IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ජංගම ගබ්සා මධ්‍යස්ථානයක් මාතලේ

ත්‍රීරෝද රථයක් තුළ  ජංගම ගබ්සා මධ්‍යස්ථානයක්  පවත්වාගෙන ගිය බව කියන ව්‍යාජ වෛද්‍යවරයෙක් සහ ඔහුගේ සහයකයා මාතලේ නගරයේදි අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

පොලිස් කාන්තාවක හා පොලිස් කොස්තාපල්වරයෙකු උපාය දූතයන් ලෙස ‘ගබ්සාවක්‘ කර ගැනීමට ගොස් මේ දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇත.

රුපියල් 20 ක බෙහෙත් වලින් ඔවුන්  ත්‍රීරෝද රථයේදිම ගබ්සාව කරන බවත් ඒ සඳහා රුපියල් 18000 ක මුදලක් අය කරන බවත්  දැනගන්නට ඇත.

මීට අමතරව ත්‍රීරෝද රියේ ගාස්තුවද ගෙවිය යුතුය.

මහනුවර, මාතලේ, කුරුණෑගල ආදී පෙදෙස් හි මෙම දෙදෙනා අඩු ගනනේ ගබ්සා 200 ක් වත් කරන්නට ඇතැයි පොලීසිය කියයි.

 

 



අදහස් (0)

ජංගම ගබ්සා මධ්‍යස්ථානයක් මාතලේ

චමින්ද Sunday, 15 June 2014 02:23 AM

ජගත් ලියනගේ ඔබ හරි.ඕස්ට්‍රේලියාවේ සිසු සිවියන්ට,හය වසරේ සිට ලිංගික අධ්‍යාපනය ගැන කියා දෙනවා.සමහරු මෙතන ඔස්ට්‍රේලියාව ගැන යම් යම් අදහස් පල කරාට එරටෙහි සංඛ්‍යා ලේඛන පෙන්වන ආකාරයට තරුණ අයගේ අනවශ්‍ය ගැබ් ගැනීම් හරිම අඩුයි.ඒ මන්ද , ළමයින්ව කුඩා කාලයේ සිට පාසල් වලින් ඒ පිලිබදව දැනුවත් කරන නිසා. (දී)

:       0       0

උපා Sunday, 15 June 2014 04:21 AM

දොස්තරගේ පොටෝ එක දාන්න (දී)

:       0       0

ලාලනී Sunday, 15 June 2014 07:01 AM

දරුවෙකු බිහිකොට ඒ දරුවාගේ වගකීම තමන්ට ගන්න බැරි නම් දරුවන් හදා නොගන්න කාන්තාවන් දැනගන්න ඕන. යමක් සිදු වූ පසු තුන් ලෝකයේම ඉන්න පිරිමි අයට බැනලා වැඩක් නැහැ. සමහරුන් ට ලිංගික අධ්‍යාපනය දුන්නත් වැඩක් නැහැ . අන්තිමේ අමාරුවේ වැටෙනවා. (ස)

:       0       0

ෂෙරිෆ් Saturday, 14 June 2014 02:32 PM

කෙසේ සෝදා ගන්නද මේ මහ පාප කර්මය (නදී)

:       0       0

රෝහණ Sunday, 15 June 2014 09:14 AM

හරක් මරණ එක තමා ලොකුම වරද. (දී)

:       0       0

සුනිල් ගම්පහ Saturday, 14 June 2014 02:57 PM

ඔන්න තියෙන සංවිධානවලට පැනලා වටකරලා නැති කරන්න තැනක්. මේවා පෙනෙන්නේ නැද්ද? නුපන් දරුවන් මරණ වදකාගාරයක් (නදී)

:       0       0

නිරූපා Saturday, 14 June 2014 02:59 PM

මේ අයට වෙනම අලුගෝසුවෙක් තියන්න ඕනා. (නදී)

:       0       0

කුසුම් Saturday, 14 June 2014 03:11 PM

ගබ්සාව නීතිගත කරලා ප්‍රමිතියක් ඇතිව මේ දේවල් සිදු උනොත් නරකද? නීති රීති දමා කොපමණ මේවා නැවැත්තුවත් හොර රහසේ ඕනෑතරම් මේ දේවල් සිදුවෙන නිසයි මා මෙසේ ලිවේ. ආගම දහමට අනුව මෙය වරදක් තමයි. නමුත් සමාජයේ සිදුවෙන යම් සිදුවීම් හා සසදා බලද්දී මේවා ගැන යම් සාධාරණ තීන්දුවක් ගත යුතු බව මගේ හැඟීමයි. (නදී)

:       0       0

අහාන් Saturday, 14 June 2014 03:14 PM

ලංකාවේ පාසල් වල නියම ලිංගික අධ්‍යාපනයක් නැතිකම මේ වගේ අපරාද වලට පෙළඹීමේ මුලික හේතුවයි. අපේ සංස්කෘතිය සමහර වෙලාවට අවශ්‍ය දේ පවා වසන්කරන්න පොලඹවනවා. (නදී)

:       0       0

සුනිල් ශාන්ත Saturday, 14 June 2014 03:14 PM

ඔයා කියන හැටියට සංවිධාන වලින්ද ඕව අල්ලන්න ඕනේ.. පොලිසිය ඉන්න අල කන්නද.. (නදී)

:       0       0

සේන Saturday, 14 June 2014 03:32 PM

අපේ සංස්කෘතික බෙදීම් සහ ලිංගික අධ්‍යාපනයේ අඩුකම නිසා මෙවැනි දේවල් සිදු වෙනවා. මගේ නම් අදහස ආගම කුමක් වුනත් කාන්තාවගේ කැමැත්ත අනුව ගබ්සා කරගැනීමේ නිදහස තිබිය යුතුයි එවිට අඩු තරමේ කාන්තාවගේ ආරක්ෂාව වත් තියෙනවා. එක පවක් නම් ඒ පව් පලදෙන්නේ එක කරන අයට සහ කරවන යට නිසා සමාජයට ඒ පිළිබද වැඩ වෙන්න අවශ්‍ය නැහැ.

:       0       0

පිටබැද්දර ජයා Saturday, 14 June 2014 03:34 PM

ලිංගික අධ්‍යපනයෙන් විතරක් මේවා නවතන්න පුළුවන් නම් ඖෂ්ට්‍රලියව , ඇමරිකාව , බ්‍රිතාන්‍ය , වගේ රටවල් වල මේ සෙල්ලම් මොනතරම් නවතින්න ඕනද ? මම කියන්නේ ගැබ් ගන්න එක ! එක නෙවෙයි වෙන්න ඕන හිත දමනය කරගන්න පුළුවන් විනය ගරුක දරුවෝ සමාජගත කරන්න මවුපියන්ට වගේම ආගමික ස්ථානවලටත් ලොකු වගකීමක් පැවරිලා තියෙනවා නේද මේ සිද්දි දිහා බැලුවම ? (අ)

:       0       0

ලුම්බිණි Saturday, 14 June 2014 03:36 PM

ගබ්සා කර ගැනීමේ අයිතිය කාන්තාවන්ට තිබිය යුතුයි, මේ නවතන්න නීති දැමීම තුලින් කරන්නේ විශාල වරදක්. මේ තුලින් කරන වරද තේරුම් ගන්න තරම් හැකියාවක් පාලකයන්ට නැති හැටි. (අ)

:       0       0

කමනි Saturday, 14 June 2014 04:21 PM

මේවා බෞද්ධ රටක වෙන දේවල්ද? (අ)

:       0       0

බහානු Saturday, 14 June 2014 04:39 PM

අද කාලයේ දරුවන් නැතිව දුකින් කල් ගෙවන විවාහක යුවලවල් කී දෙනෙක් සමාජයේ ඉන්නවද ? ඒ සමහරු සන්තකේම දොස්තරලාට වියදම කරලා. සමහරු පිටරට පවා යනවා ප්‍රතිකාර ගන්න . දරුවන් අවශ්‍ය නැතිනම් නොහදා ඉන්න ඕන. බලහත්කාරකමක ප්‍රතිපලයක් නෙවෙයි නම් මේවා මහා අපරාධ .(අ)

:       0       0

සේන Saturday, 14 June 2014 04:48 PM

ජය මහත්මයා, තමන්ට තමන්ගේ හැගීම් කොච්චර පාලනය කරගන්න පුළුවන් උනාද කියල ඔබම හිතන්න. පිරිමියකුට යම් නිදහසක් තිබුණාට කාන්තාවකට එහෙම බැහැ. නමුත් හැගීම් කාටත් පොදුයි. අතීතයේ ඕනෑ තරම් සිදු වී ඇත. අපි මේ බොරු සංස්කෘතික කඩතුරාවෙන් ඉවත් වියයුතුයි.(අ)

:       0       0

කාන්ති Saturday, 14 June 2014 05:34 PM

දරුවන් නැතිව දුක් වෙන කීදෙනෙක් මේ ලෝකයේ ඉන්නවාද ? මගේ ඥාති දියණියකත් එවැනි තත්වයක් නිසා හරිම පීඩාවකින් ඉන්නේ. එත් මේ අයට දරුවන්ගේ අගය නොතේරන හැටි. ඔන්න ස්ත්‍රී දුෂණයක් නිසා ඇතිවුන තත්වයක් නම් වෙනස් හේතුවක්. එත් මෙහෙම අපරාධ (අ)

:       0       0

රත්නසිරි Saturday, 14 June 2014 05:54 PM

මේ වගේ හොර දොස්තරලා, හොර ඖෂධ ගබඩා,හොර කියන පදය දාගෙන තව මොනතරම් වැඩ කරණවද? ඒ කවුද 100% ? නීතිය හරියට ක්‍රියා කරණවා නම් මේවා නතර කළ හැකියි. මාධ්‍යයටත් නිදහස තිබිය යුතුයි ලාංකික කියපු වාම හැමෝම ගාවා නොගනෙන . කරණ හොරුන්ගේ නමවත් කියනවා නම් මිනිස්සු හොර වැඩ නතර කරයි. (අ)

:       0       0

රොෂාන් Saturday, 14 June 2014 06:18 PM

මේ වගේ දේවල් තියන්න හොද නෑ. මේ අයට හොද පාඩම් මේවා.ඉහල දඩුවම් දෙන්න ඕනි (අ)

:       0       0

රසික Saturday, 14 June 2014 06:30 PM

ඇත්තටම මේවගේ පව් කාරයන්ට කිසිම සමාවක් දෙන්න හොඳ නෑ. ළමයි නැතිව මේ සමාජයේ කොපමණ මිනිස්සු සිටිනවාද කොපමණ දුක් විදිනවද මේ වගේ පාපතරයන්ට දෙන්න ඕන උපරිම දඩුවම දෙන්න ඕන...මොකද දෙවිවරුවගේ දොස්තරලටත් මේවගේ මිනිස්සු කෑලලක් නොවේද..? (අ)

:       0       0

විජේසිංහ Saturday, 14 June 2014 08:21 PM

ඇයි අපේ අය වැරදි කරනොකොට අපි කරබාගෙන ඉන්නේ ? මේ වැරැද්දම අන්‍යාගමිකයෙක් කලා නම් ? (දී)

:       0       0

ජගත් ලියනගේ Saturday, 14 June 2014 09:10 PM

නොදැනුවත් කම නිසා තමයි මේ වගේ තැන් සොයාගෙන ගෙන යන්නේ. වෙන රටවල් වල වගේ ලිංගික අධ්‍යාපනය ප්‍රචලිත කල යුතයි. (දී)

:       0       0

සිරා Saturday, 14 June 2014 10:36 PM

ගබ්සා සිදුකලැයි කියන ව්‍යාජ වෛද්‍යවරයා සහ ඔහුගේ සහායකයා රු.1000.00 බැගින් වූ මුදල් ඇප දෙකක් මත මුදා හැර ඇත​.(දී)

:       0       0

පද්මිණි Sunday, 15 June 2014 12:41 AM

ලෝකය යන දිහාට මිස අපිට ආපහු හැරෙන්ට බැහැ. ලිංගික අධ්‍යාපනය පාසල් තුල ඇති කළයුතු වගේම ගබ්සාව නීති ගත කිරීමෙන් කාන්තාවන්ගේ ආරක්ෂාව ඇති කර ගත යුතුයි කියා මම හිතනවා. අනේ, ජයා මහත්තය, දත් නැතිදා උක් දඩු ගිනි තපින්ඩද? නේ? (දී)

:       0       0

ලක්ෂපාන Sunday, 15 June 2014 01:56 PM

කුසුම් කියන දේ හරි. මිනිසුන් අතින් අත්වැරදීම් වෙනවා. නමුත් ඉතාමත් පිවිතුරු සිතුවිල්ලක් හටගෙන ළමයෙක් හදනවා නම් පමණයි මේ ලෝකයට යහපත් දරුවන් දායාද වෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1245 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 758 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1850 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 478 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2748 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37156 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24471 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 623 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site