
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනතාවට සහන ලබා ගැනීම වෙනුවෙන් කැබිනට් එකේදී ගේම ඉල්ලන්නැයි කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ආණ්ඩුවක් මෙන්ම විපක්ෂයක් ලෙසත් අප දශක ගණනාවක් මේ පාර්ලිමේන්තුවේ ධීවර ජනතාව පිළිබඳ කතා කර තිබෙනවා.ඇතැම් විට නිලධාරීන් වැරදි වාර්තා අපට ලබා දෙනවා.වෙන අයට වගේ නෙමෙයි.
ධීවරයට මල පනිනව වැඩියි.ඒ ඔවුන්ගේ හැටි.අද තියෙන එකම ප්රශ්නය ඉන්ධන මිල ඉහළ යාම.එදා බහු දින යාත්‍රාවලට තෙල් ගහන්න ලක්ෂ පහළොවක් වියදම් කළා නම් අද ලක්ෂ 22ක් වියදම් කරන්න සිදුවී තිබෙනවා.ලක්ෂ හතකින් වැඩි වෙලා. එය දරාගන්න අමාරුයි.අද ධීවර සහනාධාරය ලැබී තිබෙන්නේ කීයෙන් කී දෙනාටද?සමහරුන්ට අවුරුද්දටම ලැබිලා තියෙන්නේ එක සහනාධාරයක් විතරයි.
තමන්ගේ අමාත්‍යංශ නියෝජනය කරන ජනතාව වෙනුවෙන් කැබිනට් එකේද ගේම ඉල්ලන්නැයි මම මේ ඇමතිවරුන්ට කියන්න කැමතියි. අපිත් ඇමති කාලේ එහෙම කළා.ධීවර සහනාධාර එපා.ධීවරයන් සඳහා දෙන ඉන්ධන වලින් බද්ද අඩු කරන්න යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd