වැලිවේරියේදී පසුගිය බ්‍රහස්පතින්දා හමුදාව සමග ඇතිවූ ගැටුමේදී වෙඩි පහරින් මිය ගිය අකිල දිනේෂ් (19) සිසුවාගේ අවමඟුල වැලිවේරිය සුසාන භූමීයේදී සිදු විය.ඔහුගේ මිතුරෝත් නෑයෝත් හඩා වැටෙමින් විලාප තබමින් අවමංගල පෙරහරේ ගමන් කරද්දී බොහෝ දෙනාගේ දෑස් කදුලින් තෙත් විය.
ළිං ජලයේ පී එච් අගය අඩු වීමට හේතු සොයා ස්ථිර විසදුම් ඉල්ලා සිදු කළ උද්ඝෝණයේදී අකිලට ජීවිතයෙන් සමු ගැනිමට සිදු විය.අකිලගේ නිවසේ සිට කිලෝමීටර් එකහමාරක් දුරින් පිහිටි කනත්තට අකිල වැලිවේරීයේ හිත මිතුරන්ගේ කර පිටින් ගියේය.
යක්කල චන්ද්‍රජෝති විදුහලේ සිසුහුද වැලිවේරිය නගර හා ගම් වැසියෝද සිය ඔහුගේ දේහය රැගත් මංජුසාව රැගෙන ගියහ. ඔහු ක්‍රිඩා පුහුණු වු වැලිවේරිය කාන්ති ක්‍රිඩා පිටිය සුදු පාටින් සරසා තිබිණි.දේහය වැලිවේරිය පොලිසිය අසළින් රැගෙන යද්දී පොලිස් සාමාජිකයෝ සිරුවෙන් සිට ආචාර කැර ඔහුට අවසන් ගෞරව දැක්වුහ. සුසාන භූමියේද පොලිස් විශේෂ කාර්ය බලකායත් කැරලි මර්දන පොලිසියත් රාජකාරියට කැදවා තිබිණි. මතකවස්ත්‍ර පුජා වෙන් හා පැන් වැඩිමෙන් පසුව අකිලට උරුම වුයේ කාටත් හිමි වන හතර රියනයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අකිල සිසුවාට නිවන් සුව ඇත වේවා, (දී).
කිසිදු ආත්ම භවයක මෙවන් අකල් මරණයක් ඇත නොවේවා (දී).
මේ කිසිත් නොදැන උණ්ඩයකට බිලිවූ අසරණ මල්ලි නැවත මෙවන් අකල් මරණයකට ගොදුරු නොවී අප අතරම ඉපදේවා !(දී).
අකිල ඔබට නිවන් සුව, (ස)
සමහර දේශපාලන පක්ෂ වලට දැන් සතුටු ඇති පොඩි කොල්ලගේ මරණය උඩින් දැන් ලකුණු ගන්න පුළුවන් නිසා
දයබර පුතුනේ ඔබට මොක්සුව පතමි. (ස)
අප අතර නෙවියි වෙන රටක ඉපදෙන්න වාසනාව ලැබේවා. අපිත් එක්ක ඉඳල මේ රටේ දෙපාරක් මැරෙන්ඩ ඒ අසරණය?
සාපලත් දේශයක ඇයිද ඔබ ඉපදුනේ (දී)
සාපලත් දේශයක ඇයිද ඔබ ඉපදුනේ (දී)
මිනි මරුවනේ තොපට දැන් සතුටුද? නිවන් සැප ලැබේව පුතේ.(දී)
මංජු මේ ජරා මිනිස්සු අතර නො ඉප දෙන්න ප්‍රර්ථනා කරන්න
අහිංසක ඔබගේ මරණය තව කෙනෙකුගේ බල පැවැත්ම උදෙසා සිදු කල ක්‍රියාවලියේ ප්‍රතිපලයකි. බලය සඳහා සිත් පිත් නැති වුන් ඕනෑම දෙයක් කරවී. ඔබගේ අහිංසක මුහුණ දුටු විට මගේ හදවත දහස් වරක් හඬා වැලපේ.මිනිසුන් වෙනුවෙන් සබැ මිනිසුන් පාලකයන් බවට පත් දේශයක නැවත උපදින්නට ලැබේවා!ඔබට නිවන් සුව ! (දී)
අකිල පුතේ, මම ඔබේ ඡායාරූපය අන්තර්ජාලයෙන් දුටුවා. ඔබට නිවන් සුව! (නි)
විනාඩි 05 ක් දෙන්නම් යන්න කිව්වා එක හමුදා නිලධාරියෙක්. අනේ ඔහුගේ පරපුරේ අයටත් ළමයි ඇති නේද? (නි)
මල්ලි , අපි අතර ඉපදෙන්න එපා. අපිට වෙලා තිබෙන ටික ඇති. මල්ලිට වුන දේ තමා අපි හැමෝටම හෙට වෙන්නෙත්. ඔබට නිවන් සුව ලැබේවා! (නි)
තිරිසනුන් ගැන සිතා සිය දිවි නසා ගන්න දිවයිනේ ............ තුන් දෙනෙක් දැන් මරා දමලත් එකෙක් වත් නැත පෙරමුණේ ......... (නි)
මෙවන් මරණ වලට, අතුරුදහන් කිරීම වලට සම්බන්‍ධ නොවූ පක්‍ෂ හෝ විපක්‍ෂ දේශපාලකයකු නම් කරන්න පුළුවන්ද? ඔවුන්ට අවශ්‍ය ජනතා කඳුලු (නි)
නිවන් සුව පතමි. (නි)
අකිල සිසුවාට නිවන් සුව අත් වේවා! (නි)
මේවා දෙවියොම බලා ගන්න ඕනේ (දී)
අකිල සිසුවාට නිවන්සුව ලැබේවා !!! (නි)
කවුරු මොනවා කිවුවත් ලිවුවත් වැලිවේරියේ ජීවත්වෙන අපි විතරයි වුණේ මොකද්ද කියලා දන්නේ. සති කීයක් තිස්සේ පාලකයන්ට අපේ ප්‍රශ්නේ ගැන ඉතාම සාමකාමී විදියට දැනුම් දුන්නද? මම හමුදාවේ කොල්ලන්ට දුන්න ලේ වලට දුක් වෙනවා. ඊළඟ ඡන්දෙදි අපි චන්ඩි පාලකයෝ ගැන බලා ගන්නම්. දෙවියනේ! අනේ දෙවියනේ මොවුන්ට දඬුවම් දෙනු මැනවි. අපිට දැන් අපේ දුක කියන්න ඉන්නේ ඔබ විතරමයි. (නි)
වැරදි කළ අයට හෘද සාක්ෂිය හොල්මන් කරමින් නිසි දඬුවම් ලබා දෙනු ඇත (නි)
නොසිතු,මොහොතක,නොසිතු අයුරින් සදහටම ලොවෙන් සමුගත් පුංචි පුතේ, ඔබට නිවන් සුව පතමි! මෙයින්වත් අන් අය පාඩමක් ඉගෙන ගනිවි යැයි සිතමි (නි)
නිවන් සුව අත් වේවා.(අ)
දැන් සන්තොසද (දී)
ආසියාවේ ආශ්චර්ය අපි හැමදාම දකිනවනේ. ආසියාවේ වසන්තය අපිට ඕනෑ! ජනතාව අපි, ජනතාවගේ සේවකයා කව්ද කියල තීරණය කරන්න ඕනෑත් අපිමයි!!! (නි)
මහා පාරවල් හරස් කරලා අනුන් පීඩාවට පත් කරන අපේක්ෂාවෙන්ම මේ වගේ උද්ගෝෂණ සංවිදනය කරලා මේ සිසුවටත් අනෙත් මිය ගිය දෙදෙනාටත් අකාරුණික මරණයකට මග පාදලා දීපු අයට ශාප වේවා ! මියගිය සියලු දෙනාට මෙවන් අකල් මරණයක් සසර වසන තුරා යලි අත් නොවේවා! (නි)
අනේ පුතේ, ඔයාට මෙවන් අකල් මරණයක් නම් නැවත නොවේවා! (නි)
මොවුන්ට තිබුණු මගේ ගෞරවය අවසානයි (නි)
අපේ සමාජයෙහි මෙවැනි අසම්මත වෙඩි තැබීම් පසුගිය කාලයේ නොතිබුන දෙයක්. අලුත් සංස්කෘතියක් නිර්මාණ කිරීම මෙම සිදුවීම් තුලින් සිදු වුණොත්, හමුදාව සහ රජය වගකීම බාර ගත යුතු වේ. (නි)
පුතා නුඹට නිවන් සුව පතමි. (නි)
මිතුරෝත් නෑයෝත් හඩා වැටෙමින් විලාප තබමින් අවමංගල පෙරහරේ ගමන් කරද්දී බොහෝ දෙනාගේ දෑස් කදුලින් තෙත් අතර රට වැසියා ද දුකටපත් විය. බුදු දහමට අනුව කර්මය හා කර්ම විපාකය පිළීගත යුතූය. කිසිදු ආත්ම භවයක මෙවන් අකල් මරණයක් ඇති නොවේවා.අකිල සිසුදරුවාට නිවන් සුවය පතමි.(අ)
මෙහෙමත් රටක්! (නි)
රත්තරන් පුතුට නිවන් සුව! (නි)
ගමම හඬවා සමුගත් චන්ද්‍රජෝති සිසුවාට නිවන් සුව අත් වේවා! (නි)
මෙම අවාසනාවන්ත සිදුවීමට බිලිවූ අහිංසකයාගේ ඡායාරූප ටික දකිනවිට දෙනෙතට කදුළු එනවා. ඔබට මෙවන් දුකක් කරදරයක් මින් මතු භවයකදී අත් නොවේවා! නිවන් සුව අත්පත් වේවා! (නි)
ඔබේ අකල් මරණය ගැන මමද ශෝක වන්නෙමි.ඔබට නිවන් සුව ලැබේවා. (නි)
මේ අම්මට දුන්න ගින්දර කවදා හෝ නොවරදවාම නුබලටත් ලැබෙයි. අම්මෙකුට පුතෙක් රටක් වටිනවා. (නි)
බලවත් ශෝකය. නොමනා උග්ගොෂණ පාරට ගෙනා යටි කූට්ටුවන් මේවාට වගකිව යුතුයි. (නි)
පොලිසියේ අය ලැජ්ජා නැතුව ඇවිල්ලා ඉන්න හැටි. (නි)
සොවින් තැවෙන අකිලගේ අම්මේ, ඔබ නුතන පටාචාරාවයි. බුදුන් දවස පටාචාරාවට පුතුන් අහිමි වුයේ මිනී මස් කන උකුස්සෙකු නිසයි .එහෙත් අද ඔබගේ පුතුන්ගේ වටිනා ජීවිතය උදුරා ගත් අයට කුමක් කියමිද ? අකිල පුතේ, ඔබට නිවන් සුව. (නි)
හිස අත් නගා දිවුරා නුඹෙ දෙණ මත්තේ... ලේවල පළිය මතු යම් දින ගත යුත්තේ... නඩු සහ බඩු දැනට ඇත්තේ එක පැත්තේ... පාරෙයි ගනුදෙනුව බේරා ගත යුත්තේ... (නි)
මේ අපරාධය කළ අයට ශාප වේවා! (නි)
අකිල, ඔයාට නිවන් සුව! (නි)
තිරිසන් සමාජයේ වරදින් ජීවිතය උදුරා ගත්තේ අහිංසක දරුවෙක්ගේ. රත්තරන් මල්ලියෝ, ඔයා අප අතරම ඉපදේවා! (නි)
ලංකාවෙ නම් ඉපදෙන්න එපා (නි)
මියගිය අකිල ඇතුළු අනිකුත් දෙදෙනාට නිවන් සැප ලැබේවා!තුවාල ලබා දැනට රෝහල් ගත කළ අයටත් ඉක්මනින් නිරෝගී සුවයම ලැබේවා! (නි)
මරණයේ වේදනාව මියගිය අයට නොව ජීවත්ව සිටින අයටයි. (නි)
නිවන් සුව ලැබේවා! (නි)
ඔබගේ ආත්මයට දුකක් නැති,බියක් නැති,සැනසීමත්, වාසනාවන්ත උත්පත්තියකුත් ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර, මතු කිසිදු භවයකදී මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා! ඔබට නිවන් සුවයම අත්වේවා! (නි)
අතීතයට එක්කළ තවත් ඛේදවාචකයක්. අපේ ප්‍රශ්න විසදන්නේ මෙහෙමද? මල්ලියේ, නුඹ සැමදා අපේ හදවතේ රැදේවි. (නි)
මෙහෙම බල්ලෝ බළල්ලු වගේ අහිංසක මිනිසුන්ට වෙඩි තියන්න කිසිවෙකුට අවසර නැහැ (නි)
බොන්න වතුර ඉල්ලපු අසරණ දරුවන්ට වෙඩි තියන්න අන දුන් සියලුම දෙනාට වැහි නැති හෙනම වදින්න ඕනේ
වීරයෝ බිහිවන්නේ අවස්ථාව අනුවයි.එදා මිනිසා රණවිරුවෙක් වුණෙත් පසුව වැලිවේරියේදී නැවත ඒ තත්ත්වය වෙන්ස වුණෙත් ඒ නිසා.වතුර පොදකට සටන් කරපු සහ මියගිය සැමෝම මගේ හදවතේ විරුවන්.මේ මල්ලිට දෙවියන්ගේ ශාන්තිය හා සමාදානය ලැබේවා! (නි)
අපේ රටේ ආශ්චර්යය තමයි.අකිල සිසුවාට නිවන් සුව! (නි)
මේවා දේව ශාප
මේ වගේ රටවල යළි නොම ඉපදේවා! ඔබට නිවන් සුව (නි)
මංජු, මේ මල්ලිට නැවතත් අපි අතරම ඉපදේවා කියන්න ලැජ්ජා නැද්ද? නුඹ ක්‍රීඩා වලට දක්ෂ නම් මල්ලියෙ ඇමෙරිකාව වගේ රටකත්, හොඳට ඉගෙනගන්න දක්ෂ නම් ජර්මනිය වගේ රටකත් ආයෙ ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)
ලංකාවේ වෙන දේවල් ඇහුවම හරිම දුකයි. මේ වගේ දේවල් ඇහුවම මට නම් ලංකාවට එනවා තියා උපන් රට කියලා ඇති ආදරයක් නැතුව යනවා. මේවා සියල්ලම දේශපාලනය කරන අයගේ වැරදි. ඔබට නිවන් සුව! (නි)
මෙවන් අකල් මරණයක් මතු බවයක නොවේවා! ඔබට නිවන් සුව පුතා. අම්මා කෙනෙක් කෙසේ වාවා ගන්නද? මේ අසාධාරණය දෙවියන්ටම පෙනේවා! (නි)
නීතියෙන් මෙම මරණයට වගකිවයුත්තන් බේරුණත්, කර්මයෙන් ඔවුන්ට බේරීමට හැකියාවක් නොමැත.සියල්ල අනිත්‍යයය! ඔබ මෙවන් අපායක නොඉපදී මිනිසුන්ට දෙවියන් මෙන් සලකන රටක උත්පත්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා! බුදු සරණයි ලක්වාසීන්ට! බුදු සරණයි ලංකාවට! (නි)
ලබන ඡන්දෙට මෙයාලට මේවා අමතකයි. අකිල සිසුවාට නිවන් සුව අත් වේවා ! (නි)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ... අසරණ අපි මොනවා කරන්නද? (නි)
අකිල පුතුට නිවන් සුව අත්වේවා! (නි)
පුතණුවනි, ඔබට නිවන් සුව පතමි! මෙවන් අකල් මරණයක් නොවේවා! පුතා යලිත් අප අතරම ඉපදේවා! (නි)
කිසිම ආත්මයක මෙවන් අකල් මරණයක් නොවී නිවන් සැප ලැබේවා! (නි)
අකිල මල්ලි, ඔබට නිවන් සුව! (නි)
කවුරු කළත් මේවා සහගහන වැඩ (නි)
සිත් පිත් නැති මේ සඳහා සැම අතින්ම දායකවූවන්ට ශාප වේවා! ඔවුන්ටත් මේ දුකම දැනේවා! (නි)
මිනිස් ජීවතයක වටිනාකම නොදන්නා අපේ රටේ ඉපදෙන්න එපා මල්ලි. ඔබට නිවන් සුව! (නි)
ඔබට නිවන් සුව! නැවත මේ අපායේ නොඉපදේවා! (නි)
පුතේ,ඔබට මෙවන් අකල් මරණයක් කිසිදා අත් නොවේවා! ඔබට නිවන් සුව. (නි)
පොපි මල් පිපෙනා බියකරු මොහොතක උණු ලේ ගෑවුණ ඔබගේ දෑතින්... පොපි මල් පොකුරක් බැතියෙන් නෙලලා.... නොමියන අකිලගේ සොහොන් කොතේ පලදා .... උමතු ලෙසින් ඔබ කළ වරදට ,සමාව ගනු මැන සොල්දාදුවනේ.... (නි)
මේ වළලන්නේ රටේ අනාගතයයි. අද වතුර ටිකට මරණ දරුවන් හෙට හුස්මපොදටත් මරනු ඇත. පුළුවන් තරම් බුද්ධියට නොව චණ්ඩින්ටම බලය දෙන්න. ඔබ සැමට නිවන් සුව. (නි)
ඔබට නිවන් සුව මල්ලියේ ...! කවදාවත් නැතුව මට ඉකිගැහිලා ඇඩුනා. (නි)
ලක් මෑණියන්ට මැණිකක් අහිමි වුණා. මේ අහිංසක මිනිසුන් ඉල්ලා සිටියේ ප්‍රධාන මානුෂික අයිතිවාසිකමක්. කාලයක සිට පැවති මෙම ප්‍රශ්නය විසදා නොදුන් නිසා මෙම වැසියන් උද්ඝෝෂණය කළා. වහාම කමිටුවක් පත් කර මෙම ඉල්ලීම මගහරින ලද නිලධාරීන් එම පදවි වලින් ඉවත් කරන්න. මෙම දරුවාට මවිසින් කරන ලද පින් අනුමෝදන් කරමි. එම පින් බලයෙන් නිවන්/චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගනිත්වා. (නි)
රට තවදුරටත් මෙහෙමනම් ඔබ නැවත මේ රටේ ඉපදෙන්න එපා. ඔබට නිවන් සුව! (නි)
බොන වතුරින් පීනන සුපිරි පන්තියක් සිටිනා රටක, මේ ජනතාව බීමට ඉල්ලුවේ පිරිසිදු වතුර.... (නි)
බයවෙන්න එපා මල්ලි. ඔය වෙඩි තියපු අයටයි, වෙඩි තියන්න නියෝග දීපු අයටයි, වතුර අපවිත්‍ර කරපු අයටයි සියල්ලටම ළඟදීම ස්වභාව ධර්මය දඩුවම් දේවි. (නි)
මේ ඝාතනය ගැන මගෙ බලවත් ශෝකය සහ කෝපය !!! (නි)
ඉතිහාසයේ අත්දැකීම් අනාගතයේ වෙන බව කවුරුත් දැනගත්තොත් හොදයි (නි)
පුතාට නිවන් සුව ලැබේවා! (නි)
රණ විරුවන්ගේ තත්ත්වය පහත හෙළන්නට වෑයම් කරන්නවුන් හට රණවිරුවන්ම පාඩමක් ඉගැන්විය යුතුය. නැත්නම් ඔබ කළ මහඟු සේවය ජනතාවට අමතකරන්න වෙයි. (නි)
මේ සිදුවූ ශෝක ජනක සිද්ධිය නිසාවත් මේ රටේ මිනිසුන්ට අද රටේ සිදු වෙමින් යන්නේ මොකද්ද කියලා තේරුම් ගැනීමට හැකිවේවා කියල පතනවා. ඒ තුලින් මෙවන් අසාධාරණයන් යලිත් නොවේවා කියලා හිතමු. (නි)
ලොකු වැස්සකටත් නිතර අදහස් දාන කටුනායක අමිල කොලුවා පලාතේ පෙනෙන්න නැහැ. කිමද කාරණා ගොළු වී සැංගී? (නි)
දකුණට මෙහෙම නම් ඉතුරු ටික අපිට හිතාගන්න පුළුවන් (නි)
මුළු ලොවටම මැණිකක් වූ ශ්‍රී ලංකාවෙ උපදින්නට ඔයත් පුතේ පෙර පින් කර තිබෙන වගයි.මමත් එහෙමයි.නමුත් රත්තරන් පුතේ, ඒ රට අද අධමයන් විසින් විනාශ කොට හමාරයි.අප මේ පුංචි ලස්සන සිංහල,දෙමල ,මුස්ලිම් ,බර්ගර් සහ තවත් විවිධ වූ ජාතීන් එකම සහෝදරත්වයෙන් බැදී ජීවත් වුණ මේ ස්වර්ණදීපය,බෙදුම්වාදී යුද්ධයෙන් පසු තමන්ගේ මඩිය තර කර ගැනීමේ අබිලාෂයෙන් ජනතාව කොටවන මිනිසුන් මේ බිමේ සිටිනා තුරා පුතුනේ නොඉපදියන් මගේ පුතේ.ඔයාට නිවන් සුව (නි)
මෙවැනි අපරාධ කරන්න එන දෙන්නන්ට කුමක් වෙලාද?ලංකාවේ දේශපලුවොන්ගේ වැඩ නිකන් ජාත්‍යයන්තර මැදිහත්වීම් වලට අතවනනවා වගේ. (නි)
තව දෙන්නකෝ ඡන්දෙ, එතකොට තමයි හරි (නි)
මල්ලි හෘද සාක්ශියට බොරු කරන්න බැහැ කවදාවත්. මල්ලි ,ඔබට නිවන් සුව පතනවා හදවතින්ම (නි)
තුන් දෙනෙක් නොවේ දහයක් මැරුණත් ඡන්දයට පෙර මිනිස්සුන්ට අමතකයි. නිවැරදි පාලකයන් තෝරා ගැනීම වගකීමෙන් කරන්න ඕනෑ.මියගිය තිදෙනාටම නිවන් සුව. (නි)
ප්‍රභාකරන්වත් කවදාවත් තමන්ගේ මිනිස්සු කන්න බොන්න ඉල්ලනකොට මැරුවේ නැහැ. ප්‍රභාකරන් මැරුණේ තමන්ගේ මිනිස්සු වෙනුවෙන්. අපිව මරන්නේ අපේම මිනිස්සු. (නි)
සුදු මල්ලි ඔයාට නිවන් සුව! (නි)
අපේ මානව හිමිකම් වලට මොකද වුණේ? නීතියක් නැති රටක දුක්විදින ජනතාව වෙනුවෙන් අපි කණගාටු වෙමු. මැතිවරණ වලදී බුද්ධිමත් තීරණ ගන්න. (නි)
තිරිසනුන් ගැන සිතා සිය දිවි නසා ගන්නා දිවයිනේ ..... තුන් දෙනෙක් දැන් මරා දමලත් කවුරුවත් නැත පෙරමුණේ..... (නි)
මේකට තමයි ආශ්චර්යය කියන්නේ. (නි)
මළ මිනී දේශපාලනයට ජනතාව අද ඇද දමා... ආණ්ඩුවේ හොරණෑ මුව හමට තඩිබානවා... මිටි ගණන් ලිපි ලියා - ජනතා අඳෝනා... පලකළත් වැඩක් නෑ - ඕනෑ දේ වෙනකම්ම... බකන්නිලාගෙන ඉන්නවා... හෙට දවසෙ දරුවන්ට කියා දෙන.. මානුෂීය ජනතාවාදී දේශපාලනයද මේ.....? (නි)
කව්ද ඔය කම්හලේ අයිතිකරු? නම ගම කියන්න බැරි සම්භාවනීය උත්තමයෙක්ද? (නි)
මේ රැල්ල එනකොට මුලදීම මට පුළුවන් විදියට මම සටනක් ගෙනගියා අදහස් වලින්. 'හැමදාම මේකට ඉඩ දෙන්න එපා.මේක දැන්ම නවත්වන්න.මිනිස්සු පවුල් ආරවුල් වලටත් පාරවල් හරස් කරන්න ගනීවි හෙට අනිද්දා' කියලා.පොලිසිය බලාගෙන ඉන්නේ නැතුව මිනිස්සු පාරවල් හරස් කරන එක මුලදීම බලය යොදා නතර කළා නම් පොලිසියේ කීප දෙනෙකුට තුවාල වෙලා උද්ඝෝෂකයින් ටිකකට ඉස්පිරිතාලේ ඉන්න වැඩ සිද්ධ වෙලා මේක මරණ වලින් තොරව විසදා ගන්න තිබුනා.වැරදි ආදර්ශෙට දිගටම ඉඩ දීපු එකේ ප්‍රතිපල දැන් ලැබිලා තියෙනවා.මහ පාර අයිති මගී ජනතාවට.ඒක මිනිසුන්ගේ බුදලයක් නෙමෙයි. ඇයි ඒ දේ තේරුම් ගන්න මේ අයට බැරි? ඒ ටික තේරුම් ගත්තා නම් අද මේ විදියේ දෙයක් අපිට දකින්න වෙන්නේ නැහැ. (නි)
අපරාධකරුවන්ට උපරිම දඩුවම් ලබාදෙන්න (නි)
ලොක්කන්ට ලම්බෝගිනි,දුප්පත් අසරණ ජනතාවට වියෝ ගිනි... (නි)
කුඩුකාරයෝ හුරතල් කරනවා... වතුර නැතුව උද්ගෝෂණය කළහම වෙඩි තියනවා (නි)
වැරදි කළ අයට ස්වභාවධර්මයේ නිසි දඬුවම් ලැබේවා! ලැබේවා!! ලැබේවා!!! (නි)
ආයුද නැතුව උද්ගෝෂණය කරන මිනිසුන් අතරට ආයුධ ගෙන යෑම සහ නිරායුධ පුරවැසියකු වෙඩි තබා ඝාතනය කිරීමෙහි වගකීම නිස අය බාරගෙන චූදිතයාට නිසි දඬුවම් පැමිනවිය යුතුයි. නිරායුද වැසියන් අතරට ආයුධ සමග යෑම ආරක්ෂක අංශ සහ පොලිසි වලට තහනම් කළ යුතුයි (නි)
මාගේ බලවත් ශෝකය. ඔබට නිවන් සුව මල්ලියේ! (නි)
මේවා දකිනකොට චැනෙල් 4 ඇත්ත කියලා මිනිස්සු පිළිගනීවි (නි)
අලුත් ලොවක් ගැන සිතීම .... දඩුවම් දෙන වරද නම් ... කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන් ....... (නි)
සංවර්ධනය නම් ඉහළටම.රටම වල පල්ලට.88 89 වෙන්න වැඩිකල් යන්නෙ නැතිවෙයි මෙහෙම ගියොත්. මිනිස් ජීවිතයක වටිනාකම නොදන්නා අපේ රටේ ඉපදෙන්න එපා මල්ලි. ඔබට නිවන් සුව! (නි)
ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ සැපයක් යයි කකුළුවා දිය කෙලියේ... මෙවැනි අපරාධ කරන බලපුලුවන්කාරකම් පෙන්වන අය මරණින් මතු අපාගත වනු ඇත. මීට වඩා ලක්ෂ කෝටි වාර ගණන් මරණයේ වේදනාව විඳිනු ඇත. අකිල පුතුට මෙවන් විපතක් කළේ ඔහු පෙර සසරේ කළ අකුසලයක් බව අදහමි. ඔබේ භවගාමී දිවිය යහපත් වී නිවන් සුව අත්වේවා! (නි)
අපගේ බලවත් ශෝකය හා කෝපය ! ඔබට නිවන් සුව ! (නි)
"""දේහය වැලිවේරිය පොලිසිය අසළින් රැගෙන යද්දී පොලිස් සාමාජිකයෝ සිරුවෙන් සිට ආචාර කැර ඔහුට අවසන් ගෞරව දැක්වුහ"" ජීවිතයක් නැති වුණාට පස්සේ ආචාර ගෞරව දක්වනවාට වඩා ඔබතුමන් ඊට කලින් හරි විදිහට හැසිරිය යුතුයි. මෙහෙම තරුණ ජීවිතයක් නැති වීම යනු ලෙහෙසි පහසු දෙයක් නොවේ. වදාපු මවට මෙය දරා ගත හැකිද? මෙයට සාධාරණයක් විය යුතුයි. මේ මිනිස්සුන්ගේ ප්‍රශ්නයට නිසි විසඳුම් දීම තමා මේ මල්ලිට කරන ලොකුම ගෞරවය (නි)
හොදක් නම් වෙන්න එපා (නි)
අපරාධකරුවන්ට ශාප වේවා ! (නි)
අපේ සල්ලි අපිටම ගහනවා. (නි)
අපි ණයවෙලා අරන් දුන්න උණ්ඩ වලින් අපිටම වෙඩිතියනවා. (නි)
අපරාධකරුවන් මිහිපිටදීම අපාගත විය යුතුමයි (නි)
තුන් කල් නොපෙනෙන දේශපාලකයින්ට මෙවා නොපෙනේ.බඩගෝස්තරවාදීන්ට තමා හා තම පවුල පමණය (නි)
'රණවිරු රියල් ස්ටාර්' (නි)
අපි සිංහලයන් වශයෙන් මෙවැනි දේවල් ඉක්මනට අමතක වෙන ජාතියක් (නි)
අපි සිංහලයන් වශයෙන් මෙවැනි දේවල් ඉක්මනට අමතක වෙන ජාතියක්. ජීවිතය පුජා කළ කොල්ලෝ, ඔබට නිවන් සුව යාලු ! (නි)
රත්තරන් පුතේ, ඔයාට නිවන් සුව අත්වේවා! (නි)
අර තිරිසන් සතුන් මරනවට විරුද්ධ අය මේ තරම් අසරණ මිනිසුන් මරලා දානවට කැමතිද? (නි)
මේවා කළවුන්ට හොදක් නම් වෙන්න එපා (නි)
මේ කිසිත් නොදැන උණ්ඩයකට බිලිවූ අසරණ මල්ලි නැවත මෙවන් අකල් මරණයකට ගොදුරු නොවී අප අතරම ඉපදේවා! (නි)
මල්ලි , නුඹ අවුරුදු 60 ටත් කරන්න බැරි දෙයක් අවුරුද 17න් කරලා ගියේ. ඔබට නිවන් සුව පතමි! ----- -වැලිවේරිය සහෝදර කැළ --------- (නි)
ඔව් ලලිත්, ඔයා කියපු විදියට ස්වබාව ධර්මය මේ මහා අපරාධය කළ කෙනාට ඉක්මනින්ම දඩුවම් දේවි.තුන් දෙනෙක් ගේ ජිවිත බිලි අරගෙනත් මේ මිනිස්සුන්ට තාම වතුර ලැබිලා නැද්ද? සුර සැප විදින මැති ඇමතිවරුන්ට මේක දේව ශාපයක්ම වෙලා එයාලා බොන වතුරත් වස විසම 'වේවා'' (නි)
එක් වරක් නොව දහස්වර මේ ගෑන කිව්වාට කමක් නැත. තවමත් තමන් "සිංහල බොදු" යැයි කියාගන්නා බොහෝ මහජන නියෝජිතයන් මේ ගැටළු පිළිබදව නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කරන්නේ ඇයි දැයි ප්‍රශ්නයකි.තමන්ට හිමි වරප්‍රසාදයන් අහිමිවේ යැයි බියකින් හෝ ඉහළින් එන අණ වලට පමණක් කට ඇරෙන සිද්ධියක් පෙනෙන්නට තිබේ. අහිංසක සිංහල බොදු ජනතාව මුලාකරමින් ඔවුන්ගේ මනාපයෙන් බලයට පැමිණි අය ආශ්චර්යයේ සිහින දකිමින් සිටිති.. (නි)
මේ ඡායාරූප දකිනකොට පුදුම කලකිරීමක් මට ඇති වුණේ. ඒ මවට කොයිතරම් වේදනාවක් ඇද්ද? ඒ තිරිසන් ක්‍රියාව හෙළා දකිමු. (නි)
ඔබට නිවන් සුව! (නි)
බන්දුලයෝ, නුඹ මේ පැත්තේ හිටියා නම් මේ වතුර බොනවද ? නුඹට දරුවෝ ඉන්නවා නම් ඒගොල්ලන්ට මේ වතුර පොවනවද ? (නි)
වතුර බිදුවක් කළ හදියක්.දෙයියනේ දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ. වගකිවයුත්තෝ තාමත් නිහඩයි නේද, කොහොම වුනත් රටට වටිනා ජීවිත 03 ක් නැතිවුනා විතරයි. (දී)
මෙයට සම්බන්ධ වුණ සියල්ලටම මගේ ශාපය ! (නි)
අපි දුක් මහන්සියෙන් හම්බ කරලා ඒවා ඔක්කොම මේ රටට පූජා කරලා ඉන් යැපෙන දේශපාලුවෝ සහ රජයේ නිලදාරින් අපිටම වෙඩිතියනවා නොවේද? (නි)
ඔබ නැවත කිසි තැනක උපදින්න එපා! සසර දුකක්ම බව ඔබ ජිවත්වන අපට තවදුරටත් සංවේදී ලෙස අවබෝධ කළා. පුතුනි ඔබට නිවන් සුව! (නි)
හමුදාවට විතරක් බැනල වැඩක් නැහැ. ඒ ගොල්ලන්ව ඔතනට ආයුධත් සමග එවුවේ මේ දේවල් කරන්නද? (නි)
වෙඩි තියන්න අණ කරපු අයටත් වෙඩි තියපු අයටත් ඔය වගේම ළගදීම දෙවියෝ බලා ගනී (නි)
මේ ශාපලත් රටෙන් පැනගොස් ජිවිත බේරාගන්නා ලංකිකයිනි, ඔබලාගේ හුස්ම ගැනීමේ අයිතියත් මේ විදියට වළදානවා නම්... (නි)
අකිල මල්ලි, ඔබට නිවන් සුව!!! (නි)
ලැම්බෝගිනියක්,ෆෙර්රේරි කාර් එකක් ඉල්ලලා නෙමෙයි ජීවිතය පුජා කළේ.බොන්න පිරිසිදු වතුර ටිකක් ඉල්ලලා. (නි)
ඔබට කිසිම භවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා. උතුම් වූ නිවන් මග ඔබට පසක් වේවා! (නි)
ඔබ සැමට නිවන් සුව. (නි)
මල්ලි ඔබට නිවන් සුව අත්වෙවා. (නි)
මෙම අපරාදය කළවුන්ට සහ එයට අනුබල ලබා දීපු සියල්ලන්ටම ශාප වේවා! (නි)
ලලිත්, ඔයාගේ කතාව හරියටම හරි (නි)
අකිල පුතේ,ඔබගේ ආත්මය සමාදානයේ සැතපේවා! අජරාමර නිවන් සුව ලැබේවා! සාමකාමී උද්ගෝෂණයකට මෙවැනි අපරාදයක් කළ සැමට හා අනුබල නියෝග දුන් සැමට හොඳින් ඉන්න නොලැබේවා! (නි)
හරිම දුකයි (නි)
රට ආයෙමත් 88,89 වගේ වෙලා. නුඹලට ලේ දුන්නු , බෝධි පූජා තියපු ඒ මිනිසුන්වම කිසිම හිතක් පපුවක් නැතුව මරලා දැම්මා. සිත් පිත් නැති මේ සඳහා සැම අතින්ම දායකවූවන්ට ශාප වේවා! ඔවුන්ටත් මේ දුකම දැනේවා! (නි)
මෙවන් අපරාධ කල අයටත් එසේම වේවා
දුෂිත දේශපාලකයෝ ඉන්නකල් මේ රට වැනසෙනවා (නි)
ඔබට නිවන් සුව පතමි පුතේ! (නි)
ස්වභාව ධර්මය ඔබේ අකල් මරණයට වැරදිකරුවන්ට නිසි දඩුවම් දේවී පුතේ. රත්තරන් වටිනා පුතෙක් දෙමව්පියන්ට අහිමිකළා. ඔබට පුතේ නිවන්සුව (නි)
ඉතා කණගාටුදායකයි. අපට උස ගොඩනැගිලි,ණයට හදන පාරවල්,කැසිනෝ සැල්, තරු හෝටල් වලින් සැනසීමක් ලැබේද ඉතින්? අපි කාගේත් ජීවිත අවිනිශ්චිතයි. දෙවියනි,බුදුහාමුදුරුවනි, අපේ රටේ මිනිසුන්ට සහනයක් ලබා දෙන්න,අපිව ආරක්ෂා කරන්න. අකිල දරුවට නිවන් සුව. (නි)
මෙවෙනි නොහික්මුණු පාලකයන් සිටින රටක ඔබ මතු නො ඉපදේවා ! (ස)
අහිමිවුණා තරුණ ජීවිතයක්.පුතා ඔබට නිවන් සුව. (ස)
අකිල පුතේ ඔයාට නිවන් සුව ඇත වේවා ! ජාති ජාති උපදින හැම ආත්මයකම මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා ! (ස)
මෙවැනි අකල් මරණයක් මතු සසරෙහිදී ඔබට කිසිදා අත් නොවේවා! (නි)
රටට ජනතාවට ආදරය කරන දේශපාලකනි, එහෙම අය සිටිනවා නම් වහාම ඉල්ලා අස්විය යුතුයි, මෙවැනි දේවල් තවත් වන්නට පෙර (නි)
ඔබට ඔබට නිවන් සුව! අපගේ බලවත් කණගාටුව. (ස)
අකල් මරණයකට පත්වූ අහිංසක අකිල දරුවාට නිවන් සුව පතමින් මගේ ශෝකය පළකරමි. (ස)
අම්මේ... දෙවියන් දෙනවා දෙවියන් ලබාගන්නවා. මේ සත්‍යය අපි සියලුදෙනාටම උරුමයි. ඔබේ දරුවා වෙනුවෙන් පින් කරන්න එය ඔහුට සෙවනක් වෙයි. වැරදි කරුවන්ට දෙවියන්ගේ දඬුවම් ලැබෙනවා නිසැකයි. ඉවසා සිටින්න. (ස)
මල්ලියේ අයෙත් මේ වගේ රටක නම් උපදින්න එපා.ඔබට නිවන් සුව ! (ස)
මිය ගිය සිසුවාගේ අවසන් කටයුතු සිදුවෙන දින දෙසු බන දහම් හා කතා දෙන අවවාද මෙන්ම ඉගි මොකද උනේ යන්න යම් තරමක් තේරුම් ගැනීමට උපකාරී වෙන හැඩයි. (ස)
සොයුරනෙනි ඔබට නිවන් සුව ලැබේවා, මෙවන් දුර්ජන රටක යලි ඉපදෙන්න නොලැබේවා. (ස)
නුබ අපට සබැ විරුවෙකි. (ස)
අහිංසක ඔබට නිවන් සුව අත්වේවා!! ඔයාගේ පපුවට වෙඩි තියපු කෙනා කව්රු උනත් ඒකෙ ප්‍රතිපල ඒ මිනිස්සු ගෙවන එක කිසිදු බල වේගයකට නවතන්න බැහැ.(ස)
මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා....නිවන් සුව ලැබේවා.(ස)
නිවන්සුව ලැබේවා !!! (ස)
කණගාටු පුවතකි. කීමට ඇත්තේ මතු ආත්මයක නැවත අපි අතරට එන්නත් ලංකාවේ නොඉපිද වෙන රටක ඉපදීමට වාසනාව ලැබෙන්න කියලා.(ස)
අපි මේකට විසදුමක් ගනිමු , සියල්ලන්ම එක්වන්න (නි)
අකිල මැරුණා. හාමුදුරුවන්ගේ භාෂාවෙන් නම් එයා ගෙනාපු ආයුෂ ඉවර වෙලා. ඒත් ඒ ආයුෂ ඉවර කළේ කවුද ..? ඇයි..? කියන එකයි ගැටළුව.. මේ මරණය ඒ අම්මා කොහොම හරි ඉවසාගත්තා කියමුකො... (නි)
අද ඉදලා මම නම් එක සතයක්වත් හමුදාවට දෙන්නේ නැහැ. අපෙරදේ අපි එයාලට කරපු උදව් පිටරට වල ඉදලත්. අපේ සල්ලි වලින් අපේම ජාතිය නසනවා (නි)
අකිල ඔබට නිවන් සුව
පවු අහිංසක කොල්ලා. අකිල, ඔයාට නිවන් සුව ලැබේවා! (නි)
මෙවැනි සිදුවීම් අකිලගෙන් නවතිවිද? අකිලට සාධාරණයක් ඉටු වෙනවද?
අකිල ඔබට නිවන් සුව ලැබේව.රජය ගැන බලවත් කණගාටුව ප්‍රකාශ කරමින් සහ මෙම පහත් නින්දීත ක්‍රියාව මම විසින් හෙළ දකිමි.(දී)
නුබට අම මහා නිවන් සුව ලැබේව සොහොරාණනි ........!!!!ඔබට කල දෙයට වග කිය අයට කර්මය දඩුවම් දෙනු ඇත.....අප එතකන් බලා සිටිමු........(දී)
මෙතරම් ශාප තැබීම් දැනටමත් මන්තරයක් ජපකලා හා සමානයි.මෙය සිදු කළ අයටත් අනුබල දුන් අයටත් මේ ශාපය ලැබෙනවා සිකුරුයි!!!! (නි)
මෙවන් විපතක් කිසිවෙකුටත් නොවේවා!!!! (නි)
ඔබට නිවන් සුව! (නි)
ඔබට නිවන් සුව පුතේ! (නි)
මේ කරන සංවර්ධනය මොකක්ද? අපිට අධීවේගී පාරවල් එපා. අලුත් ගුවන් තොටුපලවල් එපා. තියෙන ටිකෙන් ජීවත්වෙන්න නිදහසක් දෙන්න. මේක දේශපාලුවන්ගේ රටක් නෙමෙයි, මේක අපි හැමෝගෙම රට. (නි)
තව කොපමණ අම්මලට මේ වගේ අඩන්න වේවිද තව ඉදිරියේදී! (නි)
මේ සැරේ ඡන්දේ දෙනකොට කල්පනා කරලා ඡන්දේ දෙන්න.ලංකාව දැන් ලිබියාවට වැඩිය ටිකයි වෙනස්. අනේ මෙහෙමත් රටකනේ අපි ජීවත් වෙලා ඉන්නේ! (නි)
ලංකාවට ගිය කලක් .මේවා දැකලා පින් දෙනවා අපි ලංකාවෙන් ඈත්වී පිට රටක ගත කරන්න ලැබීම ගැන.ඔබට නිවන් සුව. (නි)
අනේ අහිංසක ජිවිතයක්! පවු දෙයියනේ ඒ අම්මා.මේ තරම් කල් උස්මහත් කරන්න කොයිතරම් දුක් විදින්න ඇද්ද? මේවා සාධාරණරයි කියන්නත් මිනිස්සු ඉන්නවනේ. (නි)
අකිල පුතනුවනි, දස එකඩ මස් පුරා... ලොවට ඔබ තිළිණ කළ... ගත රුහිරු ස්වේත කිරි කරන් නුඹ දැඩිකරපු... මවටත්... ඩා බිංදු මුතු කරන් ඒවාට මිල අරන්... නුෂව පෝෂණය කළ... පියාටත්... නුඹෙ අඩුව දැනේවී සදාකල්... පුතේ ඔබ අජරාමර නිවනින් සැනසෙන්න! (නි)
අකිල සොයුර ඔබට නිවන් සුව!. මේ වගේ දෙවල් කරලත් ඊලග ජන්දෙදි අපේ අයට මේවා අමතක වෙනවනෙ. (නි)
සහෝදරයා, ඔයා කළ වරද තමා පිරිසුදු වතුර ඉල්ලපු එක. පරණ විදියටම වතුර බිවුවා නම් ඔය මුකුත් නැහැ. (නි)
ජ්‍යාත්‍යන්තර අධිකරණ වලට ගෙනිච්චත් මදි මේ කරන වලට
වෙඩිතියන්න කියපු කෙනා කව්ද කියන එකයි වැදගත් ජනතාවට
අවුරුදු ගණනාවක් ගියත් කිසිදා අමතක නොවන්න. අනෙක් අය වගේ...ඔබට නිවන් සුව සහෝදරයා .....,.
මේ ආකාරයෙන් මිනිසුන් ඝාතනය කිරීමට උපදෙස් දුන් සියලු දෙනාම සහ ඊට සම්බන්ධ සියලු දෙනාටම මෙවැනි ඉරනමක් අත් වේවා! (අ)
ශාපවේවා! ශාපවේවා!! ශාපවේවා!!! (නි)
අපි හැමෝම අද දුක්වෙනවා. උද්ඝෝෂකයින් දුර දිග හිතල වැඩ කලානම් අදත් අකිල අප සමගය්. කොහොම උනත් වෙඩි තියන්න අණ දුන්න කෙනත්, ජීව උණ්ඩ අරගෙන මෙතනට එන්න කියපු කෙනත් සම්පුර්ණයෙන් වග කියන්න ඕන. අපි හිතමු මේ අයට මරණ දඬුවම දුන්න කියල, අකිලට පන ගන්න පුලුවන්ද? නැතිවීම අපිට නෙමේ දැනෙන්නේ, දෙමව්පියන්ට. (දී)
අනේ බන්දුල මහතාට ඥානය පහල වේවා. තව තවත් කඩේ නොයාමට ශක්තිය ලැබේවා (අ)
දරුවන් අතට අරගෙන හුරතල් කරන , දරුවන්ට ආදරේ අය දැන් පොළොවේ හැපිලා අඩනවා ඇති.. (නි)
අකිල මල්ලි, ඔබට නිවන් සුව!!! (නි)
මෙම අපරාධ සියල්ලටම වගකිවයුත්තන් යුධ අධිකරණයක් හමුවට පැමිණවීමට යෝජනා කරමි (නි)
අපේ රටේ ආශ්චර්යය තමයි. (නි)
සාමදානයේ සැතපේවා! (නි)
අනේ අර අම්මා අඩා වැළපුන හැටි,අම්මා කෙනෙකුට දරා ගන්න පුලුවන්ද? යුද්ධ කරන්න ගිහින් නොවේ මැරුම් කෑවේ (නි)
මේ අහිංසක දරුවාට මෙන්ම අප කාටත් මරණය උරුමයි. ඒත් මේ වගේ කැරලිවලට මින් ඉදිරියට නොයන්න. ඒ මෙවන් අකල් මරණය කින් ගැලවෙන මගයි. පද හතරක වස් කවියකින් සෙත් කවියකින් ඔබේ ඉල්ලීම් ඉල්ලන්න. නැත්නම් ඔබට හොද වෙන පරිසරයක් සොයාගන්න.(නදී)