
(ටී.කේ.ජී.කපිල)
චීන රජයට අත්‍යාවශ්‍යව සිටි චීන ජාතිකයන් 05 දෙනකු , මෙරට විවිධ ප්‍රදේශ වල සැගවී සිටියදී , චීන රජයේ දැනුම් දීම මත , ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන , වැළිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා ගැනීමෙන් පසු , යළි චීනයට පිටුවහල් කළ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව කියයි.
මෙම චීන ජාතිකයන් ශ්‍රී ලංකාවේ අගාමික සහ විගාමික පනතේ විධිවිධාන උල්ලංඝනය කරමින් මෙරට තුළ රැදී සිට ඇත .
මෙසේ අත් අඩංගුවට ගත් චීන ජාතිකයන් 05 දෙනා වැළිසර රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා තිබීමෙන් පසු , චීනය වෙත ගමන් ගන්නා ගුවන් යානා 02 කින් , ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් 08 දෙනෙකුගේ රැකවරණය යටතේ මෙසේ පිටුවහල් කර තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd