ජන රළ ඉරිදා සංග්‍රහයේ ප්‍රවෘත්ති කර්තෘ ධම්මික ප්‍රියදර්ශන ප්‍රනාන්දු මහතා සිය නිවස බලා යමින් සිටියදී කිසියම් පිරිසක් පැහැරගෙන යාමට උත්සාහ කළැයි සීදුව පොලීසියට පැමිණිල්ලක් කර ඇත.
ජන රළ ප්‍රවෘත් කර්තෘ පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී 10.00 ට පමණ ඒකල මඩගහ හන්දියේදී වු බව කියන සිද්ධිය ප්‍රියදර්ශන ප්‍රනාන්දු මහතා මෙසේ විස්තර කරයි.
‘‘මෝටර් බයිසිකලයකින් පැමිණි පුද්ගලයකු ඔහු මාව මඟට දාන්නම් කියලා කිව්වා, ඔහු මාව කොටු ගොඩ හන්දියෙන් බැස්සෙව්වා. එම පුද්ගලයා මගේ දුරකථන අංකය ඉල්ලුවා මං ඔහුගේ දුරකථන අංකය ඉල්ලුවා ඔහු කැමති වුනේ නෑ. පසුව හැදුනුම්පත ඉල්ලුවාම ඒකත් ප්‍රතික්ෂේප කළා.
ඔහු තවත් ඉස්සරහින් දාන්නදැයි ඇසුවා .මම එපා කිව්වා.ඒ සමඟම වෑන් රියක් අපේ පැත්තට ලයිට් නිවාගෙන ආවා. එතකොට බයික් එකේ ආව පුද්ගලයා කිව්වා මං තනියෙන් නෙවේ අවේ කියලා. මං පොලිසියෙන් කියලා ඔහුගේ පිස්තෝලයට මගේ අත අරන් තියලා කිව්වා.‘‘
මේ සම්බන්ධයෙන් සීදුව පොලිසියේ පැමිණිල්ලක් කළ බව ප්‍රියදර්ශණ ප්‍රනාන්දු පවසයි. ජන රළ පුවත්පත කිසිම දේශපාලන පක්ෂයකට සහභාගී දැයි ඇසු විට ඔවුන් කිසිදු දේශපාලන පක්ෂකට සම්බන්ධ නැතැයිද ඔහු පැවසීය.
පසුගිය ජනරළ පුවත්පතෙහි පළ වු රන් ජාවාරමක් පිළිබඳ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් උතුරු කොළඹ අපරාධ කොට්ඨාශය තමාගෙන් ප්‍රකාශයක් ලබා ගත් බව ජන රළ පුවත්පතේ ප්‍රධාන කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා පැවසුවේය.
අපේ දුරකතන ටැග් කරලා තියෙන්නේ කියලා අපි සැක කරනවා යැයි ජනරළ පුවත්පතෙහි ප්‍රවෘත්ති කර්තෘ ධම්මික ප්‍රියදර්ශන මහතා තව දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බටහිර රටක දේශපාලන රැකවරණ ඉල්ලයිද? (ත)
රටේ ඕනෑම කෙනෙකුට නිදහසේ තම අදහස් ප්‍රකාශ කල හැකි විය යුතුය. නිදහස් මාධ්‍යටත් නිදහස් අදහස් වලටත් අවසර තිබිය යුතුයි. (ත)
දැන් තමයි ජිනීවා ගිහිල්ල මානව හිමිකම් ගැන පැමිණිලි කරන්න හොඳම වෙලාව,ඊට පස්සේ නිකම්ම දේශපාලන රැකවරණ ලැබේවි. අනිවාර්යයෙන්ම කැනඩාවේ දේශපාලන රැකවරණ ලැබේවි. (නි)
දන්නේ නැති මිනිස්සුන්ගේ මෝටර් සයිකල් වලට හවස් යාමේ නගින්න, එයාලට ෆෝන් නම්බර් දෙන්න තරමට ආඥානද?? (නි)
බොරුව උනත් කියන ක්‍රමය හරියට ඉගෙන්න ගන්න ඕනේ. ලබන සුමානේ වෙනකොට ආරංචිවෙයි කොහේ හරි රටක දේශපාලන රැකවරණ ඉල්ලලා කියල. අපි නොදන්නා මාධ්‍යවේදියෝ.(නදී)