට වෙන්න. පිටරටවල වල්ල පට්ට වවන්න ගිහිල්ල කරගත්ත ටික. වල්ල පට්ට පිටරට වවන්නේ නැතුව ලංකාවේ වැව්වා නම් ගස් ටික හරි ඉතිරි වෙනවා. ලංකාවේ සමාගමක් නිසා අපි ආයෝජනය කලේ. දැන් සල්ලිත් නැහැ ඉඩමුත් නැහැ සතුටත් නැහැ. හූල්ල හූල්ල ඉන්නවා. (ස)
මම මාස හයකට ණයක් අරන් මේකෙන් කොටසක් ගත්තේ. මාස හයටම මම ඉතුරු කලේ මේක විතරයි. මාස හයක් මේ කාන්තාරේ දුක් වින්දෙ මේක ගෙවන්න. ඊට පස්සේ අවුරුද්දකකට ඩොලර් දාහ ගානේ අවුරුදු පහක් ගෙව්වා. අනේ මගේ අවුරුද්දක විතර මහන්සිය මේ වැලි කතරේ. (ස)
අනේ මමත් මේකට අහුවුණා. කරුණාකර කවුරුහරි කියන්න මම මේ ගැන පැමිණිලි කළ යුත්තේ කොහේටද කියලා? (නි)
සම්පත්, කමල්, ඇයි තාම ඔබ මේ ගැන පොලිසියට පැමිණිලි කළේ නැද්ද? සල්ලි ගෙවූ බැංකු රිසිට් , වෙනත් අදාළ ලියකියවිලි ඔබ ළඟ ඇති නේද? ඒවායේ ඡායාපිටපත් අරගෙන සුරක්ෂිතව තියාගන්න. අගතියට පත්වූ උදවිය හැමෝම එකතු වෙලා මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්නට වෑයම් කළොත් ප්‍රතිඵල වැඩි වේවි කියලා මට හිතෙනවා. (නි)
මොකක්ද මේ ආයතනය? (නි)
මේ සමාගම ගැන දන්නා කෙනෙක් කියන්නකෝ .. (ස)
ශානු - ඔබගේ අදහස සමග මම ද එකග වෙමි. මුදල් ආයෝජනයකදී අවදානම පසු පස හඹා යාම එතරම් ප්‍රඥා ගෝචර ක්‍රියාවක් නොවේ. මෙවන් අවස්ථාවලදී වැඩි දෙනෙක් තමාට ලැබෙන ප්‍රතිලාභ මත සිහින මවනවා මිස ප්‍රායෝගිකව අත්වියහැකි පාඩු කෙරේ අඩු අවධානයක් යොමුකිරීම මෙයට හේතුවයි..(අ)
මෙයට සම්පුර්ණයෙන්ම වගකිවයුත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. මේ වනතුරුත් මුල්‍ය සමාගම් දෙකක් තුනක් සිය පාරිභෝගිකයන් අමාරුවේ දාල තියෙනවා. මහබැංකුවේ මන්දගාමී ක්‍රියා පිළිවෙත ගැන මේ මුදල් වංචා කල සමාගම් වල ලොකු මුදලක් තැන්පත් කළ අය හොඳට දන්නවා. මහ බැංකුවේ මේ ගැන කිසිම වගකීමක්, වගවීමක් හෝ නියාමනයක් නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කිසිම පසුවිපරමක් කෙරෙන බවක් නොපෙනෙන ගානයි. හිඟයකින් තොරව රට තුළ මාරු කාසි සංසරණ ක්‍රියාවලියාවත් හරියට මෙහෙයවාගන්න බැරි මහා බැංකුවක් තමයි අපිට තියෙන්නේ. තව මොනවාද කතා...(අ)
මේවාට වැරදි මහජනයාමයි. අපි මුදල් පාවිච්චි කරන ක්‍රමය දන්නේ නැහැ . (නි)
පුදුමාකාර "ගේම්" නේ දැන් මිනිස්සු දෙන්නේ. "කම් ඕ ගෝ චිකාගෝ" කියලා හිතාගෙන වෙන්න ඇති මේවා කරන්නේ (නි)
ඉතාලියේ බංකොලොත් වූ සිංහල රුපවාහිනි නාලිකාවක නිතර අනුන්ට අඬ අඬා වැදි බණ කියූ නිවෙදකයෙකුත් මෙම 'හොර ගස්' ව්‍යාපාරය ගැන මහත් ප්‍රශංසා සහගතව නිවේදනය කළා. එහි ආයෝජනය කල මෙරට ලාංකිකයන්ගේ විශාල මුදල් සම්භාරයක් එමගින් නැති වුනා. (දී)
මේවා වෙන්න ඉස්සර රජය සොයා බැලිය යුතුයි.මතකනේ සක්විතිලා ,ගෝල්ඩන් කීලා කරපු දේ...(දී)
කරුණාකර ආයතනයේ නමත් සමග දාන්න. (දී)
සල්ලි ගස් වලින් කඩන කට්ටියද මේකේ ආයෝජනය කරලා තියෙන්නේ, මේ ජෝඩුව නම් සක්විති ටත් එහා ගිහිල්ලා,කෝටී 2500ක් කජු ඇටද , කොස් ඇටද , (දී)
මම හිතන්නෙ මේ වංචාකාරයන්ට අහුවෙලා තියෙන්නෙ වැඩිපුරම පිටරට ඉන්න අය වෙන්න ඇති.එක ඉඩමක් පෙන්නා ගොඩක් අයව රවටා තිබෙන හැඩයි. පිටරට ඉන්න අය අමාරුවෙන් හරිහම්බ කරලා ලංකාවෙ යමක් කරන්න උත්සාහ කරනවා.නමුත් බුද්ධිමත් වංචාකාරයන්ට පහසුවෙන්ම අසුවෙනවා. (නි)
නම ගමත් ප්‍රකාශ කරන්න. තව කී දෙනෙකුට වංචා කරලා තියනවාද කියලා කවුද දන්නේ ? අත්‍යාවශ්‍ය විස්තර දීලා මහජනතාව දැනුවත් කළොත් වැදගත් තොරතුරු ලැබෙන්න තිබෙන ඉඩකඩ වැඩිවෙන්නත් පුලුවන්. (නි)
දැන් රට පුරාම මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මකයි. මට නම් බයත් හිතෙනවා (නි)
හරි ඉතින් ඇල්ලුවා කියමුකෝ. සල්ලි නැවත දෙනවද අසරණ වූ අයට? (නි)
ගනුදෙනුකරුවන් 1300කට රුපියල් කෝටි 2500 ක් වංචා වෙන්න, ඒ කියන්නේ එක්කෙනෙක් කෝටි 2 ක් පමණවත් ආයෝජනය කරන්න ඕනෑ නේද? (නි)
අන්තිමට ඔක්කොම හොරු ටික නිදැල්ලේ. කවුරු වුණත් නිහතමානීව හම්බකළ මිනිසුන් තමයි ඒකේ අමාරුකම දන්නේ. (නි)
ගියේ කොයි රටටද කියලා සොයාගත්තොත් ඒ රටේ ලාංකිකයන් ඉන්නවා නම් ඔවුන්ගෙන් වුණත් තොරතුරු හොයාගන්න පුළුවන්. දැනටම පැනලා ගිය රටේ තවත් හොර ව්‍යාපෘතියක් පිහිටුවාගෙන ඇද්ද දන්නෙත් නැහැ (නි)
මෙවැන්නන් පළායන්නෝය. පළායන්නට පෙර සුරසැප විඳින්නෝය. ඔවුන් මොළකාරයන්ය. මොළකාරයන්ට සැඟවෙන්නට තැන් බොහෝය. පළමු ගනුදෙනුව කළ තැන සිටම ඔවුන් කරන්නේ සැඟවෙන්නට තැන් හොයා තබා ගැනීමය. නැත්නම් මේ සා අති විශාල මුදලක් කෙසේ ගෙනියන්නද? (නි)
ලංකාවේ ඉන්න අයට පිටරට ගෙවල් ගන්න ආයෝජනය කරන ව්‍යාපෘති වල දැන්වීම් මම දැකලා තිබෙනවා. මේවා දැක්කම මිනිස්සු රැවටෙනවා. අන්තිමට සමාගමත් නැහැ. ගෙවලුත් නැහැ. (නි)
මේ ආයතන ගැන දැන්වත් සොයාබැලිය යුතුයි නේද? (නි)
අඩු ගානේ ගස් වර්ගයේ නමවත් කියන්න (දී)
මමත් මෙහෙම හොරුන්ට අහුවෙලා තිබෙනවා (නි)
ගස් වර්ගයේ නම දවල් තරු ශාකයද දන්නෙ නැහැ (නි)
අනේ අපොයි! (නි)
ඔය ටයි කෝට් ඇඳගෙන එන හොරුන්ට හරියට අපේ මිනිස්සු රැවටෙනවා. ඒ අය මවා පෙන්වන සුරංගනා ලෝක වලට අහුවෙනවා. හිතේ ඇති තණ්හාවට සුන්දර වචන විශ්වාස කරලා, තමනුත් අමාරුවේ වැටිලා අනෙක් අයවත් නොදැනුවත්වම අමාරුවේ දමනවා. (නි)
අපේ අයට සති දෙකෙන් ඕනෑම දෙයක් අමතක වෙනවා. (නදී)
කොහොම උනත් මේවා කැත වැඩ (නදී)
අර වුඩ් ද මේ ඉන්වෙස්ටි කරලා තියෙන්නේ? (නදී)
මොනවද මේ ශාක? (නි)
සාමාන්‍ය මිනිසා වරදක් කලොත් නිතිය දන්නේ නැහැ කියා නිදහසක් නැත. නිතිය අර්ථ දක්වා තියෙන්නේ මෙලෝ අකුරක් දන්නේ නැති අයගේ සිට නඩුකාරයින් දක්වා නිතිය එකසේ දන්නා ලෙසයි. එහෙත් නිතිය ක්‍රියා කරවන රජයේ බලදාරින් ඇස් ඉදිරිපිට විවිද ආකාරයේ සක්විත්තන් බිහිවේ. නිතිය ක්‍රියාකරන පොලිසිය, ලියාපදිංචි කාර්යාල, ගිණුම් , වරිපනම් වලට අදාල බලදාරීන් මේවාට වග කිවයුතුයි. මොවුනට මම දන්නේ නැත, මම නිතිය දන්නේ නැත කියා මගහැරිය හැකිද...? (නදී)
ගස් හිටවපු අය ගස්වල පොත්ත නැතුව අල්ලපු ලී දීලා වගෙයි (නදී)
පිටරට ඉන්න හා හිටිය අයගේ දුක් මහන්සියෙන් හොයපු සල්ලි වෙන්න ඇති වැඩිපුරම, සහෝදර සහෝදරියනි කොච්චර හැංඟුනත් දෙන්නා ලගදීම තෙලෙන් කිරෙන් හිරබත් කයි වගේ. (නදී)
තේක්ක නැන්දේ තේක්ක මාමා කොයි? (නදී)
මෙවෙනි හොර, මැර, වංචා, කොල්ලකෑම්, මිනිමෙරුම් ඔක්කොම සිදුවෙන්නේ අපේ රටේ නීතිය අකුරට ක්‍රියාත්මක වෙන නිසා වෙන්න ඇති ....අනේ වාසනාවන් (දී)
මේ අර ලස්සන නිලියක් චූටි දුවගේ ගවුම නව නවා ඇඩ් එකක් කල තේක්ක ගස් පලහිලව්වද? එයා නම් මොකුත් දන්නේ නැතුව ඇති. ඒ ඇඩ් එකට මමත් හරියට ආසා කළා.එතකොට තේක්ක ගස් වැඩෙන් බර කට්ටියක් අමාරුවේ වැටිලා වගෙයි. හපොයි මම බේරුණ බේරිල්ලක්? (ස)