හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, හිටපු අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, දෙමළ ජාතික සන්ධානයේ ආර් සම්පන්දන්, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා, ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, උදය ගම්මම්පිල, ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හදුන්නෙත්ති ඇතුළු පිරිසක් සහභාගී වන යහපත් දේශයක් උදෙසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරීමේ තේමාව යටතේ වැඩසටහනක් කොළඹ නව නගර ශාලාවේ දී අද (24) ඇරැඹිණි.
සාධාරණ සමාජයක් සඳහා වන ජනතා ව්‍යාපාරය සංවිධානය කළ විශේෂ සමුළුව මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.
රාවයේ සභාපති වික්ටර් අයිවන්, ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න සහ ආචාර්ය මහාචාර්යවරු පිරිසක් දේශන පැවැත්වීමට නියමිතව සිටියහ.
















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ එපා කියනා සැවොම බලයට ආපසු මේ ගැන කතා නොකිරීමත් දුන් පොරොන්දු අමතක වීමත් අතීතයේ සිටම පවතින දෙයක් (නදී)
ඔතන පාඨලී චම්පික හිටියෙ නැතිනම් කිසි වටිනාකමක් නැතුව යනවා. මොකද අනිත් සේරම එක වල්ලෙ පොල්.(නදී)
මේකට සහභාගී වන සේරම හොදයි අර දෙපත් නයා ඇරෙන්න (නදී)
ජය ශ්‍රී , ජය ශ්‍රී , ජය ශ්‍රී , ජය ශ්‍රී , අපට අවශ්‍ය මෙම එකමුතුවය. නැතහොත් බල තණ්හාවෙන් පිරුණු සීමිත පිරිසකට මේ සොදුරු රටේ සියලුම සම්පත් ගොදුරු බවට පත්වනු ඇත. චම්පික මැතිදුණි, ඔබගේ කැපවීම විශිෂ්ටය. වත්මන් රජයේ සිටින කශේරුකාවක් සහිත එකම දේශපාලකයා ඔබතුමා බව නැවතත් ඔප්පු කොට ඇත. (නදී)
අළුත් ගමනක ආරම්භයක්? යුද්ධය, ජාතිවාදය, විදේශීය කුමන්ත්‍රන තව දුරටත් විකුනන එක නැවතීමට හැකි වේවා!.. (නදී)
ජයවේවා. මෙතනින් පටන්ගමු. (නදී)
සමීර, නින්දෙන් නැගිටින්න ඔය වේදිකාවේ එකමුතුභාවය හීනයක් විතරයි. (නදී)
පෙරේරා නාරාවලෙන් ගොඩවෙන්න අකමැති කොකු පනුවෙක් වගේ. (නදී)
නමේ පොඩි අඩුවක් තිබුනට , එලියට පනින අදහස් පරණ විදියමයි. අපි අහු වෙයි ඕවට. කඩේ යන විදියෙන් කියත හැකි කවුද පොර කියලා.(නදී)
අපි නම් දන්නා විදියට යුද්ධය අවසන් කරන්න පුළුවන් වුණේ විධායක ජනාධිපති ක්‍රමයක් තිබුණු නිසයි (නි)
හැමදාම වගේ ජේවීපී එක තනි ගමනක් යන්නයි හදන්නේ.. (නි)
ලංකාවට පැරණි සෙනෙට් සභාවකුත් තිබුනොත් හොඳයි. මන්ත්‍රී සංඛ්‍යාව 27 ක් විය යුතුයි (නි)
අහෝ බන්දුල නොදිටි මොක්පුර! ජාතියේ නාමයෙන් අපි ඔබ සැමට ආශිර්වාද කරන්නෙමු. (නි)
අනේ පෙරේරා, ඔයාගේ එකම හීනය ඔයා දැක දැක ඉන්න. අපි නම් ජය පතනවා මේ නව එකමුතුවට. ජය වේවා!!! (නි)
අපේ හාමුදුරුවන්නේ, ඕකට හොඳම තැන ගමේ පන්සලයි. ගමේ මිනිහාටයි පළමුව මේ ගැන කියා දියයුත්තේ (නි)
හොඳ අවස්ථාවක්. (නි)
ජය වේවා! ජය වේවා! ජය වේවා! (නි)
ඉක්මනින් වෙනසක් කරන්න ඕනෑ මෙහෙම ගෙයොත් ලංකාව කුඩු රාජ්‍යයක් වෙනවා. ඉක්මනින් වෙනස් කරන්න. නැත්නම් ලංකාව ඉවර වෙනවා (නි)
චණ්ඩි කතා කියන පෙරේරා උන්නැහේ නම සම්පූර්ණයෙන් නොලිව්වට,අදහස් වලින් මෙතන ඉන්න කවුරුත් දන්නවා එයා කවුද කියලා. (නි)
හැමදේම කරන්න ශක්තියත්, හැකියාවත්, දක්ෂතාවයත් වගේම ජනතාවගේ විශ්වාසයත් ඕනෑ. (නි)
නියම එකතුව. ජය වේවා! (නි)
චන්ද්‍රිකා මැතිනිය වටා අනෙක් නායකයින් ටික පෙළගැසී ඇයට සහයෝගය දුන්නොත්,කොයිකාටත් ගොඩඑන්න හැකිවේවි. සමහරුන්ට නම් මේ පින්තූර ටික දැකලත් පිස්සු හැදිලා වගේ. (නි)
එයාලා අන්තිමේ එකම වේදිකාවක. අනේ එතකොට අපි? (නි)
හරිම සතුටුයි (නි)
ඔක්කොටම එපා කියන්න මතක් වෙන්නේ තමන්ට කවදාවත් ලැබෙන්නේ නැහැ කියලා හිතුනමයි. ලැබෙනවා කියලා හිතුනා නම් ඔය කවුරුවත් ඔතන නැහැ.අනෙක මේ රටේ සාමාන්‍ය මිනිසුන්ට මින් ඇති ප්‍රයෝජනය කුමක්ද? විධායක අගමැති කෙනෙක් හිටියත්, විධායක ජනාධිපති කෙනෙක් හිටියත් මිනිසුන් පිළිගන්නා සත්‍යය වෙනස් වෙන්නෙ නැහැ. (නි)
බන්දුල පෙරේරා මහත්තයෝ, බයවෙන්න එපා. විධායක ජනාධිපතිකම වැරදි පුද්ගලයෙක් අතට ගියොත් තමයි නරක. (නි)
බන්දුල පෙරේරලාට මොනවද තේරෙන්නේ? (නි)
මේ කුඩා දුපතට ජනතාවට සේවයක් කිරීමට විධායක හෝ විධායක නොවන ජනාධිපතිවරු අවශ්‍යම නැහැ. අපිට අගමැති කෙනෙක් පමණක් ඇති. (නි)
සුබ අනාගතයක් වේවා ශ්‍රී ලංකා (නදී)
අනිත් ඔක්කෝම හරි. චන්ද්‍රිකා නෝනා නම් මෙතනට සුදුසු නාහා. (නදී)
ආඩි හත්දෙනාගේ කැද හැලිය මතක් වෙනවා. ඔක්කොටම මේක එපා කියන්න මතක් වෙන්නේ මේක තමන්ට කවදාවත් ලැබෙන්නේ නැහැ කියල හිතුනම තමයි. (නදී)
අනේ දෙවියනේ මේ එකමුතුව ලංකාව නැවතත් යහපත් දේශයක් වෙනතෙක්ම පවතීවා. පොඩි පොඩි වෙනස්කම් ඇතිවෙයි. එහෙත් මේ ගමන අනිවාර්යයෙන් යා යුතුයි. (නදී)
සුමන්තිරන්ලට, සම්බන්ධන්ලට ඕනේ ඕක නැතිකරලා රට අස්තාවර කරලා තමන්ගේ අරමුණු ඉටු කරගන්න තමයි (නදී)
මොකද මේ පුටුවක් හිස් කියල මම බැලුවේ. වෙලාවට වැඩ නොකරන අපේ හිටපු ජනපතිනිය නේද මේ. පරණ පුරුදු අමතක කරන්න හොඳ නැ නේද? අර වික්ටර් අයිවන් මහත්තයාගේ චවුර රැජින කියන පොත ගැනත් ඔතන කතා කලාද? මේ හවුල හොඳයි රනිල් ,චන්ද්‍රිකා හා සම්බන්දන් නැත්නම්. හැබැයි ඔය කවුරු කවුරුත් බලේ ගන්නකන් කීවේ එකම කතාව. ගත්තට පස්සේ ජනතාව ගොනාට අන්දනවා. (නදී)
අනේ මේ සම්පත් මහත්තයෝ යුද්දය ඉවර කලේ විදායක ජනාදිපති කියන්න තරම් ඔයත් අර බන්දුල පෙරේරා කියන ගානට වැටෙන්න එපා. (නදී)
විශ්‍රාම ජනාධිපතිනිය බලයට එන්න කලින් ජේ.වී.පියට ලිකිත පොරොන්දුවක් උණු නිසානේ නිහාල් ගලප්පත්ති ජනාධිපතිවරණයට නොඉල්ලුවේ. ඇයි අාවේ එයට සමාව ගන්නද ? (නදී)
ඔතන ඉන්න අය අතරේ රට වෙනුවෙන් යමක් කරන්න පුලුවන් එකම පුද්ගලයා ගරු පාඨලී චම්පික මැතිතුමා පමණයි. (අ)
පවු කියල හිතෙනවා කට්ටියගේ හීන ගැන හිතුවම. (අ)
,ශ්‍රී ලාංකික සියලු දෙනාට සෞභාග්‍යමත් හෙට දවසක් ඇතිකරන්න පාඨලී චම්පික මහතා ඇතුලු සියලු දේනාට ශක්තිය ලැබේවායි පතමු.(අ)
ඉතා මත්ම සතුටු දවසක්....ජය වේවා අපේ රටට.(අ).
ජය වේවා! හරිම සතුටුයි අළුත් රටක් සදහා කැපවෙමු රට සූරාකන්න ඉඩ නොදෙමු(අ)
මටනම් මේවට හිනා යනවා මොකද මේක ඉන්න සමහරු ගැන මටනම් කිසිම පැහැදීමක් නෑ. (අ)
ඇත්තටම චන්ද්‍රිකා මැතිනිය විධායක ජනපති උනා නේද ? (අ)
විධායක ජනාධිපති ක්‍රමය වහාම අහෝසි කළ යුතුමයි.(අ).
ජේ ආරුත් කස්ටියට හොඳ මාතෘකාවක් තියල මේ අත්ත්මේම නිවන් යනවා කිවනේ (නදී)
ජය වේවා! හරිම සතුටුයි අළුත් රටක් සදහා කැපවෙමු. රට සූරාකන්න ඉඩ නොදෙමු (නදී)
විධායක ජනාධිපති ධුරය ගෞරවනීය ලෙසින් රැක ගත්තේ එයට සුදුසු නියම පුද්ගලයා අතට එය පත්වීම නිසයි. එතුමා එයින් නියම ප්‍රයෝජනය රටට ලබා දීලා රටට සාමය උද කර දුන්නා. සම්පන්තන්ලා අද මෙතනට එකතු වෙන්නේ එ්කයි. මෙතන ඉන්න පිරිස දිහා බැලුවම මොකටද මේ එකතුවෙන්නේ කියන එක හොඳටම පෙනෙනවා. එක් කෙනෙක් දෙන්නෙක් අරුණ විට වැඩි දෙනෙක් විහින් කැපිච්ච කට්ටිය ඉන්නේ. (නදී)
ඔතන ඉන්න වැඩි දෙනෙක් ඇතිවෙන්න උඩ පැනලා මිදි තිත්තයි කියන උදවිය. හැබැයි ඔතන ඉන්න කෙනෙක් දන්නවා මිදිවල ඇති රස,ගුණ,වටිනාකම හා බළය. ඉතින් ආයෙත් කාපු කෙනාට ලැබුනත් කනවා නොකාපු කෙනාට ලැබුනත් නොකා ඉදිවිද? කනවා. කනවා. ඔක්කොගෙම බඩේ බිත්තර තිබෙනවා. හැබැයි නෑ වගේ ඉන්නවා. ඔක්කොම කැමතියි මිදි කන්න. මේ මට ලැබුනත් මමත් කනවා මිදි.(නදී)
මට නම් පේන්නේ මේකත් කාගේ හරි සැලැස්මක් වගේ (නදී)
හොද අවස්ථාවක් , සුබපැතුම් හැබයි මැඩම් අදත් එන්න ප්‍රමාදයි වගේ (නදී)
මට මතක්වෙනවා ඉස්සර එක කාලෙක අපේ නළු නිලියෝ එකට එකතුවෙලා හිටියා මේ විදියටම (නි)
අනිවාර්යෙන්ම සියලුම දෙනා පාට පක්ෂ බේදයෙන් තොරව එකතුවීම අගය කළ යුතුයි (නි)
දැන් මෙතන අදහස් දාන කෙනෙක් ගැරඩියාට භූමිතෙල් ගෑවුණා වගේ දඟලනවා.දුකත් හිතෙනවා (නි)
ඉදිරියේදී රට පැත්තෙන් හිතනකොට හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක නෝනා ගැන විශාල බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.එවැනි උගත්, බුද්ධිමත් කෙනෙක් ඉදිරියට පැමිණීමත් සතුටක් (නි)
රටට ආදරය කරන සියලුම දෙනා එකමුතු වෙන්න ඕනෑ කාලයක් මේක. (නි)
විධායක ජනාධිපතිකමේ නියම හොඳකම යුද්ධය දිනීමෙන්ම අපි දැක්කා (නි)
ප්‍රභාකරනුත් හිතාගෙන හිටියේ බන්දුල පෙරේරා හිතන විදිහටම වෙන්න ඇති (නි)
මොනවද මේ වැඩ හැබෑට....? (නි)
ඔහොම යමුකෝ. අඩුම තරමින් ලංකාවේ අය මේ අය ගැන හිතන විදිය හරි මේ අයට දැනගන්න පුළුවන්නේ. (නි)
ඔය ඉන්න අයගේ හෘද සාක්කිය පරික්ෂා කරන්න ක්‍රමයක් හොයාගෙනම ආවා නම් වඩා හොඳයි නේද? (නි)
අනේ අම්මපා මෙහෙමත් දේවල්! (නි)
හැබැයි මෙතන ඉන්න කට්ටිය දිහා බැලුවහම වඩා හොඳ තත්වයක් බලාගන්න බැරිවෙන එකක් නැහැ කියලා හිතෙනවා (නි)
සුබ අනාගතයක්! (නි)
හරිම හොඳ වැඩක්.හැබැයි අද හැමෝටම එකට ඉන්න පුලුවන් වෙලා තියෙන්නේ අපේ රටේ යුද්ධය නැති නිසයි කියලත් මතක තියාගන්න (නි)
ජනපති ක්‍රමය අපිට ඕනෑ කියන්නේ කුමන මානසිකත්වයකින් යුතු අයද කියලා අපි දන්නවා (නි)
"විධායකය එපා!" හදවතට එකඟව ඔතන ඉන්න එක්කෙනෙකුටවත් එහෙම කියන්න පුළුවන්ද? (නි)
මගේ අදහස නම්, ඔය පවතින අර සබා,මේ සබා නැති කළ යුතුයි යන්නයි. (නි)
'චෞර රැජින' ගෙතූ වික්ටර් අයිවන් මහත්තයාට දැන් මොනවා හිතෙනවාද දන්නෙ නැහැ (නි)
අපි හැමෝම ඇත්ත කියන්නේ මොකක්ද කියලා දන්නවා (නි)
අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ජයවේවා! (නි)
චන්ද්‍රිකා මැතිනිය, කරුණාකර අපේ රට බේරාදෙන්න. ඔබතුමිය ඇතුළු පිරිසට ජයවේවා! (නි)
ශ්‍රී ලංකා මාතාවගේ ආරක්ෂාව ගැන ශ්‍රී ලංකා ජනතාව සුපරික්ෂාවෙන් සිටිය යුතුයි. (නි)
ලංකාවේ මිනිස්සු දන්නවා ඔය කවුරු කවුරුත් ගැන (නි)
බන්දුල පෙරේරාගෙයි,ලංකා තිලක්ගෙයි අදහස් දෙකම එක වගේ.හරිම පුදුමයි! එක අතකින් පුදුම වෙන්න දේකුත් නැහැ.මොකද අපි හැමෝම දන්නවානේ මේ දෙන්නම කවුද කියලා. (නි)
අපි සියළු දෙනාගේ සිතින් තණ්හාව තුරන් වේවා! (නි)
හොඳින් සිතාබලා තීරණයක් ගතයුතු දෙයක් (නි)
සමගිය ජයග්‍රහණයේ බලයයි (නි)
මට නම් පිස්සු වගෙයි (නි)
හරිම හොඳ කට්ටියක් (නි)
කොයි කවුරුත් අපිට නම් එකයි ආයුබොවන්ඩ (නි)
අපි බලාපොරොත්තු වෙන්නේ සැවොම සමගියෙන් සිටීමයි (නි)
ජෙනරාල් ෆොන්සේකා මහතාට සහ ගම්මන්පිල මහතාට මම ගරු කරනවා (නි)
යමක් කිරීමට පෙර දුර හිතන්න (නි)
ගිහාන්, ඔබ හරි (නි)
බලය ලැබුවොත් මොනවා වෙයිද?? (නි)
ශක්තිමත් පාර්ලිමේන්තු ක්‍රමයක් ඇති නොකර, විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකර, ඉන්පසු රජයක් පිහිටුවීමට සුළු ජාතික පක්ෂ පසුපස නැවත යන්න වේවිද? (නි)
මේ විජ්ජුම්බරේ මට නම් තේරෙන්නේ නැහැ. (නදී)
මගේ පෞද්ගලික අදහස නම් ලංකාව වැනි රටක් දියුණු කිරීමට නම් රටට ආදරය කරන ඒකාධිපති පාලකයෙක් අවශ්‍ය බවයි. නැත්නම් හැමදාම ප්‍රජාතන්ත්‍රවාදය කිය කියා දෙපැත්ත කඹ ඇද ඇද රට දිනෙන් දින අාගාධයට ගෙනයාම නවත්තන්න නම් බැහැ. උදාහරණ ලෙස සිංගප්පුරුව, මලයාසියාව ගන්න. අද වනවිට තායිලන්තය එම මාර්ගයේ ගමන් කරම්න් සිටිනවා. (නදී)
නිකම් පැට්‍රොල් පුච්චනවා (නදී)
බන්දුල මහත්තයෝ ඔබතුමා අහල තියෙනවද සිංහල රජ කාලේ ඉඳල තියෙනවා රජ වාසල නිලමේ තුමෙක් ඝට්ටැඹී නිලමේ කියල. අද ඒ තනතුර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කලොත් ඔබතුමා ඉතාමත් සුදුසුයි ඒ තනතුරට. එ්ත් තවම එ්ක කරලා නැති නිසා ඔබතුමා එ්ක ස්වේච්ඡාවෙන්ම කරනවද ? නැත්නම් කරන්න ලැහැස්ති වෙනවද ?(නදී)
හොඳ හොඳ තුරුම්පු සොයා සොයා ගහනවා අන්තිමේදී කූජිත වෙයිද (නදී)
කඩන්න බැරි උනාම නරිය මිදී තිත්තයි කිව්වලු. මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට මේ විධායක ජනාධිපති ධුරය ගැටළුවක් වෙලත් නැහැ වෙන්නෙත් නැහැ. ඒ මිනිස්සුන්ට බලය පාර්ලිමේන්තුවේ තිබුනත් ජනාධිපතිවරයා අතේ තිබුනත් ඒක ලොකුවට හිතන්නවත් ඇගට දැනෙන ප්‍රශ්නයක්වත් නෙමෙයි. ඒ මිනිස්සුන්ට ඔය 17 වෙනි ව්‍යස්ථා සංශෝධනයක් ගැනවත් ස්වාදීන කොමිෂන් සභා ගැනවත් හොයන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ මිනිස්සුන්ට ඒවා තිබුනත් එකයි නැතත් එකයි ඒ මිනිස්සු දන්නා එකම සරල යථාර්තය බලය ගත් කෙනා බලය අඩු වැඩි වශයෙන් පාවිච්චි කරලා තමන්ගේ අවශ්‍යතාවන්ට ,තමන්ට අවාසි නොවන විදියට රට පාලනය කරනවා කියන එක විතරයි.(නදී)
මම හිතන්නේ විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ සියලුම පුද්ගලයන් එක්ව ශිරාණි බණ්ඩාරනායක මහත්මියව ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුය. අපට විශ්වාස කල හැක්කේ එතුමිය හා සෝභිත හිමි පමණයි. අනිත් අය කාලෙන් කාලෙට අදහස් වෙනස් කරනවා (නදී)
සංජය, මොලේ කොල්ලොප්පන්ද? චන්ද්‍රිකා නෝනා ලිකිතව පොරොන්න්දු දුන්නනේ විදායකය වෙනස් කරනවා කියලා. (නදී)
යුද්ධය පවතින කාලේ ඔය එකමුතුව කොහෙද තිබුනේ ? යුධ අපරාධ හොයන ජාත්‍යන්තරයට විරුද්ධව ඔය එකමුතුව නැත්තේ ඇයි ? (නදී)
නෝනා මේකටත් ආවේ පරක්කුවෙලා නේද? (නදී)
මම හිතනවා ආචාර්‍ය ශිරාණි බණ්ඩාරනායකට පුලුවන් මහින්ද රාජපක්ෂ මහත්තයා සමග චැලේනජ් කරන්න. (නදී)
මහින්ද මහත්තයත් එක්ක හැප්පෙන්න මෙච්චරද ඉන්නේ ලංකාවේ? තව එන්න තව එන්න , බලමු මොකද වෙන්නේ කියලා. මේ ඔක්කොම එන්නේ මේ විධායකය නැති කරන්න නෙවෙයි (නදී)
මේක ඓතිහාසික අවස්ථාවක්. හැමදෙනාම එකතුවුණොත් ජය. (නි)
මේ කවුරු පෙළ ගැහුනත් වැඩක් නැහැ, රටේ චන්දදායකයින් බුද්ධිමත් ලෙස තීන්දු ගත්තේ නැත්නම්.(අ).
මෙතන ඉන්න සියලුදෙනාම රටට වැඩ කරන්න පුළුවන් අයයි. මුකුත් නොකලොත් නිකම්ම මැරිලා යාවී. රටකට අවශ්‍ය පොදුදෙවල් වලට පොදු ක්‍රමවේදයකට ව්‍යවස්ථාවෙන්ම එකග වෙන්න පුළුවන්. උදහහරන: කටකිරීමේ නිදහස, ලිවීමේ නිදහස, දේසපාලනය කිරීමේ නිදහස, අධ්‍යපනය සදහා නිදහස, සෞඛ්‍ය ලබාගැනීමේ නිදහස , නිදහස් පොලිස් කොමිස්සම, නිදහස් මැතිවරණ කොමිස්සම රටේ ජීවත් වෙන සිංහල, දෙමල, මුස්ලිම් ආදී සියල්ලටම පොදුවේ එක සමාන ලෙස ලබාගැනීමේ නිදහස ලබාදෙන්න පුළුවන් වෙන්න ඕනේ. දේශපාලන කරන්න ඕන විදියට නිදහස දුන්නම රටේ ජනතාවට කැමති පලකයන්න්ව පත් කරගනීවි. (අ)
විධායක ජනාධිපති ක්‍රමය අපට සුදුසු නැති බව මගෙත් විශ්වාසයයි. හැබැයි, මෙතන සිටින පුද්ගලයින් 4 දෙනෙක්ගෙන් එක කෙනෙක් විධායක ජනාධිපති ක්‍රමය පැය 24න් අහෝසි කරන බවට පොරොන්දු වුණා. තව දෙන්නෙක් විධායක ජනාධිපති ධුරයට තරඟ කරලා පැරදුනා. අනිත් එක්කෙනා බලයේ සිටින ජනාධිපතිට දෙපාරකට වඩා බලයේ සිටීමට හැකිවන ලෙස තීන්දුවක් දෙනු ලැබුවා. (අ)
කමෙන්ට් ටික පරිස්සමින් කියෙව්වාම රටේ අනාගතය ගැන හිතා ගන්න පුළුවන්. (අ)
ගිහාන්. ඔයාගේ අදහසට මම එකඟයි. විධායක ජනාධිපති ක්‍රමය අද දක්වා තිබෙනතුරු සම්බන්දන්ලාට සහ දෙමළ ඩයස්පෝරාවට මොකුත් කරගන්න බැරිව ඉන්නවා. ඒ නිසා මගේ අදහස මේ ක්‍රමය තව දුරටත්මේ තිබිය යුතුයි.කොහමටත් මේ ක්‍රමය වෙනස් කරනවා නම් ජනමත විචාරණයකින් අවසාන තීන්දුව ගන්න වෙනවා නේ. එතකොට මේ කට්ටිය ආපහු හිටපු තැනටම වැටෙනවා. මහජනයාට නං විධායක ජනාධිපති ක්‍රමය තිබුණත් එකයි නැතත් එකයි. (අ)
සුජීව.වයසකීයද?ඔයා ඉපදෙන්න කලීන් චන්ද්‍රිකානෝන රට කෙරුවනෙ. (අ)
මේකේ තියෙන මුහුණු දැක්කම මට නැගෙන්නේ ප්‍රශ්ණයක් .? (අ)
මේ කට්ටියට කවදාවත් දිනන්න බැරි නිසා ජනාධිපතික්‍රමය එපා කියයි.(අ)
සමන් මහතා කියන පරිදි මේ රට දියුණු කිරීමට රටට ආදරේ ඇති විධායක ජනාදිපති කෙනෙක් , මේ මැතිවරණ ක්‍රමය තුලි සොයාගත හැකිද? එසේ කල හැකි නම් ඉතාමත් හොඳා. නමුත් නැහැ . (අ)
නටපු නැටුමකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ.....පව්..(අ)
ගුඩ් ලක්. (අ)
මෙතන ආඬි හත්දෙනාත් ඉන්නවා. කැඳ හැලියට එක එක්කෙනා දාන දේ ගැන මාතෘකාවට ආවහම තමයි තම තමන්ගේ පක්ෂ වලිග උස්ස ගන්නේ. (අ)
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමට වඩා එහි යම් යම් සංශෝධන සිදුවන්නේ නම් උචිතයැයි සිතමි. රටෙි සංවර්ධනයට සහ ඝෘජු තිරණ ගැනිමේදි දෙපැත්තට ඇදෙන ක්‍රමයක් හරහා ලංකාව වැනි රටක් සංවර්ධණය කල නොහැක. අනික මේ සදහා එක්වි ඇති මේ පුද්ගලයින් ගැන සිතා බැලිමෙේදි මෙහි ඇත්තේ අවංකව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමක් නොවන බව පෙනෙයි ඔවුන්ද මෙයට ඉව අල්ලා නරියා මිදි තිත්තයි කියනවා වගේ දෙයක් බලමු මොකද වෙන්නේ කියලා.(අ)
සමන්, ඔයා මොන ඉස්කෝලෙටද ගියේ? යුරෝපයේ, ඇමෙරිකාව ඒකාධිපති රටවල්ද? ටින් එකෙන් එලියට එන්න.(අ)
ජයෙන් ජය ! (අ)
ඕව ඒකාලේ නොකලේ මොකද?තමන්ගෙ වැඩක් බලාගන්න කාලේ නස්තිනොකර .(අ)
නියම කට්ටිය එකම වේදිකාවට ගන්න. මේවට හිනාවෙනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? (අ)
එන පාර ඉල්ලුවොත් මම දිනනවාමයි කියල හිතන කෙනෙක් ඔතන ඉන්නවද කියන්න. (අ)
කලකට පසුව හරි සත්‍ය පි්ළී ගන්නවනම් වඩාත් යහපත්. රටක් වෙනුවෙන් ගත් පියවරක් සාර්ථක වේවා. (අ)
දියුණුවෙන අපේ වගේ රටකට ඕන විධායකයක්. තීරණ ගත යුත්තේ තනි පුද්ගලයෙක්. නැත්නම් නැවතත් අපිට සුළු ජාතින් පසුපස දුවන්න වෙනවා රජයක් පිහිටුවන්න. බලන්න ඉන්දියාව. හැමදාම සුළු පක්ෂවලට ඕන විදියට නටනවා. බුද්ධියෙන් හිතන්න, විධායකය නැත්නම් අපිට කවදාවත් යුද්ධය ඉවරකරන්න පුළුවන් වෙයිද? ආණ්ඩු පක්ෂයේම ඇමතිවරු කීදෙනෙක් යුද්ධය ආපස්සට හරවන්න හැදුවද? විධායකය කෙලින් තීරණයක් ගත්තෙ නැත්නම් අපි තාමත් යුද්ධයෙන් බැට කනවා. අපේ මිනිස්සු ඕකට සහයෝගය දුන්නොත් මතු යම් දවසක අපේ දරුවෝ අපිට සාප කරාවි!!!.(අ)
ගිහන්ලා වගේ අය ඉන්නකන් මේ රට හදන්න බැහැ. (අ)
කඩන්න බැරි වුණාම මිදී තිත්තයි කිව්වලු.මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට මේ විධායක ජනාධිපති ධුරය ගැටළුවක් වෙලත් නැහැ වෙන්නෙත් නැහැ.ඒ මිනිස්සුන්ට බලය පාර්ලිමේන්තුවේ තිබුණත් ජනාධිපති වරයා අතේ තිබුණත් ඒක ලොකුවට හිතන්නවත් ඇඟට දැනෙන ප්‍රශ්නයක් වත් නෙමෙයි.(අ)
අපි කවුරුත් මිනිසුන් වශයෙන් වැරදි කරනවා. හැමදාම අතීතය ගැන කතා කරන්නේ නැතුව ඉදිරියට යන්න බලන්න ඕනෑ. (නි)
මේවා දැක්කහම සමහරුන්ගේ දෙලොව රත්වෙලා (නි)
ජයවේවා!ජයවේවා!! ජයවේවා!!! ශ්‍රී ලංකා මාතා!!!! (නි)
සමන්ගේ කතාවට මමත් එකඟයි (නි)
සමහර අය නම් ඉන්නේ "එක්කෝ මට දෙන්න, නැත්නම් අහෝසි කරන්න " කියන චේතනාවෙන් කියලයි මට හිතෙන්නේ (නි)
ගාමිණී මහත්මයා, ගිහාන්ලා වගේ අය ඉන්නකන් මේ රට හදන්න බැහැ කියන ඔබතුමා කියන්නේ ඉහළ පින්තූරවල ඉන්න අය පමණක් හිටියොත් අපේ රට හදන්න පුළුවන් කියලාද? (නි)
මෙහි අදහස් සියල්ල කියෙවූවා. මට හිතෙන්නේ රටේ විද්වතුන්ට කලින් ජනතාවට පැහැදිලි කරන්න ඕනෑ මොකද මේ කරන්න යන්නේ කියලා. එහෙම නැතුව අපේ මිනිසුන්ගේ ඔලු හෝදන්න වෙන විකල්ප ක්‍රමයක් ගෙනෙන්න වෙනවා. සමහරුන්ට විධායක ජනාධිපති ක්‍රමය හිතන්නවත් ඇඟට දැනෙන ප්‍රශ්නයක්වත් නෙමෙයි. (නි)
ඔයාලගේ අදහස් වලට ගොඩක් ස්තුතියි. ඔතන සම්බන්දන් ඉන්නේ මොකද කියලා ඔයාලට හිතෙන්නේ නැද්ද? මමත් මෙම ක්‍රමයට විරුද්ධවයි ඉන්නේ. (නි)
මේ කිසිකෙනෙක් මෙතනට රැස් වෙලා ඉන්නේ අවංක චේතනාවෙන් නෙවෙයි, බලයට තන්හාවට. හිටපු කෙනා රස දන්නවනේ ඒ හින්ද එයා බලන්නේ කොහොමහරි අයෙමත් බලයට එන්න. මෙතෙක් කල් රහ බලපු නැති කට්ටිය දඟලන්නේ ඉන්න කෙනා මොන විදියකින් හෝ එලවල බලයට එන්න. මොකද දැන් ඉන්න කෙනා බදාගන කන හැටි දැක්කම අනිත් අයට ලෝබයි. මේ වෙලාවේ ප්‍රභාකරන් ජීවත්ව හිටියනම් කට්ටිය එයාට වුනත් සෙට් වෙනවා. (ස)
කඩේ යන තිලක් මහත්තයෝ,ශාන්ත කියලා තිබුන ඝට්ටබි නිලමේ තනතුර ගැන.ඒ තනතුර ගැසට් කරනවා කියලා පත්තරේක තිබුනා.ඔබතුමා ඇරෙන්න ඒකට වෙන සුදුස්සෙක් ඇති කියලා මම නම් හිතන්නේ නැහැ.අදම ඉල්ලුම් කරන්න. (අ)
මගෝඩි ගොඩයි. පුත්තලමෙන් ඉර පායපු දවසට මේ උදවියගේ සිහිනය සබැ වේවි. මේවට කියන්නේ කොළොඹ සිහින. කොළඹින් එලියට බැහැල යන්න මිනිස්සු අතරට. අඳුනගන්න ජනතාවගේ දුක එදාට මේ ඔක්කොම අවශ්‍ය නැහැ එක්කෙනෙකුට රජවෙන්න පුළුවන්. විධායක ජනාදිපති කම අහෝසිකලම ජනතාවගේ ප්‍රශ්න විසදෙන්නේ නැ. අවංකව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරද්දවන්න තවම නියම කාලය ඇවිල්ල නැහැ. ඒ කාලය එද්දී බාගයක් වලපල්ලේ. (අ)
අපිත් බලාගෙන ඉන්නේ මොනවද වෙන්නේ කියලා තමයි (නි)
ඔක්කොම චන්ද්‍රිකාට බනිනවා. ඒත් චන්ද්‍රිකා ඉන්න කාලේ කවුරුවත් නීතිය අතට ගත්තේ නැහැ (නි)
ආයෙත් රට කන්න හදනවද ? (නදී)
චින්තක ඔබ හරි මේක බූරුවන්ට තේරෙන්නෙ නෑ (නදී)
පද්මිණි මහත්මිය, එංගලන්තය ඇතුළු යුරෝපය, ඇමෙරිකාව වගේ රටවල් දියුණු වෙලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍ර වාදයේ දක්ෂකම නිසා නෙවෙයි ඔහුන් පහුගිය කාලේ ආසියාව, අප්‍රිකාව, දකුණු ඇමරිකාව වගේ රටවල් හුරගෙන කාල. අද කාලේ අපි වගේ රටවලට ඒවා කරන්න බැහැ. අපි බලන්න ඕනේ අපි විසින්ම අපේ රටවල් දියුණු කර ගන්න. මම මෑත කාලයේ වේගයෙන් දියුණු වූ ආසියානු රටවල් උදාහරණයට ගත්තේ එ්කයි.(නදී)
මෙතන මේ ඉන්න අයගෙන් පොළවේ පයගහලා ගමේ ඉන්න සාමාන්‍ය ගම්වැසියන් එක්ක කතාබහ කරලා වැඩක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නේ කවුද? මම නම් හිතන්නේ කව්රු ඔය මොන චෝදනා කළත් අපේ වත්මන් ජනපති ඉන්නේ ගොඩක් ඉදිරියෙන්. හේතුව තවමත් කොළඹ හතේ මිනිසුන්ට වඩා ලංකාවේ ඉන්නේ ගැමියන්. (නි)
අනේ ඇත්තමයි ලංකා තිලක්, සාමාන්‍ය ජනතාවට මේවා ඇඟට දැනෙන්නේ නැහැ නේන්නම්, ජීවන බරින් සරුවාංගය හිරිවැටිලා තියෙද්දී (නි)
සමන්, කොහෙද මැලේසියාවේ, සිංගප්පුරුවේ ඒකාධිපති පාලනයක් තිබුනේ? ඔයා " ඒකාධිපති " කියන වචනයේ තේරුම දන්නේ නැහැ. (නි)
විධායක ජනාධිපති ක්‍රමය අපේ රටට ඕනෑමයි. ඒ වගේම ඒ තනතුරට නියම සුදුස්සා වත්මන් සහ අනාගත ජනාධිපතිතුමාමයි. මේකට අකමැත්තෙන් වුණත් හැමෝටම කැමති වෙන්න වෙනවා (නි)
මංගෝ නැන්දත් කඩේ ආවද ...? බැනලා දෙන්නත් මේ ඉදලා ගියා විතරයි. (නදී)
මේ අලුත් සන්ධානේ හොඳයි එස්.එම්.එස් ජනාධිපති තෝරන්න. ඔය කව්රු මොන සන්ධාන ගැහුවත් මීළඟ සැරෙත් මහජන ඡන්දෙන් ලංකාවේ ජනපති මහින්ද මහත්මයාම තමයි.(නදී)
ප්‍රභාකරන් මැතිතුමා විතරයි අඩු. කට්ටියම අත් අල්ලාගෙන. එතුමා හිටියා නම් ප්‍රධාන දේශකයා වෙන්න ඉඩ තිබුණා. (නදී)
ඔතන ඉන්න එක්කනෙක් හරි පොරාන්දු වෙනවා නම් මේ රටේ නැවත මරණ දඩුවම කියාත්මක කරනවා කියලා. ඒ කියන කෙනා කව්රු උනත් මම ඡන්දය දෙනවා. (නදී)
මොකක් හරි ජිල් මාර්ට් එකක් දාලා මේ ගමන කඩාකප්පල් කරන්න බලාවි. නොසැලී ඉදිරියට යන්න අපේ නායකයන්ට ශක්තිය ලැබේවා. (නදී)
බුද්ධිකට නමට මුලින් එන කොටස හැලිලා වගේ..හොදට බලන්න කොහෙද හැලුනේ කියල..ඔයාගේ චැලේන්ජ් එක නිකන් හරියට මෝය කටක් පොල්ලෙල්ලකින් හිර කරන්න හැදුව වගේනේ. (නදී)
ජය ශ්‍රී ලංකා මේ බලවේග ජයවේවා! (නදී)
වැදගත් වෙන්නේ කවුරු ජනාධිපති වෙනවද කියන එක නොවේ. අද මේ රටේ ජනතාවට ආණ්ඩු වෙනස් කරන්න බැහැ. දේශපාලකයෝ අත තිබෙන අසීමිත බලය එක පුද්ගලයෙක් වටා කේන්ද්‍ර ගතවීමෙන් රටම විනාශ මුඛයට යන ගමනක ඉන්න බව පෙනෙන නිසා එකතුවුන පිරිසක් මිස එකම වැඩ පිළිවෙලක් වටා එකතුවෙන්න ඕන කියන පිරිසක් මිසක කවුරුවත් රජවෙන්න ඕන කියන අදහස රජකරන්න නොවෙයි මෙම සංවිධානය මේක සංවිධානය කලේ. රටේ ජනතාවට ආණ්ඩුවක් වෙනස් කරන්න පුළුවන් නිදහසේ ජීවත්වෙන්න පුළුවන් රටක් වෙනුවෙන් හඬක් නගන්න කරපු ආරම්භයක් කියලයි මගේ නම් අදහස. (නදී)
ලලිත්, ඔබගේ අදහසට මමත් එකගයි. (නදී)
බන්දුල පෙරේරා/ලංකා තිලක් දැන්නම් එන පොට හොද නැහැ වගේ.ඉක්මනින්ම සංපූර්නයෙන්ම මුහුණු ආවරණය කරපු හෙල්මටයක් හොයා ගන්න වේවි. (නදී)
බුද්ධික, ඔබගේ අදහසට මමත් 100% එකගයි. මොකද උගත් කමින් අඩුවක් කියලද? එහෙම නම් ගේමක් ඇත්තෙම නැහැ. (නදී)
සමහරු කියනවා මේ ඉන්න කවුරුවත් අවංක නැහැ. බලයට එන්න ඕන නිසා මේ කරන දෙයක් කියලා. එතකොට දැන් මේ පවතින ක්‍රමය හරි? ඔයාලට හොද නම් අපිට හොදයි. අපි ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අකුරට රකින රටවල. (නදී)
සංජය , චන්ද්‍රිකා කරපු හරිය අමතකද ? අඩුකරන්න ඕනේ වැඩකට නැති මේ ඇමතිලයි මන්ත්‍රීලයි. සෝබිත හිමිට මොකද මේ වුනේ ? (නදී)
බුද්ධික, ඔබගේ අදහසට මමත් එකගයි (නදී)
විපක්ෂය එකම වේදිකාවකට එනකොට මොකද මේ බන්දුල/ලංකා තිලක්ට ගැරඩියට බුමිතෙල් ගෑවුනා වගේ දගලන්නේ. පොඩ්ඩක් ඉවසල ඉන්න බැරිද? (නදී)
අපිත් මේ ලංකා තිලක්ගේ මෝය කට වගේ තියෙන, අනුන්ට අපහාස කරන වාචාල කට, වැහෙන්නේ කවදද කියලා හිත හිත ඉන්නේ. තමන් හැදිච්ච පරිසරය අනුව තමයි මිනිස්සුන්ගේ කටවල් වලින් වචන පිටවෙන්නේ. ඔහේ හිතනවා බලන්න, ඔහේ දක්වපු අදහසකට මෙතන ඉන්න කවුරුවත්,කවදාකවත් ඒවා අනුමත කරලා තියෙනවද ? [තමුන්ම වෙනත් නම් වලින් පෙනී සිට,ඒවා අනුමත කරගත්තොත් ඇරෙන්න] (නදී)
විරාජ් ගැන අනුකම්පා හිතෙනවා..මගේ අදහස් පලවෙන්නේ පල වෙන්න සුදුසු නිසා.. ඒවා හොද නැත්නම් සුදුසු නැත්නම් ලංකාදීපේ පල කරන්නේ නැහැනේ..මගේ අදහස් කාටවත් අනුමත කරන්න කියන්න තරම් මම අද බාලයෙක් නෙමෙයි. අනුමත කරගන්න අදහස් දාන මෝඩයෝ මේ තීරුවේ නැහැ මම දන්නා විදියට..මේක සංවාද මණ්ඩපයක්..විවේචන ඉවසන්න බැරි නම් ඔබතුමා වෙන අතක් බලා ගන්න කාගේවත් කටවල් වැහෙන කම් බලන් ඉන්නේ නැතුව. (නදී)
ලංකා තිලක්, කුඹුකේ ළිදෙන් දිය නාලා රා කට්ටක් ගහගෙනද ඉන්නේ....? (නදී)
ලංකා තිලක් අපේ ගෙවල් ළඟ ඉන්නේ. පවතින රජයටත් ජනාදිපතිතුමාටත් කඩේ යන එක තමයි මෙයාගේ පවුලේම කෙරුවාව. විධායක ජනාධිපති ක්‍රමයේ වැරදි දකින්න තබා එකේ බලතල ගැනවත් මේ මෝඩයන්ට වැටහෙන්නේ නැහැ.(නදී)
විරාජ්, ඔබ 100% නිවැරදියි (නදී)
මරණය පෙනී ,පෙනී මිනීමරු ප්‍රබා කරන්ගෙන් රට නිදහස් කර දුන්න මේ කම්බා හොරුන්ගේනුත්,කුඩු මුදලාලිගෙනුත් රට නිදහස් කර ගැනීමට ත්‍රිවිද රත්නයේ පිහිට, සියලු දෙවිවරුන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා.(නදී)
ඒ දවස්වල චන්ද්‍රිකා නෝනා රනිල් මහත්තයාට කොච්චර නම් ප්‍රසිද්ධ වේදිකාවල බනිනවද? දැන් කොහොමද මේ පින්තූර වල රනිල් මහත්තයා ළඟම ඉදගෙන ඉන්න ලස්සන. ඒකට අපේ මෝඩ මිනිස්සු ඡන්ද කාලෙට මම ශ්‍රී ලංකා මම යු .එන්. පී කියලා ගහ මරාගන්නවා. (නි)
ජය ශ්‍රී , ජය ශ්‍රී , ජය ශ්‍රී!!! අපට අවශ්‍ය මෙම එකමුතුවයි (නි)
කවුද දැන් පොදු අපේක්ෂකයා කියන්නකෝ බලන්ට නිකන් බොරුවට බෙරිහන් දෙන්නේ නැතිව (නදී)
මම මේ පිළිබඳව මට වඩා දැනඋගත් කෙනෙක් එක්ක කතා කළා. ඔහු මට පහදා දුන්න විධායක ජනාධිපතිකම අහෝසි කිරීමේ යහපත් ප්‍රතිපල. (නි)
විධායක ක්‍රමයට අකමැතිනම් තරග නොකර ඉන්න (දී)