IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


ජනපති,ජනපතිවරනයට විදයම සොයයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරණය ලබන වසරේ මුල පවත්වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා කොපමණ මුදල් ප්‍රතිපාදන අවශ්‍ය දැයි ගණනය කොට තමාට වහාම දැනුම් දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමට දැනුම් දීමක් ද කර තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල් රත්නායක මහතා ඇතුළු කොමිසමේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවූ ජනාධිපතිවරයා පවසා ඇත්තේ ජනපතිවරණයට වැය වන මුදල් ප්‍රතිපාදන ඉදිරි අයවැය ලේඛනයට ඇතුළත් කර මුදල් වෙන් කර ගත යුතුව ඇති බවයි. ජනාධිපතිවරණය සඳහා වැයවන මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් වාර්තාවක් කඩිනමින් මුදල් අමාත්‍යංශයට යොමු කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා අදාළ මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමගද සාකච්ඡා කරන ලෙස මැතිවරණ කොමිසමට දැනුම් දී ඇත.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා වැය වන මුදල් සම්බන්ධයෙන් අදාල ඇස්තමේන්තු සකස් කොට ඉක්මනින්ම මුදල් අමාත්‍යාංශයට ලබාදෙන බව එහිදී මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාට දැනුම්දී තිබේ.

 



අදහස් (22)

ජනපති,ජනපතිවරනයට විදයම සොයයි

කොමා Saturday, 22 July 2023 09:16 AM

පොර බය වෙලා ඉන්නේ. රට විකුණලා හරි බලේ රැකගන්න තමයි බලන්නේ... ඊයේ පෙරේදා ඉන්දියාවට ගිහින් පළාත් සභා ඡන්දේ කල්දාගන්න මොනවා වික්කාද දන්නේ නෑ. මොන ගේම් ගැහුවත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගත් නිවට අයට, ඒ මිනී දිහා බලබලා කලිසම උස්ස උස්සා හිනා වෙච්චි හැඟීම් විරහිත අයට, තොප්පිගල කැලයක් කියපු අයට, මහ බැංකුව හොරා කාපු අයට, බුද්ධි අංශය පාවා දුන් ද්‍රෝහි අයට, ආසනය පවා පැරදී ගෙදර යැවූ පසුත් හොර පාරෙන් ජනපති වූ ලැජ්ජ නැති අයටජනතාව නැවතත් ජන්දය දෙන්නේ නෑ.

:       22       81

සමන් කුමාරSaturday, 22 July 2023 11:30 AM

ඒ ඔයා වගේ ජෙබයියෝ හිතන විදිහනේ. ඒත් බහුතරයකට මතකයි විරුවෙක් ගෙනත් අවුරුද්දකට කලින් කොහෙද හිටයේ කියලා. වත්මන් ජනපති බලයට එන්න කලින් හැම කාඩ්බෝර්ඩ් වීරයෙක්ටම අවස්ථාව තිබුණනේ. හැබැයි ඔක්කොම බයේ හැංගුනා. දැන් ඉන්න කෙනා ඇවිත් අවුරුද්දක් යන්න කලින් මොන දේ වුණත් පෝලිම් වල මැරි මැරී වැටුණු යුගය අවසන් කරා. බහුතර ජනතාවකට ඒක අමතක නෑ.

:       81       27

TharinduSaturday, 22 July 2023 12:01 PM

ඔය කතා ඔක්කොම වලංගුයි බැසිල් ඇවිත් අපි රනිල්ව තෝරගත්තා කියලා නොකියා ඉන්න කම්...!

:       1       35

නිශාන්ත Saturday, 22 July 2023 12:55 PM

පුන්නක්කු මිල තව අඩු කරන්න වෙයි මගෙ හිතේ...!

:       4       37

AkilaSaturday, 22 July 2023 12:56 PM

සමන්ට අමතකවෙලා රනිල් හාමුබලය ගත්තේ පොහොට්ටුවේ හොරු 134ගේ ඡන්දෙන්... එම හොරු ටිකව ආරක්ෂා කරගන්නවා කියලා පොරොන්දුව පිට කියලා..., ඉතින් මොන යුගයද ඉවරකරේ? තවමත් ඒ හොරු ටිකම තමයි ආණ්ඩුව කරන්නේ. ණය ගෙවන්න විදිහක් නැහැ. අපි බංකොළොත් කියලා ලෝකෙට කියපු නිසා හම්බවෙන සොච්චම් ඩොලර් වලින් ණය පොලි නොගෙවා තෙල් ටික ගේනවා. ඕක තමයි රනිල් හාමු කරපු මහා ලොකු විප්ලවය, ඒත් තවමත් සුමාන දෙකක් රට දුවන්න බැහැ... ණයට සල්ලි ගන්නේ නැතිව...

:       8       44

senaSaturday, 22 July 2023 03:40 PM

ඔය කියන විදිහට කාටවත් අවස්ථාව තිබුණේ නැහැ. පොහොට්ටුවන්ගේ කැමැත්ත තිබුනේ රනිල්ට... පොහොට්ටුවන් හොඳටම දන්නවා එයාලාගේ හොරකම් වහන්න රනිල්ට තරම් කාටවත් බැහැ කියලා...

:       3       36

ගමේ එකාලාSaturday, 22 July 2023 10:40 PM

දැන් සිද්දවෙන දේවල් හොඳයි කියලා වෙන්න ඇති හිතාගෙන ඉන්නේ? රටේ අපරාධ, මිනීමැරුම් ,අනතුරු ,වැඩිවෙලා ජීවන වියදම දරාගන්න බැරිතරම්, බාල බෙහෙත් එන්නත් ගෙනත් ජනතාව නොමරා මරනවා.

:       1       0

සුරංග Saturday, 22 July 2023 01:46 PM

කොමා තත්වයට පත්වුණාම ඔහොම අදහස් ඇතිවෙනවා... ඉක්මනින් දොස්තර කෙනෙක් හමුවෙලා මොළය ටිකක් පරීක්ෂා කරගන්න...

:       11       12

Anil ASaturday, 22 July 2023 04:54 PM

දූෂණ, චෝදනා නොමැති, අධිකරණ චෝදනා නොමැති අලුත් කෙනෙක් මැතිවරණයට ඉදිරිපත් වුවහොත් සලකා බලනවා...

:       1       15

Asintha Saturday, 22 July 2023 10:26 AM

මෙයා ඉන්දියාවට ගියපු ගමන් ජනාධිපතිවරණයක් පවත්වන්න හිතුවේ ඇයි දන්නේ නැහැ? අපේ රටට වෙච්චි හැම විනාශයකටම වගේ පැත්තකින් ඉන්දියාව ඉන්නවා. මෙයාව ආපහු ජනාධිපති කරලා රටේ ඉතිරිටිකත් ඉන්දියාවට ගන්නද දන්නේ නැහැ හදන්නේ...!

:       8       36

SAM Saturday, 22 July 2023 11:03 AM

ජනාධිපතිවරණය ලබන වසරේ මුල හෝ නියමිත ආකාරයට පවත්වනු ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට කරගෙන යන්නා වූ රටට හිතකර වෙනස්කම් සියල්ල එතුමා විසින් සිදුකරමින් සිටියි. එම නිසා රටට දේශපාලන යහපත් වෙනසක් ලබාදීමට එතුමාගේ දැනුම සහ පළපුරුද්ද අත්‍යාවශ්‍ය වේ. දැනට පාර්ලිමේන්තුවේ සිටිනා පිරිසගෙන් කිසිවකුට මෙවැනි ආකාරයට රටට වෙනසක් ලබාදීම වෙනුවෙන් තීන්දු සහ වෙනස්කම් කල නොහැකි නිසා සුදුසු අවස්ථාව පැමිණි පසු මැතිවරණයක් පවත්වනු ඇත. රටට දේශපාලන වෙනසක් ලබාදීම වෙනුවෙන් සුදුසුම තීරණය ගෙන සුදුසුම අවස්ථාවේ සුදුසු ජාතික මැතිවරණයක් පවත්වනු ඇත. අවස්ථාවාදී දූෂිත දේශපාලනය අවසන් කිරීමට කළහැකි සියලු වෙනස්කම් සහ අවස්ථාවන් උදාකිරීමට රටේ පුරවැසියන් වෙනුවෙන් සුබවාදී තීන්දුවකට පැමිණෙනු ඇත. මැතිවරණයක් පැවැත්වෙන්නේ නම් එය ජාතික මැතිවරණයක් විය යුතු පමණක් නොව ජනාධිපතිවරණයක් පළමුව පවත්වන්නේ නම් එය ලංකාවේ සමස්ත දේශපාලනයේ වෙනසක් වෙනුවෙන් පැවැත්වන මැතිවරණයක් විය යුතුවේ. ඩී එස් සේනානායක මැතිතුමාගේ ආරම්භ කළ දේශපාලනය "ශ්‍රී ලාංකික සහ මනුෂ්‍යත්වය" මූලික කරගත් දේශපාලන වෙනසක් රටට ලබාදිය යුතුවේ.

:       63       14

Saman Saturday, 22 July 2023 11:16 AM

රනිල්ට සහ රාජපක්ෂලාට ආයේ කවදාවත් ඡන්දෙ දෙන්නේ නෑ.

:       10       59

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 22 July 2023 11:50 AM

ජනාධිපතිවරණය තියන එක හොඳයි. හොරු තක්කඩි මංකොල්ල කාරයින්ට මෙන්ම රැල්ලට යන දාමරිකයින්ට නොරැවටී සැබෑ ජන නායකයින් තෝරා ගැනීමට ජනතාවට ශක්තිය, ධෛර්යය ලැබේවා..!!! ඒත්, එවන් නායකයින් මෙහි ඉන්නවාද කියලා හිතන්න වෙලා තියෙන්නේ...

:       3       46

sena Saturday, 22 July 2023 12:23 PM

මේ සුමානේ ඇදගෙන යන්න පොඩි නිවුස් ප්ලෑන් එකක්...

:       4       32

ගජමෑන් Saturday, 22 July 2023 01:52 PM

සමහර අදහස් වලට තියෙන ඩිස්ලයික් දැක්කාම 2019 හිටපු ලක්ෂ හැටනවයක මොංගල් කට්ටිය ලක්ෂ අසූවක් පමණ වෙලා කියලා පැහැදිලි වෙනවා...

:       6       14

MOHAMED FAHIM Saturday, 22 July 2023 02:11 PM

හොර නඩේ ගෙදර යවන දවස අතළඟ...

:       3       25

කල්පනී Saturday, 22 July 2023 02:48 PM

තැනක තියෙනවා ලබන වසරේ මුලදි ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරනවා කියලා තවත් කෙනෙක් කියනවා හදිසියේ ජනාධිපතිවරණය තියෙනවා කියලා... ඇත්තටම මැතිවරණයක් සඳහා පෙර වර්ෂයේ මුදල් වෙන්කිරීමත් කරනවා තමයි. ඒත් මැතිවරණය වර්ෂයේ මුලද, මැදද, අගද කියලා අදාල වෙන්නේ නැහැ.. අයවැය සඳහා තොරතුරු අවශ්‍ය වෙනවා...

:       1       10

Deepal Nirosh Saturday, 22 July 2023 03:55 PM

ඉන්දියාවට ගියා, මූල්‍යමය සහයෝගීතාවයකට සාකච්ඡා කළා. ඉන්දියාව කොන්දේසියක් දැම්මා, මොකද්ද? ඉක්මනට පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි කියලා. ඉතින් ඊට පෙර තමුන්ගේ බලය උරගාල තහවුරු කර ගන්න එපායැ... ආන්න ඒකයි මේ ජනාධිපතිවරණයකට මුදල් අවශ්‍යතාවය හොයන්න යන්නේ... නැතිනම් ලබන වසර ඔක්තෝබර් වෙනකම් තනතුරේ ඉන්න බැරිද? ජනාධිපතිවරණයකට වියදම වැඩියි කියලා ජනමත විමසුමකට පාර හොයා ගන්නවා වෙන්නත් පුළුවන්...

:       2       13

Ajanth Saturday, 22 July 2023 05:20 PM

ජනතා ද්‍රෝහී අදහස් තියෙන එකම පැළැන්තියේ අයව පරද්දන්න ලැබෙන අවසන් අවස්ථාව ජනතාව යොදාගනීද කියලා බලමු අපි...!

:       3       12

swene Saturday, 22 July 2023 05:42 PM

තිබිය යුතු ඡන්දයට සියලු කෙනෙහිලිකම් කරලා නවත්වලා ජනාධිපති ඡන්දය තියන්න යනවා. පොහොට්ටු කාරයින්ගේ ආරක්ෂාවට සියලුම දේ කිරීමේ පොරොන්දුවෙන් ඔවුන්ගේ ඡන්ද ගැනීමත්, ද්‍රවිඩ ඡන්ද ගැනීමත් තුළින් රනිල් ජනපති වීමයි උපාය මාර්ගය. මෙම දූෂිත ආණ්ඩුවේ ඇමතිලා ගණනාවක් ම ඉවත් කිරීමට හේතු ගොඩක් තියෙනවා. සදාචාරාත්මකව ඔවුන්ට ඔතැන ඉන්න බැහැ. රනිල් ඒ අයට මොකුත් කරන්නේ නැහැ. ඔවුන්ගේ ඡන්දයෙන් දිනලා ජනමත විචාරණයක් වගේ දේකින් පොහොට්ටු කාරයින්ගේ පැවැත්ම තහවුරු කිරීම ජනපතිවරණයට පෙර ඔහු විසින් පොහොට්ටුවට දෙන පොරොන්දුවකි. ඉන්න හොරු ආරක්ෂා කරන එක තවත් පොරොන්දුවකි...

:       3       15

chandima Sunday, 23 July 2023 02:47 AM

ඡන්දයක් තියලා නීත්‍යානුකූලව ජනාධිපති වෙලා එනකල් හිඟමන් දෙන්න බැහැ කියලා වගේ...?

:       1       1

දසුන් Sunday, 23 July 2023 08:20 AM

අනුර දිසානායක තමයි දිනන්නේ...!

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොරෝනා බෙහෙත් ඉල්ලූ රැඳවියන් 11 මැරූ නඩුව වසා තබයි
2024 ඔක්තෝබර් මස 15 796 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධරණය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්


ළමා නිවාසයේ මුරකරුගේ බෙල්ල කපා මරල:දරුවන් දෙකක් සැකපිට
2024 ඔක්තෝබර් මස 15 902 0

කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්


දුම්රිය ප්‍රමාදයි;බස් නෑ: මගීහු අතරමං වෙති
2024 ඔක්තෝබර් මස 15 173 0

ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ.


ඩොලර් අර්බුද නොඑන විදියට වාහන ගේනවා
2024 ඔක්තෝබර් මස 15 655 0

වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි


රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු සමුගනී
2024 ඔක්තෝබර් මස 15 786 0

ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත


ඇල්ලේ ඇල්ල චිල් ලොව දෙවැනි තැනට
2024 ඔක්තෝබර් මස 15 1375 0

ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 490 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1466 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site