උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වූ නීති රීති ගැන වව්නියාවේ ඡන්ද අපේක්ෂකයන් හා පොලිස් නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම් එම් මොහොමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් වවුනියාව දිසාපති කාර්යාලයයේදී පැවැත්විණි.
ඡන්ද ප්‍රචාරක කටයුතු සිදු කිරීම, ඡන්ද මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම, ඡන්ද දායකයන් දැනුම්වත් කිරීම ආදිය ගැනද අපේක්ෂකයන් හා පොලිස් නිලධාරීන් දැනුම්වත් කැරිණි.
වවුනියාව දිස්ත්‍රික් තේරීමිභාර නිලධාරි බන්දුල හරිස්චන්ද්‍ර, වවුනියාව සහකාර මැතිවරණ කොමසාරිස් එන්.කරුණානිධි මහත්වරුද එම අවස්ථාවට පැමිණ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ දැනුවත් කරන විදියටම වැඩ කටයුතු සිද්ධ වෙයිද ...? අනේ අපි නොදන්නා ලයිව් !!!!!!!!!!!!! (ස)
අනේ ! අපේ කට්ටියට නීති හොදට කියලා දෙන්න. අමතක් වෙයිද දන්නේ නැහැ. (නි)
දැන් එයාලා හොද අය වෙලා මේවා හොදින් පිළිපදීවි (නි)
අපරාදේ කියන්න බැහැ, අගේට පිළිපදී (නි)
අපරාදේ මුදල් සහ කාලය (අ)
මේකට ගිය වියදමෙන් බල්ලන්ට ආප්ප අරන් දුන්නා නම් පිනක් හරි ලැබෙනවා .... අපරාදේ මුදල් සහ කාලය (ස)
නීති පනවන එකත් ඒවා පොත්වල තියෙන එකත් සහ නීති පිළිපදින එකත් සම්පුර්ණ වෙනස් දේවල්. බොහෝ රටවල නීති පොතට පමණක් සීමා වෙලා, අපේ රටත් එක්කම. (නි)
අනේ මිනිසුන්ගේ වටිනා කාලය! (නි)
සැප්තැම්බර් 14 මේ රටේ මහා ජන්දය... ඒවා බලලා ගිහින් උපදෙස් දෙන්න පුලුවන් නම් කොච්චර හොඳද? අදටත් පෝස්ටරයක්වත් දකින්න නැහැ (නි)
ඡන්ද නීති ගැනවත් දන්නේ නැති අයද ඡන්දෙ ඉල්ලන්නේ. (නි)
ඡන්දෙ ඉල්ලන්න පෙර රටේ මිනිසුන්ගේ සියලුම අවශ්‍යතාවන් සම්පුර්ර්ණ කරලා සිටිය යුතු බවට මිනිසුනේ හඩ නගා කියාපල්ලා..? අඩු අදායම් ලාබීන්ට මාසිකව රු 5000 ක දීමනාවක් ,ජීවන වියදම,අත්‍යවශ්‍ය පාරිබෝගික බදුවල මිල, පහත දම පාලන මිලක් ඇතිකිරීම ,මහා මාර්ග ,පාලම් ,රේල් ගේට්ටු , රෝහල් වල බෙහෙත් ..?විදුලි බිල ..,? මෙකි නොකී ..සියල්ල දිනාගනිල්ලා මිනිසුනේ ...නැතිනම් කිසිවෙකුට වැට පැනල චන්දෙ ඉල්ලන්න එන්න දෙන්නත් එපා... මිනිසුනේ යන්නත් එපා... ?අපි නම් දෙවියන්ට පින් සිදුවෙන්න පිටරටවල...?උපරිම ප්‍රජාතාන්ත්‍රීකය භුක්ති විදිමින් ජීවත් වෙනවා, ලංකාවේ මිනිසුන් ජීවත් වෙන්න විදින දුක දකිද්දී .. අතට ගත් කෑම ටික ගිලින්න බැරි තරමට හිතට වේදනයි ...? (නදී)