‘ජනපති කිව්වොත් දේශපාලනයට එනවා. නැත්නම් රට වෙනුවෙන් කළ යුතු වැඩ ටික කරගෙන ඉන්නවා.‘ යැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිරස නිවුස් ෆස්ට් සමඟ පැවැත්වූ සමූඛ සාකච්ඡාවක දී පැවසීය.
දේශපාලනයට එන්නේදැයි ඔහුගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආරක්ෂක ලේකම් එසේ පැවසීය.
දේශපාලනයට ආවොත් හම්බන්තොට තෝරා ගන්නේදැයි ඇසූවිට කීවේ එසේ කිරීමට පෙර දේශපාලනයට ඒමේ අනුමැතිය ජනපතිගෙන් ලැබිය යුතු බවයි.
දේශපාලනයට ආවොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් සිටිය නොහැකි නේදැයි ඇසූ විට ලේකම්වරයා පැවසුවේ ඊට පිළිතුරු දීමට තමනට නොහැකි බවයි. තමා ජනපතිගේ සහෝදරයා වුවත් තම බලතල මජහන යටපත මිස වැරදි දෙයකට යොදා නැතැයි ද ලේකම්වරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර දවස් කරේ දේශපාලන වැඩ නොවේද? (දී)
අනේ සර් ඔන්න ඔහේ නිකන් ඉන්න.(දී)
අනාගතයේ අද කොළඹ ලස්සන කරනවා වාගේ රටම ක්‍රමවත්ව ලස්සනකරාවී. (දී)
අනේ ලේකම් තුමනි ! කව්රු මොනවා කීවත් ,ඔබතුමා ඔය කරන වැඩේ කරගෙන ඉන්න.දේශපාලනයට ගියොත් ඔය වැඩේ කරන්න කෙනෙක් නැහැ.පිරිහී ගොස් ඇති රටේ විනය ජනතාව වෙනුවෙන් රැකදීම ඔබතුමාටම කල හැකි දේශපාලනයට වඩා මහඟු සේවයකි !(දී)
මගේ වීරයෝ දෙන්නා ඔබ තුමා සහ සරත් ෆොන්සේකා මහතා. ෆොන්සේකා මහතා හිරේ දාපු දවසේ මගේ හිත කැඩුන . ඔබ කාර්ය ශූර නිසා දේශපාලන ගොහොරුවට එන්න එපා. ඔතනම ඉඳන් සංවර්දන වැඩ නිම කරන්න. (දී)
ඔබේ සේවය රටට අවශ්‍යයි (දී)
දේශපාලනයට නව මුහුණක් එක් වෙයිද (දී)
ඔබ තුමා ආරක්ෂක ලේකම් තනතුරෙන් ඉවත් වෙනවට රටට ආදරය කරන කිසිම කෙනෙක් කැමති වෙන එකක් නැහැ. අපේ ආයුෂත් අරන් ජිවත් වෙන්න! හැකි තාක් කල් අපේ මාතෘ භුමිය සුරකින්න. ඔබතුමාට ශක්තිය දෛර්ය නිදුක් නිරෝගී දිර්ගායුෂ ලැබේවා! (දී)
ඔබගේ පැමිණීම අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ (දී)
ඔබගේ පැමිණීම අත්‍යාවශ්‍ය වූ යුගයකයි අපි සිටින්නේ. (දී)
ඔබතුමා නියම සිංහල වීරයෙක්. (නි)
ඇත්තටම මෙතුමා අවංක පුද්ගලයෙක් (නි)
එහෙම තීරණයක් ගන්න එපා. දේශපාලන මඩගොහොරුවට ඔබතුමා වැටෙන්න එපා (නි)
මම නම් කැමති නැහැ ඔබතුමා දේශපාලනය කරනවට (නි)
අනේ ඔබතුමා ඔය ඉන්න විදියට ඉන්න (නි)
ඔබතුමා දේශපාලනයට යන්න එපා (නි)
අන්න එහෙම කියන්නකෝ මහත්තයෝ... (නි)
ඔබතුමා ආවොත් වෙනසක් වෙයි (නි)
විදේශ පුරවැසිභාවය ලබාගත් අයට පාර්ලිමේන්තු මන්ත්‍රීකමකට නාමයෝජනා බාරදිය නොහැකි තත්වයක් ඉස්සර තිබුනා. (නි)
කුමාරි, මම නම් මිනිසුන්ට ආදරෙයි. ඒ හින්දා කියන්න ගොඩාක් දේ තිබෙනවා. (නි)
දේශපාලනය ඕනෑම කෙනෙකුට කළහැකියි. ඔබ කළ දේවල් සහ කරන දේවල් කළ හැකි කිසිම දේශපාලකයෙක් අප රට තුළ නැත! (නි)
ඔබතුමා ඔය කරගෙන යන වැඩ ටික දිගටම කරගෙන යන්න. (නි)
ඔබතුමා දේශපාලන මඩගොහොරුවට වැටෙන්න එපා. (නි)
එහෙම එනවා නම් අපි කැමතියි (නි)
කොච්චර හොඳයිද? (නි)
මෙයාල ඔක්කොටම පිස්සු (අ)
ඇත්තටම ලියා තිබෙන සමහර අදහස් ගැන පුදුමයි (නි)
යුද්ධය අවසන් වන්න කිට්ටු කාලයකදී මෙතුමා සඳහන් කළා, එතුමා තම සහෝදරයාවූ ජනාධිපති යටතේ ආරක්ෂක ලේකම් පදවිය භාර ගත්තේ ත්‍රස්තවාදය පරාජය කර රටට සාමය ලබා දීමට පමණයි කියා. හිටපු යුධ හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සමග ඒ වැඩේ සාර්ථකව ඉටු කලත් යුද්ධය කළේ තමන් කියා මුද්‍රණ ගත සටහන් තැබී මෙන් කර ගත්තේ හපන් කමක් නොවන බව දැන්වත් වැටහෙනවා නම් එය ඔබගේ ආරක්ෂාවට ප්‍රයෝජනවත් වේවි. ඔබට බොහෝ දේ කරන්න පුළුවන්. නමුත් හරි දේ පමණක් කරන්න ඔබ අනාගතයේදී පරිස්සම් වුනොත් ඔබෙන් රටටත් වැඩක් වේවි. රටෙන් ඔබටත් වැඩක් වේවි. එය දේශපාලනය හරහා ම සිදු විය යුතු යයි ඔබ දැඩිව විශ්වාස කරන්නේ නම්, ඥාති දේශපාලනයෙන් ඉවත් වී එය කරන්න. (අ)
ඇත්තෙන්ම දැන් යම් වෙනසක් අවශ්‍යයි (නි)
ඔබතුමා කෙරෙහි තිබෙන හක්තිමත් විශ්වාසය දිනෙන් දින ගිලිහී යන්න ඉඩතියන්න එපා. ඔබතුමාගෙන් විදේශයන්හි ජීවත්වෙන සහ ලංකාවේ ජීවත්වෙන බොහෝ දෙනෙක් කරන යටහත් ඉල්ලීම නම් කරුණාකර එල්ලුම්ගහ නැවත ආරම්භ කරන්න කියන එක. ඔබට ගොඩාක් පින්. (නි)
ඔබතුමාට සුභ පැතුම්! (නි)
ඔබතුමා දේශපාලනයට එනවා නම් ජනතාව කැමතියි. එහෙත් මේ නගර ලස්සන කරන වැඩේට නම් ඔබතුමා තරම් කිසිම වෙන කිසිම දක්ෂයෙක් නැහැ (නි)
මේ යුධ ජයග්‍රහණයේ සැබෑ නියමුවා ඔබ බව මම එදත් අදත් හෙටත් සැමදාටමත් විශ්වාස කරනවා.වෙන අයෙක් ඔය ස්ථානයේ හිටියා නම් මේ දේවල් මෙහෙම සිදුවෙන්නේ නැහැ.ඔබ දේශපාලනයට එනවා නම් ඔබ ඉදිරිපත් වියයුත්තේ ජනාධිපතිවරණයකට පමණයි.එයට වඩා අඩු ස්ථානයක ඔබ ඉන්නවා දකින්න අපි කැමති නැහැ.ඔබට සියලු දෙවි රැකවරණ ලැබේවා! (නි)
කවුරු ආවත් අපිට නම් කවදාවත් මේ ඉන්න තත්ත්වයෙන් ඉහළට එන්න පුලුවන් වෙයි කියලා මම නම් කවදාවත් විශ්වාස කරන්නේ නැහැ (නි)
ඔන්න අපේ බන්දුල පෙරේරා නම් කොහොමහරි ලකුණු දාගත්තා (නි)
හසන්ත වගේ ස්වාධීනව,පියවි සිහියෙන් හිතන අය තමා රටට අවශ්‍ය. (නි)
බලන්නකෝ අපේ බන්දුල කියන කතා (නි)
මට මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ (නි)
සුභ පැතුම්! (නි)
සත්‍ය මහත්තයාට වැරදිලාද නැත්නම් හිතාමතා වරද්දනවාද කියලා දන්නේ නැහැ.මෙතුමා කවදාවත් යුද ජයග්‍රහණය තමන්ගේ නමට සින්නක්කර ඔප්පු ලියන්න ගියේ නැහැ.මෙතුමා කිව්වේ ඒක ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ලද සාමුහික ජයග්‍රහණයක් කියලා. (නි)
බන්දුල පෙරේරාගේ අදහසට මමත් කැමතියි.ඔබතුමා ආරක්‍ෂක ලේකම්තුමා නොවුනා නම් යුධ ජය කල් යන්නට ඉඩ තිබුනා. ජනපතිතුමා එදා හොඳ තීරණයක හිටියා. සරත් ෆොන්සේකා හමුදාපතිතුමාද ක්‍රියාත්මක වුණ අතර, සුළු පිරිසක් හැර, අන් සෑම කෙනෙක්ම සහයෝගය දුන්නා. ඔබතුමා ජනාධිපතිවරණයට පමණක් එනවාට කැමතියි. හොඳ පාලකයෙකුගේ අවශ්‍යතාවයක් අවශ්‍යයි. ඔබතුමාට එය කළ හැකි යයි සිතමි. තෙරුවන් සරණයි (නි)
ඔබට ජය පතනවා! (නි)
දේශපාලනයට එනවා නම් ඔබ ඉදිරිපත් වියයුත්තේ ජනාධිපතිවරණයකට පමණයි. (නි)
අපිත් උපරිම සහයෝගය දෙනවා (නි)
ආවොත් අපිත් සතුටුයි (නි)
ඔබතුමා දැනට ලංකාවට කර තිබෙන සේවයම හොඳටම ප්‍රමාණවත්. (නි)
ගරු ආරක්ෂක ලේකම්තුමනි, කව්රු මොනවා කිවුවත් අපිට ඔබතුමා වීරයෙක්. මම හිතන විදියට ඔබතුමාට ඔතන සිට දේශපාලනයට වැඩිය සේවයක් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි. (නි)
ඔබට තෙරුවන් සරණයි! (නි)
බන්දුල පෙරේරා හීනයක්වත් දැකලා දොඩවනවද මන්දා? (නි)
දැන් තියෙන්නේ රටින් කුඩු ව්‍යාපාරය සහමුලින්ම ඉවත් කිරීමයි (නි)
මෙතුමා සැබෑ අවංක පුද්ගලයෙක් (නි)
ඔබතුමාට දේශපාලනයට එන්න කියලා තාම කවුරුත් කියලා නැද්ද? (නි)
ඔබතුමා ජනාධිපති වෙනවා දකින්න මාත් කැමතියි.(නදී)
ඔබතුමා දේශපාලනයට එනවනම් අපි උඩින්ම කැමතියි. දැන් ඉටුකරන සේවයත් විශිෂ්ටයි. (නදී)
අපෝ දේශපාලනයට අත ගහන්න නම් එපා. ඔය තියෙන ගරු සරු ටිකවත් ලැබෙන එකක් නැහැ. (නදී)
ඇයි ජනපති ඔබට දේශපාලනයට ආරාධනා නොකරන්නේ? (නදී)
ඔබ තුමා ජනාදිපති තුමා වෙනවට ජනතාව කැමතියි. බය තියෙන්නේ අපේ නිදහසට මොනවා වෙයිද කියලයි. ඒත් ඔබ වැනි අයෙක් ටික කලකට හරි ජනාදිපති උනොත් රටට වැඩක් වේවි. (නදී)
ඔබතුමා ආරක්ෂක ලේකම් ධුරයට පත් වූ දින සිට මගේ රට ඉසුර සොයා යන ගමනට මෙහෙය වූ ප්‍රධානම පුද්ගලයා යැයි තර්කයකින් තොරව සියල්ලන්ම පිළිගන්නා කරුණකි. ඡන්දයට නාවත් ඔබතුමා දැනට කරන්නේ "පිරිසුදු" දේශපාලනයයි. එය කිසිම කාල වකවානුවක කිසිම රාජ්‍ය නිලධාරියෙකු විසින් කරන්නට සිතුවේවත් නැති දෙයකි. තනතුරේ බලය රට සංවර්ධනයට යොදා ගනිමින් අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට ආදර්ශයක් වන ඔබතුමා ගෝත්‍රික දේශපාලනයට යා යුතු නැති බවයි වැඩිදෙනෙකුගේ හැඟීම. ඔබට අත්පොලසන් දෙන සුළු පිරිසකට වඩා හදවතින් ආශිර්වාද කරන පිරිස වැඩිය. නිර්මාංශ ආහාරයෙන් පෝෂිත වූ ඔබතුමාගේ ආත්මය කුණු ගඳ ගසන ඊනියා දේශපාලනයෙන් මිදී සමස්ත ජනතාවගේ හුදී සංවේගය පතා කරන සියලු යහපත් කටයුතු සඳහා පමණක් යොමුවනු මැනවි. අතිගරු ජනාධිපතිතුමා ඔබතුමාට දේශපාලනයට පිවිසෙන ලෙස ආරාධනය කරන්නේ නැති බව අපට විශ්වාසයි. (නදී)
ඩයස්, ඔයාට කියන්න තියෙන්නේ මෙච්චරයි. එතුමා දේශපාලනයෙයි, හමුදාවෙයි අතර තියෙන වෙනස හොඳට දන්නවා. අරය වගේ නෙවෙයි. (නදී)
සුදුසුම පුද්ගලයා තමයි මොහු. ජනාධිපති තනතුරට වෙන කෙනක් මේ වගේ කාලයක අපේ රටෙන් හොයාගත නොහැකියි. එජාපය ඇතුලේ නායක කමට ප්‍රශ්න තියෙනවා. ජවිපෙ අතීතය දන්නා හැම කෙනෙක්ම දනිති. ජෙනරාල්තුමා කිසිම දේශපාලන පසුබිමක් නැති රටක් පාලනය කල නොහැකි තැනැත්තෙක්. රටෙත් ජනතාවගේත් සුභ අනාගතයක් පතා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඔබතුමාට ආරාධනා කරාවියැයි බලාපොරොත්තු වෙමු. (නදී)
ඔබතුමා කෙරේ පක්ෂ භේදයකින් තොරව බහුතර ජනතාවකගේ ප්‍රසාදයක් තියනවා. සමහරු ඔබව විවේචනය කලත් හිත යටින් ඔබට ගරු කරනවා. හේතුව ඔබ රටට කර ඇති සහ කරන සේවයයි. එ්ක නිසා ඔගේ අදහස නම් ඔබතුමා දේශපාලන මඩ ගොහොරුවට නොවැටී ඔබේ සේවය හැකිතාක් ඔය විධිහටම කරන්න. එවිට ඔබට සියලු ජනතා ප්‍රසාදය හැමදා තිබේවි.(නදී)
කෙනෙකුට යමක් ලැබෙන්න තිබෙනවා නම් මොනම බල වේගයකටවත් එය නවත්තන්න බැහැ. ඒ වගේම තමයි තමන්ට ලැබෙන්නේ නැති දෙයක් මොන උපාය මාර්ග වලින්වත් ලබා ගන්නත් බැහැ. සුදුස්සාට සුදුසු තැන ලැබේවායි අපේ අවංක පැතුමයි. (නදී)
මගේ එකම පැතුම ගෝටාභය රාජපක්ෂ මහතා සහ සරත් ෆොන්සේකා මහතා මිතුරුවනු දැකිමයි. එවිට මේ සිංහල රට රැකේවී. මේ දෙදෙනාගේ විරසක යෙන් වැඩියෙන්ම පහර වැදුනේ සිංහලයට. (නදී)
ජෙරාඩ්, ඔබේ අදහසට මම නම් 100%ක් එකඟයි. (නි)
මම නං කියන්නේ බන්දුල පෙරේරා. රත්නසිරිලා හීනෙන් දොඩවනවා. ලියන්න දේ නැත්නම් නොලියා ඉදිම තමයි හොඳ (නදී)
උඩුරාවණ ඊයේ රෑ භාර්යාවගෙන් ඔලුව පැලෙන්න ගුටියක්වත් කෑවද පිස්සුවෙන් වගේ දොඩවන්නේ. (නදී)
මම නම් හිතන්නේ අපි යුධ ජයග්‍රහනය කලේ ඒ වෙලාවේ හැම දෙනාගේම තිබුන කැපවිම හා උනන්දුව මතයි. නමුත් ඉන් පසු දැන් රටේ ඇතිවී තිබෙන තත්වය දුෂණය වංචාව මිනි මැරුම් මංකොල්ල, අතුරුදන්වීම් කුඩු හොර ජාවාරම් සියදිවි නසාගැනීම් හා ජාතින් අතර භේදය අතින් කප් ගහපු රටක් වෙලා. (නදී)
ඔබතුමාට සුබ පතමි. එහත් සමහර කපටි දේශපාලුවන්ගෙන් ආරක්ෂා වෙන්න මතක තියාගන්න. රටේ අවනීතිය නැති කරන්න ඔබ වැනි ඍජු නායකයෙකුගේ අවශ්‍යතාවය ඇත. (නි)
ටිකිරි බණ්ඩෝ, අදහස හරියට කියවලා තේරුම් ගන්න බැරිනම් ලංකාදීප වගේ වටිනා පත්තරේකට අදහස් ලියන්න එපා. (නි)
තම රාජකාරිය නිවැරදිව කළා කියලා ඔප්පුවෙන්නේ ඒ රටේ මිනිසුන්ට ආරක්ෂා සහිතව බියෙන් තොරව නිදහස් ජීවිතයක් ගතකිරීමට සැළසීමෙන්ය (නි)
බොහොම සන්තෝෂයි (නි)
ඔබ තුමා වැනි දක්ෂයින් දේශපාලනයට අවශ්‍යයි. රටේ ජනතාව ඔබතුමා රටට කළ සේවය දන්නවා. කොළඹට ඔබතුමා වැන්නෙකුගේ අවශ්‍යතාවය තිබෙනවා. ජයවේවා! (නි)
කොහොමහරි ,කවුරුහරි මේ කෑගහන සමහර හොරු පන්නනවා නම් මගේ සහයත් ඔබට. හොඳ අය තියාගනිමු. වෙනසක් පතමි. (නි)
හොඳ සහයදෙන පිරිසකුත් දැන් මෙතනම ඉන්නවනේ. (නි)
ඔබතුමා ලංකා දේශපාලනයේ කැත කුණු තවරාගන්නට දේශපාලනයට නම් එන්න එපා. (නි)
දැනට ඇති දිගු ජනාධිපති ධූර කාලය අවුරුදු 4/5 කට කෙටි වූ කලක, ජනාධිපති වුවහොත් ඔබ තුමා වඩාත් කාර්යක්ෂම වේවි.නිශ්චිත සැලැස්මකට වැඩ කිරීමට හැකිබව ක්‍රියාවෙන් ඔප්පු කර ඇති ඔබතුමාට දැනට ඇති දිගු ධුර කාලයට වඩා අවුරුදු 4/5 ක ධූර කාලයකදී උපරිම ඵල නෙලාගැනීමට ඔබට හැකි වේවි. ඔබතුමාට ජයෙන් ජය...! (ස)
සනත් කියන දේ ඇත්තක් තිබෙනවා (නි)
පතිරණ, සනත් කියන දේ ඇත්තක් තිබෙනවා කියන ඔබ ගැඹුරින් සිතාබලන්න. ත්‍රස්තයන්ගේ බලපෑම රට පුරා තිබුණු සමය තුළත් සනත් කියන දේවල් තිබුනාට ඒවා එතරම් එළියට ආවේ නැහැ. මුලික ඉලක්කය වුයේ ත්‍රස්ත ක්‍රියා නතරකිරීමයි. යුද්ධයෙන් නිදහස් වූ රට තුළ දැන් මේවා අහුවෙනවා. වෙනස ඒකයි. (නි)
ගිහාන් මහතා තේරුම් ගත්ත දේ අනෙක් අයත් හොදින් දන්නවා. එ්ත් ඒක පෙන්නන්න කැමති නැහැ. පෙන්නුවොත් තමන්ගේ පාට කණ්ණාඩියේ ඉරි යාවි කියල කට්ටිය හිතනවා. බිහිසුණු ත්‍රස්තවාදයක් නිම කරලා තාම අවුරුදු පහයි. මේ කාල සීමාවේදී මේ රටේ සියලු අඩු පාඩු සපුරන්න විශ්ව කර්මයා බලේ හිටියත් බැහැ. මේ රජයේ අඩු පාඩු තියෙනවා. නමුත් තිබුණු රජයන් හා සාපේක්ෂව බැලුවම අපිට තාමත් මේ රජය ගැන සර්ව අසුභාවදිව හිතන්න තරම් පිරිහීමක් මේ රටේ නැහැ. ඒක මේ රටේ මධ්‍යස්තව හිතන මිනිස්සුන්ගේ හදවත් වලට දැනෙන දෙයක්. තාමත් මේ රජය පෙරලීම කට්ටියට සිහිනයක් වෙලා තියෙන්නේ ඒ නිසයි. කොහොම උනත් මගේ පුද්ගලික හැගීම ජනධිපති තුමා තෙවන වර ඉදිරිපත් නොවී ඉදිරි ජනධිපතිවරණයට ඉදිරිපත්වීමේ අවස්ථාව මුළු රටම පිළිගත් චරිතයක් වන ගෝටාභය මැතිදුන්ට ලබා දී ගෞරවනියව දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතුය යන්නයි. (නදී)
කට කෑවත් ඇත්ත කියන්න එපායැ . ජෙනරාල් සරත් ෆොන්සේකා වගේ හමුදා නායකයෙක් නොහිටියා නම් කොරයි යුද්ද ? (නදී)
මිග් යානා ගනු දෙනුව. මට පැටලුනා. (නදී)
බන්දුල කියනවා වගේ ඔබතුමාම ජනාදිපතිට තරග කරලා දුමින්ද අගමැතිට ඉදිරිපත් උනොත් අපි ඔක්කොම ජන්දේ දෙනවා. (නදී)
අපේ කාලය දැන් අවසන්වෙලා (නදී)
බන්දුල පෙරේරාල වගේ අය හීන දකිනවා. හීන දකින්න කාගෙන්වත් අවසර ගන්න ඕනේ නැහැනේ. දකින්න, තව දකින්න හීන. (නදී)
අදහස් දැක්කම කට්ටිය බයටම අදහස් දානවද කියලත් හිතෙනවා. වචන වැරදුනොත් දන්නවනේ වෙන දේ. (නදී)
ලෝකෙට නය වෙලා කොරන සංවර්දනේ තේරුම කුමක්ද? ගම්වල පාරවල් නැහැ, ගගින්,ඔයෙන් එහෙර වෙන්න පාලම් නැහැ. බොන්න පිරිසිදු වතුර නැහැ. හුගක් මේ අදහස් දාපු අය ඉන්නේ පිට රට. ඉපදිලා තියෙන්නේ රිදී හැන්ද කටේ ගහගෙන. රටට ආදරේ කරන්න ඉස්සෙල්ලා මිනිසුන්ට ආදරේ කරන්න ඕනේ. නැත්තන් එ්ක කාන්තාරයක්. (නදී)
ඔය කියන වීරවරුන්ට පුළුවන්නේ කුඩු වසන්ගතයෙනුත් රට මුදවා ගන්න. කෝටි ප්‍රකෝටි ගණනින් කුඩු ගේනවා ගේන කෙනෙක් නැහැ. කුඩු සිමෙන්ති කොට්ට ගණනින් අල්ල ගන්නවා. අල්ල ගත්ත කුඩු වලට වෙන දෙයක් නැහැ. (නදී)
සීලා එහෙම කියන්න එපා. පිරිසිදු වතුර ඉල්ලපු කට්ටියට "බඩ කට" පිරෙන්නම සැලකුවේ. තව මොනවද ඉල්ලන්නේ. (නදී)
වෙනසක් පතමු, වෙනසක් දකිමු. (නදී)
මේ ප්‍රතිචාර දැක්කම කලකිරෙනවා. ශ්‍රීලංකාවේ බහුතර ජනතාවට ඇත්ත තේරනකොට ශ්‍රී ලංකාවට වෙන්න ඕනි දේ වෙලා තියෙයි. මොවුන්ගේ මෝඩකම් වලට වන්දි ගෙවන්නේ අනාගත පරපුර.(නදී)
බන්දුල පෙරේරා මහතා වටිනා අදහසක් ඉදිරිපත් කරනවා. ඝෝඨාභය මැතිතුමා ජනපති උනොත් රටට සෙතක් මෙන්ම විරුද්ධවාදීන්ට කරකියා ගන්නට බැරි කාලයක් උදාවෙයි. නමුත් ඔබට හිතෙන්නේ නැද්ද වත්මන් ජනාධිපතිතුමා නැවත තරඟයකට ඉදිරිපත් නොවීමට විරුද්ධවන අය කොතෙක් ඉන්නවාද කියලා.? අපේ රාජාවලිය දිහා බලනකොටත් එහෙම දේවල් තිබුන නේ. (නදී)
ජනපති වෙන්නේ නැතිනම් දේශපාලනයට එන්න එපා (නදී)
ලංකාවේ තාම ඉන්නේ කොන්ඩේ බැදපු චීන්නුනේ. (නදී)
මම වුනත් දරු පවුලක් නඩත්තු කරන අසරණයෙක් නිසා වැඩිය මගේ අදහස් දාන්න යන්නේ නැහැ. මොකද මට වුනත් ලිදේ වතුර ලිදටම බැහැල රස බලන්න, මුහුදේ වතුර ලුණු රස බලන්න මුහුදටම පනින්න සිද්ද වේවි කියන බියට.(නදී)
ඔහොම යං, ඔහොම යං (නදී)
මංජු ලංකාවේ කොන්ඩේ බැදපු චීන්නුන්ට කිව්වේ පිරිසිදු වතුර ඉල්ලලා උද්ගෝෂණය කරපු අසරණයන්ට වෙඩි තියන්න අණ දුන්නු හමුදා නිලදාරියගේ වැඩ තහනම් කලා කියලා. ඒ වුනාට වෙබ් අඩවි වලින් ෆොටෝ සහිතව පෙන්වනවා එම නිලදාරියගේ නීච ක්‍රියාවට රාජ්‍ය ගෞරවයෙන් සලකා තියෙන ආකාරය.(නදී)
සත්‍යා ඔයා හරියටම හරි. (නදී)
බන්දුල, ඔය විදියට කඩේ යන්න එපා. සරත් ෆොන්සේකා නැතුව යුද්දේ දිනන්නත් බැහැ. (නදී)
අපේ කට්ටිය ඉගුරු දීලා මිරිස් ගන්න පොරකන හැටි. (නදී)
ඔබ තුමා එක්සත් ජාතික පක්ෂෙට එන්නකෝ. අපි අගමැති කම දෙන්නම් (නදී)
ඔබට සුබපතනවා (නදී)
ලංකා තිලක් ලා මේ තීරයට ලියන්න එන්නේ පාඨකයින්ව නොමග යවන්න. අඩු වශයෙන් අහල නැහැ චන්ද්‍ර ප්‍රේම කියල පුද්ගලයෙක් පොතක් ලිව්වේ "ගෝටාස් වෝර්" කියලා. ඒක දොරට වඩින දවසේ ජනාධිපතිවත් ආවේ නැහැ මොකද එතුමාත් දන්නවා මේක එයා තනියෙන් කරපු වැඩක් නොවෙයි කියා. ලංකා තිලක් දන්නා මිනිසුන්ට කොළ කඩා පාන්න එපා. (නදී)
ලංකාව අද කවදාවත් නුදුටු තරම් අනාරක්ෂිත රටක්. රෝද පුටුවේ ඉන්න වයෝවෘද්ධ අම්මවත් දුෂණය කරන, කුඩු කන්ටේනර පිටින් සැරිසරන රටක්. බන්දුල, කහිනවා වැඩියි. බෙහෙත් ගන්න. (නදී)
ටිකිරි බණ්ඩාට දෙන උත්තර වාරණයට අහු වෙලා. ඒ හින්ද ටිකිරි බණ්ඩා තුමා ඇති වෙනකම් පාලු ගෙදර වලන් බිදින්න. එ්ත් බලාගෙන බින්දට ඔය කටු උඩ ඇවිදින්න යන්න එපා. (නදී)
අැයි මම මේ රටේ ඉපදුනේ. (නදී)
ටිකිරි බණ්ඩා- මොලේ නැති ගොන් පණ්ඩිතයින් එක්ක වාද කරන්න එපා. බන්දුල පුද්ගලයා බත් උලක් තරම් වත් වටිනාකම නැති එකෙක්. (නදී)
බන්දු මෙයා ටිකිරි බණ්ඩා නෙවෙයි ටින්කිරි බණ්ඩා. (නදී)
රතුපස්වලට හමුදාව යැව්ව එකේ වගකිම බාර ගන්නේ නැද්ද එතකොට (නදී)
දැන් මේ මොකාටද එන්න හදන්නේ ? ප්‍රශ්ස්ත ගී ගායනාවට පෙළ ගැහිලා වගේ. (නදී)
අනේ මන්දා සත්‍ය මහත්තයෝ, අපි නම් දන්න විදියට මේ යුද ජයග්‍රහණය සාමුහික එකතුවක්. (නි)
පද්මිණි,මට නම් තියෙන්නේ හෙම්බිරිස්සා කැස්සක්.ඒ වුණාට ඔයාට නම් තියෙන්නේ වෙන දරුණු කැස්සක්.ඔය ඉන්න රටේ ඕකට බෙහෙත් නැහැ.මෙහාටම එන්න වෙනවා ඔයාට බෙහෙත් ගන්න. (නි)
බන්දුල පෙරේරා, ඇත්තටම ඔබට ලැජ්ජාව කියලා එකක් නැද්ද? (නි)
දවස් කීපයක් තිස්සේ ඉඳලා කල්පනා කරනවා. තවම හරි අදහසක් ආවේ නැහැ මොනවා ලියනවද කියලා (නි)
උතුමාණෙනි, ඔබතුමා නිසා අපි සැම ආරක්ෂා වෙනවා. අනේ! ඔබතුමා ඔය ඉන්න විදියට ඉන්න (නි)
මගේ රටට දළදා හිමි සරණයි! (නි)
මේ අවස්ථාවේ අදහස් ලිවීමෙන් වළකින එක හොඳයි කියලා හිතුනා. (නි)
මේ පුවත් තීරුවට මට ලියන්න හිතුනේ බන්දුල පෙරේරා මහතා නිසාමයි. ඔහු ලියන අදහස් නිර්දය ලෙසින් විවේචනය කරන පිරිසක් ඉන්නා බව පෙනුනා. බන්දුල පෙරේරා ලියන්නේ තමන්ගේ ස්වාධින අදහසක්. එයාට කඩේ යාමක් හෝ කැස්සක් හෝ කීම සුදුසු නැහැ. බන්දුල පෙරේරා ඉදිරිපත් කරන 90% ක් පමණ මම පුද්ගලිකව අනුමත කරනවා. ඒ වගේම බන්දුලට මට කියන්න තියෙන්නේ සැමගේ විවේචනයට ඉඩ දී ඔබේ අදහස ලියා නිහඬ වෙන්න.(නදී)
සුභ අනාගතයක් (දී)
බන්දුල, හිත රිදුනා නම් සමා වන්න. මටත් කැස්සක් තියෙනවා තමා. රට ගැන හිතද්දී ඒක වැඩිවෙනවා. (නදී)
ඔබතුමා රට සංවර්ධනයට මහත් අත්වැලක් වී තිබෙනවා (දී)
ඔබ රටට වටිනා සම්පතක්. (නි)
ඔබ තුමා මේ ජරාජීර්ණ දේශපාලනයට නොඑන එක තමයි අපගේ ප්‍රාර්ථනය. ඔය මඩ ගොහොරුවට නොපැන්නාට ඔබතුමා රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් කරන වැඩ කොටස හොඳටම ප්‍රමාණවත්. ආදර්ශවත්. දේශපාලනයට ඇවිල්ලා ඔබතුමා රැකගෙන එන ජනතා ගෞරවය කෙළෙසා ගන්න එපා. (නි)