බලපිටිය සිද්ධාර්ත විද්‍යාලයයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීමට බලපිටියට පැමිණීමට නියමිත මහින්ද රාජපක්ෂ ජනපති පිළි ගැනීමට බලපිටිය ප්‍රාදේශීය සභා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීීන් කොඩි වැල් අදිද්දී එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම් ඩබ්ලිව් සෙනරත් මහතා ද ඊට සහාය දැක්වීය.
ඔහු සිටියේ කොල පැහැති කමිසයකින් සැරසීීය.
ජනපති පිළි ගැනීමට කොඩිවැල් අදින්නේ ආණ්ඩු පක්ෂයට මාරු වීදැයි මන්ත්‍රීවරයාගෙන් විමසූ විට ඔහු කීවේ ජනපති සියලු පක්ෂවලට පොදු බවයි.
‘ගමට ජනාධිපතිතුමා පැමිණෙනවා නම් පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව ඒ කටයුතු කරනවා. ගමේ දරුවන්ට සම්පත් ලබා දෙනවා නම් අපි එය අගය කරනවා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොලේ ඇති අලි පැටියෙක් , අනෙක් අලින්ට ආදර්ශයකි ,(අ)
අවංක චේතනාව ඒක නම් ඔයාත් දිනුම්. අපිත් දිනුම්.(නදී)
විය යුතු දේත් එ්ක තමයි (නදී)
මොකෝ මේ පනිවිඩේට ප්‍රතිචාර නැත්තේ (නදී)
ආදර්ශයට ගතයුතු පුංචි මන්ත්‍රී වරයෙක්. හැබැයි මේක පෙරහුරුවක් වෙන්නත් බැරි නැහැ. හොරා ගෙට රිංගන්න කලින් මුට්ටියක් දාල බලනවා කියල කතාවකුත් තියෙනවනේ. (දී)
මොනවා උණත් අගය කළ යුතු මහත්මයෙක්. ජනාධිපතිගේ දෑත් ශක්තිමත් කරන්න වෙන්නත් පුලුවන් (නදී)
ඔහොම තමයි කලින් පැනපු කට්ටියත් කිව්වේ. පනින්න කලින්,වේදිකා වල බැනපු කතා ඇහැව්වා නම් හිනහත් යනවා. (නදී)
පක්ෂය මොකක් උනත් කල ක්‍රියාව හරි. මම මේ වගේ දේශපාලඥයන්ට ආචාර කරනවා. (නදී)
බුද්ධිමත් කෙනෙක් වගේ. දුර්ලභයි. (නදී)
කාලයකින් දේශපාලනයේ නියම මහත්මයෙකු ඉන්නවා දැක්කා (නදී)
පනින්න ඉස්සල්ලා හැමෝම කිව්වේ ඔහොම තමයි. (නදී)