IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


චන්ද්‍රිකා ග්‍රාහක රේගුවේ හිරවේ

විදුලි සංදේශ නියමන කොමිසමේ අවසරයකින් තොරව  චන්ද්‍රිකා ග්‍රාහක  111 රැගෙන ඉන්දියාෙවේ චෙන්නායි නුවර සිට   පැමිණි ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී  අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

සැකකරු නිතර නිතර  ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර යාම් ඊම් කරන බවත් මොහු මේවා විකිණීම සඳහා මෙරටට ගෙනවිත් ඇති බවත් රේගුව කරන ලද පරික්ෂණ වලින් අනාවරණය වී ඇත.

මෙහි වටිනාකම රුපියල් පන්ලක්ෂ පනස් පන් දහසකි. 

 රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන ඒ.ආර් සේනාධීර, එච්.එන් විජේතුංග සහ සහකාර රේගු අධිකාරීවරුන් වන අමල් සේනාධීර, තරිඳු ඉළේපෙරුම,  එසෙඩ්.ඒ අනීෆ්,  එස්.එම්.ඩී.එච් ධර්මසිරි යන නිලධාරීහු විමර්ශන සිදු කරති.

 

 



අදහස් (0)

චන්ද්‍රිකා ග්‍රාහක රේගුවේ හිරවේ

පෙරේරා Saturday, 15 June 2013 12:26 AM

මෙහෙම ගියොත් ඉදිරියේදී අපේ සපත්තුවත් ගලවලා බලාවි, රෙදිත් ඔක්කොම උණා බලාවි.කමක් නැහැ අපි ලැහැස්තියි ඒකටත්. (නි)

:       0       0

මංජුසිරි Saturday, 15 June 2013 03:28 AM

මම දන්නා තරමට ඕවා අනිත් රටවලට නම් සාමාන්‍ය දේවල් (නි)

:       0       0

සරා Saturday, 15 June 2013 04:50 AM

රනිල්, මේක යුරෝපය නෙමෙයි, මේ ශ්‍රී ලංකාව (නි)

:       0       0

දයා Saturday, 15 June 2013 05:32 AM

මේවා ඕනෑ තරම් පිටකොටුවේ කඩ වලින් ගන්න පුළුවන්. මේක කරලා තියෙන්නේ වැඩේ දන්නේ නැති ආධුනිකයෙක්. ඕක තමයි කියන්නේ නොදැන ගියොත් අතරමග කියලා. දැන් ඉතින් ඊළඟ වතාවෙවත් හරියට වැඩේ කරගන්න. (නි)

:       0       0

චන්දා Saturday, 15 June 2013 06:15 PM

අපි දන්නේ නැද්ද මේ අයියලගේ හැටි.(නදී)

:       0       0

උපාලි Saturday, 15 June 2013 07:22 AM

නීල් රනා, ඔබ හරි. තාක්ෂණය අපට ඕනෑ (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 14 June 2013 07:10 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේ හැදුනුම්පත් දෙන්නෙ මොකටද? (නි)

:       0       0

ලුම්බිණි Saturday, 15 June 2013 08:19 AM

මේවා ඩිජිටල් සෙට් බොක්ස්. වාණිජ කටයුතු වලට නම් ගෙනාවේ දඩයක් ගහලා නිදහස් කරන එක නේ තියෙන්නේ. මේකෙන් රටේ ආරක්ෂාවට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේකට විදුලි සංදේශ නියමන කොමිසමේ අවසරයක් ඕනෑද? (නි)

:       0       0

නීල් රණා Friday, 14 June 2013 07:49 PM

මේවා සාමාන්‍යයෙන් ලෝකයේ ඕනෑම වෙළඳ සැලකින් මිලදී ගත හැකි ලංකාවේ බොහෝ නිවෙස් වල භාවිතා වන සරල උපකරණ. විදුලි සංදේශන නියාමන කොමිසම පනවා ඇති අනවශ්‍ය නීතිමය බාධක ඉවත්කළ යුතුයි. ඉතා සුළු මුදලට ලෝකයේ අන් රටවල විකිනෙන මෙවැනි භාණ්ඩ වල මිල අනවශ්‍ය ලෙස මෙරටේදී ඉහළයාමට ඔවැනි කාරණා හේතුවෙනවා. නිදසුනක් ලෙස චීනයේ නිෂ්පාදිත වෝකි ටෝකි ඉතා අඩු මුදලකට අන් රටවල තිබුනත් මෙහි දී මිල අධිකයි. දුප්පත් ධීවරයෙකුටත් ගත හැකි මිලකට ඒවා තිබේ නම් මුහුදේ කිමී 5-6 ඇතුලත සිටින අනෙක් ධීවරයන් සමග සන්නිවේදනය ඉතා සුළු දෙයක්. (නි)

:       0       0

අපොන්සු Saturday, 15 June 2013 09:00 AM

මතකද වාරයේ සිමෙන්ති වැඩේ. ලොක්කෙක් අල්ලගන්න, බඩු ටික නිදහස් කරගත් හැකියි.(අ)

:       0       0

සුනිල් Saturday, 15 June 2013 07:16 PM

මේවා පිටකොටුවේ ඕනා තරම් තියෙනවා. මේවා සැටලයිට් හරහා ටී.වී බලන උපකරණ. දැන් මොබයිල් පෝන් තියෙන්නේ ඕනා තැනක ඉදලා කතාකරන්න.(නදී)

:       0       0

මාගලී Saturday, 15 June 2013 02:06 PM

චතුල වෙරෝනා, ඔයා ඉන්නේ ඉතාලියේද? නැත්නම් බලුකිස්තානේද?හැදුනුම්පත් දෙන්නේ ඒ කෙනාව අදුන ගන්න (නි)

:       0       0

නිශාන් Saturday, 15 June 2013 09:27 AM

මට තියෙන ප්‍රශ්නේ සමහර රෙගු නිලදාරීන් තමන්ගේ හැදුනුම්පත සාක්කුවේ දාගෙන ඉන්නේ මොකද කියන එක. (අ)

:       0       0

පුබුදු Friday, 14 June 2013 08:08 PM

ඕවා ඕනෑතරම් පිටකොටුවේ තියෙනවානේ. එතකොට ඒවට මොනවද කරන්නේ? (නි)

:       0       0

ඇලෙක්ස් Saturday, 15 June 2013 09:47 AM

මේවා නම් සාමාන්‍ය රූපවාහිනී චන්ද්‍රිකා උපකරණ බරපතල දේවල් නෙමේ.ඒත් විශාල වශයෙන් අනවසරයෙන් ගෙනඒම වැරදියි. (අ)

:       0       0

දම්මික පෙරේරා Friday, 14 June 2013 09:19 PM

නීල් රාණ ඔබගේ අදහස් නරක නැත . එහෙත් වෝකි ටෝකි වගේ දේවල් අපේ අයට දුන්නොත් ඒවා පාවිච්චි කරන්නේ වැරදී වැඩ වලටය . කසිප්පු කාරයෝ පොලිසියෙන් එනවද පණිවිඩ ගන්න . කුඩු කාරයන්ට පණිවිඩ හුවමාරු කර ගන්න . වෙනත් දාමරික ක්‍රියා වලට ඕව ගන්නේ . තාක්ෂනය අපේ පැවැත්මට නොව අපේ නැතිවීමට අපේ බොහෝ දෙනා පාවිච්චි කරන්නේ (අ)

:       0       0

ජෙෆ් Saturday, 15 June 2013 02:45 PM

මෙහි අදහස් පළකර ඇති හුගක් අය කාරණාව හරියට අවබෝද කරගන නෙමෙයි අදහස් පළකර ඇත්තේ. මෙම ක්‍රියාව කළ හැකි නීතිගත ක්‍රමයක් ඇත. (නි)

:       0       0

මොහමඩ් Friday, 14 June 2013 09:21 PM

නීල් රාණ මේවා හොරෙන් දස දහස් ගණන් ගෙන ඒවා . රජයට ය විය යුතු බදු මුදල් වත් රෙගු නීති වත් නොතකා ගෙන ඒවා . මේවට උපරිම දඬුවම් කර යුතුය (අ)

:       0       0

හේරත් Saturday, 15 June 2013 10:21 AM

මොකද දන්නෙ නැහැ මේක අහුවුණේ? (නි)

:       0       0

තිසල් Friday, 14 June 2013 09:40 PM

නීල් රාණා හැමදාම කියන දේවල් දැක්කම පෙනෙනවා දන්නා කිසිම දෙයක් නැතිව මොනවා හරි ලියනවා කියලා. පනින්ට පෙර සිතා බලනු.(නදී)

:       0       0

රනිල් Friday, 14 June 2013 09:52 PM

මේවා ෆ්‍රී වීව් , ටෙලිවිෂන් උපකරණ , .යුරෝපයේ ඕන තරම් තියෙනවා , කිසිම නීති ප්‍රශ්නයක් නැහැ (අ)

:       0       0

ෂාන් Saturday, 15 June 2013 10:59 AM

අනේ අනේ මේවා සාමාන්‍ය දේවල් .මේවත් අල්ලනවද?(අ)

:       0       0

කුමුදු ඉතාලි Friday, 14 June 2013 11:38 PM

රනිල් මහතා ඕව යුරෝපයේ තිබුනට අපිට තාම සුකෝප බෝගී උපකරණ . අනික් කරුණ යුරෝපෙයේ තිබ්බ පලියට මෙහෙත් තිබෙන්නම අවශ්‍ය නැහැ . මිට වඩා දුප්පත් වෙඩ කරන ජනතාවට අවශ්‍ය දේවල් තියෙනවා . රටක නීතියට ගරු කර යුතුය (ත)

:       0       0

වජිර Saturday, 15 June 2013 04:11 PM

මොකද්ද දන්නේ නැහැ බලා පොරොත්තුව (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 460 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 465 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 769 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 581 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 401 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 747 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site