විදුලි සංදේශ නියමන කොමිසමේ අවසරයකින් තොරව චන්ද්‍රිකා ග්‍රාහක 111 රැගෙන ඉන්දියාෙවේ චෙන්නායි නුවර සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරු නිතර නිතර ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර යාම් ඊම් කරන බවත් මොහු මේවා විකිණීම සඳහා මෙරටට ගෙනවිත් ඇති බවත් රේගුව කරන ලද පරික්ෂණ වලින් අනාවරණය වී ඇත.
මෙහි වටිනාකම රුපියල් පන්ලක්ෂ පනස් පන් දහසකි.
රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන ඒ.ආර් සේනාධීර, එච්.එන් විජේතුංග සහ සහකාර රේගු අධිකාරීවරුන් වන අමල් සේනාධීර, තරිඳු ඉළේපෙරුම, එසෙඩ්.ඒ අනීෆ්, එස්.එම්.ඩී.එච් ධර්මසිරි යන නිලධාරීහු විමර්ශන සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීල් රනා, ඔබ හරි. තාක්ෂණය අපට ඕනෑ (නි)
මේවා පිටකොටුවේ ඕනා තරම් තියෙනවා. මේවා සැටලයිට් හරහා ටී.වී බලන උපකරණ. දැන් මොබයිල් පෝන් තියෙන්නේ ඕනා තැනක ඉදලා කතාකරන්න.(නදී)
අපි දන්නේ නැද්ද මේ අයියලගේ හැටි.(නදී)
මොකද්ද දන්නේ නැහැ බලා පොරොත්තුව (දී)
මෙහි අදහස් පළකර ඇති හුගක් අය කාරණාව හරියට අවබෝද කරගන නෙමෙයි අදහස් පළකර ඇත්තේ. මෙම ක්‍රියාව කළ හැකි නීතිගත ක්‍රමයක් ඇත. (නි)
චතුල වෙරෝනා, ඔයා ඉන්නේ ඉතාලියේද? නැත්නම් බලුකිස්තානේද?හැදුනුම්පත් දෙන්නේ ඒ කෙනාව අදුන ගන්න (නි)
අනේ අනේ මේවා සාමාන්‍ය දේවල් .මේවත් අල්ලනවද?(අ)
මොකද දන්නෙ නැහැ මේක අහුවුණේ? (නි)
මේවා නම් සාමාන්‍ය රූපවාහිනී චන්ද්‍රිකා උපකරණ බරපතල දේවල් නෙමේ.ඒත් විශාල වශයෙන් අනවසරයෙන් ගෙනඒම වැරදියි. (අ)
මට තියෙන ප්‍රශ්නේ සමහර රෙගු නිලදාරීන් තමන්ගේ හැදුනුම්පත සාක්කුවේ දාගෙන ඉන්නේ මොකද කියන එක. (අ)
මතකද වාරයේ සිමෙන්ති වැඩේ. ලොක්කෙක් අල්ලගන්න, බඩු ටික නිදහස් කරගත් හැකියි.(අ)
මේවා ඩිජිටල් සෙට් බොක්ස්. වාණිජ කටයුතු වලට නම් ගෙනාවේ දඩයක් ගහලා නිදහස් කරන එක නේ තියෙන්නේ. මේකෙන් රටේ ආරක්ෂාවට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේකට විදුලි සංදේශ නියමන කොමිසමේ අවසරයක් ඕනෑද? (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේ හැදුනුම්පත් දෙන්නෙ මොකටද? (නි)
මේවා ඕනෑ තරම් පිටකොටුවේ කඩ වලින් ගන්න පුළුවන්. මේක කරලා තියෙන්නේ වැඩේ දන්නේ නැති ආධුනිකයෙක්. ඕක තමයි කියන්නේ නොදැන ගියොත් අතරමග කියලා. දැන් ඉතින් ඊළඟ වතාවෙවත් හරියට වැඩේ කරගන්න. (නි)
රනිල්, මේක යුරෝපය නෙමෙයි, මේ ශ්‍රී ලංකාව (නි)
මම දන්නා තරමට ඕවා අනිත් රටවලට නම් සාමාන්‍ය දේවල් (නි)
මෙහෙම ගියොත් ඉදිරියේදී අපේ සපත්තුවත් ගලවලා බලාවි, රෙදිත් ඔක්කොම උණා බලාවි.කමක් නැහැ අපි ලැහැස්තියි ඒකටත්. (නි)
රනිල් මහතා ඕව යුරෝපයේ තිබුනට අපිට තාම සුකෝප බෝගී උපකරණ . අනික් කරුණ යුරෝපෙයේ තිබ්බ පලියට මෙහෙත් තිබෙන්නම අවශ්‍ය නැහැ . මිට වඩා දුප්පත් වෙඩ කරන ජනතාවට අවශ්‍ය දේවල් තියෙනවා . රටක නීතියට ගරු කර යුතුය (ත)
මේවා ෆ්‍රී වීව් , ටෙලිවිෂන් උපකරණ , .යුරෝපයේ ඕන තරම් තියෙනවා , කිසිම නීති ප්‍රශ්නයක් නැහැ (අ)
නීල් රාණා හැමදාම කියන දේවල් දැක්කම පෙනෙනවා දන්නා කිසිම දෙයක් නැතිව මොනවා හරි ලියනවා කියලා. පනින්ට පෙර සිතා බලනු.(නදී)
නීල් රාණ මේවා හොරෙන් දස දහස් ගණන් ගෙන ඒවා . රජයට ය විය යුතු බදු මුදල් වත් රෙගු නීති වත් නොතකා ගෙන ඒවා . මේවට උපරිම දඬුවම් කර යුතුය (අ)
නීල් රාණ ඔබගේ අදහස් නරක නැත . එහෙත් වෝකි ටෝකි වගේ දේවල් අපේ අයට දුන්නොත් ඒවා පාවිච්චි කරන්නේ වැරදී වැඩ වලටය . කසිප්පු කාරයෝ පොලිසියෙන් එනවද පණිවිඩ ගන්න . කුඩු කාරයන්ට පණිවිඩ හුවමාරු කර ගන්න . වෙනත් දාමරික ක්‍රියා වලට ඕව ගන්නේ . තාක්ෂනය අපේ පැවැත්මට නොව අපේ නැතිවීමට අපේ බොහෝ දෙනා පාවිච්චි කරන්නේ (අ)
ඕවා ඕනෑතරම් පිටකොටුවේ තියෙනවානේ. එතකොට ඒවට මොනවද කරන්නේ? (නි)
මේවා සාමාන්‍යයෙන් ලෝකයේ ඕනෑම වෙළඳ සැලකින් මිලදී ගත හැකි ලංකාවේ බොහෝ නිවෙස් වල භාවිතා වන සරල උපකරණ. විදුලි සංදේශන නියාමන කොමිසම පනවා ඇති අනවශ්‍ය නීතිමය බාධක ඉවත්කළ යුතුයි. ඉතා සුළු මුදලට ලෝකයේ අන් රටවල විකිනෙන මෙවැනි භාණ්ඩ වල මිල අනවශ්‍ය ලෙස මෙරටේදී ඉහළයාමට ඔවැනි කාරණා හේතුවෙනවා. නිදසුනක් ලෙස චීනයේ නිෂ්පාදිත වෝකි ටෝකි ඉතා අඩු මුදලකට අන් රටවල තිබුනත් මෙහි දී මිල අධිකයි. දුප්පත් ධීවරයෙකුටත් ගත හැකි මිලකට ඒවා තිබේ නම් මුහුදේ කිමී 5-6 ඇතුලත සිටින අනෙක් ධීවරයන් සමග සන්නිවේදනය ඉතා සුළු දෙයක්. (නි)