IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘ඡන්දෙට නැති මැතිවරණ කොමිසම කොස් කොටන්නද?‘

‘යහපාලනය කරේ තියාගෙන ගිහින් රාජ්‍ය බලය ලබාගත් උදවියත් ඊට උදව් කළ උදවියත් අද ස්වාධීන මැතිවරණ කොමිසම  පත් කරන්නට පෙර මහා මැතිවරණයක් තියන්න කියනවා.  ගෝඨාභයගේ පොලීසියෙන් ගුටි කාපු අය ජෝන්ගේ පොලීසිය ලවා විරුද්ධවාදීන්ගේ ඔළු පලන්න බලාගෙන ඡන්දෙට පස්සේ ‘පොලිස් කොමිසම‘ පත් කරමු කියනවා.  මහ ඡන්දෙට නැති ‘ස්වාධීන මැතිවරණ කොමිසම ‘ ඡන්දෙන් පස්සේ කොස් කොටන්නද?‘ කියලා ඔය මහා මැතිවරණ තදියමේ දඟලන උදවිය කියන්නට ඕනෑ‘ යි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස සංගමය මගින් පැවැත්වූ ’20 වැනි සංශෝධනය යනු කුමක්ද?‘ සම්මන්ත්‍රණය අමතමින් තෙන්නකෝන් මහතා මෙසේ ද කීවේය.

‘20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පරමාණු බෝම්බයක් හෙළුවා.  ඒ තමයි හැමෝම එකග වුණ කේවල ආසන 160 හිතාගන්න වත් බැරි විදිහට 125 දක්වා අඩු කිරීමට යෝජනා කිරීම.  ඒ විතරක් නොවෙයි, මන්ත්‍රී සංඛ්‍යාව 255 සිට 225 දක්වා අඩු කලාම මේ ක්‍රමය ක්‍රියාත්මක නොවන තත්වයකට පත් වුණා.  සුලු පක්ෂ 20 ට විරෝධය පළ කළේ මේ බෝම්බයෙන් පස්සෙයි.  දැන් කියනවා ‘ස්වාධීන මැතිවරණ කොමිසම පත් කරන්නේ මහ ඡන්දෙන් පස්සේලු.  ඡන්දේ තියන්නේ පොලිස්  කොමිසම යටතේ නොවෙයි ‘ජෝන් බාස්‘ ගේ පොලීසිය යටතේ ලූ. 20 වැනි සංශෝධනය ගැසට් කරන ගමන්ම කියනවා දැන් පාර්ලිමේන්තුව විසිරුවන්නලු.  මේක තමයි දේශපාලන අවස්ථාවාදය.

වසර විස්සක් මේ රටේ ජනතාව ස්වාධීන කොමිෂන් සභා ඉල්ලා සිටියා.  දැන් ඒ සදහා අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනය සිදු වෙලා ඉවරයි.  නමුත් ඒවා ස්ථාපනය කරන්නට පෙර දැන් මහ ඡන්දයක් ඉල්ලවා.  මනාප ක්‍රමය අවසන් කරන්න, කොට්ඨාශ ක්‍රමයක් නැවත ගේන්න රටම ඉල්ලනවා.  දැන් එය කරන්නේ නැතිව පාර්ලිමේන්තුව විසිරුවන්නට කතා කරනවා.  මේ  පිටුපස්සේ දේශපාලනඥයින්  විතරක් නොවෙයි අවස්ථාවාදීන් රැළක් ද ඉන්නවා.  19 ව්‍යවස්ථාවෙන් දිනාගත් ජයග්‍රහණ ආපසු හරවනකම් අප බලාගෙන ඉන්නවාද?  නැතිනම් අද වගේම ‘පරීක්ෂා කොට අසමත්“ පාර්ලිමේන්තුවක් නැවත පත් කර ගන්නවාද කියා නැවත සිතා බලන්නට අවශ්‍යයි.‘



අදහස් (0)

‘ඡන්දෙට නැති මැතිවරණ කොමිසම කොස් කොටන්නද?‘

රට වැසියා Thursday, 18 June 2015 04:50 AM

චීනය: ජනගහනය මිලියන 1362- මන්ත‍්‍රී සංඛ්‍යාව 2987 ඉන්දියාව: ජනගහනය මිලියන 1283- මන්ත‍්‍රී සංඛ්‍යාව 545 ඇමරිකාව: ජනගහනය මිලියන 323- මන්ත‍්‍රී සංඛ්‍යාව 435 ඉන්දුනීසියාව: ජනගහනය මිලියන 256- මන්ත‍්‍ර‍්‍රී සංඛ්‍යාව 560 නයිජීරියාව: ජනගහනය මිලියන 184- මන්ත‍්‍රී සංඛ්‍යාව 360 ජපානය: ජනගහනය මිලියන 126- මන්ත‍්‍රී සංඛ්‍යාව 480 ඔස්ටේ‍්‍රලියාව: ජනගහනය මිලියන 23- මන්ත‍්‍රී සංඛ්‍යාව 150 ලංකාව: ජනගහනය මිලියන 22- මන්ත‍්‍රී සංඛ්‍යාව 225 225 වැඩියි දැනටමත් ;තවත් අය ඕනෙද ? මේ අය වෙනුවෙන් කොපමණ මුදලක් රටට වැය වෙනවද ?වැටුප් ,නිවාස ,කාර්ය මණ්ඩල ,වාහන ඒමදිවට විශ්‍රාම වැටුපකුත් .ඔක්කොමත් හරි ඊලඟට පළාත්සබා,ප්‍රාදේශීය සබා; නගර සබා ,ප්‍රාදේශීය ලේකම් හෝ ග්‍රමසේවකල; මේතරම් අය හිටියත් රටට වැඩක් තියෙනවද ?හැමෝම බලන්නේ පරම්පරා ගානකට හම්බු කරගන්න විතරයි .මේ විදියට ගියොත් ලංකාවට අනාගතයක් තියෙයිද ?ලෝකෙට ණය වෙවී පාර්ටි දානවා .දේශපාලනය නිසා ලංකාව විනාශ වෙනවා. (ස)

:       0       0

ගාමිණි Thursday, 18 June 2015 04:57 AM

හරි කිර්ති තෙන්නකෝන් මහත්තයා ඔයා කියන්නකෝ මැතිවරණ ක්‍රමය කොහොමද වෙන්න ඕනේ කියලා. දේශපාලනයන්ට බැණ බැන ඉන්නවට වඩා තමන්ගේ යුතුකම රටට උචිත ක්‍රමයක් යෝජනා කිරීම. එහෙම නොකර කරන ඕන දෙයකට බැණ වැදීම අපිනම් අනුමත කරන්නේ නැහැ. කොහොමත් පාර්ලිමේන්තුවේ ඉන්න 225 මේ රටට වැඩියි. පුළුවන්නම් තවත් අඩු කරලා 200 විතර හිටියනම් ඇති. මනාප ක්‍රමය නැති කරන්න ඕනේ. ඊලගට පාර්ලිමේන්තු මන්ත්‍රින් ගාණ අඩු කරන ක්‍රමයක් අනාගතයේදි එන්න ඕනේ. ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ලා ඉන්න සත්තු දිහා බලනකොට ජාතික ලැයිස්තුව අවලංගු කරන්න ඕනේ. (ස)

:       0       0

සේන Wednesday, 17 June 2015 01:14 PM

දේශපාලකයින්ගේ අවස්ථාවාදය අපිට තේරුම් ගන්න පුළුවන්. ඒත් තමුන්නාන්සේ මේ සහාය දෙන්න යන්නේ කොහොම පිරිසකටද කියලා හිතෙනකොට අපිට නම් ඇතිවෙන්නේ ලොකු පිළිකුලක්. (නි)

:       0       0

මංජුල Wednesday, 17 June 2015 01:18 PM

නියමයි කියමයි!! (නි)

:       0       0

එච්. ජගත්දේව Thursday, 18 June 2015 05:50 AM

ලංකාවේ මන්ත්‍රී සංඛ්‍යාව වර්ධනය වු ස්වභාවය නිසා අන් රටවල් සමඟ සැසඳීමේදී ඒවායේ ජනගහණයත් මන්ත්‍රී සංඛ්‍යා අනුපාතයත් බලා තීරණ ගැනීම යුක්ති යුක්ත නො වේ. වැඩි වන මන්ත්‍රී සංඛ්‍යාවට යන වියදම සලකා බැලිය යුත්තේ ලංකාවට වසර තිස් ගණනක් තිස්සේ සිදු වු විනාශය ද එවැන්නක් නැවත ඇතිවීම වළකා ගැනීම ද සලකා ය. එ(ම)

:       0       0

ඉසුරන්දි Wednesday, 17 June 2015 01:32 PM

මේවා අපිට තේරෙන්නේ නැහැ මහත්තයෝ. ඔයාල ඡන්දෙ ඉල්ලන කොට අපි කතිර ගහල ඔයාලව පත් කරනවා රටට යමක් කරයි කියන අදහසින්.එච්චරයි අපි දන්නේ. (අ)

:       0       0

විදුර Wednesday, 17 June 2015 02:16 PM

කැෆේ සංවිධානය මෙහිදී ස්වාධීනව කටයුතු කරන බව පෙනෙනවා. කිර්ති කියන්නේ අද ඊයෙක කතාවක් නොවෙයි. අත් දැකීම් සහිතවයි ඔහු අදහස් ප්‍රකාශ කරන්නේ. මහජනතාව තැන තැන කතා කරන දේ අපට ඇහෙනවා. සියල්ලෝම ඉල්ලන්නේ මේ මැතිවරණ ක්‍රමයේ වෙනස් විය යුතුය කියලයි. ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වටා එකතු වූ කණ්ඩායම් එකතු වී සකස් කළ මැතිවරණ ප්‍රකාශනයේ පොරොන්දු ඒ ලෙසින්ම හෝ උපරිමයෙන් කිරීම ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව වී එය රජයකට භාර කළත් ඒ රජයේ මන්දෝත්සාහි භාවය නිසා කිසිවක් ඉටු නොවීම මේ ප්‍රශ්නවලට හේතුවයි. (ර)

:       0       0

අතුල Wednesday, 17 June 2015 02:47 PM

රටේ ජනතාව වසර 67 ක් මෙයාලට බලය දීලත් තවම මෙදෙගොල්ලම කවුද කියල තේරුම් අරගෙන නැහැ. නිදහස වලදැමූ හොරකම අපරාද මත්ද්‍රවය මේ කියන හැම දුෂනයක්ම කලේ මෙදෙගොල්ල නොවේද එහෙම අය රටට හොදක් කරයිද? (ර)

:       0       0

විපුල Wednesday, 17 June 2015 03:52 PM

මේක තමයි නියම ඇත්ත. බලය නැති කොට කෑ මොර දෙනවා. බලය ලැබුනම සද්ද දාපුව කරන්න මතක් කරන්න ඕනේ. මෙය නියම කතාවක් . යහ පාලකයන්ට අමතක උනු වැඩක්. (නදී)

:       0       0

ශිරන්ති Wednesday, 17 June 2015 10:55 PM

19 කියලා සම්මත කරගත්තේ මොකද්ද?ස්වාධීන කියන වචනේ තේරුම දන්නවද? මේ කොමිෂන් වලට දේශපාලඥයින් දැමූවිට ස්වාධීන වෙන්නේ කොහොමද?ඔය කොමිෂන් නැතුවට ගියපාර මැතිවරණ කොමසාරිස්තුමා ලස්සනට වැඩේ කළා.අපි වගේ කුඩා රටකට මේ තරම් නියෝජිතයෝ අවශ්‍යද? ලංකාවේ ඉන්නේ දේශපාලනයෙන් ඔලුව නරකවුණ ජනතාවක්.කවදා හැදෙයිද දන්නේ නැහැ (නි)

:       0       0

සත්‍යයා Wednesday, 17 June 2015 11:01 PM

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් යටතේ පාර්ලිමේන්තුවකට නියෝජිතයින් යවන්නේ ඡන්දය දීපු ජනතාවගේ ප්‍රශ්න විසඳීමටයි. නමුත් අපේ රටේ දේශපාලනඥයෝ තමන්ගේ කාලයත් රටේ සම්පතුත් කාබාසිනියා කරමින් මුළු කාලයම වෙහෙසෙන්නේ ඔවුන්ගේ ප්‍රශ්න විසඳා ගන්නයි. ඒ වෙලාවට තමයි හිතෙන්නේ ස්වාධීන කොමිෂන් සභා මොකටද කියලා (නි)

:       0       0

සඳුන් Wednesday, 17 June 2015 11:19 PM

වරද්දවා තේරුම් ගන්න එපා.කැෆේ කියන්නේ පක්ෂයක් නොවෙයිනේ. ඔහු ස්වාධීනව අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. මැතිවරණ කොමිසම රටට අවශ්‍ය දෙයක්. (නි)

:       0       0

රණතුංග Wednesday, 17 June 2015 11:20 PM

එතුමාගේ කතා හරියටම හරි. දේශපාලන අවස්ථාවාදීන්ට මොළය පෑදේවා! (නි)

:       0       0

කිරන් Thursday, 18 June 2015 02:20 AM

මගේ පෞද්ගලික මතය නම්, ශ්‍රී ලංකාවට පාර්ලිමේන්තුව පමණක් තිබුනා නම් ඇති. පළාත් සභා ප්‍රාදේශීය සභා වලින් වෙන්නේ ජනතාවගේ මුදල් නාස්තිවීමකි. ප්‍රා‍දේශීය සභාවේ බලතල ප්‍රාදේශීය ලේකම්ටත් පළාත් සභාවේ බලතල ආණ්ඩුකාරයාටත් පැවරූවේ නම් මීට වඩා ඵලදායීතාවක් ලබාගත හැකි වේ. (නි)

:       0       0

විරව - සමන් Thursday, 18 June 2015 03:05 AM

සත්‍යා පඬිතුමාගේ මහා බුද්ධිය ගැන අනුකම්පා කරමු.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 4945 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 3389 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 4160 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3549 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 815 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1537 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36216 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24145 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 520 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 225 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site