හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා 1978 වසරේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ රෝපණය කළ සුඳු සඳුන් රුක කපා දැමීමට පිරිසක් දැරූ උත්සාහයක් අසාරථක වී ඇතැයි පේරාදෙනිය පොලිසිය කියයි.
පසුගිය 22 දෙවැනි දා රාත්‍රී ගස කපා දැමීමට උත්සාහ කර ඇති බවත්, ගස ස්ථාන දෙකකින් කැපීමට උත්සාහ කළ බව පෙනෙන බවත් පොලිසිය සඳහන් කරයි.
පේරාදෙණිය උද්භිද උද්‍යානයය මැද ඇති මේ සඳුන් ගසේ වට ප්‍රමාණය අඟල් හතක් පමණ වන බවත්, කැපුම් තුවාල නිසා ගසේ පැවැත්මට බාධාවක් නැති බවත්, අවශ්‍ය ප්‍රතිකාර කරන බවත්, වැඩිදුර පරීක්ෂණ පොලිසියෙන් සිදු කරන බවත් පේරාදෙනිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් ඩී එස් ඒ විජේසුන්දර මහතා කීවේය.
මීට වසර දෙකකට පමණ පෙර ද පේරාදෙනිය උද්භිද උද්‍යානයේ තිබූ සඳුන් ගසක් කපාගෙන ගොස් තිබිණි.
මේ අතර මාදම්පේ ගල්මුරුව හේරත් ගුණරත්න වලව්වේ තිබූ සදු හදුන් ගසක් හොරෙන් කපා කුට්ටි කර වෙනත් නිවසක තබා තිබිය දී සොයා ගත් බව මාදම්පේ පොලිසිය කියයි.
ගිරය ටෙලිනාට්‍ය රූගත කැරුණේ මේ වලව්වේ දී ය.
සුදු හඳුන් කිලෝවක් රුපියල් පන් දහසක් පමණ වේ. සොයා ගත් කඳන්වල බල කිලෝ 300ක් පමණ වන්නට ඇතැයි පොලිසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපි මේවට මොනව කරනද..? (ස)
බටහිර රටවල , ඇමරිකාවේ , සහ තවත් රටවල් මිසුන් ජීවිත පවා පරදුවට තබා වටින ගස් රකිනවා. ඒකට අපේ වනචාරීන් විනාස කරනවා (අ)
1978 වසරේ සිට වසර 36ක කාලයක් තුල වැඩී ඇත්තේ අඟල් 7ක වට ප්‍රමාණයකි! නමුදු වැනසීමට? (නදී)
අපි ගැන පුදුම කණගාටුවක් තියෙන්නේ. (අ)
අහන්න දෙයක් නැහැ. එකත් එකටම අපේම මහජන නියෝජිතයෙක් වෙන්න ඕනෑ.බාගෙට කපද්දී කළකිරිලාද කොහෙද (නි)
මේ අපරාධවලට සොබා දහමෙන් දඩුවම් ලැබේවි. (ස)
මුළු රටම මේ තත්වෙට පත්කළේ කවුද හැබැටම ??? මුළුරටම විනාසය කර ගෙනියන්නේ අපිද සදාචාරය විනය යහපත් සමාජයක් ගොඩනැගිය හැක්කේ කාටද ජනතාව සිටිය යුත්තේ එතන. (ස)
සිදිත මදිත එක ලෙස පැතිරෙයි සුවද . (ස)
අනින් ගෝලයෝ කල වැඩක්. (ස)
මේ දේවල් අනාගත පරපුරට දැකගන්න ඉතුරු කරපල්ලා මිනිසුනේ. (ස)
සඳුන් ගසේ වට ප්‍රමාණය අනුව අපිට හිතාගන්න පුලුවන් (නි)
හොරකමට දැන් තිබෙන අවස්ථාව නැතිවෙයි කියලා සමහරුන්ට සැකයක් තිබෙනවා. (නි)
ඇයි මෙවැනි වටිනා ගස් ලක්ෂයක් දෙකක් හදලා රට පුරාම හිටවන්න බැරි? (නි)
ලංකාවේ මිනිස්සු පුදුම මෝඩ පිරිසක්. ස්වභාව ධර්මය විනාශ කරන්නේ තමන්ගේ මතු පරපුර ගැන නොහිතා. (නි)
පේරාදෙණිය උද්භිද උද්‍යානයෙත් ගස් කපනවානම් අනිත් ගස් ගැන කුමන කතාද ? (ත)
හොරුන් කළුවරේ මේ ගහම විතරද දැකල තියෙන්නේ ? (ත)
තිරිසන් මිනිසුන් සොබාදහමට ගහකොළට වින කරනවා. මේවයේ පලවිපාක විඳින්න වෙන්නේ අනාගත දරු පරපුරට. (නි)
දැන් එතකොට පේරාදෙණිය උද්‍යානයට ඕනෑ කෙනෙකුට රෑට පැනලා ගස් කපන්න පුළුවන්ද? (නි)
මේවා කරන්න පිටරට වලින් හෝ සාමාන්‍ය ජනතාව එන්නේ නැහැ. (නි)