පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සම්බන්ධයෙන් හා හිටපු ආරක්ෂක ලේකම්, නාවික හමුදාපතිවරුන් අධිකරණයට රැගෙන යාම සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපති කළ ප්‍රකාශය ගැන කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත් ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සියදිවි හානි කරගත් යුද හමුදා නිලධාරියාගේ මරණය ගැන සීඅයිඩිය විසින් පරික්ෂණ ආරම්භ කොට ඇති බවත් පොලිස්පති පූජිත් ජයසුන්දර පැවසුවේය.
පොලිස්පති එසේ පැවසුවේ වවුනියාවේ ඊච්චන්කුලම හා බෝගස්වැව නව පොලිසි දෙකක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගිවීමෙන් පසුව මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේදීයි.
ප්‍රශ්නය - ජනපති කළ ප්‍රකාශය සමග දේශපාලනික මැදිහත් වීමක් තිබේද ?
උත්තරය - මට ඒ ගැන කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැකියි
ප්‍රශ්නය - ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ තමන් බවට ලිපියක් ලියා තබා සියදිවි හානිකරගත් කෑගල්ලේ හිටපු යුද හමුදා බුද්ධි අංශ නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් වත්මන් තත්ත්වය කුමක් ද ?
උත්තරය - ඒ ගැන පරීක්ෂණයක් සිදු කෙරෙනවා ඒ වගේම සියදිවි හානි කරගෙන මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙනුත් වෙනම පරීක්ෂණයක් කෙරෙනවා. තාම අපිට මේ පුද්ගලයාගේ ප්‍රකාශය ගැන පරික්ෂණයක් කෙරෙනවා. තාම අපිට මේ පුද්ගලයගේ ප්‍රකාශය ගැන නිශ්චිතවම දෙයක් කියන්න බැහැ. ඒ ගැන විශේෂ කරුණු කාරණා කිහිපයක් බලන්න තියනවා එයා එහෙම දෙයක් කිව්වේ ඇයි බොහෝ දේ හොයන්න තියනවා. ඒ ප්‍රදේශයේ වගේම ඔහුට පෞද්ගලික හේතූ තියෙන්වද රාජකාරී හේතූ තියනවද නැත්තම් මානසික පීඩනයක්ද නැත්තම් තර්ජනයක්ද කියල බලන්න වෙනවා. මේ හැම දෙයක්ම බලන්න වෙනවා. එයා කිව්ව පමණින්ම අපිට තීරණයකට එන්න බැහැ. ඒ නිසා ඒ පිළිබඳව කෑගල්ලෙන් කෙරෙන පරික්ෂණ වලට අමතරව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් වෙනම පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
යාපනයේ කොඩිකාමම් පොලිසියේ දී මීට වසර කීපයකට ඉහතදී දෙමළ සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙන් හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළුව 11 දෙනකුව අත් අඩංගුවට ගැනීම පිළිබඳව අදහස් දක්වමින් පොලිස්පති කියා සිටියේ වැරැද්දක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා පුද්ගලයාට වඩා වැදගත් වන්නේ වරදේ ස්වභාවය බවයි.
ඕනෑම අපරාධයකට සම්බන්ධ පුද්ගලයෙකු පිළිබදව ඔහුට එරෙහිව සාක්කි ඇත්නම් ඔහු අත් අඩංගුවට ගැනීම පොලීසියේ වගකීම බවද පොලිස්පති කියා සිටියේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර පොලිස් නිලධාරීන් හරි දක්ෂයි හොඳට ඉන්න මිනිසුන්ගේ අඩු කඩලා උසාවි ගෙනියන්න. නමුත් උසාවියක් මගින් වරදකරු වුවත්, පොලිසයට එසේ අයිතියක් නැත. (නි)
සමරතුංග ඔයට අමු කැවිලද? නැත්නම් කෝමා වෙලා හිටියද? යුද්දේ ඉවර කරලා යුදු ගිනි නිවපු අයට ගරහනවාද?(රේ)
බමුණු ආරච්චිගේ බමුණු කතා... හරහට බලන්නන්ට හැමදේම පෙනෙන්නේ ඇදේටයි. (නි)
හොඳ දේ, හොඳ මිනිස්සු, හොඳ ක්‍රියා අගයකරන්න බැරි අයගේ කතා ජනතාව පිළිගනීවිද? (නි)
ඔය දෙගොල්ලොම අපිට නම් එකයි. එක මොහොතින් වචනය වෙනස් කරන්න පුළුවන්. අද දෙගොල්ලන්ටම ඕනෑ හොරකම් වහගන්න. මහජන දේපොළ කාපු හැටි මල්වානේ මන්දිර වලින් පේනවනේ. තව මොන කතාද? (නි)
එතුමාව අපහසුතාවයට පත්කරන්න එපා. මේ ක්‍රමය තුළ එතුමන්ලාට තියෙන බලයත් පාවිච්චි කරන්න බැහැ. එතුමා කරන්න පුළුවන් උපරිමය කරාවි (නි)
අපේ රණවිරුවෝ තමන්ගේ ජීවිතේ ගැන නොහිතා රට බේරා ගත්තේ නැත්නම් මේගොල්ලෝ මේ විදියට මානව හිතවාදියෝ වෙයිද? ලක්ෂ ගණන් අපේ සිංහල කොල්ලෝ මරපු එවුන්ට කඩේ ගියාට කමක් නැ. හමුදාවට බුද්ධි අංශවලට පහර ගහන්න එපා (බ)
ජනාධිපති තුමාගේ කතාව ගැන ප්‍රකාශ කරන්න පොලිස්පති කවුද? කට්ටිය වැඳගෙන වුණ්නාට ඇමති කෙනෙක්වත් අමාත්‍යංශ ලේකම් වරයක්වත් නොවෙයි. නිකන්ම නිකන් දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් විතරයි. කොටින්ම කියනවා නම් ජනාධිපති තුමත් පාර්ලිමේන්තුවත් අමත්‍යවල නිලධාරිනුත් යටතේ සේවය කරන තවත් රජයේ සේවකයකු විතරයි. (අ)
සෝබන වැඩත් කරන බව පෙනෙනවා නේද ඕව එක්තරා පන්තියක් සතුටු කිරීමට (අ)
ඔස්මන් ඔය වගේ තීරණයකට එන්න ඉක්මන් වන්න එපා. තව බොහොම කල් තිබෙනවා හොඳයිද නැද්ද කියන්න (අ)
මෙය මොනවා කියන්නද, රෙද්ද ගලවල ගෙදර යන්න පුළුවන් ඊළඟ දවසේ නෙමේ එදාම. (අ)
රටක් ගිනිගන්න ගිය මෙහොතක එය සිසිල් කල රටේ සාමය ආරක්ෂා කල. පොලිස් පතිතුමා. පුජිත් ජයසුන්දර. මහතා ගේ නම සිංහල ඉතිහාස පොතේ රණ්රෙ අකුරෙන ලියාතබනු මැනවි .(අ)
කඩේගිය නිලධාරින්ට මෙතුමා ආදර්ශයක්.(අ)
පොලිස්පති තුමාට අපගේ උත්තමාචාරය (අ)
ඔහොම ගියෝතින් පොලිස්පතිට ළඟදීම බඩු හම්බවේවි .(අ)
පක්ෂ පාට නොබලා, රට ගැන හිතලා, පුද්ගලික වාසි නොබලා දැන්වත් නිර්භීතව යහපත් පුරවැසියන් බිහිකරන්න නොබියව රාජිකාරි කරන්න. (නි)
ස්වාධීන රජයේ නිලධාරියෙකු හට අත්වූ ඉරණම ගැන අපිට කණගාටුයි. (නි)
අර්බුදයක දී පොලිස්පතිවරයා හැසිරුණු ආකාරය රටේ ලොකු කුඩා දේශපාලකයන් හැමට ආදර්ශයක් (බ)
1948 සිට මේ දක්වා පත්වූ පොලිස්පතිතුමන්ලා අතරින් මේ සිද්ධියට මුහුණදුන් මෙතුමාගේ දර්ශනය ඉතා පැහැදිලියි (නි)
ජනතාව සීරුවෙන් ... (නි)
මෙන්න රටට ආදරය කරන රජයේ නිලධාරියෙක් (නි)
අපි මේ වෙන දේවල් දිහා බලාගෙන පාඩුවේ සිටින්නෙමු (නි)
අර්බුදයක දී පොලිස්පති වරයා හැසිරෙන ආකාරය රටේ ආයතන ප්‍රධානීන්ට ආදර්ශයක් ..(බ)
බුද්ධිමත් නීතිගරුක රජයේ නිලධාරියෙක් බව රටට කියාපෑමයි...(බ)
මේ පොලිස්පතිතුමාගේ ක්‍රියා වලින් දිගින් දිගටම පෙනීයන්න සියල්ල පසෙකලා සාමය හා නිතිය ක්‍රියා වේ යෙදිය යුතු බවයි ..(බ)
ජනාධිපති කතාවට පොලිස්පති නිහඩවිම තුල එතුමාගේ පරිනත බව නිතිගරුකබව හා දේශපාලනය සමග රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ නොවියයුතුයි යනවග රටට ආදර්ශමත් පණිවිඩයක් මුදා හැරියා ...(බ)
ඒ නිහඩ තාවය කුමක් නිසාද?(හේ)
දේශපාලනය හා රාජකාරිය එකට ගාව නොගැනීම හොද දෙයක්. අගය කලයුතුයි. (හේ)
කතාව ඇත්තනේ නිහඬ වෙනවා හැරෙන්න වෙන මොනවා කොරන්නද (අ)
කාගෙ පැත්තට කතාකරන්නද කියලා අපිට තේරෙන්නෙත් නැහැ (නි)