IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


චූටි මල්ලියි පොඩි මල්ලියි දන්න අපි නොදන්න ලයිව්

maxresdefault

 

පොඩි මල්ලි, චූටි මල්ලි කියන්නෙ අද ලංකාවේ ගොඩක් ජනප්‍රිය චරිත දෙකක්. මේ දෙන්නා හා හා පුරා කියලා ප්‍රේක්ෂකයන් හමුවට ආවෙ අපි නොදන්න Live එහෙමත් නැත්නම් අ.ල. වැඩසටහන හරහායි.

 


අපි නොදන්න Live කියන්නේ විනෝදය සිනහව පිරුණු අමුතුම ආරක් ගත් රූපවාහිනී වැඩසටහනක්. එදා එය කොයිතරම් ජනප්‍රිය වුණාද කියනවා නම් ලොකු කුඩා හැමදෙනා අතරම පොඩි මල්ලි, චූටි මල්ලි චරිත දෙක තදින්ම පැලපදියම් වුණා.


ඔවුන් දෙදෙනාගෙ ඒ කොමඩි වැඩ රූපවාහිනියට පමණක් සීමා වුණේ නෑ. ගුවන් විදුලිය හරහාත් රසික සිත් අතරට පැමිණියා. ඒ විතරක් නෙමෙයි. සූර පප්පා, කව්ද බෝයි, ස්කූබි ඩූ, ගාර්ෆීල්ඞ්, සූටිං මාටිං වැනි ජනප්‍රිය කාටූන් සහ ළමා චිත්‍රපටි කීපයක් ද හඬ කැවීම් ශිල්පීන් ලෙස මෙන්ම අධ්‍යක්ෂණයෙන් ද දායකත්වය සැපයුවා.


ඒ හැමදේ එක්කම ඉදිරියට යන මේ දෙන්නා අලුත් වැඩකට අත ගහලා. ඒ තමයි “අපි නොදන්න Live on stage කියන ප්‍රසංගය. 


ඒ ගැන කියන්න චූටි මල්ලි වන සුනෙත් චිත්‍රානන්ද සැඳැල්ලට එකතු වුණා. 

 


මොකක්ද මේ අලුතින්ම කරන්න සූදානම් වෙන්නෙ?

චූටි මල්ලි, පොඩි මල්ලි සජීවි හාස්‍ය ප්‍රසංගයක් කරන්න සූදානම් වෙන්නෙ. අපි මුලින්ම මේ ප්‍රසංගය කළේ ඕස්ටේ්‍රලියාවේ. පසුව නවසීලන්තයේ, ඩුබායි, එංගලන්තයෙ වැනි රට වල ඉදිරිපත් කළා. එතනින් පසුව ගිය අවුරුද්දෙ අප්‍රේල් වල B.M.I.C.H හිදී මේ ප්‍රසංගය පැවැත්වුවෙ. මෙහි තියෙන්නෙ චූටි මල්ලිගෙයි පොඩි මල්ලිගෙයි පැය දෙකක ටෝක් ෂෝ එකක්. Stand up කොමඩියක්. ඒ කියන්නෙ අපි දෙන්නගෙ කතාවක් තියෙන්නේ. ඒ සඳහා සපෝට් එකට අපි වීඩියෝ ක්ලිප් ටිකක් ප්ලේ කරනවා. පැය දෙකක් නොනවත්වා ප්‍රේක්ෂකයන්ට හිනාවෙන්න අවස්ථාව විදියට තමයි මෙය පවත්වන්නෙ. එහිදී අපි කතා කරන්නේ අපේ ජීවන රටාව ගැන. ජීවිතේ ගෙවන හැටි කොටස් 03කින් කතා කරනවා. ඊට අමතරව පොඩි සංවාදයක් තියෙනවා. මේ සඳහා ජනකත් සම්බන්ධ වෙනවා. ඔහුගෙත් පොඩි සංවාදයක් තියෙනවා.

maxresdefault1

 


ඇයි මෙවැනි ප්‍රංසගයක් කරන්න හිතුවෙ?
අපි මීට කලින් රූපවාහිනියෙ සහ ගුවන් විදුලියෙ මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒත් අපිට වේදිකාවෙ මෙවැනි ප්‍රසංගයක් ඉදිරිපත් කරන්න ලැබිලා නෑ. නමුත් අපි සාමාන්‍යයෙන් ආයතන වල සති අන්තයේ තියෙන උත්සව වලට සහභාගි වෙනවා. ඒවා ගොඩක් ජනප්‍රියයි. ගොඩක් කට්ටිය ඒවා කැමැත්තෙන් රස විඳිනවා.


ඒ වගේම තමයි අපි කවදාවත් ඩබල් මීනින් සහ අසභ්‍ය වචන අපේ වැඩසටහන් වල පාවිච්චි කරන්නෙ නෑ. කාටවත් අපහසුතාවයට පත්වන විහිළු කරන්නෙත් ණෑ. ඒ නිසා පුංචි අය ඇතුළු හැමෝටම වයස් භේදයකින් තොරවම මෙය නරඹන්න හැකියාවක් තියෙනවා.

 


මෙවැනි ප්‍රසංගයක් කරන්න මූලිකම හේතුව ?
අපිට මේ වගේ ප්‍රසංගයක් කරන්න ආරාධනා කළේ ඕස්ටේ්‍රලියාවෙන්. ඒ අපි නොදන්න Live වගේ ප්‍රසංගයක් හදාගෙන එන්න කියලා. ඉතින් අපි එවැනි දෙයක් හැදුවා. හදලා එහෙ ප්‍රසංගය පැවැත්වුණාම හොඳ ප්‍රතිචාරයක් තිබුණා. ප්‍රසංගයත් හොඳින්ම සාර්ථක වුණා. පස්සෙ අපි හිතුවා මේ තරමට ප්‍රසංගය සාර්ථක වුණ නිසා ලංකාවෙත් ප්‍රසංගයක් පවත්වන්න. එහෙම තමයි පටන් ගත්තෙ.

 


ප්‍රේක්ෂකයා ඇද බැඳ තබාගන්න ඒ විහිළු හදාගන්නෙ කොහොමද?
ඒක ඉතින් මෙහෙමයි. සාමාන්‍ය ජීවිතේ ගොඩක් දේවල් ගැන අපි පාසල් යන කාලෙ ඉඳන්ම වගේ හැමදේකටම මොනව හරි දෙයක් කරන්න ගියොත් කොතන හරි ගෑවිලා තියෙන්නෙ හාස්‍යයනෙ. ඒ හාස්‍යය ගැන කතා කරන එක මගෙයි ගාමින්දගෙයි දෙන්නගෙම තිබුණා. ඒ වගේම
අපි ජාතික තරුණ සේවා සභාවෙ ඉගෙන ගත්තේ 1997 දී. ඉතින් ඒ කාලෙ ඉඳන් අපි විහිළු තහළු කරලා තමයි හිටියෙ. අපිට සෙට්වෙලා හිටපු යාළුවොත් ඒ වගේ. ඒ නිසා ඉබේම අපි ඒ විහිළුවලට අන්තර්ගත වුණා.

 


සුනෙත්ගෙයි, ගාමින්දගෙයි යාළුකමට දැන් කොච්චර කල්ද?
දැන් අවුරුදු 19 වෙනවා.

 


ඒ අවුරුදු 19 තුළ ප්‍රශ්න ඇතිවෙලාම නැද්ද? 
නෑ කවදාවත්ම නෑ. මෙහෙමයි  ඉස්සෙල්ලම අපි කරන්නෙ මොකක්ද කියලා දැනගන්න ඕනනෙ. අපේ හැම සම්බන්ධතාවයක්ම තියෙන්න ඕන කුමක් නිසාද? මම කියන්නෙ අපේ වැඬේදී විතරක් නෙමෙයි ජීවිතේ හැම සම්බන්ධතාවයකදීම විවාහයට වුණත් ඒක පොදු කාරණයක්.
අපි කෙනෙක්ව යම් කිසි දෙයකට සම්බන්ධ කරගන්නෙ අපිට වැඩක් තනියම කරගන්න බැරි නිසානේ. ඉතින් අපි ඒක තේරුම් ගන්න ඕන. අපිට තනියෙන් දෙයක් කරන්න පුලුවන් නම් කාවවත් සම්බන්ධ කරගන්න ඕන නෑනේ. කණ්ඩායම් වැඩකදී එයාගෙ යුතුකම් බල බලා ඉන්නෙ නැතිව තමන්ගේ යුතුකම් ඉටු කරනවා නම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.


දෙන්නගෙම අදහස් එකට එකතු කරලනෙ නිර්මාණයක් කරන්නෙ. ඉතින් ඒ අදහස්වල දෙන්නට දෙන්නා විරුද්ධ වෙන අවස්ථා තියෙනවද?
නෑ, එහෙම වෙන්නෙ නෑ. අපි කරන්නෙ එක නිර්මාණයක්නෙ. අපි හිතමු වෙළෙඳ දැන්වීමක් නිර්මාණය කරනවා කියලා. මම කීවොත් ඒකට මෙහෙම දෙයක් එකතු කරමු කියලා. ගාමින්ද කියන්නෙ ආ... ඔව් එහෙම ආවොත් ගැලපෙනවා නේද කියලා. ඒකට එකඟ වෙනවා. එහෙම නැතිව කිසි දේකට විරුද්ධ වෙන්නෙ නෑ.


අවසාන වශයෙන් ඔබ දෙදෙනාගේ ප්‍රසංගය ගැනත් මතක් කරමු.


පෙබරවාරි 27 කොළඹ මියුසියස් විද්‍යාලයෙ සවස 7ට එක ප්‍රසංගයක් තියෙනවා. 28 වෙනිදා නුවර පොල්ගොල්ලෙ NICD ශාලාවේ දී තමයි අනිත් ප්‍රසංගය පැවැත්වෙන්නෙ. අපිට කැමති අය ඉන්නව නම් 0117222121 යන දුරකථන අංකයට කතා කරන්න පුළුවන්.


                           ධනූ විජේරත්න                             

 



අදහස් (0)

චූටි මල්ලියි පොඩි මල්ලියි දන්න අපි නොදන්න ලයිව්

සුදත් Saturday, 27 February 2016 01:38 PM

මිනිස්සු හිනැස්සුවාට මේ දෙන්නටත් පෞද්ගලික ජීවිතයක් තියෙනවා. පාරෙ තොටේදි කොමඩි දදා යන්න උවමනාවක් නැහැනෙ. ඔබ දෙපලට සුභ පැතුම්. (නි)

:       1       0

අමිත් කාවින්ද Friday, 26 February 2016 12:18 PM

අපි නොදන්නා ලයිව් වලට කලින් මේ දෙන්නා අරේ සහ මරේ කියලා ගුවන්විදුලි වැඩසටහනක් කලා. මම ඒකාලේ ඉඳන් මෙයාලගේ ෆෑන් කෙනෙක් .කොහොම උනත් මම සුබපතනවා .! (ර)

:       0       0

අයි කේ එස් චන්ද්‍රසිරි Friday, 26 February 2016 07:31 AM

සුබ පැතුම්.! (ර)

:       0       0

සොපි Thursday, 25 February 2016 05:45 PM

නිර්මාණශීලි සුසංයෝගයක්. මමත් මේ දෙන්නගේ හොඳ රසිකාවියක්. උණුසුම් සුබ පැතුම්....! (නි)

:       0       0

නිම්මි Wednesday, 16 March 2016 03:06 PM

හරි හරි මමත් සිරිපාල කියනදේ අහල මෙයාලට සුබ පතන්නම්කො. මට මෙයාලව මාසෙකට සැරයක් සැලෝන් එකේදී හම්බ වෙනවා. බකමුනෝ වගේ රවාගෙන යන්නේ නැත්නම් සිරිපාල මතක් කරා කියල කියන්න තිබුන. (බ)

:       0       0

මනෝඡ් Friday, 26 February 2016 03:00 PM

නියම චරිත දෙකක්. සුභපතනවා.! (ර)

:       0       0

ජානක Thursday, 03 March 2016 04:58 AM

මමත් මේ දෙන්නට සුබ පතනවා වගේම අගය කරනවා. (ම)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Sunday, 28 February 2016 11:30 AM

ඒ දෙන්නත් සාමාන්‍ය මිනිස්සු. පාරේ යනකොට හම්බවෙන හැම කෙනෙක් එක්කම හිනාවෙන්න ගියොත් කොහොමද වැඩක් කරගන්නේ? මොනවා වුණත් කරන දේ හිරිකිතක් නැතුව රස වින්දනය කරන්න පුළුවන්. සුබ පැතුම් (නි)

:       0       0

සමන් පෙරේරා - සෞදි Saturday, 27 February 2016 09:57 AM

හුගක් කලාකරුවන්ට අමතක වුන දෙයක් සිනහව, ඒ අතරින් තවත් කෙනෙක් අපේ විකට රජ (මියගිය), කවදාවත්ම පාරේ තොටේ හිනාවෙන්නේ නැහැ....එහෙම විකට කාරයන්ගේ ඇති වැඩේ කුමක්ද....? (බ)

:       0       0

නිම්මි Wednesday, 09 March 2016 03:21 PM

අනේ පුද්ගලික ජීවිතයක් තිබුන කියල ගමේ මනුස්සයෙක් එක්ක හිනා වෙන්න බැහැ කියල අපි නම් අහල නැහැ. මෙයාලට වෙලා තියෙන්නේ ජනප්‍රිය වුණාට පස්සේ ඔලුව ඉදිමුණා. මෙයාලට වඩා ලොකු මිනිස්සු තමුන්ගේ රසිකයොත් එක්ක සුහදව ජීවත් වෙනවද? (බ)

:       0       0

නිම්මි Friday, 26 February 2016 03:56 PM

අනුන්ව හිනස්සන්න කලින් තමුන් හිනා වෙලා ඉන්න ඕනේ. පාරේදී හම්බ වෙනවා. මුනේ හිනා පොදක් නැ. (ර)

:       0       0

සිරිපාල Tuesday, 15 March 2016 06:22 AM

අනේ නිම්මි තේරුමක් නැති දේවල් කියන්න එපා ,සුබ පතනවා ඔබ දෙපලට (බ)

:       0       0

වෙනුර Thursday, 17 March 2016 06:52 AM

නිම්මිට පරණ කෝන්තරයක් තියෙනවා වගේ මේ දෙන්නා එක්ක. හරිම සරල නිහතමානී දෙන්නෙක් කියලා තමා මම නම් දකින්නේ (නි)

:       0       0

මොහාන් Monday, 29 February 2016 01:57 AM

නියම දක්ෂ මිනිස්සු (නි)

:       0       0

පුෂ්පා Tuesday, 01 March 2016 09:09 AM

ඔබ දෙපලට සුබ පැතුම්. ඒ වගේම රටට ඔබ කරන සේවය ඉතා විශාලයි. ඒක අවතක්සේරු කරන්න එපා. ඒ වගේම බාල වචන පාවිච්චි නොකිරීමත් විශිෂ්ට දෙයක්. අපේ අනෙක් අය තේරුම් ගන්න ඕන කාරණය තමයි මේ දෙන්නටත් පෞද්ගලික ජීවිතයක් තියෙනවා. ඔවුන් හැම කෙනා සමගම හිනා වෙන්න, විහිලු කරන්න ගත්තොත් ඒක විහිළුවක් වෙනවා. ඔවුන්ගේ දූ දරුවන්, බිරින්දෑවරුත් විහිලු ලෙස දකිනවා. එබැවින් ඔවුන් ගරුත්වයක් තියාගෙන පාරේ තොටේ යාම සාධාරණයි. අනික අපේ රටේ මිනිස්සු තැනක් නොතැනක් නැතුව හැසිරෙන අවස්ථා එමටයි. මම හිතනවා ඔවුන් සාධාරණයි කියලා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 696 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 267 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3608 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1296 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 641 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2244 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site