‘අද සමහර භික්ෂූන් වහන්සේලා හිරගතවෙලා. තවත් පිරිසක් බුදුවෙලා, සමහරු රහත් වෙලා. ඔය වගේ විකාර කතා කියනවා. එහෙම හිමි කෙනෙක්ගේ ගෝලයෝ ටිකක් මගෙන් උදව් ඉල්ලාගෙන ආවා. මම කිව්වා මටත් රහත් වෙන්න ආසයි ඒ නිසා බුදුන්ට මෙහාට වඩින්න කියන්න කියා මා ඔවුනට දැන්වුවා. මේ අයට අපි කියන්නේ චීවරධාරීන් කියයි. සඟ සසුනේ වැරදි කරන භික්ෂූන් ගැන ක්‍රියාකිරීමට සංඝාධිකරණ දෙකක් පිහිටුවීමට තාම යෝජනා කළා පමණයි චීවරධාරීන් පිරිසක් මා කුඩ්ඩෙක් බවට පත් කළා.‘ යැයි අගමැති දී මු ජයරත්න මහතා උඩහමුල්ලේ පැවැති උත්සවයක දී පැවැසීය.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ලංකාරාමාධිපති මීගහකුඹුර ධම්මගවේෂී හිමියන් පිළිගැනීම සඳහා පැවැති උත්සවය සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ දේශපාලනයේ නිහතමානී චරිත දැන් දකින්නට නැහැ. තමන් අතින් වරදක් සිදී වූවානම් එය පිළිගත යුතුයි. එමෙන්ම තමන් වරදක් නොකලානම් එහෙත් එහි වගකීම තමන් සතුනම් , ස්වාදීන පරීක්ෂණයක් කිරීමට ඉඩ දී , ඉල්ලා අස්විය යුතුයි. නමුත් අද අපි දකින්නේ , දේශපාලකයා සැමවිට නිවැරදි බවත් , අන් සියලුදෙනා වැරදි බවත් පෙන්වීමක් පමණයි. යම් දුර්වලතාවක් පෙන්වුවිට ,"ඉස්සරට වඩා දැන් හොදයි," " ඒ කාලේ ඔහොමද කලේ" , "ඒකාල අපිට මතකයි", "ඉතිහාසෙත් මෙහෙම තමයි " වගේ කතා කියල ඒකෙන් ගැලවිලා යනවා මිසක් විසදුමක් දෙන්න උවමනාවක් නැහැ . හරිම කණගාටු දායක තත්වයක්. (නදී)
දේශපාලනයේ පරිනත දැනුමක් තියෙන කෙනෙක් නම් සදාචාරය කියන්නේ කුමක්ද කියා මූලික හෝ අවබෝදයක් තිබේනම් ඔය තරම් වයසට ගිය වැඩිහිටියෙක් නම් ඔය තනතුරෙන් ඉල්ලා අස්වෙලා නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩහරින්න. එහෙම නොවෙන කළ ඔය චෝදනාවෙන් නිදොස් වීමට නම් අමාරුයි. (නදී)
1950 දශකයෙදී, හාමුදුරුවන්ගේ තට්ටේ තාර ගාන්න ඕනෑ කියල එක්තරා තේජවන්ත අග්‍රාමාත්‍ය තුමෙකුත් ප්‍රකාශ කරලා වැඩි කාලයක් යන්න ඉස්සෙල්ල ඡන්ද දායකයන්ගේ පිහිටෙන් වාෂ්ප වෙලා ගියා කියලා අපි අහලා තියනවා.(නදී)
මේ රජයේ ඉන්න ඉතා සතුටුම මිනිසා තමන් බව අපේ අගමැතිතුමා වරක් කිව්වා අපට මතකයි. කෙසේ වෙතත් අපි ඔබතුමන් කිසිවිටකත් අවතක්සේරු නොකරමු. (ස)
ඔබ විශ්‍රාම යන කාලය පැමිණ ඇතැයි මම සිතමි. එයට සුදුසුම කාලය මෙය වේ. එය ඔබ කළ සේවයට ගෞරවයකි. මෙහි ඇතුලාන්තය මුළු රටම දනී. භික්ෂූන්ට දොස් පවරන්න එපා.(නදී)
මෙය අගමැතිවරයෙක් නොකළ යුතු කතාවකි. හරි හෝ වැරදි හෝ කුමනාකාරයේ චෝදනා ප්‍රකාශ බුදු දහමට කරන නිගාවකි. හාමුදුරුවරු ඇති වෙනවා,අගමැතිවරු ඇතිවෙනවා ටිකකලකින් සියල්ල නැතිවෙනවා. බුදු දහමත් නැති කරලා නැතිවෙන්න යනවා නම් හොද නැහැ නේද? (නදී)
ෆේස්බුක් එකෙත් ලොකු කැම්පේන් එකක් කරනවා හෙළ උරුමය අගමැති කම හදාගන්න ජන මතයක් ගොඩ නගන්න. ඕවා කළා කියල හෙළ උරුමයට අගමැතිකම නම් ලබා ගන්න ලැබෙන්නේ නෑ . ඒකට ලයිස්තුවේ ගොඩක් අය ඉස්සරහින් ඉන්නවා. (නදී)
මේ චිවරදාරීන් කියන්නේ ඕමල්පේ හාමුදුරුවන්ටද. එය එසේ නම් පුජ්‍ය සෝම හිමියන්ගේ නාමයෙන් පාර්ලි මේන්තු ගිය අය මෙම හැඳින්වීම ගැන කියන්නේ කුමක්ද ? මම මෙහෙම අහන්නේ මේගොල්ලන්ව මුලින්ම පාර්ලිමේන්තු යැවීමට කැපවිමෙන්ම කටයුතු කල අයෙක් නිසා? බුද්ද සාසන ඇමතිගේ වචනය ,සිංහලකම, බෞද්ධකම ගැන කතාකරන හාමුදුරුවරුන්ට විරුද්ධව ,අනාගතයේදී යොදා ගනීවි. (නදී)
ජනාදිපතිතුමාගෙන් පසුව රටේ නායකත්වය බාර ගැනීමට සිටින අගමැති තුමාගේ නම කැත කිරීමට විරුද්දවාදීන් ගෙන යන කුමන්ත්‍රණ. අගමැතිතුමාත් කවදා හරි නායකයා වෙලා අවරුදු 12ක් ම ඉදලා තමා යන්නේ.(නදී)
ඔබ තුමා කුඩු ගේන්න කෙලින්ම සම්බන්ද නෑ කියල හිතනවා. නමුත් වක්‍ර මාර්ගයෙන් ඔබතුමාව ගෑවෙන්න තරම් පරිස්සම් නැතිව වැඩ කරලා තියෙනවා. රටක අගමැති වරයෙක් ඔහොම වැඩ කලාම රට යන අත ගැන බයක් හිතෙනවා. මම හිතන්නේ දැන් ඕව ගැන නොහිතා විශ්‍රාම සුවයෙන් ඉන්න කාලය හරි. නැතිනම් අර කුඩු කාපු කවුදෝ වගේ ඔහේ කියව කියව ඇවිදින්න විතරයි ඉතිරි වෙන්නේ. (නදී)
කුඩ්ඩෝ, හඩ්ඩෝද, වැද්දෝද කියා පේන්නේ අපි කරන වැඩ වලින්. (නදී)
දැන් ඉතින් විශ්‍රාම යන්නත් කාලය ඇවිත්නේ. ඔය හිතේ තියෙන බරවල් හැල්ලු කරගෙන පිනක් දහමක් කර ගත්තොත් හොදයි නේද අගමැතිතුමනි.(නදී)
වෛරයෙන් පිරි වදන් නොදඩනු මැන අගමැතිතුමනි. අහෝ අපේ රට.(නදී)
අම්බුළුවාව පැත්ත අපිට හොඳට මතකයි.(නදී)
බුද්ධ ශාසනය විනාශ නොකර වෙන දෙයක් ගැන කතා කරන්න කෝ අනේ. මේ නත්තල් කාලේ නත්තල ගැන මොනවා හරි කියන්නකෝ. (ස)
හරි ඉතින් කුඩු නොබී ඉන්නකෝ. කාටවත් කුඩු බලෙන් පොවන්නේ නැහැනේ. (ස)
මේවට වැරදි කාරයො කවුරුත් නොවෙයි ඡන්ද දායකයෝ.(නදී)
අගමැති වරයෙකුට "කුඩුකාරයා යැයි" ඇමතීම සුදුසු නොවේ. ඒ වගේම කුඩුකාරයෙකුට වෙනත් නමකින් ඇමතීමද අනුමත කළ නොහැක.(නදී)
රටේ අහිංසක දරුවන්ගේ අනාගතයට මේවා ලොකු ප්‍රශ්නයක්(දිල්)
ඔබතුමාගේ ලේකම් මොකද කළේ? (ත)
නියම මහත්මයෙකු ලෙස ඉල්ලා අස් වුවා නම් හොඳයි නේද? (නදී)..
මෙච්චර කාලයක් දේශපාලනේ කරලා දුන්න පලවෙනි ලියුමද? (නදී)
මොකක්ද මේ අම්බුළුවාව කතාව?අපි විදේශ වල ඉන්න නිසා දන්නේ නැහැ.කව්රුහරු අපිව දැනුවත් කරන්නකෝ !!(අ)
කොසොල් මහ රජතුමා දැකපු හීන සැබෑ වීගෙන එනවා වගේ(දිල්)
ඔබ තුමා ඔය ප්‍රකාශය කරන ලද සංඟයා වහන්සේ චීවර ධාරියෙක් හැටියට නම් කරපු එකෙන්ම පැහැදිලි වෙන්නේ ඔබ තුමාට කේන්ති ගිහින් බවයි. එහෙම වෙන්නේ වැරැද්ද පෙන්නා දීමේ හේතුව නිසා බව පැහැදිලි වෙනවා. (නදී)
මගේ අදහස නම් අගමැති තුමා වැරදි නම් දඩුවම් ලැබිය යුතුයි. එසේ නැතිනම් හාමුදුරුවෝ දඩුවම් ලැබිය යුතුයි. මෙතැනදී ඒ දෙකම වෙන්නේ නැහැ. කුඩු කන්ටේනරය ගෙනාපු කෙනෙකුත් නැහැ .ඔන්න අස්චාර්ය.(නදී)
බුද්ධශාසන ඇමතිතුමාට උපසම්පදා භික්ෂූන් වහන්සේලා පෙනෙන්නේ චීවරධාරීන් විදියටද? අනේ අපේ බෞද්ධ රටට ගිය කලක්.(නදී)
අනාගත සිංහළයට වෙන්න යන විනාශය ගැන සිංහළ ජනතාව ඉන්නේ හොද අවදියකින්. ඔය කුඞු ගෙන්වන්නේ සිංහළ තරුණ පරපුර විනාශ කිරීමේ බලාපොරොත්තුවෙන්. අගමැතිවරයා මේ සම්බන්ධව වගකීමෙන් තොරව ක්‍රියාකරමින් නොනැවති සංඝයා වහන්සේලා විවේචනය කිරීම මොනතරම් විහිළුවක්ද? (නදී)
තපෝවෘධ, ශීලවෘධ, ගුණවෘධ, ශක්තියෙන් අනූන උගත්,බුද්ධිමත්, සුපේශල, ශික්ෂාකාමී මහතෙර වරුන් වහන්සේලා තමන් ඉදිරිපිට වඩා හිඳුවාගෙන ඔවැනි අනස්‌ථානීය ප්‍රකාශයක් කීරීම පෘථග්ජන ගිහියන් වන අප කවර කලෙක කෙසේනම් අනුමත කරම්ද? (අ)
එතකොට වැරදි පෙන්වපු නිසා ඒ ස්වාමින් වහන්සේලා චීවරධාරින් කියලා හදුන්වපු එක හරිද? ඒ ස්වාමින් වහන්සේලා මේ ජාතියට ආදරය කරන හා ආරක්ෂා කරන අය. (නදී)
ගරු අගමැති තුමනි, වචනයට නොව ක්‍රියාවට මුල් තැන දෙන්න.(නදී)
අනේ ඉතින් රටක අගමැතිකෙනේකුටනේ මේ අවලාද කියන්නේ. මඩේ එරුනහම දඟලන්න දඟලන්න තව තව එරෙනවා.(නදී)
ඔබතුමා අපේ රටේ අගමැති, බුද්ධශාසන අමාත්‍ය වරයා හැටියට චීවරධාරීන් යැයි පැවසීම භික්‍ෂූන්වහන්සේට කළ අගෞරවයක් නේද? නිහතමානී අගමැති වරයෙක් නම් කුඩුකාරයින්ට උපකාර කළ අයට නිසි දඬුවම් දීමට කටයුතු කළ යුතුයි නේද? කොසේ හෝ ඔබ ආයතනය කුඩු මුදාගැනීමට ලිපි ලබා දී ඇති බව සත්‍යයකි. බබ තුමා නිවරදි විය යුත්තේ වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙනි.(නදී)
ඔය ලියුම විතරමද දීල තියෙන්නේ? වැරදිලාවත් වෙන එකක්වත් දීල නැද්ද අතට අහු වුනේ නැති ඒවා? එහෙමනම් මල් තියල වඳින්න ඕන මේ උත්තමයට.(නදී)
ගරු අගමැති තුමනි, ඔබේ ලිපි ශීර්ෂයක් යොදාගෙන තිබෙන්නේ එමේ මෙසේ දෙයකට නොවෙයි. දේශපාලඥයෙකු යනු රටේ සර්වබලධාරීන් නොවෙයි. පරික්ෂණ ඉක්මන් කරවා නිර්දෝෂී බව ඔප්පු කරන්න. සංඝයා වහන්සේලාට ඕනෑවට වැඩිය දොස් කියන්න එපා. ඔබගේ කීර්තිනාමය රැක ගන්න.(නදී)
මතට තිත හරියට තිබ්බනම් මෙහෙම වෙන්නේ නැහැ.(දිල්)
තමන්ට ලැබෙන ලිපි වගකීමකින් තොරව අත්සන් කරනවානම් එතනට අගමැතිවරයෙක් මොකටද? අත්සන තියෙන රබර් සීල් එකක් තිබ්බම ඇතිනේ. (දිල්)
අගමැතිතුමා මේ ගැන දන්නෙම නැද්ද ඇත්තට?(දිල්)
තමුන් නිවැරදි නම් එය තහවුරු කරනවා හැර අනෙක් අයට දොස් කීමෙන් පලක් තිබේද? චීවරධාරීන් ගැන ක්‍රියා කිරීම හා තමාගේ ලේකම් කෙනෙක් කුඩු නිදහස් කිරීමට ලිපි යැවීම යනු කාරණා දෙකක්.එය පටලවා ජනතාව ගොනාට ඇන්දවීම කල නොහැකි බව තමුන් වටහා ගතහොත් හොඳයි.තමුන්ගේ නිලධාරීන් රට ජාතිය මුදල්වලට විකුණන විට එය පිලිබඳ කතා කළ පමණින් භික්ෂූන් වහන්සේලා චීවරධාරීන් බවට ඔබට පත් කළ නොහැක.ඔබ පවසන පරිදි ඔබ හා ඔබගේ ලේකම් නිවැරදියි,එම ප්‍රශ්නය පිලිබදව කතා කල අය වැරදියි? කැකිල්ලේ තීන්දුව? .(දිල්)
තණකොළ ඩිංගක් කපන්න හිතුනා ගහ උඩට යන්න. තණකොළ නැහැ ගහ මුදුනේ ඒකයි බිමට බහින්නේ. (නදී)
අගමැති තුමනි ඔබ මොන කතා කිව්වත් කුඩු ප්‍රශ්නෙට ඔබ තුමා සම්බන්ද බව තමයි හැම කෙනෙක්ක්ම හිතන්නේ. අර ලිපිය නිකුත් කරපු ලේකම් තුමාව පොලිසියට බාර නොදුන්නේ මොකද? (නදී)
එතකොට කව්ද ඔය කුඩු තොගය ගෙනාවේ කියලා රටට හෙලිකරන්න. එහෙම නැතුව මේ චෝදනාවලින් ගැලවෙන්න බැහැ.(නදී)
අගමැතිතුමනි, ඔබතුමා අනුන්ට දොස් නොපවරා තමන්ගේ නිදොස් බව ඔප්පුකර පෙන්වන්න. ඔහොම කියන වාරයක් පාසා මහජනයා හිතන්නේ ඔබතුමා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට වක්‍රව උදව් කරන බවයි. ඔවුන්ගෙන් වරප්‍රසාද ලබන බවයි. කරුණාකර ඔබේ ලේකම් වරයා සහ පළාත් පාලන නියෝජිතයා නීතිය හමුවට පමුණුවන්න. ඔබම හිතන්න අනුර කුමාර දිසානායක මන්ත්‍රී වරයා හෙළිදරවු නොකලානම් කවුරුවත් නොදැන ඔබතුමාවත් නොදැන මේ වගේ ජාවාරම් ඔබේ ලිපි යොදාගෙන කොතෙක් කරන්න ඇතිද? (නදී)
වැරදි පිළිගන්න. (ත)
කව්රුන් කාට වුනත් අඩුවෙන් බදු ගෙවා බඩු එලියට ගැනීමට ලිපි නිකුත් කිරීම හොදද? (නදී)
ඔබතුමා බුද්ධ ශාසන ඇමැතිතුමා. නියම කලට වේලාවට නිසි දේ කළා නම් මේ තත්ත්වය උදා වෙන්නේ නෑ. (ත)
ඔන්න අපි නම් ඔබ තුමාට මොකුත් කියලත් නෑ .කියන්නෙත් නෑ. (ත)
භික්ෂූන්ට හිරගත වෙන්ට පාර කැපුවේ කවුද? රහත් වෙන්න පාරකැපුවේ කවුද?ඔය ඇත්තෝ නීතියට වැඩ කලා නම් ඔයවගේ දේවල් අහන්න වෙන්නේ නැහැ නේද?(ත)
එතොකොට කුඩු කන්ටේනරය ? (ත)
අපි ඔක්කොම දන්නවා. (ත)
වැරදිකරුවන් සොයා දඩුවම් කරන ක්‍රමයක් ගැන හිතන්න (ත)
මේවට හතර හිනා. (ත)
බුද්ධ ශාසන ඇමැති ලෙස ඔබගේ වැඩ අප දුටුවා. කරුණා කර ඉල්ලා අස්වෙන්න. (ත)
අනේ කවුද දැං හරි? (ත)
මොනව කියන්නද හිතා ගන්න බෑ..(ත)
දැන්වත් අයින් වෙන එක හොඳ නැද්ද? (ත)
විශ්‍රාම ගියොත් නරකද? (ත)
වෙන රටවල නම් තමාගේ ලේකම් වරයෙක් කුඩු ගෙන්වීමට ලිපියක් ලිව්වනම් සියලු දෙනා ඉල්ලා අස් වෙනවා. (ත)
ඔබතුමා ගැන අපිට හරිම කණගාටුයි .නමුත් වැරැද්ද අපේ අතේ නෙවෙයි . (ත)
ලංකාවේ දේශපාලනය හරියට හින්දි සිනෙමාව වගේ. යුරෝපේ වගේනම් පය 24 න් ඉල්ලා අස්වෙන්න වෙනවා. ඒ රටවල ජනාදිපති පවා උසාවි යවනවා. මේවට මේ අයට බැනල වැඩක් නෑ. (අ)
බදු මුදල් අඩු කරන්න කියල ලියුම් දෙන්න බලයක් තියෙනවද ?හාමුදුරුවෝ කියපු දෙය නිවැරදියි .(අ)
ඉල්ලා අස්වෙන්න ඕන ඔබ තුමා විතරක් නෙවෙයි, තව හුගක් අය ඉන්නවා. (අ)
බුද්ධශාසන අමාත්‍යංශයෙන් "හාමුදුරුවරු"වශයෙන් නිකුත්කළ හැඳුනුම්පත් ඇති අයට "චීවරධාරීන් " කියනවා නම් වැරැද්ද කාගේද? (ත)
දැන් ගියොත් හොදයි නේද? (ත)
අම්බුළුවාවට මොකද වුණේ? (ත)
චීවරය දරන හැම කෙනාම චීවර දාරීන් තමයි. රහතන් වහන්සේ කෙනෙක් වුනත් ඒ විදියට හැඳින්වුවාට එහි ඇති වරදක් නැහැ. (නදී)
එතකොට දැන් කුඩු ගෙනාවේ කව්ද ? සමහර විට රේගුවෙන්ම ගෙන්නලා එයාලම අල්ලගන්න ඇති. (නදී)