ත්‍රීරෝද රථයක් තුළ ජංගම ගබ්සා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බව කියන ව්‍යාජ වෛද්‍යවරයෙක් සහ ඔහුගේ සහයකයා මාතලේ නගරයේදි අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
පොලිස් කාන්තාවක හා පොලිස් කොස්තාපල්වරයෙකු උපාය දූතයන් ලෙස ‘ගබ්සාවක්‘ කර ගැනීමට ගොස් මේ දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇත.
රුපියල් 20 ක බෙහෙත් වලින් ඔවුන් ත්‍රීරෝද රථයේදිම ගබ්සාව කරන බවත් ඒ සඳහා රුපියල් 18000 ක මුදලක් අය කරන බවත් දැනගන්නට ඇත.
මීට අමතරව ත්‍රීරෝද රියේ ගාස්තුවද ගෙවිය යුතුය.
මහනුවර, මාතලේ, කුරුණෑගල ආදී පෙදෙස් හි මෙම දෙදෙනා අඩු ගනනේ ගබ්සා 200 ක් වත් කරන්නට ඇතැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන් නැතිව දුක් වෙන කීදෙනෙක් මේ ලෝකයේ ඉන්නවාද ? මගේ ඥාති දියණියකත් එවැනි තත්වයක් නිසා හරිම පීඩාවකින් ඉන්නේ. එත් මේ අයට දරුවන්ගේ අගය නොතේරන හැටි. ඔන්න ස්ත්‍රී දුෂණයක් නිසා ඇතිවුන තත්වයක් නම් වෙනස් හේතුවක්. එත් මෙහෙම අපරාධ (අ)
කුසුම් කියන දේ හරි. මිනිසුන් අතින් අත්වැරදීම් වෙනවා. නමුත් ඉතාමත් පිවිතුරු සිතුවිල්ලක් හටගෙන ළමයෙක් හදනවා නම් පමණයි මේ ලෝකයට යහපත් දරුවන් දායාද වෙන්නේ. (නි)
හරක් මරණ එක තමා ලොකුම වරද. (දී)
දරුවෙකු බිහිකොට ඒ දරුවාගේ වගකීම තමන්ට ගන්න බැරි නම් දරුවන් හදා නොගන්න කාන්තාවන් දැනගන්න ඕන. යමක් සිදු වූ පසු තුන් ලෝකයේම ඉන්න පිරිමි අයට බැනලා වැඩක් නැහැ. සමහරුන් ට ලිංගික අධ්‍යාපනය දුන්නත් වැඩක් නැහැ . අන්තිමේ අමාරුවේ වැටෙනවා. (ස)
දොස්තරගේ පොටෝ එක දාන්න (දී)
ජගත් ලියනගේ ඔබ හරි.ඕස්ට්‍රේලියාවේ සිසු සිවියන්ට,හය වසරේ සිට ලිංගික අධ්‍යාපනය ගැන කියා දෙනවා.සමහරු මෙතන ඔස්ට්‍රේලියාව ගැන යම් යම් අදහස් පල කරාට එරටෙහි සංඛ්‍යා ලේඛන පෙන්වන ආකාරයට තරුණ අයගේ අනවශ්‍ය ගැබ් ගැනීම් හරිම අඩුයි.ඒ මන්ද , ළමයින්ව කුඩා කාලයේ සිට පාසල් වලින් ඒ පිලිබදව දැනුවත් කරන නිසා. (දී)
ලෝකය යන දිහාට මිස අපිට ආපහු හැරෙන්ට බැහැ. ලිංගික අධ්‍යාපනය පාසල් තුල ඇති කළයුතු වගේම ගබ්සාව නීති ගත කිරීමෙන් කාන්තාවන්ගේ ආරක්ෂාව ඇති කර ගත යුතුයි කියා මම හිතනවා. අනේ, ජයා මහත්තය, දත් නැතිදා උක් දඩු ගිනි තපින්ඩද? නේ? (දී)
ගබ්සා සිදුකලැයි කියන ව්‍යාජ වෛද්‍යවරයා සහ ඔහුගේ සහායකයා රු.1000.00 බැගින් වූ මුදල් ඇප දෙකක් මත මුදා හැර ඇත.(දී)
නොදැනුවත් කම නිසා තමයි මේ වගේ තැන් සොයාගෙන ගෙන යන්නේ. වෙන රටවල් වල වගේ ලිංගික අධ්‍යාපනය ප්‍රචලිත කල යුතයි. (දී)
ඇයි අපේ අය වැරදි කරනොකොට අපි කරබාගෙන ඉන්නේ ? මේ වැරැද්දම අන්‍යාගමිකයෙක් කලා නම් ? (දී)
ඇත්තටම මේවගේ පව් කාරයන්ට කිසිම සමාවක් දෙන්න හොඳ නෑ. ළමයි නැතිව මේ සමාජයේ කොපමණ මිනිස්සු සිටිනවාද කොපමණ දුක් විදිනවද මේ වගේ පාපතරයන්ට දෙන්න ඕන උපරිම දඩුවම දෙන්න ඕන...මොකද දෙවිවරුවගේ දොස්තරලටත් මේවගේ මිනිස්සු කෑලලක් නොවේද..? (අ)
මේ වගේ දේවල් තියන්න හොද නෑ. මේ අයට හොද පාඩම් මේවා.ඉහල දඩුවම් දෙන්න ඕනි (අ)
මේ වගේ හොර දොස්තරලා, හොර ඖෂධ ගබඩා,හොර කියන පදය දාගෙන තව මොනතරම් වැඩ කරණවද? ඒ කවුද 100% ? නීතිය හරියට ක්‍රියා කරණවා නම් මේවා නතර කළ හැකියි. මාධ්‍යයටත් නිදහස තිබිය යුතුයි ලාංකික කියපු වාම හැමෝම ගාවා නොගනෙන . කරණ හොරුන්ගේ නමවත් කියනවා නම් මිනිස්සු හොර වැඩ නතර කරයි. (අ)
කෙසේ සෝදා ගන්නද මේ මහ පාප කර්මය (නදී)
ජය මහත්මයා, තමන්ට තමන්ගේ හැගීම් කොච්චර පාලනය කරගන්න පුළුවන් උනාද කියල ඔබම හිතන්න. පිරිමියකුට යම් නිදහසක් තිබුණාට කාන්තාවකට එහෙම බැහැ. නමුත් හැගීම් කාටත් පොදුයි. අතීතයේ ඕනෑ තරම් සිදු වී ඇත. අපි මේ බොරු සංස්කෘතික කඩතුරාවෙන් ඉවත් වියයුතුයි.(අ)
අද කාලයේ දරුවන් නැතිව දුකින් කල් ගෙවන විවාහක යුවලවල් කී දෙනෙක් සමාජයේ ඉන්නවද ? ඒ සමහරු සන්තකේම දොස්තරලාට වියදම කරලා. සමහරු පිටරට පවා යනවා ප්‍රතිකාර ගන්න . දරුවන් අවශ්‍ය නැතිනම් නොහදා ඉන්න ඕන. බලහත්කාරකමක ප්‍රතිපලයක් නෙවෙයි නම් මේවා මහා අපරාධ .(අ)
මේවා බෞද්ධ රටක වෙන දේවල්ද? (අ)
ගබ්සා කර ගැනීමේ අයිතිය කාන්තාවන්ට තිබිය යුතුයි, මේ නවතන්න නීති දැමීම තුලින් කරන්නේ විශාල වරදක්. මේ තුලින් කරන වරද තේරුම් ගන්න තරම් හැකියාවක් පාලකයන්ට නැති හැටි. (අ)
ලිංගික අධ්‍යපනයෙන් විතරක් මේවා නවතන්න පුළුවන් නම් ඖෂ්ට්‍රලියව , ඇමරිකාව , බ්‍රිතාන්‍ය , වගේ රටවල් වල මේ සෙල්ලම් මොනතරම් නවතින්න ඕනද ? මම කියන්නේ ගැබ් ගන්න එක ! එක නෙවෙයි වෙන්න ඕන හිත දමනය කරගන්න පුළුවන් විනය ගරුක දරුවෝ සමාජගත කරන්න මවුපියන්ට වගේම ආගමික ස්ථානවලටත් ලොකු වගකීමක් පැවරිලා තියෙනවා නේද මේ සිද්දි දිහා බැලුවම ? (අ)
අපේ සංස්කෘතික බෙදීම් සහ ලිංගික අධ්‍යාපනයේ අඩුකම නිසා මෙවැනි දේවල් සිදු වෙනවා. මගේ නම් අදහස ආගම කුමක් වුනත් කාන්තාවගේ කැමැත්ත අනුව ගබ්සා කරගැනීමේ නිදහස තිබිය යුතුයි එවිට අඩු තරමේ කාන්තාවගේ ආරක්ෂාව වත් තියෙනවා. එක පවක් නම් ඒ පව් පලදෙන්නේ එක කරන අයට සහ කරවන යට නිසා සමාජයට ඒ පිළිබද වැඩ වෙන්න අවශ්‍ය නැහැ.
ඔයා කියන හැටියට සංවිධාන වලින්ද ඕව අල්ලන්න ඕනේ.. පොලිසිය ඉන්න අල කන්නද.. (නදී)
ලංකාවේ පාසල් වල නියම ලිංගික අධ්‍යාපනයක් නැතිකම මේ වගේ අපරාද වලට පෙළඹීමේ මුලික හේතුවයි. අපේ සංස්කෘතිය සමහර වෙලාවට අවශ්‍ය දේ පවා වසන්කරන්න පොලඹවනවා. (නදී)
ගබ්සාව නීතිගත කරලා ප්‍රමිතියක් ඇතිව මේ දේවල් සිදු උනොත් නරකද? නීති රීති දමා කොපමණ මේවා නැවැත්තුවත් හොර රහසේ ඕනෑතරම් මේ දේවල් සිදුවෙන නිසයි මා මෙසේ ලිවේ. ආගම දහමට අනුව මෙය වරදක් තමයි. නමුත් සමාජයේ සිදුවෙන යම් සිදුවීම් හා සසදා බලද්දී මේවා ගැන යම් සාධාරණ තීන්දුවක් ගත යුතු බව මගේ හැඟීමයි. (නදී)
මේ අයට වෙනම අලුගෝසුවෙක් තියන්න ඕනා. (නදී)
ඔන්න තියෙන සංවිධානවලට පැනලා වටකරලා නැති කරන්න තැනක්. මේවා පෙනෙන්නේ නැද්ද? නුපන් දරුවන් මරණ වදකාගාරයක් (නදී)