ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සඳහා වූ පනත් කෙටුම්පත නොබෝදිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපතිවරයා වෙනුවේ මෙම දැනුම් දීම සිදු කරනු ලැබුවේ රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා වූ සංවිධානය වෙනුවෙන් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නීතීඥ විවේකා සිරිවර්ධන මහත්මිය විසිනි.
මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
මෙම පෙත්සම අගවිනිසුරු මොහාන් පීරිස්, කේ ශ්‍රී පවන් සහ රෝහිනී මාරසිංහ මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක "අතුරුදහන්වෙලා" කියලා ඇමතිතුමාම නේද කියුවේ? මේ හදිස්සියට කොහෙන්ද ඕක ආපහු හොයාගත්තේ? (නි)
නොබෝ දිනකින් නේද? ආයේ අතුරුදහන් වෙනෙ එකක් නැහැනේ. නේද ? (නි)
පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නත් උසාවි යන්න ඕනෙද ? (නදී)
හැම දේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.එතනින් එහාට වෙන දෙයක් නැති එකනේ ප්‍රශ්නේ.මේක රටට අවශ්‍යම මොහොතක්.පලිබෝධ නාශක තහනම් කරන යෝජනාවට මොකද වුනේ?කව්රුහරි දන්නවද? (නි)
උත්තරීතර මණ්ඩලේ ඉන්න මහත්වරුන් ඔය කියන එක ආයේමත් නැතිකරගන්න එපා හොදේ.(අ)
දුප්පතාට සතුටුදායක පුවතක්. .මීළඟට එන අමාත්‍ය මණ්ඩල සංශෝදනයේදී ගරු මෛත්‍රිපාල සිරිසේන අමාත්‍ය තුමාව මාරු නොවේවා ! (අ)
යන්තම් ඇති . දන්නේ නැහැ තිබුනේ කොහෙද කියලා. ඉතින් බොරුවට නම් වැඩ එපා. කරන එක හරියට කරන්න අර මහාචාර්ය බිබිලේ සකස් කලා වගේ. එහෙම නැත්තන් ඕක නිකන් පුස්සක් වගේ වේවි. ඊ ලග කාරනේ තමයි අර දොස්තර කෙනෙක් ලියල තිබුන සදාචාර සමාජයකට 'රෝගී ප්‍රඥප්තියක්' අවශ්‍යයයි කියලා. ඒකත් හදලා බැලුවා නම් හොදා.(නදී)
සේනක බිබිලේ මැතිඳුනි ඔබට නිර්වාණයම ක්ශාත් ක්සාත් වෙත්වා.(නදී)
රටට ඉතාම වැඩදායක වන මේ පනත දුශිතයන්ගේ බලපෑම නිසා මෙතෙක් ප්‍රමාද වුනා. මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමාට මේක ගෙන්න අවංක උවමනාවක් තිබුන බවත් අපි විශ්වාශ කරනවා. ලේසි නැහැ සෞඛ්‍ය මාෆියාවෙන් ගැලවිලා මේ වගේ දෙයක් කරන එක. මීට උපස්තම්භක වූ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකා පුත්‍ර මහාචාර්ය සේනක බිබිලේ මැතිඳුන් ඔබට දෙව්ලොව සිට ආශීර්වාද කරාවි මේ වැඩේට.(නදී)
කෙටුම්පත් මොකටද රටේ හුඟක් බෙහෙත් ජාතිවත් නැතිකොට? (නි)