
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිළියන්දල හොන්නන්තර ප්‍රදේශයේදී රුපියල් කෝටි 30 කට ආසන්න වටිනා මත්ද්‍රවය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වූ තොරතුරු මත එම ජාවාරමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අගුලාන පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.
සැකකරු සන්තකයේ තිබී ජංගම දුරකථන දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජාංගනය , ගැමුණුපුර, යාය 12 පදිංචි නිවසේදීය.
ඉකුත් ජුනි මස 20 වෙනිදින හොරයින් මත්ද්‍රව්‍ය මිලිගෑම් 15750 ක් සමග බස්නාහිර- පලාත උතුර අපරාධ කොට්ඨාසය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ඇඹිලිපිටිය , පල්ලේගම පදිංචි 31 හැවිරිදි පුද්ගලයකුට එරෙහිව රැඳවුම් නියෝග ලබාගෙන සිදුකළ වැඩිදුරු විමර්ශනයේදී අනාවරණය කර ගත් තොරතුරු මත පිළියන්දල තුම්බෝවිල නිවසක ගබඩා කර තිබූ හොරයින් මත්ද්‍රව්‍යය කිලෝ 11යි ගෑම් 69 ක් හා අයිස් මත්ද්‍රවය කිලෝ ගෑම් 06 යි ගෑම් 90 ක් සොයාගැනීමට සමත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd