IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ගෘහ සේවයට කාන්තාවන් විදේශගත කිරීම අත්හිටුවයි ?

(යොහාන් භාසුර )
ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරිමට අවශ්‍ය පියවර ගැනීම සදහා වන යෝජනාවලියක් සහ සැලසුම් කඩිනමින් දෙන ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයට සහ බලපත්‍රලාභී විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමයට අද (20)  දැනුම් දුන්නේය.

ඒ අනුව වසර දහයක් තුළදී ගෘහ සේවිකාවන් විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරීම සදහා ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම පාර්ශවයන් සම්බන්ධ කරගනිමින් යෝජනාවලියක් සකස් කර යොමු කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දී තිබෙි.


ගෘහ සේවිකාවන් ලෙස ශ්‍රමිකයින් පිටත් කර යැවීම නතර ඉහළ වැටුප් ලබාගත හැකි පුහුණු රැකියා අවස්ථා සදහා පමණක් ශ්‍රමිකයින් යැවීමේ වැදගත් බව ද අමාත්‍යවරයා පැවසීය.   



අදහස් (7)

ගෘහ සේවයට කාන්තාවන් විදේශගත කිරීම අත්හිටුවයි ?

sam Tuesday, 20 February 2024 09:01 PM

ගෘහ සේවිකාවන් ලෙස ශ්‍රමිකයින් පිටත් කර යැවීම නතර කර ඉහළ වැටුප් ලබාගත හැකි පුහුණු රැකියා අවස්ථා සදහා පමණක් ශ්‍රමිකයින් යැවීමේ වැදගත් නැත. ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරිමට පෙර පළමුව ශ්‍රී ලාංකික කාන්තාවන් ලංකාවේ සිට ඔවුන්ගේ ආර්ථිකය සක්තිමත් කිරීමට අවශ්‍ය කටයුතු කිරීම පළමුව සිදුවිය යුතුවේ. ගෘහ සේවිකාවන් ලෙස ශ්‍රමිකයින් පිටත් කර යැවීම නතර කිරීමට නොහැකිය. ඉහළ වැටුප් ලබාගත හැකි පුහුණු රැකියා අවස්ථා සදහා පමණක් ශ්‍රමිකයින් යැවීමේ වැදගත් වනබව කියා සිටින ඇමතිවරයාගේ අදහස / මතය තුලම ඔහු ලංකාවේ ආර්ථිකය දියුණු කර පුහුණු සේවකයන් ලංකාවේ රදවා ගැනීමට වැඩ පිළිවෙලක් සකස් කළයුතු බවට හෝ ඒ සදහා විසදුමක් නොමැත. ගෘහ සේවිකාවන් ලෙස ශ්‍රමිකයින් පිටත්ව ගොස් සිටිනා පිරිසගේන් කොපමණ පිරිසක් ජනසවිය / සමෘද්ධි අස්වැසුම් ලබාගන්නේද කියා සොයා බලන්න

:       0       0

Sandhya balasuriya Tuesday, 20 February 2024 10:43 PM

හොඳයි... දරුවන් අනාථ වෙනවා අම්මලා නොයෙකුත් ප්‍රශ්න වලට යොමුවීම වැළකෙනවා.

:       0       0

Asela Tuesday, 20 February 2024 10:51 PM

ජාතික ජන බලවේගයට ජය වේවා

:       0       0

chandima Wednesday, 21 February 2024 05:54 AM

පුහුණුව නොදී කොහොමද පුහුණු සේවකයෝ වවන්නේ? කටින් බතල තමයි.

:       1       1

Perera Wednesday, 21 February 2024 07:23 AM

ඉන්දියාව ඔවුන්ගේ ගැහැණුන්ව වහල්කමට කවදාවත් මැදපෙරදිගට ඇරලා නැහැ.

:       2       0

Pradeep Kumara Wednesday, 21 February 2024 09:17 AM

ඒ අදහස ඉතාමත් වැදගත්. නමුත් මහත්තයෝ ඔය කාන්තාවන් ගෘහ සේවයට යන්නේ වෙනත් කිසිම විකල්පයක් නොමැති තැනයි. ඒ නිසා ඒ අයගේ ආර්ථික තත්වය නැංවිය හැකි ක්‍රමයක් පළමුව සාදන්න.

:       0       2

P.M.Samanthika Wednesday, 21 February 2024 12:27 PM

ඔව්, ඒකනම් ගොඩාක් වටින දෙයක්. අපේ රටේම මිනිස්සු මෙහෙ අරාබි ගෙවල්වලට සල්ලි අරන් අපිව දීලා යනවා.. ඊට පස්සේ කන්නවත් දෙන්නේ නැතුව බඩගින්නේ ඩිරාම් 800ක් වගේ පොඩි පඩියකට මරවනවා. කාන්තාවන් ගෙවල්වල රස්සාවට එවන එක නතර කරන්න පුළුවන් නම් ඒක ලොකු පිනක්...

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට වැසි
2024 ඔක්තෝබර් මස 04 30 0

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.


බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 04 2087 0

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්


පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි
2024 ඔක්තෝබර් මස 04 1075 0

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු


අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 941 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 729 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 2473 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38819 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25484 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1006 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 353 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site