IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


චන්ද්‍රිකා/රනිල්/‍ෆොන්සේකා/ගම්මන්පිල/සම්බන්ධන් එකම වේදිකාවක

හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, හිටපු අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, දෙමළ ජාතික සන්ධානයේ ආර් සම්පන්දන්, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා, ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, උදය ගම්මම්පිල, ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හදුන්නෙත්ති ඇතුළු පිරිසක්  සහභාගී වන  යහපත් දේශයක් උදෙසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරීමේ තේමාව යටතේ වැඩසටහනක් කොළඹ නව නගර ශාලාවේ දී අද (24) ඇරැඹිණි.

සාධාරණ සමාජයක් සඳහා වන ජනතා ව්‍යාපාරය සංවිධානය කළ විශේෂ සමුළුව    මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

රාවයේ සභාපති වික්ටර් අයිවන්, ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න සහ ආචාර්ය මහාචාර්යවරු පිරිසක් දේශන පැවැත්වීමට නියමිතව සිටියහ.

 _DSC0063 _DSC0080 _DSC0085 _DSC0106 _DSC0113 _DSC0141 _DSC0156 _DSC0165 _DSC0171 _DSC0191 _DSC0313 _DSC0321 _DSC0351 _DSC0371 _DSC0380



අදහස් (0)

චන්ද්‍රිකා/රනිල්/‍ෆොන්සේකා/ගම්මන්පිල/සම්බන්ධන් එකම වේදිකාවක

ශ්‍රීමා Friday, 25 July 2014 03:45 AM

ගිහාන්. ඔයාගේ අදහසට මම එකඟයි. විධායක ජනාධිපති ක්‍රමය අද දක්වා තිබෙනතුරු සම්බන්දන්ලාට සහ දෙමළ ඩයස්පෝරාවට මොකුත් කරගන්න බැරිව ඉන්නවා. ඒ නිසා මගේ අදහස මේ ක්‍රමය තව දුරටත්මේ තිබිය යුතුයි.කොහමටත් මේ ක්‍රමය වෙනස් කරනවා නම් ජනමත විචාරණයකින් අවසාන තීන්දුව ගන්න වෙනවා නේ. එතකොට මේ කට්ටිය ආපහු හිටපු තැනටම වැටෙනවා. මහජනයාට නං විධායක ජනාධිපති ක්‍රමය තිබුණත් එකයි නැතත් එකයි. (අ)

:       0       0

මිලානො ජයන්ත Friday, 25 July 2014 03:51 AM

සුජීව.වයසකීයද?ඔයා ඉපදෙන්න කලීන් චන්ද්‍රිකානෝන රට කෙරුවනෙ. (අ)

:       0       0

කොතලාවල Friday, 25 July 2014 03:52 AM

මේකේ තියෙන මුහුණු දැක්කම මට නැගෙන්නේ ප්‍රශ්ණයක් .? (අ)

:       0       0

සලනි Friday, 25 July 2014 03:59 AM

මේ කට්ටියට කවදාවත් දිනන්න බැරි නිසා ජනාධිපතික්‍රමය එපා කියයි.(අ)

:       0       0

පද්මිණි Thursday, 24 July 2014 12:10 PM

අහෝ බන්දුල නොදිටි මොක්පුර! ජාතියේ නාමයෙන් අපි ඔබ සැමට ආශිර්වාද කරන්නෙමු. (නි)

:       0       0

nimallalitha Friday, 25 July 2014 04:03 AM

සමන් මහතා කියන පරිදි මේ රට දියුණු කිරීමට රටට ආදරේ ඇති විධායක ජනාදිපති කෙනෙක් , මේ මැතිවරණ ක්‍රමය තුලි සොයාගත හැකිද? එසේ කල හැකි නම් ඉතාමත් හොඳා. නමුත් නැහැ . (අ)

:       0       0

කරුණාජීව Friday, 25 July 2014 01:09 PM

මංගෝ නැන්දත් කඩේ ආවද ...? බැනලා දෙන්නත් මේ ඉදලා ගියා විතරයි. (නදී)

:       0       0

කෝලිත Friday, 25 July 2014 04:06 AM

නටපු නැටුමකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ.....පව්..(අ)

:       0       0

වසන්ත Friday, 25 July 2014 04:13 AM

ගුඩ් ලක්. (අ)

:       0       0

පද්මිණි Thursday, 24 July 2014 12:18 PM

අනේ පෙරේරා, ඔයාගේ එකම හීනය ඔයා දැක දැක ඉන්න. අපි නම් ජය පතනවා මේ නව එකමුතුවට. ජය වේවා!!! (නි)

:       0       0

සත්‍යයා Friday, 25 July 2014 04:18 AM

මෙතන ආඬි හත්දෙනාත් ඉන්නවා. කැඳ හැලියට එක එක්කෙනා දාන දේ ගැන මාතෘකාවට ආවහම තමයි තම තමන්ගේ පක්ෂ වලිග උස්ස ගන්නේ. (අ)

:       0       0

වසන්ත Thursday, 24 July 2014 12:24 PM

අපේ හාමුදුරුවන්නේ, ඕකට හොඳම තැන ගමේ පන්සලයි. ගමේ මිනිහාටයි පළමුව මේ ගැන කියා දියයුත්තේ (නි)

:       0       0

රේණු Friday, 25 July 2014 04:24 AM

විධායක ජනාධිපති ක්‍ර‍මය අහෝසි කිරිමට වඩා එහි යම් යම් සංශෝධන සිදුවන්නේ නම් උචිතයැයි සිතමි. රටෙි සංවර්ධනයට සහ ඝෘජු තිරණ ගැනිමේදි දෙපැත්තට ඇදෙන ක්‍ර‍මයක් හරහා ලංකාව වැනි රටක් සංවර්ධණය කල නොහැක. අනික මේ සදහා එක්වි ඇති මේ පුද්ගලයින් ගැන සිතා බැලිමෙේදි මෙහි ඇත්තේ අවංකව විධායක ජනාධිපති ක්‍ර‍මය අහෝසි කිරිමක් නොවන බව පෙනෙයි ඔවුන්ද මෙයට ඉව අල්ලා නරියා මිදි තිත්තයි කියනවා වගේ දෙයක් බලමු මොකද වෙන්නේ කියලා.(අ)

:       0       0

ලංකා ගාමිණී Sunday, 27 July 2014 03:42 AM

ලංකා තිලක් අපේ ගෙවල් ළඟ ඉන්නේ. පවතින රජයටත් ජනාදිපතිතුමාටත් කඩේ යන එක තමයි මෙයාගේ පවුලේම කෙරුවාව. විධායක ජනාධිපති ක්‍රමයේ වැරදි දකින්න තබා එකේ බලතල ගැනවත් මේ මෝඩයන්ට වැටහෙන්නේ නැහැ.(නදී)

:       0       0

අපොන්සු Thursday, 24 July 2014 12:34 PM

හොඳ අවස්ථාවක්. (නි)

:       0       0

පද්මිනි Friday, 25 July 2014 04:47 AM

සමන්, ඔයා මොන ඉස්කෝලෙටද ගියේ? යුරෝපයේ, ඇමෙරිකාව ඒකාධිපති රටවල්ද? ටින් එකෙන් එලියට එන්න.(අ)

:       0       0

ප්‍රශාන්ත Friday, 25 July 2014 04:49 AM

ජයෙන් ජය ! (අ)

:       0       0

ලංකා Thursday, 24 July 2014 12:39 PM

ජය වේවා! ජය වේවා! ජය වේවා! (නි)

:       0       0

පාරා Friday, 25 July 2014 04:49 AM

ඕව ඒකාලේ නොකලේ මොකද?තමන්ගෙ වැඩක් බලාගන්න කාලේ නස්තිනොකර .(අ)

:       0       0

ලියෝන් Thursday, 24 July 2014 12:45 PM

ඉක්මනින් වෙනසක් කරන්න ඕනෑ මෙහෙම ගෙයොත් ලංකාව කුඩු රාජ්‍යයක් වෙනවා. ඉක්මනින් වෙනස් කරන්න. නැත්නම් ලංකාව ඉවර වෙනවා (නි)

:       0       0

සිරි Friday, 25 July 2014 04:52 AM

නියම කට්ටිය එකම වේදිකාවට ගන්න. මේවට හිනාවෙනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? (අ)

:       0       0

සරණපාල Thursday, 24 July 2014 12:47 PM

චණ්ඩි කතා කියන පෙරේරා උන්නැහේ නම සම්පූර්ණයෙන් නොලිව්වට,අදහස් වලින් මෙතන ඉන්න කවුරුත් දන්නවා එයා කවුද කියලා. (නි)

:       0       0

රෝහණ සල්ගාදු Thursday, 24 July 2014 12:54 PM

හැමදේම කරන්න ශක්තියත්, හැකියාවත්, දක්ෂතාවයත් වගේම ජනතාවගේ විශ්වාසයත් ඕනෑ. (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 24 July 2014 01:00 PM

නියම එකතුව. ජය වේවා! (නි)

:       0       0

රනා Friday, 25 July 2014 05:16 AM

එන පාර ඉල්ලුවොත් මම දිනනවාමයි කියල හිතන කෙනෙක් ඔතන ඉන්නවද කියන්න. (අ)

:       0       0

ජයන්ත Friday, 25 July 2014 02:17 PM

මේ අලුත් සන්ධානේ හොඳයි එස්.එම්.එස් ජනාධිපති තෝරන්න. ඔය කව්රු මොන සන්ධාන ගැහුවත් මීළඟ සැරෙත් මහජන ඡන්දෙන් ලංකාවේ ජනපති මහින්ද මහත්මයාම තමයි.(නදී)

:       0       0

සංජය Thursday, 24 July 2014 01:05 PM

චන්ද්‍රිකා මැතිනිය වටා අනෙක් නායකයින් ටික පෙළගැසී ඇයට සහයෝගය දුන්නොත්,කොයිකාටත් ගොඩඑන්න හැකිවේවි. සමහරුන්ට නම් මේ පින්තූර ටික දැකලත් පිස්සු හැදිලා වගේ. (නි)

:       0       0

තිස්ස Friday, 25 July 2014 05:27 AM

කලකට පසුව හරි සත්‍ය පි්ළී ගන්නවනම් වඩාත් යහපත්. රටක් වෙනුවෙන් ගත් පියවරක් සාර්ථක වේවා. (අ)

:       0       0

චින්තක Friday, 25 July 2014 05:30 AM

දියුණුවෙන අපේ වගේ රටකට ඕන විධායකයක්. තීරණ ගත යුත්තේ තනි පුද්ගලයෙක්. නැත්නම් නැවතත් අපිට සුළු ජාතින් පසුපස දුවන්න වෙනවා රජයක් පිහිටුවන්න. බලන්න ඉන්දියාව. හැමදාම සුළු පක්ෂවලට ඕන විදියට නටනවා. බුද්ධියෙන් හිතන්න, විධායකය නැත්නම් අපිට කවදාවත් යුද්ධය ඉවරකරන්න පුළුවන් වෙයිද? ආණ්ඩු පක්ෂයේම ඇමතිවරු කීදෙනෙක් යුද්ධය ආපස්සට හරවන්න හැදුවද? විධායකය කෙලින් තීරණයක් ගත්තෙ නැත්නම් අපි තාමත් යුද්ධයෙන් බැට කනවා. අපේ මිනිස්සු ඕකට සහයෝගය දුන්නොත් මතු යම් දවසක අපේ දරුවෝ අපිට සාප කරාවි!!!.(අ)

:       0       0

ගාමිණී Friday, 25 July 2014 05:44 AM

ගිහන්ලා වගේ අය ඉන්නකන් මේ රට හදන්න බැහැ. (අ)

:       0       0

හසන්ත Thursday, 24 July 2014 01:14 PM

එයාලා අන්තිමේ එකම වේදිකාවක. අනේ එතකොට අපි? (නි)

:       0       0

සේනක Thursday, 24 July 2014 01:26 PM

හරිම සතුටුයි (නි)

:       0       0

ලංකා තිලක් Friday, 25 July 2014 06:04 AM

කඩන්න බැරි වුණාම මිදී තිත්තයි කිව්වලු.මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට මේ විධායක ජනාධිපති ධුරය ගැටළුවක් වෙලත් නැහැ වෙන්නෙත් නැහැ.ඒ මිනිස්සුන්ට බලය පාර්ලිමේන්තුවේ තිබුණත් ජනාධිපති වරයා අතේ තිබුණත් ඒක ලොකුවට හිතන්නවත් ඇඟට දැනෙන ප්‍රශ්නයක් වත් නෙමෙයි.(අ)

:       0       0

ලංකා Friday, 25 July 2014 06:14 AM

අපි කවුරුත් මිනිසුන් වශයෙන් වැරදි කරනවා. හැමදාම අතීතය ගැන කතා ක‍රන්නේ නැතුව ඉදිරියට යන්න බලන්න ඕනෑ. (නි)

:       0       0

ගලප්පත්ති Friday, 25 July 2014 06:26 AM

මේවා දැක්කහම සමහරුන්ගේ දෙලොව රත්වෙලා (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 24 July 2014 01:48 PM

ඔක්කොටම එපා කියන්න මතක් වෙන්නේ තමන්ට කවදාවත් ලැබෙන්නේ නැහැ කියලා හිතුනමයි. ලැබෙනවා කියලා හිතුනා නම් ඔය කවුරුවත් ඔතන නැහැ.අනෙක මේ රටේ සාමාන්‍ය මිනිසුන්ට මින් ඇති ප්‍රයෝජනය කුමක්ද? විධායක අගමැති කෙනෙක් හිටියත්, විධායක ජනාධිපති කෙනෙක් හිටියත් මිනිසුන් පිළිගන්නා සත්‍යය වෙනස් වෙන්නෙ නැහැ. (නි)

:       0       0

ඩී.එස් බණ්ඩා Friday, 25 July 2014 03:01 PM

ප්‍රභාකරන් මැතිතුමා විතරයි අඩු. කට්ටියම අත් අල්ලාගෙන. එතුමා හිටියා නම් ප්‍රධාන දේශකයා වෙන්න ඉඩ තිබුණා. (නදී)

:       0       0

ගාමිණී Thursday, 24 July 2014 01:56 PM

බන්දුල පෙරේරා මහත්තයෝ, බයවෙන්න එපා. විධායක ජනාධිපතිකම වැරදි පුද්ගලයෙක් අතට ගියොත් තමයි නරක. (නි)

:       0       0

කාලිංග Thursday, 24 July 2014 02:00 PM

බන්දුල පෙරේරලාට මොනවද තේරෙන්නේ? (නි)

:       0       0

ගාමිණී - සිරි Thursday, 24 July 2014 02:05 PM

මේ කුඩා දුපතට ජනතාවට සේවයක් කිරීමට විධායක හෝ විධායක නොවන ජනාධිපතිවරු අවශ්‍යම නැහැ. අපිට අගමැති කෙනෙක් පමණක් ඇති. (නි)

:       0       0

චතූ Friday, 25 July 2014 06:58 AM

ජයවේවා!ජයවේවා!! ජයවේවා!!! ශ්‍රී ලංකා මාතා!!!! (නි)

:       0       0

මංජුල Thursday, 24 July 2014 02:12 PM

සුබ අනාගතයක් වේවා ශ්‍රී ලංකා (නදී)

:       0       0

ධර්මසිරි Thursday, 31 July 2014 07:51 PM

කවුද දැන් පොදු අපේක්ෂකයා කියන්නකෝ බලන්ට නිකන් බොරුවට බෙරිහන් දෙන්නේ නැතිව (නදී)

:       0       0

චමිල Friday, 25 July 2014 03:30 PM

ඔතන ඉන්න එක්කනෙක් හරි පොරාන්දු වෙනවා නම් මේ රටේ නැවත මරණ දඩුවම කියාත්මක කරනවා කියලා. ඒ කියන කෙනා කව්රු උනත් මම ඡන්දය දෙනවා. (නදී)

:       0       0

මිලානො ජයන්ත Thursday, 24 July 2014 02:22 PM

අනිත් ඔක්කෝම හරි. චන්ද්‍රිකා නෝනා නම් මෙතනට සුදුසු නාහා. (නදී)

:       0       0

නන්දික Friday, 25 July 2014 07:07 AM

සමන්ගේ කතාවට මමත් එකඟයි (නි)

:       0       0

ලංකා තිලක් Thursday, 24 July 2014 02:24 PM

ආඩි හත්දෙනාගේ කැද හැලිය මතක් වෙනවා. ඔක්කොටම මේක එපා කියන්න මතක් වෙන්නේ මේක තමන්ට කවදාවත් ලැබෙන්නේ නැහැ කියල හිතුනම තමයි. (නදී)

:       0       0

බන්දුල Thursday, 24 July 2014 02:30 PM

අනේ දෙවියනේ මේ එකමුතුව ලංකාව නැවතත් යහපත් දේශයක් වෙනතෙක්ම පවතීවා. පොඩි පොඩි වෙනස්කම් ඇතිවෙයි. එහෙත් මේ ගමන අනිවාර්යයෙන් යා යුතුයි. (නදී)

:       0       0

ලක්ෂමන් Thursday, 24 July 2014 02:42 PM

සුමන්තිරන්ලට, සම්බන්ධන්ලට ඕනේ ඕක නැතිකරලා රට අස්තාවර කරලා තමන්ගේ අරමුණු ඉටු කරගන්න තමයි (නදී)

:       0       0

ඉන්දික Thursday, 24 July 2014 02:52 PM

මොකද මේ පුටුවක් හිස් කියල මම බැලුවේ. වෙලාවට වැඩ නොකරන අපේ හිටපු ජනපතිනිය නේද මේ. පරණ පුරුදු අමතක කරන්න හොඳ නැ නේද? අර වික්ටර් අයිවන් මහත්තයාගේ චවුර රැජින කියන පොත ගැනත් ඔතන කතා කලාද? මේ හවුල හොඳයි රනිල් ,චන්ද්‍රිකා හා සම්බන්දන් නැත්නම්. හැබැයි ඔය කවුරු කවුරුත් බලේ ගන්නකන් කීවේ එකම කතාව. ගත්තට පස්සේ ජනතාව ගොනාට අන්දනවා. (නදී)

:       0       0

රෝහණ Thursday, 24 July 2014 02:56 PM

අනේ මේ සම්පත් මහත්තයෝ යුද්දය ඉවර කලේ විදායක ජනාදිපති කියන්න තරම් ඔයත් අර බන්දුල පෙරේරා කියන ගානට වැටෙන්න එපා. (නදී)

:       0       0

නිහාල් විතානගේ Thursday, 24 July 2014 03:07 PM

විශ්‍රාම ජනාධිපතිනිය බලයට එන්න කලින් ජේ.වී.පියට ලිකිත පොරොන්දුවක් උණු නිසානේ නිහාල් ගලප්පත්ති ජනාධිපතිවරණයට නොඉල්ලුවේ. ඇයි අාවේ එයට සමාව ගන්නද ? (නදී)

:       0       0

චරාන් සිව්මිත විජේරත්න Friday, 25 July 2014 04:24 PM

මොකක් හරි ජිල් මාර්ට් එකක් දාලා මේ ගමන කඩාකප්පල් කරන්න බලාවි. නොසැලී ඉදිරියට යන්න අපේ නායකයන්ට ශක්තිය ලැබේවා. (නදී)

:       0       0

ලාල් ජකර්තා Thursday, 24 July 2014 03:18 PM

ඔතන ඉන්න අය අතරේ රට වෙනුවෙන් යමක් කරන්න පුලුවන් එකම පුද්ගලයා ගරු පාඨලී චම්පික මැතිතුමා පමණයි. (අ)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 24 July 2014 03:37 PM

පවු කියල හිතෙනවා කට්ටියගේ හීන ගැන හිතුවම. (අ)

:       0       0

මහින්ද Wednesday, 06 August 2014 07:45 AM

විධායක ක්‍රමයට අකමැතිනම් තරග නොකර ඉන්න (දී)

:       0       0

සුජිත් නිව්යෝර්ක් Thursday, 24 July 2014 03:44 PM

,ශ්‍රී ලාංකික සියලු දෙනාට සෞභාග්‍යමත් හෙට දවසක් ඇතිකරන්න පාඨලී චම්පික මහතා ඇතුලු සියලු දේනාට ශක්තිය ලැබේවායි පතමු.(අ)

:       0       0

කල්ප Thursday, 24 July 2014 03:50 PM

ඉතා මත්ම සතුටු දවසක්....ජය වේවා අපේ රටට.(අ).

:       0       0

දිලන්ක Thursday, 24 July 2014 03:54 PM

ජය වේවා! හරිම සතුටුයි අළුත් රටක් සදහා කැපවෙමු රට සූරාකන්න ඉඩ නොදෙමු(අ)

:       0       0

චාරු Saturday, 26 July 2014 11:15 AM

සංජය , චන්ද්‍රිකා කරපු හරිය අමතකද ? අඩුකරන්න ඕනේ වැඩකට නැති මේ ඇමතිලයි මන්ත්‍රීලයි. සෝබිත හිමිට මොකද මේ වුනේ ? (නදී)

:       0       0

ලංකා තිලක් Friday, 25 July 2014 05:05 PM

බුද්ධිකට නමට මුලින් එන කොටස හැලිලා වගේ..හොදට බලන්න කොහෙද හැලුනේ කියල..ඔයාගේ චැලේන්ජ් එක නිකන් හරියට මෝය කටක් පොල්ලෙල්ලකින් හිර කරන්න හැදුව වගේනේ. (නදී)

:       0       0

සිසිර කුමාර Thursday, 24 July 2014 03:58 PM

මටනම් මේවට හිනා යනවා මොකද මේක ඉන්න සමහරු ගැන මටනම් කිසිම පැහැදීමක් නෑ. (අ)

:       0       0

පුබුදු Thursday, 24 July 2014 03:59 PM

ඇත්තටම චන්ද්‍රිකා මැතිනිය විධායක ජනපති උනා නේද ? (අ)

:       0       0

ලාල් Thursday, 24 July 2014 04:06 PM

විධායක ජනාධිපති ක්‍රමය වහාම අහෝසි කළ යුතුමයි.(අ).

:       0       0

නිහාල් විතානගේ Thursday, 24 July 2014 04:15 PM

ජේ ආරුත් කස්ටියට හොඳ මාතෘකාවක් තියල මේ අත්ත්මේම නිවන් යනවා කිවනේ (නදී)

:       0       0

නිශාන්ත Thursday, 24 July 2014 04:16 PM

ජය වේවා! හරිම සතුටුයි අළුත් රටක් සදහා කැපවෙමු. රට සූරාකන්න ඉඩ නොදෙමු (නදී)

:       0       0

ගිහාන් Thursday, 24 July 2014 04:27 PM

විධායක ජනාධිපති ධුරය ගෞරවනීය ලෙසින් රැක ගත්තේ එයට සුදුසු නියම පුද්ගලයා අතට එය පත්වීම නිසයි. එතුමා එයින් නියම ප්‍රයෝජනය රටට ලබා දීලා රටට සාමය උද කර දුන්නා. සම්පන්තන්ලා අද මෙතනට එකතු වෙන්නේ එ්කයි. මෙතන ඉන්න පිරිස දිහා බැලුවම මොකටද මේ එකතුවෙන්නේ කියන එක හොඳටම පෙනෙනවා. එක් කෙනෙක් දෙන්නෙක් අරුණ විට වැඩි දෙනෙක් විහින් කැපිච්ච කට්ටිය ඉන්නේ. (නදී)

:       0       0

ගාමිණී කුවෙයිට් සිට Thursday, 24 July 2014 04:30 PM

ඔතන ඉන්න වැඩි දෙනෙක් ඇතිවෙන්න උඩ පැනලා මිදි තිත්තයි කියන උදවිය. හැබැයි ඔතන ඉන්න කෙනෙක් දන්නවා මිදිවල ඇති රස,ගුණ,වටිනාකම හා බළය. ඉතින් ආයෙත් කාපු කෙනාට ලැබුනත් කනවා නොකාපු කෙනාට ලැබුනත් නොකා ඉදිවිද? කනවා. ‍කනවා. ඔක්කොගෙම බ‍ඩේ බිත්තර තිබෙනවා. හැබැයි නෑ වගේ ඉන්නවා. ඔක්කොම කැමතියි මිදි කන්න. මේ මට ලැබුනත් මමත් කනවා මිදි.(නදී)

:       0       0

අනුහස් Thursday, 24 July 2014 04:31 PM

මට නම් පේන්නේ මේකත් කාගේ හරි සැලැස්මක් වගේ (නදී)

:       0       0

අමල් Thursday, 24 July 2014 04:31 PM

හොද අවස්ථාවක් , සුබපැතුම් හැබයි මැඩම් අදත් එන්න ප්‍රමාදයි වගේ (නදී)

:       0       0

ජසීම් Friday, 25 July 2014 06:23 PM

ජය ශ්‍රී ලංකා මේ බලවේග ජයවේවා! (නදී)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 26 July 2014 11:58 AM

බුද්ධික, ඔබගේ අදහසට මමත් එකගයි (නදී)

:       0       0

කොස්වත්ත Thursday, 24 July 2014 04:50 PM

මට මතක්වෙනවා ඉස්සර එක කාලෙක අපේ නළු නිලියෝ එකට එකතුවෙලා හිටියා මේ විදියටම (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 26 July 2014 11:59 AM

විපක්ෂය එකම වේදිකාවකට එනකොට මොකද මේ බන්දුල/ලංකා තිලක්ට ගැරඩියට බුමිතෙල් ගෑවුනා වගේ දගලන්නේ. පොඩ්ඩක් ඉවසල ඉන්න බැරිද? (නදී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 24 July 2014 05:08 PM

අනිවාර්යෙන්ම සියලුම දෙනා පාට පක්ෂ බේදයෙන් තොරව එකතුවීම අගය කළ යුතුයි (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Thursday, 24 July 2014 05:09 PM

දැන් මෙතන අදහස් දාන කෙනෙක් ගැරඩියාට භූමිතෙල් ගෑවුණා වගේ දඟලනවා.දුකත් හිතෙනවා (නි)

:       0       0

ආශා Monday, 28 July 2014 07:29 AM

ඒ දවස්වල චන්ද්‍රිකා නෝනා රනිල් මහත්තයාට කොච්චර නම් ප්‍රසිද්ධ වේදිකාවල බනිනවද? දැන් කොහොමද මේ පින්තූර වල රනිල් මහත්තයා ළඟම ඉදගෙන ඉන්න ලස්සන. ඒකට අපේ මෝඩ මිනිස්සු ඡන්ද කාලෙට මම ශ්‍රී ලංකා මම යු .එන්. පී කියලා ගහ මරාගන්නවා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 24 July 2014 05:23 PM

ඉදිරියේදී රට පැත්තෙන් හිතනකොට හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක නෝනා ගැන විශාල බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.එවැනි උගත්, බුද්ධිමත් කෙනෙක් ඉදිරියට පැමිණීමත් සතුටක් (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Thursday, 24 July 2014 05:25 PM

රටට ආදරය කරන සියලුම දෙනා එකමුතු වෙන්න ඕනෑ කාලයක් මේක. (නි)

:       0       0

රුවන් කොටුවැල්ලේ Thursday, 24 July 2014 05:27 PM

විධායක ජනාධිපතිකමේ නියම හොඳකම යුද්ධය දිනීමෙන්ම අපි දැක්කා (නි)

:       0       0

රූපා Friday, 25 July 2014 09:09 AM

සමහර අය නම් ඉන්නේ "එක්කෝ මට දෙන්න, නැත්නම් අහෝසි කරන්න " කියන චේතනාවෙන් කියලයි මට හිතෙන්නේ (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Thursday, 24 July 2014 05:50 PM

ප්‍රභාකරනුත් හිතාගෙන හිටියේ බන්දුල පෙරේරා හිතන විදිහටම වෙන්න ඇති (නි)

:       0       0

විරාජ් Saturday, 26 July 2014 12:53 PM

අපිත් මේ ලංකා තිලක්ගේ මෝය කට වගේ තියෙන, අනුන්ට අපහාස කරන වාචාල කට, වැහෙන්නේ කවදද කියලා හිත හිත ඉන්නේ. තමන් හැදිච්ච පරිසරය අනුව තමයි මිනිස්සුන්ගේ කටවල් වලින් වචන පිටවෙන්නේ. ඔහේ හිතනවා බලන්න, ඔහේ දක්වපු අදහසකට මෙතන ඉන්න කවුරුවත්,කවදාකවත් ඒවා අනුමත කරලා තියෙනවද ? [තමුන්ම වෙනත් නම් වලින් පෙනී සිට,ඒවා අනුමත කරගත්තොත් ඇරෙන්න] (නදී)

:       0       0

ගැමුණු Friday, 25 July 2014 09:25 AM

ගාමිණී මහත්මයා, ගිහාන්ලා වගේ අය ඉන්නකන් මේ රට හදන්න බැහැ කියන ඔබතුමා කියන්නේ ඉහළ පින්තූරවල ඉන්න අය පමණක් හිටියොත් අපේ රට හදන්න පුළුවන් කියලාද? (නි)

:       0       0

සුමිත් බහරේන් Thursday, 24 July 2014 06:05 PM

මොනවද මේ වැඩ හැබෑට....? (නි)

:       0       0

ගාමිණී Thursday, 24 July 2014 06:08 PM

ඔහොම යමුකෝ. අඩුම තරමින් ලංකාවේ අය මේ අය ගැන හිතන විදිය හරි මේ අයට දැනගන්න පුළුවන්නේ. (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 24 July 2014 06:17 PM

ඔය ඉන්න අයගේ හෘද සාක්කිය පරික්ෂා කරන්න ක්‍රමයක් හොයාගෙනම ආවා නම් වඩා හොඳයි නේද? (නි)

:       0       0

රොහාන් සෞදි Friday, 25 July 2014 09:32 AM

මෙහි අදහස් සියල්ල කියෙවූවා. මට හිතෙන්නේ රටේ විද්වතුන්ට කලින් ජනතාවට පැහැදිලි කරන්න ඕනෑ මොකද මේ කරන්න යන්නේ කියලා. එහෙම නැතුව අපේ මිනිසුන්ගේ ඔලු හෝදන්න වෙන විකල්ප ක්‍රමයක් ගෙනෙන්න වෙනවා. සමහරුන්ට විධායක ජනාධිපති ක්‍රමය හිතන්නවත් ඇඟට දැනෙන ප්‍රශ්නයක්වත් නෙමෙයි. (නි)

:       0       0

නඩරාජා Thursday, 24 July 2014 07:00 PM

අනේ අම්මපා මෙහෙමත් දේවල්! (නි)

:       0       0

සාලිය Thursday, 24 July 2014 07:10 PM

හැබැයි මෙතන ඉන්න කට්ටිය දිහා බැලුවහම වඩා හොඳ තත්වයක් බලාගන්න බැරිවෙන එකක් නැහැ කියලා හිතෙනවා (නි)

:       0       0

සම්පත් Thursday, 24 July 2014 07:12 PM

සුබ අනාගතයක්! (නි)

:       0       0

උපුල් Thursday, 24 July 2014 07:29 PM

හරිම හොඳ වැඩක්.හැබැයි අද හැමෝටම එකට ඉන්න පුලුවන් වෙලා තියෙන්නේ අපේ රටේ යුද්ධය නැති නිසයි කියලත් මතක තියාගන්න (නි)

:       0       0

ලෙස්ලි Thursday, 24 July 2014 07:57 PM

ජනපති ක්‍රමය අපිට ඕනෑ කියන්නේ කුමන මානසිකත්වයකින් යුතු අයද කියලා අපි දන්නවා (නි)

:       0       0

නිහාල් Friday, 25 July 2014 09:46 AM

ඔයාලගේ අදහස් වලට ගොඩක් ස්තුතියි. ඔතන සම්බන්දන් ඉන්නේ මොකද කියලා ඔයාලට හිතෙන්නේ නැද්ද? මමත් මෙම ක්‍රමයට විරුද්ධවයි ඉන්නේ. (නි)

:       0       0

ලලිත් Saturday, 26 July 2014 01:38 AM

වැදගත් වෙන්නේ කවුරු ජනාධිපති වෙනවද කියන එක නොවේ. අද මේ රටේ ජනතාවට ආණ්ඩු වෙනස් කරන්න බැහැ. දේශපාලකයෝ අත තිබෙන අසීමිත බලය එක පුද්ගලයෙක් වටා කේන්ද්‍ර ගතවීමෙන් රටම විනාශ මුඛයට යන ගමනක ඉන්න බව පෙනෙන නිසා එකතුවුන පිරිසක් මිස එකම වැඩ පිළිවෙලක් වටා එකතුවෙන්න ඕන කියන පිරිසක් මිසක කවුරුවත් රජවෙන්න ඕන කියන අදහස රජකරන්න නොවෙයි මෙම සංවිධානය මේක සංවිධානය කලේ. රටේ ජනතාවට ආණ්ඩුවක් වෙනස් කරන්න පුළුවන් නිදහසේ ජීවත්වෙන්න පුළුවන් රටක් වෙනුවෙන් හඬක් නගන්න කරපු ආරම්භයක් කියලයි මගේ නම් අදහස. (නදී)

:       0       0

අමාලි Friday, 25 July 2014 09:48 AM

මේ කිසිකෙනෙක් මෙතනට රැස් වෙලා ඉන්නේ අවංක චේතනාවෙන් නෙවෙයි, බලයට තන්හාවට. හිටපු කෙනා රස දන්නවනේ ඒ හින්ද එයා බලන්නේ කොහොමහරි අයෙමත් බලයට එන්න. මෙතෙක් කල් රහ බලපු නැති කට්ටිය දඟලන්නේ ඉන්න කෙනා මොන විදියකින් හෝ එලවල බලයට එන්න. මොකද දැන් ඉන්න කෙනා බදාගන කන හැටි දැක්කම අනිත් අයට ලෝබයි. මේ වෙලාවේ ප්‍රභාකරන් ජීවත්ව හිටියනම් කට්ටිය එයාට වුනත් සෙට් වෙනවා. (ස)

:       0       0

ජයන්ත Thursday, 24 July 2014 08:05 PM

"විධායකය එපා!" හදවතට එකඟව ඔතන ඉන්න එක්කෙනෙකුටවත් එහෙම කියන්න පුළුවන්ද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 27 July 2014 01:00 PM

විරාජ්, ඔබ 100% නිවැරදියි (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 27 July 2014 01:03 PM

මරණය පෙනී ,පෙනී මිනීමරු ප්‍රබා කරන්ගෙන් රට නිදහස් කර දුන්න මේ කම්බා හොරුන්ගේනුත්,කුඩු මුදලාලිගෙනුත් රට නිදහස් කර ගැනීමට ත්‍රිවිද රත්නයේ පිහිට, සියලු දෙවිවරුන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා.(නදී)

:       0       0

මිනිපෙ Thursday, 24 July 2014 08:07 PM

මගේ අදහස නම්, ඔය පවතින අර සබා,මේ සබා නැති කළ යුතුයි යන්නයි. (නි)

:       0       0

විදුරන්ග Thursday, 24 July 2014 08:08 PM

'චෞර රැජින' ගෙතූ වික්ටර් අයිවන් මහත්තයාට දැන් මොනවා හිතෙනවාද දන්නෙ නැහැ (නි)

:       0       0

එරංග Thursday, 24 July 2014 08:21 PM

අපි හැමෝම ඇත්ත කියන්නේ මොකක්ද කියලා දන්නවා (නි)

:       0       0

රොෂාන් Thursday, 24 July 2014 08:25 PM

අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ජයවේවා! (නි)

:       0       0

සුජීවා Thursday, 24 July 2014 08:26 PM

චන්ද්‍රිකා මැතිනිය, කරුණාකර අපේ රට බේරාදෙන්න. ඔබතුමිය ඇතුළු පිරිසට ජයවේවා! (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 24 July 2014 08:29 PM

ශ්‍රී ලංකා මාතාවගේ ආරක්ෂාව ගැන ශ්‍රී ලංකා ජනතාව සුපරික්ෂාවෙන් සිටිය යුතුයි. (නි)

:       0       0

හරේශ් Thursday, 24 July 2014 08:30 PM

ලංකාවේ මිනිස්සු දන්නවා ඔය කවුරු කවුරුත් ගැන (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 26 July 2014 03:17 AM

ලලිත්, ඔබගේ අදහසට මමත් එකගයි. (නදී)

:       0       0

ලංකා තිලක් Saturday, 26 July 2014 02:41 PM

විරාජ් ගැන අනුකම්පා හිතෙනවා..මගේ අදහස් පලවෙන්නේ පල වෙන්න සුදුසු නිසා.. ඒවා හොද නැත්නම් සුදුසු නැත්නම් ලංකාදීපේ පල කරන්නේ නැහැනේ..මගේ අදහස් කාටවත් අනුමත කරන්න කියන්න තරම් මම අද බාලයෙක් නෙමෙයි. අනුමත කරගන්න අදහස් දාන මෝඩයෝ මේ තීරුවේ නැහැ මම දන්නා විදියට..මේක සංවාද මණ්ඩපයක්..විවේචන ඉවසන්න බැරි නම් ඔබතුමා වෙන අතක් බලා ගන්න කාගේවත් කටවල් වැහෙන කම් බලන් ඉන්නේ නැතුව. (නදී)

:       0       0

රත්නපාල Thursday, 24 July 2014 09:15 PM

බන්දුල පෙරේරාගෙයි,ලංකා තිලක්ගෙයි අදහස් දෙකම එක වගේ.හරිම පුදුමයි! එක අතකින් පුදුම වෙන්න දේකුත් නැහැ.මොකද අපි හැමෝම දන්නවානේ මේ දෙන්නම කවුද කියලා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 26 July 2014 03:20 AM

බන්දුල පෙරේරා/ලංකා තිලක් දැන්නම් එන පොට හොද නැහැ වගේ.ඉක්මනින්ම සංපූර්නයෙන්ම මුහුණු ආවරණය කරපු හෙල්මටයක් හොයා ගන්න වේවි. (නදී)

:       0       0

සංජීව Thursday, 24 July 2014 09:31 PM

අපි සියළු දෙනාගේ සිතින් තණ්හාව තුරන් වේවා! (නි)

:       0       0

රත්නපාල Friday, 25 July 2014 10:41 AM

කඩේ යන තිලක් මහත්තයෝ,ශාන්ත කියලා තිබුන ඝට්ටබි නිලමේ තනතුර ගැන.ඒ තනතුර ගැසට් කරනවා කියලා පත්තරේක තිබුනා.ඔබතුමා ඇරෙන්න ඒකට වෙන සුදුස්සෙක් ඇති කියලා මම නම් හිතන්නේ නැහැ.අදම ඉල්ලුම් කරන්න. (අ)

:       0       0

මංගෝ Friday, 25 July 2014 10:44 AM

මගෝඩි ගොඩයි. පුත්තලමෙන් ඉර පායපු දවසට මේ උදවියගේ සිහිනය සබැ වේවි. මේවට කියන්නේ කොළොඹ සිහින. කොළඹින් එලියට බැහැල යන්න මිනිස්සු අතරට. අඳුනගන්න ජනතාවගේ දුක එදාට මේ ඔක්කොම අවශ්‍ය නැහැ එක්කෙනෙකුට රජවෙන්න පුළුවන්. විධායක ජනාදිපති කම අහෝසිකලම ජනතාවගේ ප්‍රශ්න විසදෙන්නේ නැ. අවංකව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරද්දවන්න තවම නියම කාලය ඇවිල්ල නැහැ. ඒ කාලය එද්දී බාගයක් වලපල්ලේ. (අ)

:       0       0

හෙට්ටිආරච්චි Thursday, 31 July 2014 12:28 AM

ජය ශ්‍රී , ජය ශ්‍රී , ජය ශ්‍රී!!! අපට අවශ්‍ය මෙම එකමුතුවයි (නි)

:       0       0

සංජීව Thursday, 24 July 2014 09:58 PM

හොඳින් සිතාබලා තීරණයක් ගතයුතු දෙයක් (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 26 July 2014 04:18 AM

බුද්ධික, ඔබගේ අදහසට මමත් 100% එකගයි. මොකද උගත් කමින් අඩුවක් කියලද? එහෙම නම් ගේමක් ඇත්තෙම නැහැ. (නදී)

:       0       0

මාලිකා Thursday, 24 July 2014 10:48 PM

සමගිය ජයග්‍රහණයේ බලයයි (නි)

:       0       0

වසන්ත මිලානෝ Thursday, 24 July 2014 11:15 PM

මට නම් පිස්සු වගෙයි (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 01 August 2014 06:10 AM

මම මේ පිළිබඳව මට වඩා දැනඋගත් කෙනෙක් එක්ක කතා කළා. ඔහු මට පහදා දුන්න විධායක ජනාධිපතිකම අහෝසි කිරීමේ යහපත් ප්‍රතිපල. (නි)

:       0       0

හසන්ත Thursday, 24 July 2014 11:23 PM

හරිම හොඳ කට්ටියක් (නි)

:       0       0

මිනිපෙ Thursday, 24 July 2014 11:34 PM

කොයි කවුරුත් අපිට නම් එකයි ආයුබොවන්ඩ (නි)

:       0       0

කණිෂ්ක Friday, 25 July 2014 11:15 AM

අපිත් බලාගෙන ඉන්නේ මොනවද වෙන්නේ කියලා තමයි (නි)

:       0       0

දයාල් Thursday, 24 July 2014 11:49 PM

අපි බලාපොරොත්තු වෙන්නේ සැවොම සමගියෙන් සිටීමයි (නි)

:       0       0

ජනක Friday, 25 July 2014 12:27 AM

ජෙනරාල් ෆොන්සේකා මහතාට සහ ගම්මන්පිල මහතාට මම ගරු කරනවා (නි)

:       0       0

වල්පිට Friday, 25 July 2014 12:43 AM

යමක් කිරීමට පෙර දුර හිතන්න (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 25 July 2014 12:55 AM

ගිහාන්, ඔබ හරි (නි)

:       0       0

රිචි බාලසුරිය Thursday, 24 July 2014 10:40 AM

මේ එපා කියනා සැවොම බලයට ආපසු මේ ගැන කතා නොකිරීමත් දුන් පොරොන්දු අමතක වීමත් අතීතයේ සිටම පවතින දෙයක් (නදී)

:       0       0

සරත් Friday, 25 July 2014 01:04 AM

බලය ලැබුවොත් මොනවා වෙයිද?? (නි)

:       0       0

පද්මිනී Saturday, 26 July 2014 05:47 AM

සමහරු කියනවා මේ ඉන්න කවුරුවත් අවංක නැහැ. බලයට එන්න ඕන නිසා මේ කරන දෙයක් කියලා. එතකොට දැන් මේ පවතින ක්‍රමය හරි? ඔයාලට හොද නම් අපිට හොදයි. අපි ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අකුරට රකින රටවල. (නදී)

:       0       0

සමන් Friday, 25 July 2014 01:17 AM

ශක්තිමත් පාර්ලිමේන්තු ක්‍රමයක් ඇති නොකර, විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකර, ඉන්පසු රජයක් පිහිටුවීමට සුළු ජාතික පක්ෂ පසුපස නැවත යන්න වේවිද? (නි)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Thursday, 24 July 2014 10:47 AM

ඔතන පාඨලී චම්පික හිටියෙ නැතිනම් කිසි වටිනාකමක් නැතුව යනවා. මොකද අනිත් සේරම එක වල්ලෙ පොල්.(නදී)

:       0       0

සමීර Friday, 25 July 2014 11:31 AM

ඔක්කොම චන්ද්‍රිකාට බනිනවා. ඒත් චන්ද්‍රිකා ඉන්න කාලේ කවුරුවත් නීතිය අතට ගත්තේ නැහැ (නි)

:       0       0

සරා Friday, 25 July 2014 01:37 AM

මේ විජ්ජුම්බරේ මට නම් තේරෙන්නේ නැහැ. (නදී)

:       0       0

ඇන්ටන් Thursday, 24 July 2014 10:51 AM

මේකට සහභාගී වන සේරම හොදයි අර දෙපත් නයා ඇරෙන්න (නදී)

:       0       0

සමන් Friday, 25 July 2014 01:39 AM

මගේ පෞද්ගලික අදහස නම් ලංකාව වැනි රටක් දියුණු කිරීමට නම් රටට ආදරය කරන ඒකාධිපති පාලකයෙක් අවශ්‍ය බවයි. නැත්නම් හැමදාම ප්‍රජාතන්ත්‍රවාදය කිය කියා දෙපැත්ත කඹ ඇද ඇද රට දිනෙන් දින අාගාධයට ගෙනයාම නවත්තන්න නම් බැහැ. උදාහරණ ලෙස සිංගප්පුරුව, මලයාසියාව ගන්න. අද වනවිට තායිලන්තය එම මාර්ගයේ ගමන් කරම්න් සිටිනවා. (නදී)

:       0       0

සමීර Thursday, 24 July 2014 10:52 AM

ජය ශ්‍රී , ජය ශ්‍රී , ජය ශ්‍රී , ජය ශ්‍රී , අපට අවශ්‍ය මෙම එකමුතුවය. නැතහොත් බල තණ්හාවෙන් පිරුණු සීමිත පිරිසකට මේ සොදුරු රටේ සියලුම සම්පත් ගොදුරු බවට පත්වනු ඇත. චම්පික මැතිදුණි, ඔබගේ කැපවීම විශිෂ්ටය. වත්මන් රජයේ සිටින කශේරුකාවක් සහිත එකම දේශපාලකයා ඔබතුමා බව නැවතත් ඔප්පු කොට ඇත. (නදී)

:       0       0

ගාමිණී දුල්ලව Friday, 25 July 2014 01:41 AM

නිකම් පැට්‍රොල් පුච්චනවා (නදී)

:       0       0

ශාන්ත Friday, 25 July 2014 01:46 AM

බන්දුල මහත්තයෝ ඔබතුමා අහල තියෙනවද සිංහල රජ කාලේ ඉඳල තියෙනවා රජ වාසල නිලමේ තුමෙක් ඝට්ටැඹී නිලමේ කියල. අද ඒ තනතුර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කලොත් ඔබතුමා ඉතාමත් සුදුසුයි ඒ තනතුරට. එ්ත් තවම එ්ක කරලා නැති නිසා ඔබතුමා එ්ක ස්වේච්ඡාවෙන්ම කරනවද ? නැත්නම් කරන්න ලැහැස්ති වෙනවද ?(නදී)

:       0       0

රත්න Thursday, 24 July 2014 11:01 AM

අළුත් ගමනක ආරම්භයක්? යුද්ධය, ජාතිවාදය, විදේශීය කුමන්ත්‍රන තව දුරටත් විකුනන එක නැවතීමට හැකි වේවා!.. (නදී)

:       0       0

පියුමි Thursday, 24 July 2014 11:01 AM

ජයවේවා. මෙතනින් පටන්ගමු. (නදී)

:       0       0

දයා Friday, 25 July 2014 02:25 AM

හොඳ හොඳ තුරුම්පු සොයා සොයා ගහනවා අන්තිමේදී කූජිත වෙයිද (නදී)

:       0       0

ලංකා තිලක් Friday, 25 July 2014 02:27 AM

කඩන්න බැරි උනාම නරිය මිදී තිත්තයි කිව්වලු. මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට මේ විධායක ජනාධිපති ධුරය ගැටළුවක් වෙලත් නැහැ වෙන්නෙත් නැහැ. ඒ මිනිස්සුන්ට බලය පාර්ලිමේන්තුවේ තිබුනත් ජනාධිපතිවරයා අතේ තිබුනත් ඒක ලොකුවට හිතන්නවත් ඇගට දැනෙන ප්‍රශ්නයක්වත් නෙමෙයි. ඒ මිනිස්සුන්ට ඔය 17 වෙනි ව්‍යස්ථා සංශෝධනයක් ගැනවත් ස්වාදීන කොමිෂන් සභා ගැනවත් හොයන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ මිනිස්සුන්ට ඒවා තිබුනත් එකයි නැතත් එකයි ඒ මිනිස්සු දන්නා එකම සරල යථාර්තය බලය ගත් කෙනා බලය අඩු වැඩි වශයෙන් පාවිච්චි කරලා තමන්ගේ අවශ්‍යතාවන්ට ,තමන්ට අවාසි නොවන විදියට රට පාලනය කරනවා කියන එක විතරයි.(නදී)

:       0       0

බුද්ධික Friday, 25 July 2014 02:54 AM

මම හිතන්නේ විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ සියලුම පුද්ගලයන් එක්ව ශිරාණි බණ්ඩාරනායක මහත්මියව ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුය. අපට විශ්වාස කල හැක්කේ එතුමිය හා සෝභිත හිමි පමණයි. අනිත් අය කාලෙන් කාලෙට අදහස් වෙනස් කරනවා (නදී)

:       0       0

මාලි Friday, 25 July 2014 11:53 AM

ආයෙත් රට කන්න හදනවද ? (නදී)

:       0       0

අජිත් ප්‍රනාන්දු Friday, 25 July 2014 02:57 AM

සංජය, මොලේ කොල්ලොප්පන්ද? චන්ද්‍රිකා නෝනා ලිකිතව පොරොන්න්දු දුන්නනේ විදායකය වෙනස් කරනවා කියලා. (නදී)

:       0       0

පෙරේරා Thursday, 24 July 2014 11:11 AM

සමීර, නින්දෙන් නැගිටින්න ඔය වේදිකාවේ එකමුතුභාවය හීනයක් විතරයි. (නදී)

:       0       0

නැනී Friday, 25 July 2014 02:58 AM

යුද්ධය පවතින කාලේ ඔය එකමුතුව කොහෙද තිබුනේ ? යුධ අපරාධ හොයන ජාත්‍යන්තරයට විරුද්ධව ඔය එකමුතුව නැත්තේ ඇයි ? (නදී)

:       0       0

මාලි Friday, 25 July 2014 11:55 AM

චින්තක ඔබ හරි මේක බූරුවන්ට තේරෙන්නෙ නෑ (නදී)

:       0       0

සංජය Saturday, 26 July 2014 10:33 PM

ලංකා තිලක්, කුඹුකේ ළිදෙන් දිය නාලා රා කට්ටක් ගහගෙනද ඉන්නේ....? (නදී)

:       0       0

සමන් Friday, 25 July 2014 11:57 AM

පද්මිණි මහත්මිය, එංගලන්තය ඇතුළු යුරෝපය, ඇමෙරිකාව වගේ රටවල් දියුණු වෙලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍ර වාදයේ දක්ෂකම නිසා නෙවෙයි ඔහුන් පහුගිය කාලේ ආසියාව, අප්‍රිකාව, දකුණු ඇමරිකාව වගේ රටවල් හුරගෙන කාල. අද කාලේ අපි වගේ රටවලට ඒවා කරන්න බැහැ. අපි බලන්න ඕනේ අපි විසින්ම අපේ රටවල් දියුණු කර ගන්න. මම මෑත කාලයේ වේගයෙන් දියුණු වූ ආසියානු රටවල් උදාහරණයට ගත්තේ එ්කයි.(නදී)

:       0       0

අප්පුහාමි Friday, 25 July 2014 03:04 AM

නෝනා මේකටත් ආවේ පරක්කුවෙලා නේද? (නදී)

:       0       0

රත්න Thursday, 24 July 2014 11:24 AM

පෙරේරා නාරාවලෙන් ගොඩවෙන්න අකමැති කොකු පනුවෙක් වගේ. (නදී)

:       0       0

ජයරත්න Thursday, 24 July 2014 11:24 AM

නමේ පොඩි අඩුවක් තිබුනට , එලියට පනින අදහස් පරණ විදියමයි. අපි අහු වෙයි ඕවට. කඩේ යන විදියෙන් කියත හැකි කවුද පොර කියලා.(නදී)

:       0       0

ජෙරාඩ් Friday, 25 July 2014 12:05 PM

මෙතන මේ ඉන්න අයගෙන් පොළවේ පයගහලා ගමේ ඉන්න සාමාන්‍ය ගම්වැසියන් එක්ක කතාබහ කරලා වැඩක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නේ කවුද? මම නම් හිතන්නේ කව්රු ඔය මොන චෝදනා කළත් අපේ වත්මන් ජනපති ඉන්නේ ගොඩක් ඉදිරියෙන්. හේතුව තවමත් කොළඹ හතේ මිනිසුන්ට වඩා ලංකාවේ ඉන්නේ ගැමියන්. (නි)

:       0       0

කසුන් Friday, 25 July 2014 12:06 PM

අනේ ඇත්තමයි ලංකා තිලක්, සාමාන්‍ය ජනතාවට මේවා ඇඟට දැනෙන්නේ නැහැ නේන්නම්, ජීවන බරින් සරුවාංගය හිරිවැටිලා තියෙද්දී (නි)

:       0       0

බුද්ධික Friday, 25 July 2014 03:28 AM

මම හිතනවා ආචාර්‍ය ශිරාණි බණ්ඩාරනායකට පුලුවන් මහින්ද රාජපක්ෂ මහත්තයා සමග චැලේනජ් කරන්න. (නදී)

:       0       0

සුසන්ත Friday, 25 July 2014 12:14 PM

සමන්, කොහෙද මැලේසියාවේ, සිංගප්පුරුවේ ඒකාධිපති පාලනයක් තිබුනේ? ඔයා " ඒකාධිපති " කියන වචනයේ තේරුම දන්නේ නැහැ. (නි)

:       0       0

කරුණාරත්න Friday, 25 July 2014 03:28 AM

මහින්ද මහත්තයත් එක්ක හැප්පෙන්න මෙච්චරද ඉන්නේ ලංකාවේ? තව එන්න තව එන්න , බලමු මොකද වෙන්නේ කියලා. මේ ඔක්කොම එන්නේ මේ විධායකය නැති කරන්න නෙවෙයි (නදී)

:       0       0

ධර්මසේන Friday, 25 July 2014 03:40 AM

මේක ඓතිහාසික අවස්ථාවක්. හැමදෙනාම එකතුවුණොත් ජය. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 25 July 2014 03:41 AM

මේ කවුරු පෙළ ගැහුනත් වැඩක් නැහැ, රටේ චන්දදායකයින් බුද්ධිමත් ලෙස තීන්දු ගත්තේ නැත්නම්.(අ).

:       0       0

සම්පත් Thursday, 24 July 2014 11:44 AM

අපි නම් දන්නා විදියට යුද්ධය අවසන් කරන්න පුළුවන් වුණේ විධායක ජනාධිපති ක්‍රමයක් තිබුණු නිසයි (නි)

:       0       0

චන්ද්‍රා Friday, 25 July 2014 03:41 AM

මෙතන ඉන්න සියලුදෙනාම රටට වැඩ කරන්න පුළුවන් අයයි. මුකුත් නොකලොත් නිකම්ම මැරිලා යාවී. රටකට අවශ්‍ය පොදුදෙවල් වලට පොදු ක්‍රමවේදයකට ව්‍යවස්ථාවෙන්ම එකග වෙන්න පුළුවන්. උදහහරන: කටකිරීමේ නිදහස, ලිවීමේ නිදහස, දේසපාලනය කිරීමේ නිදහස, අධ්‍යපනය සදහා නිදහස, සෞඛ්‍ය ලබාගැනීමේ නිදහස , නිදහස් පොලිස් කොමිස්සම, නිදහස් මැතිවරණ කොමිස්සම රටේ ජීවත් වෙන සිංහල, දෙමල, මුස්ලිම් ආදී සියල්ලටම පොදුවේ එක සමාන ලෙස ලබාගැනීමේ නිදහස ලබාදෙන්න පුළුවන් වෙන්න ඕනේ. දේශපාලන කරන්න ඕන විදියට නිදහස දුන්නම රටේ ජනතාවට කැමති පලකයන්න්ව පත් කරගනීවි. (අ)

:       0       0

ශාන්ත Thursday, 24 July 2014 11:45 AM

හැමදාම වගේ ජේවීපී එක තනි ගමනක් යන්නයි හදන්නේ.. (නි)

:       0       0

රකිත් Friday, 25 July 2014 03:43 AM

විධායක ජනාධිපති ක්‍රමය අපට සුදුසු නැති බව මගෙත් විශ්වාසයයි. හැබැයි, මෙතන සිටින පුද්ගලයින් 4 දෙනෙක්ගෙන් එක කෙනෙක් විධායක ජනාධිපති ක්‍රමය පැය 24න් අහෝසි කරන බවට පොරොන්දු වුණා. තව දෙන්නෙක් විධායක ජනාධිපති ධුරයට තරඟ කරලා පැරදුනා. අනිත් එක්කෙනා බලයේ සිටින ජනාධිපතිට දෙපාරකට වඩා බලයේ සිටීමට හැකිවන ලෙස තීන්දුවක් දෙනු ලැබුවා. (අ)

:       0       0

රංග Thursday, 24 July 2014 11:54 AM

ලංකාවට පැරණි සෙනෙට් සභාවකුත් තිබුනොත් හොඳයි. මන්ත්‍රී සංඛ්‍යාව 27 ක් විය යුතුයි (නි)

:       0       0

කුමාර Friday, 25 July 2014 03:43 AM

කමෙන්ට් ටික පරිස්සමින් කියෙව්වාම රටේ අනාගතය ගැන හිතා ගන්න පුළුවන්. (අ)

:       0       0

ජයදේව Friday, 25 July 2014 12:39 PM

විධායක ජනාධිපති ක්‍රමය අපේ රටට ඕනෑමයි. ඒ වගේම ඒ තනතුරට නියම සුදුස්සා වත්මන් සහ අනාගත ජනාධිපතිතුමාමයි. මේකට අකමැත්තෙන් වුණත් හැමෝටම කැමති වෙන්න වෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 489 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 233 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3197 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1136 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 594 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1966 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37769 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24904 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 225 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 734 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site