
(අංජුල මහික වීරරත්න)
නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන අදහස් හා තීරණය නැවත සිතා බලා හරි තැනකට එන්න පුළුවන් වේවි යැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවැසීය.
අමරසූරිය මහතා මේ බව කීවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමිනි.
එහිදී අමරසූරිය මහතා මෙසේද කීය.
නීතිඥ සංගමය ස්ථාවරය ගැන ජනපති සමග සාකච්ඡා කළා.මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනපති හමුවූයේ ප්‍රථම වතාවටයි.මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට නීතිඥවරු සහ විනිසුරුතුමන්ලා විරුද්ධ වන හේතුව අප එහිදී පැහැදිලි කර දුන්නා.
ජනාධිපති නීතිඥවරු, මහාචාර්යවරු ඇතුළු විසි දෙනෙක් ජනපති හමුවීමට ගියා.ජනාධිපතිතුමාත් ඔහුගේ ස්ථාවරය අපට සඳහන් කළා.මෙවැනි වෙනස්කමක් කරන විට පුළුල් විද්වත් සාකච්ඡාවකින් පසුව එය කළ යුතු බව අප එහිදි සඳහන් කළා.මේක කවුරුවත් කාටවත් විරුද්ධව කරන සටනක් නොවේ යනුවෙන්ද ඔහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕගොල්ලන්ට හරි තැන ජනතාවට, යුක්තියට වැරදි තැන.
කෙසේ වෙතත් ජනපති මෙම පනත ගෙනෙයි, ජනතා සහායත් ඔහුටයි, මේ රටට අවැඩ දෙයක් ජනපති සිදු නොකරන බව ජනතාවට සීයට සීයක් විශ්වාසයි.
මෙච්චර කල් විද්වත් සාකච්ඡා කරල, විද්වත්තු කරපු හැටි සහ තවමත් කරන්න හදන හැටි ජනතාව බහුතර දන්නවා.
ගලේ පැහැරුව බළලා ගානට වැටුනා !
ඔය සන්ගමේ ඉන්න සමහර අයගේ කැරැට්ටුව ගැනත් අපි නොදන්නවා.නෙවෙයි. නඩු ඉක්මනින් අහලා දූෂිතයන්ට හිරේ යන්ඩ වෙන එකට මිසක්,විරුද්ද වෙන්ඩ කිසිම හේතුවක් නැහැ.දූෂිත පව්ල් පාලන ආණ්ඩුව කාලේ අදිකරණය පවා දේසපාලණියකරණය වෙලා තිබුනේ .,හිටපු අදිකරණ ඇමතිවරුන් කටයුතු කරපු ආකාරය ගැනත් අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ.
අපට තියෙන එකම කණගාටුව තමයි ඔයා වගේ එක්කෙනෙක් සභාපති කරපු එක.
සභා තොමෝ සතුටින් විසිර ගියහ.
තමන්ගේ තැන දැනගෙන වැඩකරන එක අපි හැමෝටම ඇඟට ගුණයි නේද සභාපති ...
මේ ගොබ්බයින්ට ජනාධිපතිව තම්බන්න තව ඉගෙනගන්න ඕන. මහා ලොකු විද්වත්තු කියල හිතාගෙන ඉන්නේ