IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


‘ජාතිවාදී අඩව්වෙන් බිම වැටෙන්නේ විග්නේෂ්වරන්මයි‘

සාමය සමගිය වෙනුවට වෛරය ක්‍රෝධය ගොඩනඟන දුරදිග නොබලන, මහපොළව නොදකින, උතුරේ සාමාන්‍ය පොඩි මිනිහගේ අපේක්ෂා  පිළිබඳ අල්ප මාත්‍රයකවත් හැඟීමක් නැති ජාතිවාදීන් එක්ක එකතුවී අසිමිත බල තන්හාවෙන් කටයුතු කරන විග්නේෂ්වරන් මහ ඇමැතිට එරෙහිව මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාම ප්‍රජාතන්ත්‍රවාදීව එක්සත් විය යුතු  යැයි විදුලි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා බණ්ඩාරගම එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරින් පිරිසකගේ හමුවක දී පැවසීය .

‘උතුරේ මහ ඇමති විග්නේෂ්වරන් මහතා මේ දවස්වල ලොකු අඩව්වක් අල්ලනවා. මේ රටේ භූමියේ යථාර්ථය ගැන නොසිතා උතුරේ ඉන්න ජාතිවාදීන් එක්ක එකතුවී මේ රට ගොඩනගන එක, රටක් හදන වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න වැඩ කරනවා‘

‘විග්නේෂ්වරන්ට බොහොම පැහැදිලිව කියන්නට ඕනෑ යහපාලන රජය යටතේ මේ රට බෙදන්න, මේ රට ෆෙඩ්රල් කරන්න, මේ රටේ දෙමළ මනුස්සයට, සිංහල මනුස්සයට මුස්ලිම් මනුස්සයට එකම අයිතිවාසිකම තියාගෙන මේ රටේ ජීවත්වෙන්න පුළුවන් ඒ පරිසරය හදන වැඩපිළිවෙළ නතර කරන්න අපි කිසි ලෙසක ඉඩ දෙන්නේ නැහැ. අලුත් ව්‍යවස්ථාවක් හදලා මේ රටේ සිංහල දෙමල මුස්ලිම් හැමෝටම සමාන අයිතිවාසිකම් සහිතව ජිවත්වන පරිසරයක් මේ රටේ ගොඩනගනවා උතුරෙත් දකුණෙත් හැමෝටම සුහදව සාමකාමීව ජිවත්වෙන්න පුළුවන් පරිසරයක් අපි ගොඩනගනවා‘

‘උතුරේ හා දකුණේ ජාතිවාදයටත්,  ආගම් වාදයටත්, ප්‍රදේශ වාදයටත් තවදුරටත් තැනක් නැහැ. එල්ටීටීයේ ඉතුරු නෂ්ඨාවශේෂවලට නැවත පණ ගසන්නට ඉඩදෙන විග්නේෂ්වරන්ලාගේ මේ දේශද්ද්‍රෝහි දේශපාලනය අවසන් කරන්නට සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝම එකතු වෙන්න ඕනෑ‘ 

             

 



අදහස් (0)

‘ජාතිවාදී අඩව්වෙන් බිම වැටෙන්නේ විග්නේෂ්වරන්මයි‘

මොහාන් Tuesday, 27 September 2016 08:43 AM

යහපාලන රජයේ නිල ස්ථාවරය මෙය නම්, විපක්ෂයේ සිටින බොරු ජාතිවාදීන්ට අබ සරණ තමා. (නි)

:       0       0

සුසන්ත Tuesday, 27 September 2016 08:44 AM

දකුණේ නම් තැනක් නැහැ තැනක් නැහැ කිවුවට බලන්න එපැයි උතුරේ ඉන්න සෙනඟ, ජාත්‍යන්තරයේ තියෙන සහයෝගය! (නි)

:       0       0

කිත්සිරි Tuesday, 27 September 2016 08:46 AM

මේවා පිටුපස ලංකාවට විරුද්ධ විදෙස් රටවල බුද්ධි අංශ ක්‍රියාකරන බවට සැකයක් නැත. (නි)

:       0       0

මලිත් Tuesday, 27 September 2016 08:49 AM

ලොව කිසිම රටක නොකරන භාෂා දෙකකින් ජාතික ගීය ගයන මේ රටේ සංහිඳියාව ගැන කතාකර වැඩක් නැත (නි)

:       0       0

දිමුතු Tuesday, 27 September 2016 08:52 AM

හිඟන්නාගේ තුවාලය වගේ මේ උතුරේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ (නි)

:       0       0

සමරසිංහ Tuesday, 27 September 2016 08:57 AM

මේ උදාර රටේ දෙමල ජනතාවට වෙනම ප්‍රදේශයක් සහ සිංහල ජනතාවට වෙනම ප්‍රදේශ තිබෙන බව පිළිගන්න එපා. මේ රටේ ඕනෑම පුරවැසියෙකුට ඕනෑම තැනක වාසය කිරීමේ අයිතිය අගයමු. (බ)

:       0       0

ලියනගේ Tuesday, 27 September 2016 09:03 AM

මේ වගේ ප්‍රශ්නයක් ඇති කරලා ඇමරිකාව වගේ රටවල් මේක ඇතුලට රිංග ගන්න බලාගෙන ඇති. අවදිව ඉන්න. (බ)

:       0       0

නිමල් ලලිත Wednesday, 28 September 2016 03:04 AM

සාමය සහජීවනය කෙසේවෙතත් සිංහල කියන බලපෙරේත දේශපාලකයන්ගේ කෙරුවාව නිසා අනාගතයේදී සිංහලයා මේ රටේ අසරණ වෙනවා. හැකිනම් තමුන්නාන්සේ හෝ අක්කරේපත්තුවෙන් කාත්තන්කුදියෙන් තරඟකර ජයගෙන පෙන්වන්න. (නි)

:       0       0

හෆීල් Tuesday, 27 September 2016 09:08 AM

විග්නේශ්වරන්, සිවාජිලිංගම්, ආනන්දී ශෂිදරන්ලා උත්සාහ කරන්නේ රටතුල ආයිත් යුද්ධයක් ඇති කරන්න. එතකොට තමයි ඔවුන්ගේ පැවැත්ම තියන්නේ.(බ)

:       0       0

සජී Tuesday, 27 September 2016 09:16 AM

කථාව විතරයි නියපොත්තෙන් කඩන්නේ නැති අය පොරොවෙන් කපයිද (බ)

:       0       0

සිරි Tuesday, 27 September 2016 09:49 AM

මෙයා දැන්ද ඇහැරුනේ. අපි නම් ඕක කලින්ම දැනගෙන හිටියා (බ)

:       0       0

ජයරත්න Tuesday, 27 September 2016 10:54 AM

උතුර දකුණ බේදයක් නැතිව සෑම ජාතිවාදයකටම විරුද්ධ වෙන යහපාලන රජයට අපේ ප්‍රණාමය. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 769 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 1726 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 83 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


විත්තියේ විරෝධතා විසිවේ:ශෂීගේ නඩුව විභාගයට
2024 ඔක්තෝබර් මස 09 1934 0

ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත


දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 2590 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 2476 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39512 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25741 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 360 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1182 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site