IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘ජනපති ගත් තීරණයෙන් පක්ෂ දෙකම සතුටු වෙනවා‘

දක්ෂ සූක්ෂම නායකයෙක් වන ජනාධිපතිතුමා මහ මැතිවරණයට නාම යෝජනා දීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට මෙන්ම එක්සත් ජාතික පක්ෂයටත් සතුටු විය හැකි ආකාරයේ තීරණයක් ගත් බව මහජන සාමය පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා අද (12) සිරිකොත පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවකදී පැවසීය.

තමන් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ නොවිය යුතු බව සිතා ජනාධිපතිතුමා ගත් තීරණය ගැන එතුමාට චෝදනා නොකරන බව කී ඇමැතිවරයා ඒ තීරණය නිසා සන්ධානයේ සිටි වැදගත් නායකයින් පිරිසක් එජාපයට එක්වී එහි ජයග්‍රහණය තවදුරටත් තහවුරු කළ බව කීවේය.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න සහ ඇමතිවරයා ඒවාට ලබාදුන් පිළිතුරු මෙසේය.

ප‍්‍රශ්නය  -   

          තවත් පිරිසක් ඔබතුමාලගේ පක්‍ෂයට ඒමට සූදානමින් සිටින බව කීවා. ඒ කවුද කියා කියන්න පුළුවන්ද? 

පිළිතුර -  

          ගම්පහ අපේ ලැයිස්තුවේත් තව හිස් තැන් දෙකක් තුනක් තියෙනවා. ඒ නිසා වාසනාවට වගේ අලූතින් එන අයට අවස්ථාව දෙන්න පුළුවන්. ඔවුන් අත්සන් කළ පසු නම් කියන්නම්. මේ වන විට ඒ සම්බන්ධයෙන් සාකච්ඡුා වට කිහිපයක් පවත්වා තිබෙනවා.

ප‍්‍රශ්නය -  

          කුඩු ව්‍යාපාර කරන දේශපාලනඥයින් ඉන්නවා නම් ඔවුන් පිළිබ`ද හෙළිදරව් කරන්නේ හෝ අත්අඩංගුවට නොගන්නේ ඇයි?

පිළිතුර - 

          යහපාලනයේ ප‍්‍රතිපත්තිය අනුව සාක්‍ෂි සහිතව ඔප්පු නොවී අපි කිසිවෙක් අත්අඩංගුවට ගන්නේ නැහැ. වරදක් කළ බව තහවුරු නොවූ අයගේ  නම් කීවොත් එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් වෙනවා. ඒත් ඒ අය කවුද කියා ජනතාව දන්නවා.

ප‍්‍රශ්නය -  

          ඔවුන්ට එරෙහි ක‍්‍රියාමාර්ග නොගන්නේ   දේශපාලන බලපෑම් නිසාද?

පිළිතුර -  

එහෙම බලපෑම් සිදුවුණේ නැහැ. දේශපාලන සම්බන්ධකම් මේ පිටුපස තිබෙනවා නම් ඉක්මනින් සොයා දෙන ලෙස මම කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට පවසා තිබෙනවා.

ප‍්‍රශ්නය - 

වෙලේ සුදාගේ කට උත්තර වල දුමින්ද සිල්වා මහතාගේ නම කියා තිබෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීවා. ඉතින් ඔහුට එරෙහිව පියවර නොගන්නේ ඇයි?   

පිළිතුර -  

          ඒ කීවේ ඔහුගෙන් ණයක් ගත් බවයි. ණයක් දුන්නාට අත්අඩංගුවට ගන්න බැහැ. සාක්‍ෂි තිබිය යුතුයි. ඒ වගේම පොලීසියට අවශ්‍ය ලෙස කිසිවෙක් අත්අඩංගුවට ගන්නත් බැහැ. නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය අවශ්‍යයි. එහිදීත් යම් යම් ප‍්‍රමාදයන් වෙනවා. නමුත් අපි බැසිල් රාජපක්‍ෂ, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු යන ඇමතිවරුන් ඇතුළු කිහිප දෙනෙකුට විරුද්ධව ක‍්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

ප‍්‍රශ්නය -    

ඔබතුමන්ලාගේ නාමයෝජනා ලැයිස්තුවල හොරුන් ¥ෂිතයින් නැති බව කීවා. ඒත් එජාපයෙන් කරුංකා සුදාලා, තඹ සුදාලා ඉදිරිපත් කර ඇත් බවට විමල් වීරවංශ මහතා චෝදනා කරනවා නේද?

පිළිතුර -  

          අපේ කුඩු කාරයින්, මූල්‍ය වංචාකාරයින් නැහැ. පසුගිය ආණ්ඩුවේ අය පිටරට බැංකුවල දමා තිබෙන මුදල් සොයා ගත්තොත් අවුරුදු දෙකක් ණය නැතිව ගෙනියන්න පුළුවන්. මේවා වහගන්න තමයි ආයේ බලයට එන්න හදන්නේ.

ප‍්‍රශ්නය -   

          ජනාධිපතිතුමාව බලයට පත්කළේ ඔබතුමන්ලායි. ඉතින් ජනාධිපතිතුමා ගත් තීරණය පිළිබ`ද ඔබතුමන්ලාගේ අදහස කුමක්ද? 

පිළිතුර - 

          එතුමා දක්‍ෂ, සූක්‍ෂම නායකයෙක්. ඒ තීරණය නිසා තමයි එහේ අය අපේ පැත්තට ආවේ. එතුමා දෙපැත්තේම අය සතුටු කරන්න පුළුවන් තීරණයක් ගත්තා.

ප‍්‍රශ්නය -  

          එහෙනම් ජනාධිපතිතුමා හා ඔබතුමන්ලගේ නායකයා එක තැන හිටියත් දෙපැත්ත බලාගෙන ඉන්නේ ඇයි? 

පිළිතුර -  

          දේශපාලනඥයන් එවැනි මවාපෑම් කරනවා. ඒ ගත් තීරණය නිසා ඒ පැත්තේ සිටි හො`ද චරිත කීපයක් අපේ පැත්තට එකතු වුණා. කොහොමද වැඬේ. අහක බලාගෙන හරි වැඬේ කළා. එතුමා හැමවිටම හිතන්නේ තමා නිසා ශ්‍රීලනිපය විනාශ වෙන්න දෙන්න බෑ කියලයි. ඒ නිසා එකම වේදිකාවකට නගින්න එතුමා උත්සාහ කළා. ඒත් දැන් තමන් කිසිම වේදිකාවකට නොනගින බවත් එතුමා කියා තිබෙනවා. තමන්ගේ පක්‍ෂයේ ලැයිස්තුව ගැන එතුමාට සතුටු වෙන්න බැරිව ඇති. සමහරු නොදැම්මා නම් ඔවුන් ස්වාධීන පක්‍ෂවලින් ඡුන්දයට එයි. ඒ නිසා දුන්න එක හො`දයි. ඒ නිසා තමයි අපිට පහසුවෙන් බලය ලැබෙන්නේ.

ප‍්‍රශ්නය -    

          නාමයෝජනාවලදී පක්‍ෂයේ සභාපතිවරයාට ලේකම්වරයාට බලපෑම් කරන්න බැරිද?

පිළිතුර -   

          ලේකම් පත්කරන්නේ සභාපතිතුමා නිසා ලේකම්වරයාට යම් බලපෑමක් කළ හැකියි.

ප‍්‍රශ්නය -  

          එහෙනම් අන්තිම මොහොතේ හෝ නාමයෝජනා ලැයිස්තු වෙනස් කරන්න ජනාධිපතිතුමාට පුළුවන්ද? 

පිළිතුර -   

          එහෙම කතාවකුත් තිබෙනවා. හෙට එළිවෙනකොට බලාගන්න පුළුවන්. අපිට කවුරු ආවත් එකයි. අභියෝගය භාරගන්න අපි සූදානම්. මොන මොන සූත්තර තිබෙනවාද කියා අපි දන්නේ නෑ.

ප‍්‍රශ්නය - 

          ජනවරම පාවා දුන් බවට ජනාධිපතිතුමාට එල්ල වන චෝදනා ගැන ඔබේ අදහස කුමක්ද?  

පිළිතුර -  

          සිවිල් සංවිධාන ඒ චෝදනාව කරනවා. අපි එතුමාට චෝදනා කරන්නේ නැහැ.

ප‍්‍රශ්නය -    

          සුසිල් පේ‍්‍රමජයන්ත මහතාට අවශ්‍ය ලෙස නාමයෝජනා දුන් බව ජනාධිපතිතුමා සිවිල් සංවිධාන නියෝජිතයින්ට පවසා තිබුණා. එතුමාට තමන්ගේ පක්‍ෂයේ ලේකම්වරයාට බලපෑම් කරන්න බැරි වුණේ ඇයි?

පිළිතුර -  

          මම ඒ පක්‍ෂයේ කෙනෙක් නොවන නිසා ඒ ගැන දන්නේ නැහැ.

ප‍්‍රශ්නය -    

          මෙවර මැතියවරණය නිදහස් හා සාධාරණව පැවැත්වීමේ බලය පොලීසියට ලබාදී තිබෙනවාද?

පිළිතුර -  

          ඔව්. 19 වන සංශෝධනයේ එන ස්වාධීන කොමිෂන් සභා පිහිටුවා නිදහස්ව හා සාධාරණව මැතිවරණය පවත්වනවා. පොලීසියට ඒ නිදහස ලබාදෙනවා.

ප‍්‍රශ්නය -    

          තවමත් කටවුට් ප‍්‍රදර්ශනය වෙනවා. ඒවා ඉවත් කරන්නේ නැද්ද?

පිළිතුර -  

          නීතිය ආව ගමන් මම මගේ ඒවා ඉවත් කළා. අනෙක් ඒවා ඉවත් කරන ලෙස පොලීසියට දැනුම් දී තිබෙනවා. ඒත් සමහර ඒවා ගහල තියෙන්නේ අහසේ. ඒවා ඉවත් කරන්න පොලීසියට කේ‍්‍රන් දෙන්න වෙයි.

ප‍්‍රශ්නය -    

          පෝස්ටර් කටවුට් නැතිව එජාපයට දිනන්න බැරිද?

පිළිතුර - 

          පුළුවන්. ඒත් පෝස්ටරයක්වත් නැති වුණොත් ජනතාව අහන්නේ දැන්මම පරාජය බාර අරන්ද කියලයි.

ප‍්‍රශ්නය - 

          මෙවර නාමයෝනා ලැයිස්තුවල කාන්තා නියෝජනය වැඩි වී තිබෙනවාද?  

පිළිතුර - 

          කාන්තාවන් ඉදිරිපත් වෙනවා අඩුයි. හිරුණිකා මැතිණිය අපේ පැත්තට එන බව කියනවාත එහෙම ආවොත් අපේ ලැයිස්තුව ආලෝකමත් වෙයි.

ප‍්‍රශ්නය -   

          ඔබතුමන්ලගේ පක්‍ෂයේ අයත් අනිත් පැත්තට යයිද?

පිළිතුර - 

          මම හිතන්නේ නැහැ. දැන් වෙන්න තියන ඒවා සේරම වෙලා ඉවරයි.

web



අදහස් (0)

‘ජනපති ගත් තීරණයෙන් පක්ෂ දෙකම සතුටු වෙනවා‘

බර්නාඩ් Monday, 13 July 2015 08:04 AM

කතා ඇති මහත්තයෝ (නි)

:       0       0

රෝහණ Sunday, 12 July 2015 11:18 PM

ජෝන් අමරතුංග මහතා විශ්‍රාම යායුතු කාලයයි . තරුණයන්ට තැනක් දෙන්න. අසව තණ්හාව නිසා අත අරින්න අමාරුයි. අනේ මෙහෙම තණ්හාවක්! (නදී)

:       0       0

පිවිතුරු යහපාල Monday, 13 July 2015 12:34 AM

මේ මාධ්‍යවේදීන් කවුරුවත් මේ අයගෙන් අහන්නේ නැහැනේ ලක්ෂ 62 ක ජන මතය කොහොමද ලක්ෂ 58ක ජන මතය හැසිරෙන විදිය පාලනය කරන්න යන්නේ කියලා. ඒක සාධාරණද කියලා. කොහේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදයක්ද එ්ක කියලා. (නදී) .

:       0       0

නිමල් Monday, 13 July 2015 01:31 AM

මේ රට ගොඩ ගතහැක්කේ එජාපයට පමණයි. අපේ රට දියුණු කරන්න නම් ඡන්ද අයිතිය අපොස උසස් පෙළවත් සමත් අයට පමණක් දියයුතුයි. අද හොරු ඡන්දේ ගන්නේ ගමේ අහිංසක නුගත් මිනිස්සු රවට්ටලා (නි)

:       0       0

සේනක Monday, 13 July 2015 01:33 AM

තමන්ගේ මාතෘ භූමිය වෙනුවෙන් එජාපයට ඔබේ ඡන්දය ලබාදෙන්න. රට පස්සට හැරවීමට ඉඩ නොදෙන්න. (නි)

:       0       0

කසුනි Monday, 13 July 2015 01:34 AM

පසුගිය කාලේ රැවටිලා අපි දුන්නේ මහින්දට. මේ පාර නම් දෙන්නේ නැහැ. (නි)

:       0       0

සත්‍යයා Sunday, 12 July 2015 01:28 PM

අපිට ඇති සමහර ප්‍රශ්න වලට උත්තර ඔබට දෙන්න බැරි නිසා මහා මැතිවරණයේදී අපි ඒ උත්තරය දෙන්න ජනතාවට බාර කරනවා. (නි)

:       0       0

සිසිල් Sunday, 12 July 2015 01:39 PM

ඔව් පක්ෂ දෙක සතුටුයි. පක්ෂ දෙකට ඡන්ද දුන් ජනතාව අසතුටුයි (නි)

:       0       0

වෝල්ටර් Sunday, 12 July 2015 01:43 PM

අපිත් සතුටු වෙනවා (නි)

:       0       0

රකිත් Monday, 13 July 2015 02:25 AM

ස්වාධින කොමිසම් සභා කොහොමද පිහිටුවන්නේ ව්‍යවස්ථාදායක සභාව රැස්වෙන්නේ නැතුව? (ම)

:       0       0

විභුති Monday, 13 July 2015 03:40 AM

ජනතා විමුක්ති පෙරමුණට බලපෑමක් කළ හැකි තරමේ බලයක් පාර්ලිමේන්තුව තුළ ලබාදිය යුතුමයි.(ම)

:       0       0

සමන් Sunday, 12 July 2015 02:23 PM

සූදානම් වෙන්නකෝ ජනතා මනාපය බාරගන්න (නි)

:       0       0

යෙනුර Sunday, 12 July 2015 02:26 PM

ඒක එහෙම වෙනවා නම් අපිත් සතුටුයි (නි)

:       0       0

ඇසළ Sunday, 12 July 2015 03:07 PM

අර මිදි දැකලා නරියෙක් කිවුව කතාව මට මතක්වුණා (නි)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 12 July 2015 03:19 PM

ඔබතුමා කාලගුණ දන්නේ නැති පුදගලයෙක්, ඔබතුමාව වතිකානුවට එක්කන් ගියේ කව්ද කියල මතක් කරගෙන කාලගුණ සලකන්න උත්සහ කරන්න. එෆ්.සී.අය්.ඩී.එක අහෝසි කර දේශපාලන පලිගැනීම් නතර කරන්න (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 945 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5739 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3279 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 283 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1454 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1571 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28423 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23593 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site