IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ජනපති ප්‍රතිචාරය හොඳයි - වෛද්‍ය සංගමය

අයවැයෙන් අහිමි කළ රාජ්‍ය සේවක වරප‍්‍රසාද යළි ලබාගැනීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා  අද (4) පැවත්වු සාකච්ජාවේ දී තම ඉල්ලීම් සඳහා යහපත් ප‍්‍රතිචාර ලැබුණු බවත් ඒ පිළිබඳ අවසන් තීන්දු තීරණ ගැනීම සඳහා මුදල් අමාත්‍යවරයා හා එම අමාත්‍යාංශ නිලධාරීන් සමඟ සාකච්ඡා තමාගේද මූලිකත්වයෙන් පවත්වන  බවට ජනපති පොරොන්දු වූ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් පැවසීය.

අයවැය සම්මත කිරීමට පෙර මේ මස 10 වැනි දාත්  19 වැනි දාත්  අතර දිනකදී මෙම සාකච්ඡාව පැවැත්වීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව කී වෛද්‍ය හේරත්, එම සාකච්ඡාවේ දී යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුණොත් ඉදිරියේ දී දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කළේය.

 මේ අවස්ථාවට  සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද සහභාගී විය.

විදුලි  බලයෙන් ක්‍රියාකරන කාර් හා හයිබ්‍රිඩ් කාර් වැනි පරිසර හිතකාමි වාහන වලට  පනවා  ඇති බදු ඉවත් කිරිම වැනි ඉල්ලිම් වලට ජනාධිපතිගෙන් හොඳ ප්‍රතිකාර ලැබුණූ බව ඔහු කියයි.

_DSC0182 _DSC0186

(ජායාරූප හා විඩියෝ ජයමාල්  චන්ද්‍රසිරි)



අදහස් (0)

ජනපති ප්‍රතිචාරය හොඳයි - වෛද්‍ය සංගමය

ඩේවිඩ් Saturday, 05 December 2015 05:59 PM

මට ලැජ්ජයි මෙවන් රටක ඉපදීම ගැන (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 04 December 2015 11:00 PM

ජපානය අද ඉන්න තත්වෙට එන්න රටේ මිනිසුන්ගෙන් ලැබුන දායකත්වය අතිමහත්. අපි අපි ගැන මොහොතක් කල්පනා කළොත් තුන්වෙනි ලෝකේ දුප්පත් රටක් වුණත් උපතේ පටන් සියලුම දේ නොමිලේ දෙන රටක් මේක. රටේ පළමු පුරවැසියා වාර්ෂිකව මිලියන ගානක් ඉතුරු කරලා රටට පමණක් නෙමෙයි ලෝකෙටම ආදර්ශයක් දුන් රටක වෛද්‍යවරු ගැන නම් කියන්න දෙයක් නැහැ (නි)

:       0       0

ඩිල්ෂාන් Friday, 04 December 2015 11:36 PM

කට්ටියකට වරප්‍රසාද ලැබෙද්දී මහජනයා බස් වල හිරවෙලා යනවා. ඇයි එහෙම වෙන්නේ? මහජනයා තුළ එකමුතුකමක් නැහැ. ඔවුන් දේශපාලුවන් පස්සෙන් යනවා. නමුත් වෛද්‍යවරු නුවණැති නිසා එකමුතු වී තමුන්ට ඕනෑකරන දේ ලබාගන්නවා. ඔවුන් දේශපාලුවන්ට රැවටෙන්නේ නැහැ. (නි)

:       0       0

කිත්සිරි Saturday, 05 December 2015 12:10 AM

ඇයි මෙයාලා කියන කියන හැමදේටම අපි කන්දෙන්නේ? (නි)

:       0       0

රුවනි Saturday, 05 December 2015 12:26 AM

වෙනත් රටවල දොස්තරලා හරියට සේවාවේ කටයුතු නොකළොත් ඔවුන් සේවයෙන් පහකර වෙනත් දොස්තරලා ඒ පුරප්පාඩුවට පත්කරනවා. අනෙක ඒ රටවල දොස්තරලාට බලපත්‍රයක් තිබෙනවා. මෙය වසරින් වසර අලුත් කරගත යුතුයි. හරියට සේවාවේ නොයෙදුනොත් බලපත්‍ර අහෝසියි. මම නම් කියන්නේ ඔය ටික ලංකාවෙත් කළා නම් අසරණ රෝගීන්ට යහපතක් සැළසේවි. (නි)

:       0       0

රංග Saturday, 05 December 2015 12:34 AM

අමිල, මෝඩ කතා කියන්න එපා. වෙනත් රටවල හරියට සේවයේ නොදෙන දොස්තරලා ගෙදර යවලා ඒ තැනට වැඩකරන්න වෙනත් දොස්තරලා ගන්නවා. දියුණු රටවල දොස්තරලා වර්ජන කරනවද? ඒ මිනිසුන්ට අපේ දොස්තරලා වගේ අධි මානසිකත්වයක් නැහැ. දැන් අපිට වෙලා තියෙන්නේ මේගොල්ලන්ට වාහන ගන්නත් අපේ පඩියෙන් බදු ගෙවන්න. (නි)

:       0       0

මෙල්වින් Saturday, 05 December 2015 12:41 AM

මහජනයාගේ සල්ලි වලින් ඉගෙනගෙන දැන් මහජනයාටම දොස්තර ඌෂ්ණය පිටකරනවා. මේ ගොල්ලෝ සත පහක් රැකියාවෙන් බදු ගෙවනවද? විශ්‍රාම වැටුප් මදිවාට පුද්ගලික චැනල් වලින් සල්ලි හම්බ කරනවා. උපන්දා සිට මැරෙනතුරු මේගොල්ලන්ගේ නඩත්තුව කරන්න ඕනෑ මහජනතාවද? අනෙක් මිනිස්සුත් වැදගත් රැකියා කරන්නේ. හැබැයි රටට බරක් නැහැ. වෙනස ඒකයි. (නි)

:       0       0

තුසිත Saturday, 05 December 2015 12:49 AM

ඇයි ලොකුගේ, රට රැකියා කරන අනෙක් මිනිසුන්ට වාහන අවශ්‍ය නැද්ද? (නි)

:       0       0

මේනක Saturday, 05 December 2015 01:00 AM

ලොකුගේ , මේ වර්ජනය කරන උදවිය දොස්තරකම නිසා ඔලුව ලොකුකර ගැනීම තමයි මෙතන ප්‍රශ්නය. අඩු ගානේ පුද්ගලික චැනල් වලින් හම්බ කරන සල්ලි වලින් වාහන ගන්න බැරිද? ඒ බදු බරත් ජනතාවට පටවනවා. මේ රටේ අනෙක් මිනිස්සු බදුගෙවමින් තමන්ගේ මුදලින් හෝ බැංකු ණයක් අරගෙන වාහන ගන්නේ පුළුවන්කමට නෙමෙයි. (නි)

:       0       0

ගුණපාල රණසිංහ Saturday, 05 December 2015 12:59 AM

මේ දොස්තරලම මැදපෙරදිග ගිහින් වැඩකරන විදිහ බලනකොට පුදුම හිතෙනවා. එහෙ වර්ජන, හවසට චැනල් මොකුත් නැහැ. වෙනස එහෙ නීතිවලට කවුරුත් එකයි. (නි)

:       0       0

දුල්මි Saturday, 05 December 2015 01:15 AM

ලංකාදීපයේ පළවූ අර දරුවාට බෙහෙත් නැතුව බලාසිටින අසරණ මවගේ ඡායාරූපය මේ දොස්තරලාගේ දෙමාපියන්ට පෙන්වන්න ඇත්නම් (නි)

:       0       0

චාන්දනී Saturday, 05 December 2015 01:25 AM

මේගොල්ලන්ට තමන්ගේ රැකියාව කියන්නේ වැටිලා හිටපු තැනින් ගොඩයන මාර්ගයක් විතරයි. අපි පුද්ගලික අංශයේ රැකියාවකට ගිය පළමු දිනයේ පටන්ම හිතුවේ කාර්යක්ෂමව ආයතනයට සහ සේවය ලබාගන්න එන මහජනයාට වැඩකරන්නේ කොහොමද කියලා. වරප්‍රසාද දෙවනුව. ඒකට මේ පුද්ගලයන් මේ වාගේ උතුම් වෘත්තියක් ව්‍යාපාරයක් කරගත් හැටි ! (නි)

:       0       0

ඊෂාන් Saturday, 05 December 2015 01:30 AM

සිසිර, මේ රටේ ඉන්න එකම උගත් බුද්ධිමත් කොට්ඨාශය දොස්තරලා විතරක් නෙමෙයි. උද්දච්චකමට පළමුව බෙහෙත් කරගන්න ඕනෑ. ලැබුණු නිදහස් අධ්‍යාපනයට ගුණයක් ලෙස කුමන හෝ සුළු රැකියාවක යෙදෙමින් රජයට ජනතාවට බරක් නොවී ජීවත්වන මිනිස්සු මොවුන්ට වැඩිය බුද්ධිමත් (නි)

:       0       0

දයාල් Saturday, 05 December 2015 01:31 AM

ලංකාවේ ජීවකලාට මොකක්ද මේ වෙලා තියෙන්නේ? (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 05 December 2015 01:31 AM

ඇත්ත කතාව නම් ඔවුන්ගේ වාහන පර්මිට් සහ වෙනත් අවශ්‍යතා සඳහා ජනතාව ප්‍රාණ ඇපයට අරගෙන (නි)

:       0       0

රුවන් Saturday, 05 December 2015 01:40 AM

මට නම් විශ්වාස නැහැ (නි)

:       0       0

බණ්ඩාර Sunday, 06 December 2015 12:21 AM

මුළු ලෝකෙටම ණයවෙලා, උපදින්න සිටින දරුවන්වත් ණයකරලා කොහොමහරි හැමදෙයක්ම නොමිලයේම දෙන්න. (නි)

:       0       0

කාන්ති Saturday, 05 December 2015 01:39 AM

අද කාලයේ අම්මලා තමන්ගේ දරුවන්ව ලොක්කන් කරන්න මිසක් ගුණවත් උගතුන් කරන්න උත්සාහයක් නැහැ. මේ වගේ උදවිය තමයි කවදාහරි දේපළ ලියලා දුන්නට පසුව මවුපියන්වත් මහළු නිවාසෙට යවන්නේ. (නි)

:       0       0

හනීස් Sunday, 06 December 2015 12:41 AM

අනේ අපි නම් මේවට කතාකරන්න කැමති නැහැ (නි)

:       0       0

සෆ්රන් Saturday, 05 December 2015 02:44 AM

විදේශ රැකියා කරන අපිට අඩුම තරමින් බැංකු ණයක්වත් දෙන්නේ නැහැ. (නි)

:       0       0

විතානගේ Saturday, 05 December 2015 02:57 AM

පොදු ප්‍රවාහන සේවා නැති වෙලාවල රෝගී වීම ජනතාවට තහනම් කරන්න. එවිට දොස්තරලාට බස් හා කෝච්චි වල විත් රාජකාරි කළහැකිය. පර්මිට් උවමනා නැත. අවේලාවේ ජනතාව මාරාන්තිකව රෝගී වෙනවා නම්, පණ අදිමින් රජයේ රෝහලට එනවා නම්, දොස්තරලාට රියදුරුයි වාහනයයි ඉන්ධනයි ලබාදෙන්න. පර්මිට් එපා. තව දෙයක් කළහැකිය. දොස්තරලාට ඉස්පිරිතාලය ඇතුළතම නිල නිවාස ලබාදීම (නි)

:       0       0

සෙන්සාන් Saturday, 05 December 2015 02:54 AM

කාගේ වුණත් තිබෙන වරප්‍රසාදයක් කපන එක වැරදියි. වෘත්තිකයින් හොද සේවාවක් රටට කරනවා. මේ අය නැතිවුණාම තමයි ඔවුන්ගේ අඩුව පෙනෙන්නේ. හොඳ සේවාවක් ලබන්න සතුටුදායක වැඩ පරිසරයක් සෑදීම රජයේ වගකීමයි. රටේ ඉතාමත්ම අකාර්යක්ෂම රාජ්‍ය සේවකයින් හා දේශපාලකයින් සම්බන්ධයෙන් එකම විධියට තරාතිරම නොබලා පියවර ගැනීමත් රජයේ වගකීමයි. ඒත් අප රටේ හරියට සාධාරණ පරීක්ෂණයකවත් කෙරෙයිද? වැරැද්ද තිබෙන තැන තේරුම්ගන්නේ නැතුව හැඟීම්බර වීම තේරුමක් නැහැ (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 05 December 2015 03:30 AM

දුල්මි,කාන්ති.ඔබ දෙපලගේ අදහසට මම ගරු කරනවා. (ස)

:       0       0

රුවනි Friday, 04 December 2015 11:49 AM

දියුණු රටක නම් මෙලහකට මෙගොල්ලව ගෙදර යවලා වෙනත් උදවියව වැඩට අරන්. (ර)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 05 December 2015 03:32 AM

"දොස්තර වැඩ වර්ජනය හේතුවෙන් ලංකාවේ රෝහල් 1084 ක වැඩ සම්පුර්ණයෙන් ඇන හිටිය. එදිනට නියමිත ශල්‍යකර්ම 60,000 කට අධික සංඛ්‍යාවක් නතර වුනා".........මොන කාරණය වුනත් දුප්පත් අසරණ රෝගීන් ප්‍රාණ ඇපයට තියාගෙන ලබන සැනසුම විමුක්තිය මොකක්ද? (ස)

:       0       0

අජිත් Friday, 04 December 2015 12:59 PM

ඇයි දොස්තරලට විතරක් පර්මිට්? ලංකාවේ සියලුම දෙනාට තීරුබදු රහිතව වාහන ගැනීමට ඉඩදෙන්න. (නි)

:       0       0

අජිත් Friday, 04 December 2015 01:05 PM

මේ වගේ අනවශ්‍ය වරප්‍රසාද නිසා තමයි ලංකාවේ දුප්පත් පොහොසත් පරතරය වැඩිවෙලා තියෙන්න. (නි)

:       0       0

සිසිර Saturday, 05 December 2015 03:44 AM

කොහොමහරි මේගොල්ල දිනාගනියි වගේ මේක. (ර)

:       0       0

අමිල Friday, 04 December 2015 01:18 PM

ඒක තමයි රුවනි, දියුණු රටක් වුණා නම් මෙයාලව ඉවත්කරලා අපිටත් දොස්තරලා වෙන්න තිබුනා නේද? (නි)

:       0       0

මාස් විජේසිංහ Friday, 04 December 2015 01:25 PM

වෛද්‍යවරුන් එදා අරගල කළේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව නිදහස් අධ්‍යාපනය සුරැකීමටය. මෙදා අරගල කරන්නේද කාර් පර්මිට් එකකට නොව රාජ්‍ය සේවය සුරැකීමටය. බුද්ධිගලනය නතර කිරීම සඳහා රාජ්‍ය සේවයට බුද්ධිමතුන් ආකර්ශනය කිරීම පිණිස සහන පොළියට වාහන සහ නිවාස ණය ලබාදීම ආදී වරප්‍රසාද රැසක් මෙයට කලින් ක්‍රමයෙන් අහිමි කරනු ලැබීය. පුරවැසියාගේ උපතේ සිට මරණය දක්වා සියළු සේවාවන් ඉටුකරනු ලබන්නේ ඔවුන් විසිනි. හුදකලාවේ සටන් කිරීමෙන් වැඩක් ‍ නොවන නිසා ඔවුහු එක්ව සටන් කරති. (නි)

:       0       0

සුජීව Friday, 04 December 2015 01:43 PM

ඔක්කොම දේවල් මේ අයට. විදේශ රැකියා කරන අපිට අඩුම තරමින් බැංකු ණයක්වත් දෙන්නේ නැහැ. අපි නේද ලංකාවට සල්ලි එවන්නේ? වාහනයක් ගන්න බලාගෙන හිටියා. දැන් ඒකත් නැහැ. ගරු ජනපතිතුමනි, අපි ගැනත් බලන්න (නි)

:       0       0

පුෂ්ප Friday, 04 December 2015 01:52 PM

මාස් මහත්තයෝ, මගේ සහෝදරයත් දොස්තර කෙනෙක්. එයා නම් සටන් කරන්නේ ඔය කියන ඒවාට නොවෙයි. මුලින් පර්මිට් විකිණුවා. දැන් කෝටි ගණන් වල ඒවා බදු නැතුව ගේනවා. එකයි ඇත්ත. එයා කැමති නැහැ ගොඩක් අය දොස්තරලා වෙනවට. ඉතින් ඔයාගේ අදහසට මට හිනා ගියා. (නි)

:       0       0

අවන්ත Friday, 04 December 2015 02:04 PM

හොඳයි බලමුකෝ (නි)

:       0       0

මානෙල් Friday, 04 December 2015 02:07 PM

රට වෙනුවෙන් ආබාධිත වුණ රණවිරුවන්ට බසයේ සීට් එකක්වත් නැහැ (නි)

:       0       0

රවී Saturday, 05 December 2015 04:28 AM

වෘත්තිකයන් කියලා පට්ටමක් ගහගෙන සේවයේ නොදී ඉඳලා හරියන්නේ නැහැනේ. කුමන වෘත්තියක් වුනත් සමාජ විරෝධී නැති නම් ඒක වැදගත්. දොස්තරලා විතරද රටට අවශ්‍ය ? තව වැදගත් සේවා සපයන උදවිය ඉන්නවානේ. මේ දොස්තරලා බදු ගෙවන්නේවත් නැහැ. අනෙක් මිනිස්සු ඒකත් කරනවා. දැන් තියෙන්නේ මේ ගොල්ලන්ව හුරතල් කරන එක නවත්වා හරියට රටට වැඩ කරන මිනුස්සු ගැන සොයා බලන්න. (ර)

:       0       0

ගුනවර්ධන Saturday, 05 December 2015 04:28 AM

අපගේ සුබපැතුම්.! (ර)

:       0       0

සුමනපාල Friday, 04 December 2015 02:21 PM

මෙයාලා අලුත් දෙයක් ඉල්ලනවා නොවේ.තිබුණ දේ දෙන්න කියලා විිතරයි කියන්නේ. ඒකේ ඇති වැරැද්ද මොකද්ද? (අ)

:       0       0

නිලංග Saturday, 05 December 2015 04:36 AM

අත්‍යාවශ්‍ය සේවාවක් කඩා කප්පල් කළා නම් අනෙක් රටක මේ වෙනකොට හිරේ. (ර)

:       0       0

අරුණ Saturday, 05 December 2015 04:38 AM

අර පොඩි මිනිහට තිබුන ත්‍රීවීල් එක, එකත් වැඩි උණා. ඔය කතා කරන උදවිය ඒ දිහා බලන්න. (ර)

:       0       0

ප්‍රසන්න Saturday, 05 December 2015 05:22 AM

උඩ පැන පැන කතිරේ ගැහුවේ ඕක වැඩි කරගන්න නේද. බයිසිකල් පර්මිට් තමා දෙන්න ඕන. (ර)

:       0       0

ගයාන් Friday, 04 December 2015 03:01 PM

ඒක තමයි රුවනි. කතාව ඇත්ත (නි)

:       0       0

ලොකුගේ Friday, 04 December 2015 03:07 PM

රුවනි, මෝඩ කතා කියලා මෝඩකම පෙන්නන්න එපා. අජිත්, ඒක ඉතින් ඔයාගේ මොළේ තරම තමයි. පුෂ්ප, ඔයාගේ සහෝදරයා දොස්තර කියලා හරියටම විශ්වාසද? (නි)

:       0       0

අභය Friday, 04 December 2015 03:07 PM

ඇයි මිනිස්සු මෙච්චර මේ වරප්‍රසාද වලට ආශා කරන්නේ? (නි)

:       0       0

ගයනා Saturday, 05 December 2015 07:33 AM

ඇයි වෛද්‍යවරුන් මේ හැටි සුපෝපබෝගී ජීවිත වලට ඇලුම් කරන්නේ..? ඔවුන්ටත් සාමාන්‍ය වැසියෙක් ලෙස ගත කරන්න බැරි ඇයි.? වෙන රටවල් වල වෛද්‍යවරයත්, කම්කරුවත් එකම මට්ටමේ ඉන්නවා මිසක් ලංකාවෙ වගේ කැපී පෙනෙන්න දඟලන්නෑ. (ස)

:       0       0

යසස් Saturday, 05 December 2015 08:37 AM

ඉගෙන ගන්න කාලේ පෞද්ගලික විශ්ව විද්‍යාල එපා කියල කෑ ගහනවා. දොස්තර උනාට පස්සේ පෞද්ගලික ඉස්පිරිතාල වල වැඩ කරනවා. ඉල්ලීම් ඉල්ලලා වර්ජන කළා නම් අපේ රණ විරුවෝ අද ඔය කාටවත් ඔහොම දේවල් කරන්න නිදහසක් ඉතුරු වෙන්නේ නැ. දොස්තර කෙනෙක් කරන්න ඕන රටට සේවය කිරීම. නැතුව පෞද්ගලික වාසි වෙනුවෙන් රෝගීන් අසරණ කරන එක නෙවෙයි. (ස)

:       0       0

ලලිත් Friday, 04 December 2015 03:27 PM

වරප්‍රසාද හැමෝ ටම ලැබෙන්න ඕන දොස්තරලට විතරක් නෙවෙයි .(අ)

:       0       0

ලක්විදු Friday, 04 December 2015 03:28 PM

මන්ත්‍රීලට තිබෙන වරප්‍රසාද ගැන මෙතන අදහස් දාන අයට ගානක් නැහැ. ඔක්කොටම අමාරු ජිවිතේ හොඳම කාලේ දහදුක් විඳලා පාඩම් කරලා රජයෙන් වියදම් කළ මුදලින් උපරිම ප්‍රයෝජනය රටට ගෙනදුන් දොස්තරලා ගැනනේ (නි)

:       0       0

රෙක්ස් Friday, 04 December 2015 03:48 PM

ලලිත්, ඔයා හරියටම හරි. දොස්තරලා කතාකරන්නේ රාජ්‍ය සේවක වරප්‍රසාද ගැන මිස දොස්තරලගේ වරප්‍රසාද ගැන විතරක් නෙමෙයි (නි)

:       0       0

නිලංග Saturday, 05 December 2015 10:50 AM

මේගොල්ලන්ව පිටරට රෝහලකට මාසයක් අනුයුක්ත කලොත් යසට හැදෙවී. මෙහෙම අත්‍යාවශ්‍ය සේවා කඩා කප්පල් කලොත් මෙහෙ නම් ඉතින් කෙලින්ම ගෙදර. (ර)

:       0       0

ට්‍රිෂාන් Friday, 04 December 2015 04:45 PM

වරප්‍රසාද වලට ඇති ආශාව පේනවා නේද? (නි)

:       0       0

බුද්ධික Friday, 04 December 2015 04:49 PM

මම නම් කියන්නේ මේ කියන කියන විදියට වැඩකරන්න රජය බැඳිලා නැහැ කියලයි (නි)

:       0       0

ලතා Friday, 04 December 2015 04:45 PM

මානෙල්, මමත් ඔයාගේ අදහසට එකඟවෙමි. තිත්ත ඇත්ත ඒකයි නේද..? (නි)

:       0       0

වසන්ත Friday, 04 December 2015 05:04 PM

මුළු රාජ්‍ය සේවා කාලය සඳහා එක් තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ලබාදීම සුදුසුයි. තීරුබදු සහන යටතේ වාහන බලපත්‍ර ලබාගන්නා රජයේ නිලධාරීන් බාහිර පාර්ශවයන්ට බලපත්‍ර හිමිකර දී මුදල් උපයන තත්වයක් පසුගිය වසර කිහිපයකම දක්නට ලැබුණා. (නි)

:       0       0

වික්‍රම Friday, 04 December 2015 05:10 PM

වෛද්‍ය අධ්‍යාපනය රාජ්‍ය හස්තයෙන් මුදා පුද්ගලික වෛද්‍ය විද්‍යාල නිසි ප්‍රමිතියක් අනුව ඉක්මනින් පටන්ගැනීම අවශ්‍යයි. (නි)

:       0       0

ජනක Friday, 04 December 2015 05:35 PM

ඉන්දියාවේ නම් මේ වෙදදුරන් ගෙදර ඇරලා මෙලහකට. ඉන්දියාවේ ඇතිතරම් පුද්ගලික වෛද්‍ය විදුහල් තිබෙනවා. එහෙ දොස්තරලා රෝගීන්ගේ බෙල්ලට පිහිය තියලා වැඩ වර්ජනය කරනවා අහලාවත් තිබෙනවද? ලංකාවේ සයිටම් එකට විරුද්ධ හේතුව මෙයින් නොපෙනේද..? 1980 දී ජේ.ආර් යුගයේ මේ වර්ජනය කළා නම් ...? ඒවගේම 1989 -1993 ප්‍රේමදාස යුගයෙදීත්..? (නි)

:       0       0

සිසිර Friday, 04 December 2015 05:41 PM

ඇත්තටම ඔය බක පණ්ඩිත අදහස් ඉදිරිපත් කරන අයට තේරෙන්නෙ නැද්ද පොලිටික්කෝ උගත් බුද්ධිමත් දොස්තරලට වඩා දස දහස් ගුණයක් වරප්‍රසාද විඳිනවා කියලා? (නි)

:       0       0

සේන Friday, 04 December 2015 06:28 PM

ගරු අගමැතිතුමා තීරණයක් අරගෙන තිබෙනවානේ වසර 10 කට වරක් තීරුබදු රහිත වාහන බලපත්‍ර දෙන්න. සේවා කාලයටම දෙකක් දෙන්න. මදිද? දොස්තර ප්‍රජාව මේ ප්‍රශ්නය ගැන මේ තරම් දරදඬු ස්ථාවරයක ඉන්නේ ඇයි? ආත්මාර්ථය පොඩ්ඩකට පැත්තකින් තියලා මේ රටේ ජීවත්වන අහිංසක මිනිස්සු ගැනත් කල්පනා කළොත් නේද හොඳ? පරහිතකාමී "ජීවක" ලා මේ රටේ මේ තරමටම හිඟද? (නි)

:       0       0

ප්‍රියන්ත Saturday, 05 December 2015 02:08 PM

මේ රටේ මිනිස්සු තමන්ට අවශ්‍ය බෙහෙත් ටික ගන්න තමන්ගේ දහදිය මහන්සියෙන් වියදම් කරලා දොස්තරලා හදාගන්නවා. මේ සියලු දොස්තරකමක්ම අයිති මේ රටේ මිනිසුන්ට. මේ රටේ මිනිස්සු මේ සේරම කරලා අවසානෙට චැනල් සෙන්ටර් ළඟ පෞද්ගලික දිස්පෙන්සරි ළඟ මහා රෑ දහය දොළහ වෙනතුරු පෝලිම් වල. අපි ජීවත්වෙන්නේ අපායේ නොවෙයි නේද? (නි)

:       0       0

ද සිල්වා Saturday, 05 December 2015 03:02 PM

යුද්ධයේදී අබාධිත වුන රණවිරුවන්ට හෝ ජිවිත අහිමිවුණ රණවිරුවන්ගෙන් යැපෙන්නන්ටවත් වාහන පර්මිට් ලැබෙන්නේ නැහැ. මොකද දොස්තරලට විතරක්? (නි)

:       0       0

පෙරේරා Friday, 04 December 2015 07:58 PM

මෙයාලා රටේ දුප්පත් ජනතාවගේ මුදල් වලින් ඉගෙනගත් ගුණය අමතක කරලා රට ජාතිය ගැන හිතන්නේ නැතුව තමුන්ගේ සුඛවිහරණය පෙරට දාලා වැඩකරන අය වෙලා. (නි)

:       0       0

රිතික් Friday, 04 December 2015 09:03 PM

ඇයි මේ අය මෙච්චර තණ්හාකාරී වෙන්නේ? (නි)

:       0       0

අරුණ Friday, 04 December 2015 08:59 PM

මාෂ් මහතාට අනුව ලෝකය මවන්නෙත් විනාශ කරන්නෙත් දොස්තර නැමති අය විසිනි. එනිසා එතුමන්ට අවැසි සියළු දෙයම සැපයීමට අපි සැම බැඳීසිටිමු!! (නි)

:       0       0

සමීර Friday, 04 December 2015 09:42 PM

අද වෛද්‍යවරු සල්ලි මත්තෙම මැරෙන පිරිසක් වෙලා. වෛද්‍ය ආචාර ධර්ම පද්ධතියට අනුවත්, රෝගියාගේ මුලික අයිතීන්ට අනුවත් සාධාරණ සේවාවක් ඔවුන්ගෙන් ලැබෙන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 901 0

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 404 0

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 567 1

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


නව ආරක්ෂක ලේකම්වරුන් පත් කරයි
2024 සැප්තැම්බර් මස 23 1912 1

නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ


ඩොලර් බැඳුම්කර අගය පහත යයි
2024 සැප්තැම්බර් මස 23 1932 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය


ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 864 2

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22548 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22498 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 119 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 355 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 179 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site