ඇමෙරිකාවේ වෙසෙන සීක් ජාතිකයකු ඝාතනය කිරීමට ඉන්දීය ඒජන්තවරුන් උත්සාහ ගත් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඇමෙරිකාවට ප්‍රතිචාර දැක්වීය.
ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව එල්ල කළ එම චෝදනාව සම්බන්ධයෙන්, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රතිචාර දැක්වීමක් කළ පළමු අවස්ථාව මෙයයි.
ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, ඉන්දීය රජයේ ඒජන්තවරුන් ඝාතනය කිරීම තැත් කර ඇත්තේ ගුර්පත්වාන්ත් සිං පනූන් නමැති ඉන්දීය ඇමෙරිකන් සීක් ජාතිකයාය.
ඉන්දීය රජයට අනුව, ගුර්පත්වාන්ත් සිං පනූන්, සීක් බෙදුම්වාදී නායකයකු සහ කලිස්තාන් ත්‍රස්තවාදියෙකි. කලිස්තාන් ත්‍රස්තවාදීන් යනු සීක්වරුන් වෙනුවෙන් ඉන්දියාවේ වෙනම රටක් ඉල්ලන කණ්ඩායමකි.
ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, ඉන්දීය ඒජන්තවරුන්, පසුගිය නොවැම්බරයේ නිව්යෝක් නුවරදී, නිකිල් ගුප්තා නමැති ඉන්දියානුවකුට ඇමෙරිකන් ඩොලර් 10,000 ක් ලබා දී ඇත්තේ, ගුර්පත්වාන්ත් සිං පනූන්, ඝාතනයට කිරීමට යැයි චෝදනා එල්ල වී තිබේ. ඇමෙරිකන් ආරක්ෂක අංශ වහා මැදිහත් වී, නිකිල් ගුප්තා අත්අඩංගුවට ගත් බව ද පැවැසෙයි.
‘ඇමෙරිකාව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් අප විමර්ශනයක් පවත්වනවා. සිදුවුණේ කුමක්දැයි සොයා බලනවා. නීත්‍යාණුකූලව කටයුතු කරනවා. ඇමෙරිකාව එල්ල කරන චෝදනා මුල්කොට ගනිමින් ඇමෙරිකාවත් ඉන්දියාවත් අතර ඇති මිත්‍රත්වය කිසිම අවස්ථාවක පළුදු වෙන්න දෙන්නේ නැහැ’ යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවට දන්වා තිබේ.
ඉන්දියාවෙන් පිට සීක් වැසියන් බහුලව ජීවත් වන්නේ කැනඩාවේය. ඊට අමතරව, ඕස්ටේ්‍රලියාවේත්, එක්සත් රාජධානියේත්, ඇමෙරිකාවේත් සීක් වැසියෝ ජීවත් වෙති.
ඇමෙරිකාවෙන් චෝදනා එල්ල වීමට මාස දෙකකට පෙර, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ, ඉන්දීය රජයට චෝදනා කළේ එරට සීක් නායක හර්දීප් සිං නිජාර් ඉන්දීය ඒජන්තවරුන් ඝාතනය කළ බවටය.
එම චෝදනා මුල්කොට ගනිමින්, ඉන්දියාවත් කැනඩාවත් අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් හටගත්තේය.
(එන්.ඩී.ටීවී.)
ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහළගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙලා දකින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
ගම්පහ දූම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (23) පස්වරුවේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් හානි වූ මාර්ගයේ අළුත් වැඩියා කටයුතු තවමත් අවසන්වී නොහැකිවීමෙන් ප්‍රධාන ම
සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අපේක්ෂා පොදි බැඳගෙන ඡන්දය දුන් ජනතාවගේ අරමුණු සියල්ල නියත වශයෙන්ම ඉටු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා රත්නපුරයේදී පැවසීය.
හෝටල් කාමරවල රැඳී සිට අඹු සැමියන් ලෙස අනියම් ඇසුරක් පවත්වමින් හෝටල්වල සේවය කරන සේවකයින් හා එම ප්‍රදේශවල ජීවත්වන ප්‍රදේශවාසීන් මුලා කරමින් අයිස් මත
නැවත දැනුම් දෙනතුරු ඓතිහාසික මහනුවර සිරි දළදා වන්දනාවට බැතිමතුන්ට නොපැමිණෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා දන්වා සිටි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
චෝදනාවලට ඉන්දීය අගමැතිගෙන් පිළිතුරු
Aravinda Monarawila Thursday, 21 December 2023 10:41 AM
මොදි කැනඩාවට දැම්ම පාට් එක ඇමෙරිකාවට දාන්නෙ නැහැ, වෙනසක අරුමය ?