(ඩයනා උදයංගනී)
යළිත් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රතික්‍ෂේප කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට පක්‍ෂයක් ලෙස ගත් තීරණය වෙනස් කළ නොහැකි බව මෙන්ම ජනතා ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නොහැකි බව තම පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ජනාධිපතිවරයාට දැනුම් දුන් බව ද නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.
මේ අවස්ථාවේදී රටේ පවතින අර්බුදය විසඳීමේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම පැවසීය.
හිටපු ඇමතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (6) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එමෙන්ම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා රජය ගෙනඑන ඕනෑම වැඩපිළිවෙලකට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහය ලබාදෙන බව ද හිටපු ඇමතිවරයා කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පාර්ලිමේන්තුවේ ස්වාධීනවීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවේදී මෙම කරුණු දැනුම් දුන් බව ද නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, හිටපු අමාත්‍ය මහින්ද අමරවීර, ජාතික සංවිධායක හිටපු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික, හිටපු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෂාන් විජයලාල් ද සිල්වා, ජගත් පුෂ්පකුමාර, චාමර සම්පත් දසනායක, සාරථී දුෂ්මන්ත මිත්‍රපාල, අංගජන් රාමනාදන්, ආචාර්ය සුරේන් රාඝවන් යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
පාසල් සිසුන්ට ආහාර වේලක් ලබාදීමේ ලෝක ආහාර වැඩසටහනෙ මේ වන විටත් ක්‍රියාත්මක වැඩ පිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇ
පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (24) ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
සේවක අර්ථ සාධක අරමුදල සමාගම් පහළවක කර තිබූ රුපියල් කෝටි 2179ක ආයෝජනයන්ගෙන් ප්‍රතිලාභ ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්ෂික වාර්තාවේ දැක්වේ.
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන් සදහා කොළඹ කොටුව හා මහනුවර අතර ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය සේවා අද (24) සිට නැවත දැනුම් දෙන තුරු නතර කිරීමට දුම්රි
නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ මිල අධික විදේශීය මත්පැන් බෝතල් තොගයක් විනාශ කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඒවායේ තිබූ අරක්කු තේ කහට බවට පත්වූ සිද්ධියක
බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජනපතිගේ ඉල්ලීම ශ්‍රීලනිපය ප්‍රතික්ෂේප කරයි
Pradeep Kumara Wednesday, 06 April 2022 03:35 PM
ඔබතුමා ඡන්දෙට කලින් කිව්ව විදියට වැඩකළා නම් අද ඔහොම කාටවත් පාච්චල් වෙන්නේ නැතුව කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න තිබුණා. දැන් ඉතින් කියන්න තියෙන්නේ "කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ" කියලා තමයි...!...
"බෙදුණු තුප්පහි සිංහලය" Wednesday, 06 April 2022 06:40 PM
මේ "බෙදුණු තුප්පහි සිංහලයට" මේ රට කරගෙන යන්න හොඳම ශ්‍රීලාංකික උරුම නායකයෙක් " ඩයස්පෝරාවෙන් " යෝජනා කරලා රට බාරදෙන්න!
මහේෂ් Wednesday, 06 April 2022 10:20 PM
බලය තියෙනකොට කොහොමද සුළු පක්ෂවලට සැලකුවේ. කොහොම රජය විවේචනය කලත් ගම්මන්පිල,විමල් වීරවංශ ඒ අවස්ථාවේ ඇමතිකම් වලින් ඉවත් කරන්න සුදුසු වෙලාවක් නෙමෙයි කොහොමටත්. ඒ අයට කරගන්න ඕන දේ ජනාධිපති තුමා කලා.හිටපු ප්‍රවාහන ඇමැති කොහොමද හැසිරුනේ සුළු පක්ෂ එක්ක. ගම්මන්පිල මහත්තයට දෝෂාභියෝගයක් පවා ගෙනාව. දැන්පි ඒ කරපු මොන්ටිසෝරි වැඩ ගැන ලැජ්ජා හිතෙනවා ඇති. නාමල්ට ඇමතිතුමා හැසිරුනේ හරියට රජ කුමාරයෙක් වගේ. අසරණ මිනිස්සුන්ගේ චන්දෙන් ආවා කියලා අමතක උනා. මිනිස්සු මෙහෙ ඩීසල්, කිරිපිටි, පෝලිම්වල, දුක් විඳිනවා, කරන්ට් නැහැ එහෙන්. මිනිස්සු අන්ත අසරණ වෙලා ඉන්න වෙලාවේ එයා මාලදිවයිනේ water sport කරනවා.."ක්‍රීඩා ඇමති ක්‍රීඩා කරපුවම මොකද වෙන්නේ " කියනවා. මුදල් ඇමතිතුමා නිවාඩුවකට ගිහින් ඇමෙරිකාවට.... දැන් ඔය ගිලෙන නැවට කව්රුත්ම නගින්නේ නැහැ.
Bema Wednesday, 06 April 2022 10:38 PM
මහින්ද මහත්තයා පැරදුනේ ඇයි කියලා නිකමට හිතුවනම් ඔහොම වෙන්නේ නැහැ. මෙහෙම වෙන්න ලොකුම හේතුව නාමල් සහ බැසිල් ඇමතිලා. ඔබතුමාටත් බලය ලැබුනම මොලේ නැතුව ගියා. ලොකු බලයක් මිනිස්සු දුන්නේ ලොකු බලාපොරොත්තු තියාගෙන. මේ ගොහොරු වලෙන් රට ගොඩගනී කියන ලොකු විශ්වාසයක් ඇතිව. නැතුව පව්ලේ අය ඉස්සරහට දාගෙන ඒ ගොල්ලෝ පෝෂණය කරන්න නොවෙයි. නාමල්.............. ආදී ඇමතිතුමන්ලගේ හැසිරීම මිනිස්සුන්ගේ කෝපය තව තවත් වැඩි කලා. ඔබතුමා කාටවත් ඇහුන් කන් දෙන්න නැතිව ඇති උගත් පිරිසට. මමම හරි කියලා හිතාගෙන වැඩ කරන්න ඇති. ඒවාට හේතුව පළපුරුද්දක් නැතිකමයි.