(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

"මේ පාර්ලිමේන්තුවේ අතීත සම්ප්‍රදාය තමයි බොරු කියන්නේ ආණ්ඩුව. සාමාන්‍යයෙන් ඊට වඩා ඇත්ත කියන්නේ විපක්ෂය.දැන් වැඩිපුර බොරු කියන්නෙ විපක්ෂය යැයි සභා නායක නාගරික සංවර්ධන සහ ප්‍රවාහන, මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

" අපි ආණ්ඩුව ප්‍රායෝගික වශයෙන් මුදල් වෙන්කරලා ඉටු කර තිබෙන දේවල් කරලා නැතැයි  විපක්ෂය කියනවා.මේ ජනවරම නිසා දේශපාලනය උඩු යටිකුරු වෙලා තියෙන්නේ.විපක්ෂය සංඛ්‍යා ලේඛන පෙන්වමින් බොරු කියනවා.ආණ්ඩුව වශයෙන් අප කරුණු සහ ප්‍රායෝගිකත්වය මත පදනම් වී කරපු දේවල් ඔප්පු කරනවා.ඒගොල්ලෝ බොරු 25 ක් කිව්වාම අපි 25 වෙනි බොරුවත් බොරු කියා ඔප්පු කළ විට ඒ අය 26 වෙනි බොරුව කියනවා.කරුණු දක්වමින් ඇත්ත කියන්න. අපි අඩු පාඩුකම් පිළිගන්න සූදානම්.අපි හදලා තියෙන්නෙ මිනිස්සු බලාගන්න ආණ්ඩුවක්.වී.අයි.පී ලා බලාගන්න ආණ්ඩුවක් නෙමෙයි.ඒක අපි ප්‍රායෝගිකව පෙන්වා දී තිබෙනවා.ආණ්ඩුවේ ආත්මය හැම කෙනෙක්ම බලාගන්නවා කියන සංකල්පයයි යනුවෙන්ද අමාත්‍යවරයා කීය.