IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘ජනපතිට හදිසි නෑ : ඒත් එජාපයට හදිස්සියි‘

දැඩි රාජපක්ෂ හිතවාදියෙකු වන, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන හිටපු ජනපතිවරයා නව පක්ෂයක් පිහිටුවාගෙන මැතිවරණය ඉදිරිපත්වීමේ සූදානමක් ඇතැයි පසුගිය සතියේ සන්ඩේ ටයිම්ස් දේශපාලන තීරුව හා පළකළ අදහස් ජනපති සිරිසේනගේ අවධානයට යොමුවන විට ඔහු සිටියේ අම්පාර නගරයේය.එය ඉරිදා දිනය විය.

සඳුදා දින උදෑසනම හෙතෙම දිනේෂ් ගුණවර්ධන හා දුරකථනයෙන් සම්බන්ධ විය. සන්ඬේ ටයිම්ස් වෙත පළකර ඇති අදහස් සත්‍යදැයි ජනපතිවරයා ගුණවර්ධනගෙන් විමසීය. ‘මම තවම ඒක කියෙව්වේ නැහැ’ එහා කොනෙන් ලැබුණු පිළිතුර වුනි.නව පක්ෂයක් පිහිටුවාගැනීමේ උත්සාහයක් තිබෙන්නේදැයි ජනපතිවරයාගේ ඊළග පැනය විය.ිඔව් පක්ෂය එකතු කරන්න ගත්ත පියවරවල් වලින් වැඩක් වෙලා නැහැනේ.පක්ෂයක් පිහිටුවාගන්නවා හැරෙන්න අවෙන විකල්පයක් අපට නැහැ’ ගුණවර්ධන පිළිතුරු දුන්නේය.‘මම අපේ ස්ථාවරය ජනපතිවරයාට පැහැදිලි කළා’ .සන්ඬේ ටයිම්ස් මෙම දුරකථන සංවාදය පිළිඹද විමසූ විට දිනේෂ් ගුණවර්ධන මන්තී‍්‍රවරයා පවසා සිටියේ එසේය.වැඩිදුර තොරතුරු හෙළිකිරීම ඔහු ප‍්‍රතික්ෂේප කළේය.

මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස නම් කරන ලෙස ජනපතිවරයාට බල කිරීමේ අරමුණින් පැවැත්වෙන රැස්වීම් මාලාවේ තවත් රැස්වීමක් පසුගියදා මාතර නගරයේදී පැවැත්වින.එයට විශාල ජනකායක් සහභාගීව සිටි අතර එම ජනතාව දැකීම ජනපති සිරිසේනව කැළඹීමට පත්කර ඇති සෙයක් පෙනෙන්නට තිබුණි. රැස්වීම පැවැත්වීමට පෙර දිනක ඔහු එම දිස්ති‍්‍රක්කය නියෝජනය කරන ලක්ෂ්මන් යාපා අබේවර්ධනගෙන් තත්ත්වය පිළිබඳ විමසා සිටියේය.ගෙවුණු මැයි මස 29 වැනිදා ලක්ෂ්මන් යාපා අබේවර්ධන පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබුණි. ඔහු සමගම මාතර දිස්ත‍්‍රික්කය නියෝජනය කරන තවත් මන්තී‍්‍රවරුන් දෙදෙනෙකු වන සනත් ජයසූරිය හා වජිර දහනායකටද නියෝජ්‍ය අමාත්‍යධූරයන් හිමිවිය. වජිර දහනායකට නියෝජ්‍ය අමාත්‍යධූරයක් ලබාදීම සම්බන්ධයෙන් වැඩි ප‍්‍රසාදයක් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට නොමැති බවද සඳහන්ය. ඇයි මේ ජනතාව මේ රැස්වීමට යන්නේ’ ජනපතිවරයාගෙන් ලක්ෂ්මන් යාපා අමාත්‍යවරයාට ඉදිරිපත්වූ පැනය විය. ගම්පහ හෝ අම්පාර ප‍්‍රදේශයේ මීළඟ රැස්වීම පැවැත්වීමට රාජපක්ෂ ආධාරකරුවන් සැළසුම් කරමින් සිටී. ඔවුන් සැලසුම් සකස් කරන අතරේ ජනපති සිරිසේනද තමන්ගේම සැළසුම් දියත් කරමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එක්සත් කරනු විශේෂ සම්මන්ත‍්‍රණ වැඩසටහනක් දියත් කිරීමට කටයුතු කර ඇත. පසුගියදා විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා ප‍්‍රකාශ කළ පරිදි මීළඟ සම්මන්ත‍්‍රණය පැවැත්වීමට නියමිතව ඇත්තේ බදුල්ලේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බෙදීම මුලින් කසුකුසු වලට පමණක් සීමාවී පැවතියද දැන් එය යතාර්ථයක් බවට පත්වන ලකුණු පෙනේනන්ට තිබේ.මේ සම්බන්ධයෙන් ජනපතිවරයාගේද දැඩි අවධානය යොමුව තිබේ.ගෙවුණු සතිකිහිපයේදී ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් වන සුසිල් පේ‍්‍රමජයන්ත, නිමල් සිරිපාලද සිල්වා, අනුර ප‍්‍රියදර්ශන යාපා හා ජෝන් අමරතුංග සිව්දෙන නොයෙක් වර ජනපතිවරයා හමුවී මේ පිළිබඳ සාකච්ඡා කළහ. ඔවුන්ගේ අදහස වූයේ හිටපු ජනපතිවරයාව නැවත වරක් පක්ෂ කටයුතු වලට හවුල් කරගතයුතුව තිබෙන බවය. පක්ෂයේ බිම් මට්ටමේ සාමාජිකයින් හා සංවිධාන වල කැමැත්ත තවමත් තිබෙන්නේ හිටපු ජනපතිවරයාට බව ඔවුන් ඊට හේතුව ලෙස ඉදිරිපත් කළේය. තමන් පවසන්න දෙය පිළිගන්නේ නැතිනම් බිම් මට්ටමේ සාමාජිකයින්ගේ හමුවක් පවත්වා සත්‍ය වටහාගන්නා ලෙස ඔවුහු කීහ. පසුගිය ඉරිදා උදෑසන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්, පළාත් සභා අමාත්‍යවරුන් හා ප‍්‍රාදේශීය පාලන ඒකක වල නියෝජිතයින් වන පක්ෂ සාමාජිකයින් ශී‍්‍ර ලංකා පදනම් ආයතනයට කැදවා විශේෂ හමුවක් පැවැත්වීමට ජනපතිවරයා කටයුතු කළේ මේ අනුවය. එදින සන්ඬේ ටයිම්ස් දේශපාලන තීරුවෙන් අනාවරණය කර තිබූ කරුණුද ජනපතිවරයාගේ සැළකිල්ලට ලක්විය.පසුගිය සතිය පුරාවට ශී‍්‍රලංකා දේශපාලන ක්ෂේත‍්‍රයේ නොයෙකුත් හැළහැප්පීම් දැකගත හැකිවූයේ මෙහි ප‍්‍රතිඵලයක් ලෙසය.

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් වන මලික් සමරවික‍්‍රම,කබීර් හෂීම්,කරූ ජයසූරිය,ලක්ෂ්මන් කිරිඇල්ල හා රවී කරුණානායක සඳුදා රැයේ ජනපතිවරයා හමුවිය. ජූනි මස 12 වැනිදා පැවැත්වුණු එක්සත් ජාතික පක්ෂ කමිටු හමුවේදී ගනු ලැබූ තීරණ පිළිඹදව ජනපතිවරයා දැනුම්වත් කිරීම ඔවුන්ගේ අරමුණ වුනි.එදා කමිටු හමුවෙන් පසුව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ එක්සත් ජාතික පක්ෂය ජනවාරි මස 8 වැනිදා ආරම්භ කළ විප්ලවයේ ගමන විනාශ කිරීමට තැත් කරමින් සිටින්නේයැයි විපක්ෂයට චෝදනා කළේය. ඒ සමගම පාර්ලිමේන්තුව වහාම විසිරුවා හැර ජනතා කැමැත්තෙන් පත්වන නව රජයකට ඉඩසලසා දෙන්නැයි ජනපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද කීවේය. කමිටුවේදී ගනු ලැබූ තීරණයන් ජනපතිවරයාට ලිඛිතව දැනුම්දෙන බව මුලින් සඳහන් කෙරුණද සඳුදා දිනයේදී පක්ෂ සාමාජිකයින් ජනපතිවරයාව පෞද්ගලිකවම හමුවීමට පැමිණ සිටීමෙන් එම තීරණය වෙනස්වී ඇති බවක් දැකගත හැකිවුනි.

පැයක් පමණ පැවැත්වුනු සාකච්ඡාවේදී දෙපාර්ශවයම සෘජුව අදහස් ප‍්‍රකාශ කිරීමේ යෙදුණහ. ජනපතිවරයා දිනවීමට එක්සත් ජාතික පක්ෂය විශාල මෙහෙයක් ඉටුකළ බව නියෝජිත පිරිස කීහ. එය සත්‍ය බව පිළිගත් ජනපතිවරයා තමාගේ පැත්තෙන්ද දුන් පොරොන්දු ඉටුකළ බව ඔවුන්ට මතක් කර දුන්නේය. රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත්කිරීමද, සුළුතරය හිමි රජයකට පාලන බලය ලබාදීමද තමන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සිදුකළ බව ඔහු කීවේය. පක්ෂයේ බිම් මට්ටමෙන් පාර්ලිමෙන්තුව වහා විසිරුවා හැරිය යුතුව ඇතැයි යන මතය දැන් දැඩිව නැගෙමින් පවතින බව එක්සත් ජාතික පක්ෂ නියෝජිතයෝ පැවසූහ. දින සියයේ වැඩපිළිවෙලිසාර්ථක අවසානයක්’ දැක ඇති හෙයින් තවත් පමා නොකර පාර්ලිමෙන්තුව විසිරුවා හැරිය යුතුව ඇතැයි ඔවුහු ජනපතිවරයාට පෙන්වා දුන්හ.යෝජිත නව මැතිවරණ ක‍්‍රමය අරබයා පැනනැගී ඇති ගැටලූද දෙපාර්ශවය අතර සාකච්ඡාවට බදුන් විය.පාර්ලිමෙන්තු ආසන සංඛ්‍යාවට සිදුකෙරෙන සංශෝධනයන් අරබයා රජයේ සියලූ පාර්ශවකරුවන් අතර මේ වන විට බෙදීම් ඇතිව තිබෙන අතර,ජනපතිවරයාට පාර්ලිමෙන්තු ආසන සංඛ්‍යාව 237 ක් දක්වාත්, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට එම සංඛ්‍යාව 255 ක් දක්වාත් ඉහළ දැමීමට අවැසිවුවත් එක්සත් ජාතික පක්ෂය ඊට දැඩිව විරෝධය පළකරමින් පාර්ලිමෙන්තු ආසන සංඛ්‍යාව පවතින 225 අගයේම පැවතිය යුතුයැයි මතයක සිටී.ඒ අතර සුළු පක්ෂ වලට අවශ්‍යව ඇත්තේ පක්ෂයට හා අපේක්ෂකයාට එක බැගින් මනාප හිමිවන ද්විත්ව මනාප ක‍්‍රමයක් ස්ථාපිත කරගැනීමටය.මෙයට ප‍්‍රධාන පක්ෂවල කැමැත්තක් නැත.මේ සම්බන්ධයෙන් ජනපතිවරයා හමුවේ කරුණු පැහැදිලි කළ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයෝ එසේ ද්විත්ව මනාප ක‍්‍රමයක් ස්ථාපිත කිරීමෙන් එකම පක්ෂයේ සාමාජිකයින් අතර අනවශ්‍ය පරිදි ගැටුම් ඇතිවීමේ ප‍්‍රවණතාවත් උද්ගතවීමට ඉඩ තිබෙන බව පෙන්වාදුන්හ.මෙසේ මැතිවරණ ක‍්‍රමය සම්බන්ධයෙන් එක් එක් පාර්ශවයන්ට විවිධ අදහස් තිබෙන බැවින් එම අදහස් සියල්ල එක්කොට ලියවිල්ලක් සකස් කර එය ජනමත විමසුමකට ලක්කර,ඒ අතර කාලයේ පාර්ලිමෙන්තු මැතිවරණය පවත්වා පත්වන නව රජයට එම ජනමත විමසුමෙන් ලැබෙන ප‍්‍රතිඵල අනුව නව මැතිවරණ ක‍්‍රමය ස්ථාපිත කිරීමට අවස්ථාව ලබාදිය යුතුව තිබෙන බව ඔවුන්ගේ අදහස විය.

අගමැතිවරයාට හා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කිරීමට යන විශ්වාසභංගයන් සම්බන්ධයෙන්ද එක්සත් ජාතික පක්ෂ නියෝජිත පිරිස ජනපතිවරයා හා අදහස් හුවමාරු කරගත්හ.විපක්ෂයේ මෙම උත්සාහය සම්පූර්ණයෙන්ම සදාචාරවිරෝධී යැයි ඔවුහු චෝදනා කළහ.පසුගිය අගහරුවාදා පැවැත්වුනු පක්ෂ නායක හමුවේදී අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය විභාගයට ගැනෙන දිනයක් පිළිඹද එකඟතාවයකට පැමිණීමට නොහැකිවූ අතර එය දැනට පාර්ලිමෙන්තු වාර්තා පොතට පමණක් සීමාවී තිබේ.රවී කරුණානායකට එරෙහි විශ්වාසභංගය ජූලි මස 6 වැනිදා විභාගයට ගැනෙන බව මින් පෙර අවස්ථාවක පැවති පක්ෂ නායක හමුවකදී සඳහන්වූ අතර මෙවර පක්ෂ නායක හමුවේදීද එම දිනයේ කිසිදු වෙනසක් සිදුනොවන බව පැවසුනි.මෙම විශ්වාසභංගයන් විභාගයට ගැනීම තබා ඒවා පාර්ලිමෙන්තු වාර්තා පොතට පවා ඇතුළත්විය නොයුතු බව එක්සත් ජාතික පක්ෂයේ මතයයි.19ඒ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් පසුව පාර්ලිමෙන්තුව විසිරුවා හරින්නේයැයි ජනපතිවරයා එදා දුන් පොරොන්දුවද එක්සත් ජාතික පක්ෂ නියෝජිත පිරිස සිිහිකැදවීය.ඔවුන්ව අස්වැසූ ජනපතිවරයා පාර්ලිමෙන්තුව විසිරුවා හැරීම තමන් අනිවාර්යයෙන්ම කරන්නේ වුවත් එය සිදුකෙරෙන නිශ්චිත දිනයක් පවසා සිටිය නොහැකි බව කීවේය.එක්සත් ජාතික පක්ෂ නියෝජිත පිරිසට ජනපතිවරයාගේ එම ප‍්‍රකාශය ප‍්‍රමාණවත්වූ සෙයක් පෙනුනි.තමන්ට දිනය කවදාදැයි දැනගැනීමට අවශ්‍යතාවක් නැතත් පාර්ලිමෙන්තුව අගෝස්තු මාසය වන විටදීවත් විසිරුවා හැරෙනු ඇතැයි අපේක්ෂාවෙන් සිටින බව ඔවුහු කීහ.පාර්ලිමෙන්තුව විසිරුවා හැරීම තවත් ප‍්‍රමාද කිරීම යනු හිටපු ජනපති මහින්ද රාජපක්ෂට තව තවත් බලවත් වීමට අවස්ථාව සළසා දෙන්නක් බව ඔවුහු පෙන්වාදුන්හ.

ජනපතිවරණ සමයේ එදා ජනපති අපේක්ෂකයෙකු ලෙස මෛතී‍්‍රපාල සිරිසේන දුන් පොරොන්දුවක් වූයේ මාධ්‍ය නිදහස ස්ථාපිත කිරීමට ඔහු ඇපකැප වී කටයුතු කරන බවයි.ජනාධිපතිවූ පසුවද ඔහු නොයෙක් වර මෙය සඳහන් කළේය.නමුත් එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් හා පැවැත්වුනු සාකච්ඡුාවේදී ඔහුගෙන් එක්වරම පළවූයේ මිීට ඉදුරාම වෙනස් මතයකි.තමන් දේශපාලන පක්ෂ සාමාජිකයින් හා නායකයින් සමග පවත්වන සාකච්ඡුා වල තොරතුරු මාධ්‍ය වෙත කුමන හෝ ආකාරයකින් නිදහස් වන බවත් එය නැවැත්වීමට තමන්ට අවශ්‍ය බවත් ඔහු කීවේය.මෙය එක්සත් ජාතික පක්ෂ නියෝජිත පිරිස මවිතයට පත්කිරීමට සමත්වුනි.ිඅපි ජනාධිපතිවරණයේදී එකක් කියලා දැන් තව එකක් කියන්න වගේ යන්නෙ’් .සාධාරණ හේතු නිසා නම සදහන් කිරීමට අකමැතිවූ එම නියෝජිත පිරිසේ සිටි එක් සාමාජිකයෙක් සන්ඬේ ටයිම්ස් හා අදහස් පළකළේය.ිඅනික අපි කතා කළේ ජනතාවත් දැනගන්න  ඕනේ දේවල් ගැන.ජාතික ආරක්ෂාවට හානි වන දේවල් ගැන නොවෙය ි’ .ඔහු වැඩිදුරටත් කීවේය.මේ වන විටත් රාජ්‍ය බුද්ධි සේවය ජනපතිවරයා පවත්වන සාකච්ඡුා වල තොරතුරු මාධ්‍ය වෙත නිකුත් වන්නේ කෙසේදැයි සොයාබලමින් සිටින බව රහසක් නොවේ.පසුගිය රජය සමයේද මෙය මෙසේම සිදුවිය.නමුත් අද වෙනස වන්නේ එදා මෙන් කාර්යක්ෂමව හා ස්ථීරසාර ලෙස එම කටයුතු සිදුනොවීමය.මෙවන් තත්ත්වයක් හමුවේ ජනමාධ්‍යවේදීන්ට සිටින්නට සිදුවනු ඇත්තේ පසුගිය සමයේ මෙන් නොයෙක්වර තමන්ගේ උරහිසට ඉහළින් පසුපසට එබී බලමින්ය.අද බලයට පත්ව සිටින නව රජය එදා නම් කීවේ එවා අතීතයට අයත් කාරණා බවට පත්වනු ඇතැයි කියාය.

අගහරුවාදා උදැෑසන ශී‍්‍රලංකා පදනම් ආයතනයේදී ශී‍්‍රලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන්,පළාත් සභා අමාත්‍යවරුන් හා ප‍්‍රාදේශීය සභා සාමාජිකයින් ජනපති සිරිසේනගේ නියමයෙන් ශී‍්‍රලංකා පදනම් ආයතනට එක්රැුස්ව සිටියේය.ඔවුන් අමතමින් ජනපති සිරිසේන 20ඒ සම්මත කරගැනීමට ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් සියලූදෙනාගේ සහය අවැසි වන බව කියාසිටියේය.සියලූදෙනා අපේක්ෂාවෙන් සිටි මහින්ද රාජපක්ෂ හා පක්ෂයේ අනාගතය යන කරුණ ඉදිරියට ගෙන ආවේ බන්දුල ගුණවර්ධන,ඩිලාන් පෙරේරා හා ධනසිරි අමරතුංග යන පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන්ය.රාජපක්ෂ නොමැතිව එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමෙන්තු මැතිවරණයට සාර්ථකව මුහුණදිය නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවට ඔවුහු තර්ක කළහ.දිගු සාකච්ඡුාවකින් පසු ශී‍්‍රලංකා නිදහස් පක්ෂය එක්සත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සාමාජිකයින් 6 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කිරීමට තීරණය විය.සුසිල් පේ‍්‍රමජයන්ත,අනුර පි‍්‍රයදර්ශන යාපා,ජෝන් සෙනෙවිරත්න,ඩිලාන් පෙරේරා,කුමාර වෙල්ගම හා ටී.බී.ඒකනායකගෙන් කමිටුව සැදුම් ලැබීය.

අඟහරුවාදා පැවැත්වුනු හමුවේ ජනපති සිරිසේනගේ අරමුණවූයේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ රාජපක්ෂ හිතවාදීන්ගේ සහය තමන්කෙරේ ලබාගැනීම බව පැහැදිලිය.පෙර අවස්ථාවක පාර්ලිමෙන්තු සංකීර්ණයේදී හිටපු මහින්ද රාජපක්ෂ මහතා මුහුණට මුහුණ හමුවූ අවස්ථාවේ ඔහු රාජපක්ෂ ඉදිරිපත් කළ කොන්දේසි ප‍්‍රතික්ෂේප කිරීමත් සමග සාකච්ඡුාව නිමාව දුටු වහාම ගියේ අගමැතිවරයා හමුවීමටය.අනතුරුව ඔහු නිදහස් චතුරස‍්‍රයට පැමිණ හිටපු ජනපතිනිී චන්ද්‍රිකා බණ්ඩාරනායක හමුවිය.රට පාලනය කරන ති‍්‍රත්වය වන්නේ මේ ජනපතිවරයා සමග මේ දෙදෙනාය.නමුත් මෙවර ඔහු ඒ දෙදෙනාගෙන් එක් අයෙකුවත් හමුවීමට ගියේ නැත.

6 දෙනාගේ කමිටුව බල බලා නොසිට එදිනම වැඩ ආරම්භ කළේය.සිකුරාදා සැන්දැෑ යාමයේ කොළඹ ජෝන් සෙනෙවිරත්නගේ නිවසට එක්රැුස්වූ ඔවුහු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නැවත වරක් පක්ෂයට ගෙන ආ යුතුයැයිද,ඔහුගේ නායකත්වය යටතේ පාර්ලිමෙන්තු මැතිවරණය මෙහෙයවිය යුතුයැයිද ඒකමතිකව තීරණය කළහ.මේ සම්බන්ධයෙන් ජනපති සිරිසේන හා සාකච්ඡුා කිරීමට දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමටද තීරණය විය.නමුත් කිසිවෙකුත් නොසිතූ දෙයක් සිදුවීමට වටපිටාව සැකසෙමින් තිබුණි.

බ‍්‍රහස්පතින්දා පැවැත්වුනු කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සේනාරත්න අමාත්‍යවරයාගෙන් ජනපතිවරයාගේ නියමය මත පත්වූ 6 දෙනාගේ කමිටුවේ වත්මන් ප‍්‍රගතිය පිළිඹද විමසා සිටි අවස්ථාවේ ඔහු ඊට අදහස් දැක්වූයේ මෙලෙසය.

 

‘අපට එකට එකතු වෙලා වැඩකරන්න කිසිම බාධාවක් නැහැ.ජනපතිවරයාත් එයට කැමතියි.කමිටුව පත්කිරීමේ එක් අරමුණක් වුනේ මෙහෙම එකට එකතුවෙලා වැඩකරන්න තියෙන අවස්ථා ගැන හොයලා බලන එක.අනෙක අපි පහුගිය සමයේ පක්ෂයේ සමගිය ඇතිකරවන්න පැවැත්වූ සාකච්ඡුාව නැවත වරක් ආරම්භ කරවන එක.කමිටුව පත්වුනාට පස්සේ ඔවුන් බදාදා රැුයේ ජනපතිවරයාව හමුවුනා.ජනපතිවරයා ඔවුන්ට උපදෙස් දී තිබුණා එදා බිද වැටුණු සාකච්ඡුා එතැන ඉදන් නැවත පටන්ගන්නය කියා.එදා සාකච්ඡුා නැවතුනේ කොතනද කියලා ඔබට මතක ඇතිනේ.කමිටුව ජනපතිවරයාට යෝජනාවක් ඉදිරිපත් කළා හිටපු ජනපතිවරයාව පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස නම්කරන ලෙස,ජනපතිවරයා එය ප‍්‍රතික්ෂේප පළා.ඊළගට ඔවුන් කීවේ එහෙනම් ඔහුට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමෙන්තුවට ඇතුල් වෙන්න අවස්ථාව ලබාදෙන්න කියා.එයද ප‍්‍රතික්ෂේප කෙරුනා.කමිටුව කීවා එහෙමනම් අඩුමතරමේ පාර්ලිමෙන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්න නාමයෝජනාවත් ලබාදෙන්න කියලා.එයත් ජනපතිවරයා ප‍්‍රතික්ෂේප කළා.’

සේනාරත්න අමාත්‍යවරයා පැවසූ මෙම කරුණු කිසිවක් සත්‍ය නොවේ.ජනපතිවරයා හා කමිටු සාමාජිකයින් අතර බදාදා රැුයේ ඔහු පවසන ලෙසට හමුවක් පැවැත්වුනේ නැත.අනෙක් අතට සේනාරත්න යනු ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයාද නොවේ.සිකුරාදා උදැෑසන සන්ඬේ ටයිම්ස් හා සම්බන්ධවූ කමිටු සාමාජිකයෝ තිදෙනෙක් සේනාරත්නගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළකළේ පහත ආකාරයටය.

 

ඩිලාන් පෙරේරා –ිඑයා හීන දකිනවාද කොහෙද.එහෙම හමුවක් පැවැත්වුනේ නැහැ.පුලූවන්නම් එය ඔප්පු කර පෙන්වන්න.ඔප්පු කරලා පෙන්වන්න බැරිවුනොත් එයා ඉල්ලා අස්වෙන්න  ඕනේ.හැබැයි එයාට ඔප්පු කරන්න පුුලූවන් වුනොත් අපි එදා ? ජනපතිවරයාව හමුවුනා කියලා අපි සියලූදෙනා පාර්ලිමෙන්තුවෙන් ඉවත්වෙනවා.’

කුමාර වෙල්ගම –ිඑයා කියන්නේ බොරු.ඔය කියන දවසේ ඔය කියන වෙලාවේ අපි ජනපතිවරයා හමුවුනේ නැහැ.සිකුරාදා සවස් වරුව තමයි අපට ජනපතිවරයාව හමුවෙන්න වෙන්කරලා තියෙන්නේ.’

ටී.බී.ඒකනායක –ිරාජිත සේනාරත්න කියන විදිහට අපි ජනාපතිවරයාව බදාදා රැුයේ හමුවුනේ නැහැ.ඒක අමූලික බොරුවක්.රාජිත ඇමතිතුමා දැන් විහිලූකාරයෙක් වෙලා.පක්ෂ ගොඩක ඉදලා ඇවිල්ලා දැන් ඔහු උත්සාහ කරන්නේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂය විනාශ කරන්න.ඔහුගේ ප‍්‍රකාශය අප සියලූදෙනාට අවමානයක්.’

6 දෙනාගේ කමිටුව සැබෑවටම ජනපතිවරයාව හමුවූයේ සිකුරාදා සවස් වරුවේය.ජනපතිලේකම් කාර්යාලයේ පැවැත්වුනු එම හමුව පැයකට පමණ සීමාවිය.අත්තනෝමතික ප‍්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් තමන් දැඩිව සේනාරත්න අමාත්‍යවරයාගෙන් කරුණු විමසූ බවත් ඔහු එවැනි ප‍්‍රකාශයක් නොකළ යුතුව තිබුණේ යැයි තමන් පිළිගන්නා බවත් ජනපතිවරයා කීවේය.අනතුරුව තම ස්ථාවරය පැහැදිලි කළ ජනපති සිරිසේන තමන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂව පක්ෂයේ අගමැති අපේක්ෂක ලෙස නම්කිරීමට හෝ,ඔහුට නාමයෝජනා ලබාදීමට හෝ,ඔහුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස පත්කිරීමට හෝ කිසිසේත්ම සූදානම් නොමැති බව කීවේය.නමුත් ඔහු වෙනුවෙන්ිසම්භාවනීය තනතුරක’් පිරිනැමිය හැකියැයි ජනපතිවරයා පැවසුවේය.ඇමරිකාවේ හිටපු ජනපති බිල් ක්ලින්ටන්,මැලේසියාවේ මහතීර් මොහොමඞ්,සිංගප්පූරුවේ ලී ක්වාන් යූ වැන්නවුන් ජනාධිපතිධූරය දැරීමෙන් පසු දිගටම ඔවුන්ගේ රටවලට සේවය කළ අයුරින් මහින්ද රාජපක්ෂ මහතාටත් ඔවුන් හා සමානව රටට සේවය කිරීමට ඉන් අවස්ථාව සැළසෙනු ඇති බව ජනපතිවරයා පැවසුවේය.එම තනතුරේ රැුදී සිටිමින් මහින්ද රාජපක්ෂට ශී‍්‍රලංකාව නියෝජනය කරමින් විදෙස් සංචාරයන්හි නියැළීමටත්,ශී‍්‍රලංකාව වෙනුවෙන් රාජ්‍ය තාන්ත‍්‍රික සබදතා ගොඩනගාගැනීමටත් හැකිවන බව ජනපතිවරයා පැහැදිලි කළේය.

අනතුරුව ඔහු අනතුරු ඇගවීමක්ද සිදුකළේය.විදෙස් රටවල් කිහිපයක්ම රාජපක්ෂට එරෙහිව පරීක්ෂණ පැවැත්වීමට සූදානමින් සිටින බව ඔහු කීවේය.මෙම රටවල් මොනවාදැයි ඔහු පැවසුවේ නැත.මෙසේ පරීක්ෂණ පැවැත්වීමට එම රටවල් සූදානමින් සිටින්නේනම් එයට පදනම වන්නේ රාජපක්ෂ පාලන සමයේ හිටපු ජනපතිවරයාට හා ඔහුගේ හිතෛශීන්ට එරෙහිව නැගුනු යුධ අපරාධ චෝදනා යැයි සිතිය හැකිය.මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ ජනපති සිරිසේන තමන් හා සහයෝගයෙන් කටයුතු කරන්නේ නම් රාජපක්ෂව එවන් ඉරණමක් වීමෙන් ගලවාගත හැකිවනු ඇතැයි කීවේය.එක්සත් ජාතික පක්ෂ නායකත්වයද රාජපක්ෂ හා සහයෝගයෙන් කටයුතු කර තිබෙන බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයිද ජනපති සිරිසේන පැවසීය.අනුර හා සුසිල් අදහස් දක්වමින් රාජපක්ෂට මැතිවරණය ඉදිරිපත්වීමට අවස්ථාව ලබාදිය යුතුව ඇතැයි නැවත නැවතත් කීහ.ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ සියයට 90 ක් පමණම දෙනා තවමත් පක්ෂපාතීත්වය දක්වන්නේ ඔහුට යැයි ඔවුන් පැවසූහ.නමුත් ජනපති සිරිසේන තම ස්ථාවරය වෙනස් නොකළේය.සම්භාවනීය තනතුරක් ලබාගැනීම සම්බන්ධයෙන් ඔහුගෙන් අදහස් විමසා දැනුම්දෙන ලෙස ජනපතිවරයා නියෝග කළේය.නමුත් කමිටු සාමාජිකයින්ගේ මතය වූයේ හිටපු ජනපතිවරයා කිසිසේතම එවන් යෝජනාවකට එකග නොවනු ඇතැයි යන්නය.එයට වැඩි අවධානයක් යොමුනොකළ ජනපතිවරයා තමන් පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු දිගටම කි‍්‍රයාත්මක කරන බව කීවේය.රාජපක්ෂ හිතවාදීන් ඉවත් කර නව පක්ෂ සංවිධායකවරුන් පත්කිරීමේ කටයුතු වල ඔහු මේ දිනවල නියැළී සිටින අතර දුූෂණ චෝදනා යන්තම් හෝ නැගී ඇති කිසිවෙකුට හෝ පක්ෂය වෙනුවෙන් පත්වීම් ලබානොදෙන බවද ඔහු නිවේදන කර ඇත.

ජනපතිවරයා හා හමුවෙන් පසු කමිටු සාමාජිකයෝ හය දෙන ඔවුනොවුන් අතරම අදහස් හුවමාරු කරගත්හ.ජනපති සිරිසේන රාජපක්ෂට සම්භාවනීය තනතුරක් ලබාදෙන්නට සැරසෙන්නේ එසේ නොකළහොත් යුධ අපරාධ සම්බන්ධයේන පැවැත්වෙන පරීක්ෂණ වලින් ඔහුට ආරක්ෂාව ලබා නොදෙන බව නොකියා කියමින් යැයි එක් අයෙක් පැවසීය.එවන් පරීක්ෂණ වලින් ගැලවී ගැනීමට නම් ජනපතිවරයාගේ යෝජනාවට එකගවනවා විනා රාජපක්ෂට අන් කළ හැකි කිසි දෙයක් නොමැති බව ඔහුගේ මතය විය.කෙසේවුවත් රාජපක්ෂට සම්බන්ධ ආරංචි මාර්ග පවසන්නේ එවැනි තනතුරක් භාරගැනීමට ඔහුගේ කිසිදු කැමැත්තක් නොමැති බවය.නුදරේදීම මේ සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් සිදුකිරීමටද ඔහු සූදානම් වන බවද සදහන්ය.

යෝජිත නව මැතිවරණ ක‍්‍රමය රැුගත් 20ඒ ව්‍යවස්ථා සංශෝධනය මේ දිනවල දේශපාලන ක්ෂේත‍්‍රයේ උණුසුම් මාතෘකාවකි.ජූනි මස 12 වැනිදා දිනයේ පැවැත්වුනු විශේෂ කැබිනට් හමුවකින් පසුව පාර්ලිමෙන්තු ආසන සංඛ්‍යාව 237 දක්වා ඉහළ දැමිීමටත්,මැතිවරණ ක‍්‍රමය පිළිඹද අනෙක් යෝජනා වලට එකගතාවය පළවූ පසු 20ඒ සංශෝධනය කෙටුම්පත් කිරීමට භාරදෙනු ලැබිණ.අනතුරුව ගැසට් කෙරෙනු ලැබූවත් ජනතාව අතර සංසරණය කෙරුණේ අඩු පිටපත් සංඛ්‍යාවකි.මුද්‍රණ දෙපාර්තමෙන්තුවේ වෙබ් අඩවියෙන් පවා ගැසට් පත‍්‍රයේ පිටපතක් ලබාගත නොහැකි වුනි.මෙයට හේතුව වන්නේ 20ඒ ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් මණ්ඩලයේ එකඟතාවය පළවූයේ නොයෙකුත් ගැටුම් මධ්‍යයේ වීමය.එය තවමත් ජන මතය විමසීම සදහා ඉදිරිපත් කළ හැකි තත්ත්වයක නැත.පසුගිය බදාදා කැබිනට් මණ්ඩල හමුව පැවැත්වීමට ප‍්‍රථමයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනපති සිරිසේනව හමුවූ අගමැති වික‍්‍රමසිංහ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ජනපතිවරයාගෙන් කරුණු විමසීය.ගැසට් කිරීමට ප‍්‍රථමයෙන් ව්‍යවස්ථාවේ විසදා ගත යුතුව තිබෙන ගැටලූ ඔහු පෙන්වා දුන්නේය.කැබිනට් මණ්ඩල හමුව අවසානයේ එදින කැබිනට් මණ්ඩලයේදී පාර්ලිමෙන්තු මැතිවරණය පැරණි මැතිවරණ ක‍්‍රමය යටතේ පැවැත්වීමටත්,පත්වන නව රජයට නව මැතිවරණ ක‍්‍රමය සකස් කිරීමේ වගකීම භාරදීමටත් අමාත්‍යවරුන් එකඟවූ බව සදහන් කර කැබිනට් වාර්තාව පිළියෙල කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.එයට අනුමැතිය හිමිවිය.අධිකරණ අමාත්‍ය විජේදාස රාපක්ෂ මහතාට විශේෂ දැනුම්දීමක් සිදුකළ අගමැතිවරයා 20ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය ජනාධිපතිවරයා හමුවේ පැහැදිලි කරන ලෙස ඔහුට උපදෙස් දුන්නේය.එයට අමතරව 20ඒ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වීමක් එදින කැබිනට් හමුවේදී සිදුවූයේ නැත.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස මූලස්ථානය පිහිටි කොම්පඤ්ඤවීදියේිදරුසලාම්හි’ 20ඒ ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡුා කිරීමට සුළු පක්ෂ නියෝජිතයින් අතර හමුවක් මුස්ලිම් කොංග‍්‍රස නායක රවුෆ් හකීම්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වින.පක්ෂ 25 ක් පමණ ඊට සහභාගීව සිටියහ.ජනතා විමුක්ති පෙරමුණ අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේි20 මුලාවක’් යැයි විශේෂ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තම පක්ෂය සැළසුම් කර තිබෙන බවයි.ිඅපි මෛතී‍්‍රපාල සිරිසේනට මහින්ද රාජපක්ෂව ගෙදර යවන්න උදව් කළා.දැන් එයා අපිව ගෙදර යවන්න හදනවා’ .හකීම් චෝදනා කළේය.20ඒට තම පක්ෂය පමණක් නොව එක්සත් ජාතික පක්ෂය,දෙමළ ජාතික සන්ධානයව,ලංකා කම්කරු කොංග‍්‍රසය වැනි පක්ෂය එකසේ විරුද්ධ බව ඔහු පැවසීය.පාර්ලිමෙන්තු මැතිවරණය පැරණි ක‍්‍රමය යටතේ පැවැත්වීමටත්,ඒ අතර යෝජිත නව මැතිවරණ ක‍්‍රමය පිළිඹද අදහස් දැක්වීමට ජනතාවට ඉඩලබාදීමටත් තම පක්ෂය එකඟබව ඔහු කීය.පක්ෂයේ ස්ථාවරය සම්බන්ධයෙන් ජනපතිවරයා හා අගමැතිවරයා දැනුම්වත් කිරීමටද කටයුතු කරන්නෙමියැයි ඔහු පැවසීය.මෙම හමුව සුළුපක්ෂ අතර සන්ධානයක් ඇතිවන්නට යන පෙරලකුණු පෙන්වාදුන්නක් වුනි.

රජය කරන බොරුවෙන් මුලාවේ වැටීමට ඉඩනොදී ජනතාව ගලවා ගැනීමේ ව්‍යාපාරයක් දියත් කිරීමට තම පක්ෂය කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කීවේය.

‘ජනාධිපතිවරණ සමයේදී ජනතාවට පොරොන්දු දුන්නේ වැරදි කළ පුද්ගලයින්ට දඩුවම් දෙනවාය කියමින්.වංචාවට,අයුක්ති සහග පාලනයට,අසාධාරණයට තවත් ඉඩ නොතබන බවට පොරොන්දුත් දුන්නා.මේ ඔක්කොම දැන් මග නැවතිලා.පරීක්ෂණ පවත්වමින් ඉන්නා නිළධාරීන්ට දැන් එක එක්කෙනාගේ උපදෙස් අනුව වැඩකරන්න සිද්ද වෙලා.රට තියෙන්නේ අනතුරේ.පාර්ලිමෙන්තුව අද ශෝක කලාපයක්.ශෝකය ගෙන දෙන තීන්දු තීරණ විතරයි ඒකෙ ගන්නේ.20ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ පොදු දේශපාලන ප‍්‍රවාහයෙන් ඉවත් කරලා දාන්න මේ කරපු කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක්’. යැයි ඔහු සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වීය.

‘ඔවුන් අපට දේදුන්නක් පෙන්නනවා.නමුත් ගැටලූව විසදන පාටක් නැහැ.මේ ඉදිරිපත් කරලා තියෙන මැතිවරණ ක‍්‍රමය ප‍්‍රායෝගික එකක් නොවෙයි.රජය දෙමළ ඩයස්පෝරාවට වුවමනා විදිහට කටයුතු කරමින් සිටින්නේ.උතුරේ තත්ත්වය දවසින් දවස තියෙන්නේ නරක අතට හැරෙමින්.ජනතාවගේ අවශ්‍යතා මේ රජය තේරුම් අරගෙන නැහැ’ යැයි චෝදනා නගන්නේ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමෙන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතාය.

20 ආරක්ෂා කිරීමේ යෙදෙන එක් ප‍්‍රධාන පුද්ගලයෙකු වන්නේ ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාය.ප‍්‍රායෝගික ගැටලූ පැවතියද නව මැතිවරණ ක‍්‍රමය යනු රටේ අනාගතය සුරක්ෂිත කිරීමට යොදාගත හැකි හොදම උපක‍්‍රමය බව ඔහු පවසයි.

පාර්ලිමෙන්තුව නුදුරේදීම විසිරුවා හැරෙනු ඇතැයි දැඩිව විශ්වාස කරන අගමැති වික‍්‍රමසිංහ සිකුරාදා පැවැත්වුනු පක්ෂ කමිටු හමුවේදී එහි සාමාජිකයින්ට පාර්ලිමෙන්තු මැතිවරණය සදහා වහාම සූදානම් වන ලෙස දැනුම්දුන්නේය.තම නායකත්වය යටතේ කි‍්‍රයාත්මක වන එක්සත් ජාතික පක්ෂයේ මුල් පෙළ නිළධාරීන් කණ්ඩායමක් පක්ෂයේ නාමයෝජනා සකස් කිරීමේ කටයුතු සිදුකරනු ඇතැයිද ඔහු කීවේය.පාර්ලිමෙන්තුව විසිරුවා හැරෙන බව නිවේදනය කළ වහාම පක්ෂ සම්මේලනය පැවැත්විය යුතුව ඇතැයිද මෙම හමුවේදී තීරණය වූ අතර සම්මේලනය පැවැත්වීමට සුදුසු යැයි කොළඹ නගර ශාලාව,හයිඞ් පිටිය,සුගතදාස ගෘහස්ථ කි‍්‍රීඩාංගණය වැනි ස්ථානයන් යෝජනා විය.හමුවේදී යෝජනා 4 ක් සම්මත කරගැනුනු බවත් එයින් එකක් වූයේ අගමැතිවරයාට හා මුදල් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංගයන් ඉවත් කර දමන්නැයි ජනපතිවරයාට බල කිරීම බවත් පසු අවස්ථාවක මෙම හමුව සම්බන්ධයෙන් සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල සදහන් කළේය.තවත් යෝජනාවක් පාර්ලිමෙන්තුව ඉක්මනින් විසිරුවා හැරීම සම්බන්ධයෙන් වන්නක් බව ඔහු කීවේය.මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය හා අත්වැල් බැදගැනීමට කැමති සියලූ පාර්ශවයන්ට තරගවැදීමට සිදුවනු ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නමින් අලියා ලකුණ යටතේ බවද ඔහු අනාවරණය කළේය.

 

ජනපති සිරිසේන තවමත් සිටින්නේ පාර්ලිමෙන්තුව විසිරුවා හැරෙන දිනය රහසක්ව තබාගෙනය.ඒ අතර ඔහු තම පක්ෂයේ සිටින රාජපක්ෂ හිතවාදීන්ව නම්මා ගැනීමේ වෑයමකද නිරතව සිටී.ඇතැම් පුද්ගලයින්ට අමාත්‍යධූර හා නියෝජ්‍ය අමාත්‍යධූර ලැබෙද්දී තවත් කොටසකට ආසන සංවිධායක,දිස්ති‍්‍රක් සංවිධායක ධූරයන් පිරිනැමෙමින් පවතී.රාජපක්ෂ හිතවාදී ඇතැම් කොටස් වලට නාමයෝජනා ලැබේයැයි පවා සිතිය නොහැකිය.සම්භාවනීය තනතුරක් භාරගැනීමට ජනපතිවරයා කළ ආරාධනය මහින්ද රාජපක්ෂ අනිවාර්යයෙන්ම ප‍්‍රතික්ෂේප කරනු ඇති හෙයින් එය ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස සන්ධානයේ ඇති බෙදීම් තවදුරටත් වර්ධනය කරවන්නක් වනු ඇත.මෙය වළක්වාගත නොහැකිවුවහොත් පසුගිය සතියේ දිනේෂ් ගුණවර්ධන පවසා සිටි පරිදි නව දේශපාලන පක්ෂයකින් මහින්ද රාජපක්ෂ පෙරට ඒම සිදුවනු ඇත.

පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීම සදහා රාජපක්ෂ හිතවාදීන් යොදාගැනීමට අපේක්ෂාවෙන් සිටින එකම තුරුම්පුව මෙය නොවේ.එක්සත් ජාතික පක්ෂය පහළට ඇද දැමිීමේ යාන්ත‍්‍රණයක් ඔවුන් සතුය.පැති තුනකින් ඉලක්ක කර එක්සත් ජාතික පක්ෂයට පහර එල්ල කිරීමට ඔවුන් සූදානම්ය.ඉන් එක් පහරක් වනු ඇත්තේ විදේශ අමාත්‍ය මංගල සමරවීර ඔහුගේ ලන්ඩන් සංචාරයේදී දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන අන්තර්ජාතික දෙමළ සංසදයේ සාමාජිකයින් හමුවීම හා සාම ප‍්‍රයත්නයේ ප‍්‍රදාන හවුල්කරුවෙකුවූ නෝර්වේ විශේෂ සාම නියෝජිත එරික් සෝල්හයිම් හමුවීමය.දෙවැන්න නව මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා මහ බැංකු බැදුම්කර ගැටලූව පදනමේ සිට එල්ල කෙරෙනු ඇත.හිටපු රජයේ ඇමතිවරුන්ගේ දුූෂණ ගැන කියමින් ඔවුන්ට චෝදනා කළද දැන් සිටින රජයේ ඇමතිවරුන්ද යමින් සිටින්නේ එම මාර්ගයේම බව කියමින් එල්ල කෙරෙනු ඇත්තේ තෙවන පහරය.

ගෙවුනු සතියේ මහ බැංකු අධිපතිවරයාව කෝප් කමිටුව ඉදිරියට කැදවින.කමිටු සභාපති ඞී.ඊ.ඩබ්ලියු ගුණසේකර මහතා සන්ඬේ ටයිම්ස් හා අදහස් දක්වමින් සදහන් කළේ තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන් අදහස් විමසීමට නියමිත බවය.ඉන් අනතුරුව සාක්ෂි විමසීම අවසන් වන බව ඔහු පැවසීය.ිමා බලාපොරොත්තුවෙන් සිටිනවා සොයාගැනීමට හැකිවන දේවල් ජූලි මස 6 වැනිදාට ප‍්‍රථමයෙන් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරන්නට’.ඔහු කිවේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතිව තිබෙන අර්බුදය එක්සත් ජාතික පක්ෂයට වෙස්වලාගත් ආශිර්වාදයක් බව සැබෑය.නමුත් පසුගිය මැයි පළමුවැනිදා දක්වා පක්ෂය කෙරේ ජනතාවගේ තිබූ මනාපය මේ වන විට තිබෙනුයේ මදක් අඩුවීය.ඊට හේතුව ලෙස පෙන්වා දිය හැක්කේ ජනාධිපතිවරණ සමයේදී දුන් පොරොන්දු ඉෂ්ඨ කිරීමට තවමත් පක්ෂය අපොහොසත්ව තිබීමය.එදා චෝදනා පිට චෝදනා නැගුනු හිටපු රජයේ ඇතැම් මැති ඇමතිවරුන් තවමත් සිටින්නේ නිදැල්ලේය.පරීක්ෂණ පැවැත්වෙතත් ඒවා සිදුවන්නේ ඉබිගමනින්ය.වංචා හා දුූෂණ සම්බන්ධයෙන් ඇතැම් එක්සත් ජාතික පාක්ෂිත මැති ඇමතිවරුන්ටම මේ වන විට පෙරළා චෝදනා නැගෙමින් තිබේ.නමුත් එක්සත් ජාතික පක්ෂය තවමත් සිටින්නේ අන් සියලූදෙනාට වඩා ඉදිරියෙන් බව සදහන් කළ යුතුය.

එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධාන සතුරා වන්නේ කාලයයි.තවත් බලාසිටීම යනු පක්ෂයේ කීර්ති නාමය තවත් විනාශවීමය.නමුත් එක්සත් ජාතික පක්ෂයට වුවමනා පරිදි ඉක්මනින් කටයුතු කිරීමට ජනපතිවරයාට හැකියාවක් නොමැත.ඔහු සිටින්නේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ සම්පූර්ණ බලය තමන් අතට ගැනීමේ වුවමනාවකිනි.ඒ සදහා තවත් ඉවසා සිටීමට ඔහුට සිදුවේ.ඔහු සිටින්නේ කුමක් තෝරාගත යුතුදැයි සිතාගත නොහැකිවය.එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ රජයද ජනපතිවරයාගේ තීරණය කුමක්වනු ඇත්දැයි සිතාගත නොහැකිව සිටින්නේ දිනෙන් දින තව තවත් ආතතියට පත්වෙමින්ය.



අදහස් (0)

‘ජනපතිට හදිසි නෑ : ඒත් එජාපයට හදිස්සියි‘

මහානාම - කඳාන Sunday, 21 June 2015 05:10 PM

අපේ කට්ටියට කණ්ණාඩියේ පැත්ත මාරුවෙන්නේ මේ වගේ ප්‍රවෘත්ති වැටුනාම තමා. පොඩ්ඩක් ඉන්න, මේ පටන් ගත්තා විතරයි. (නි)

:       0       0

උදිත් Sunday, 21 June 2015 07:20 PM

මහින්ද මහත්තයා බය කෙනෙක් කියා මම හිතන්නේ නැහැ. රට සහ අප වෙනුවෙන් දිවි දන්දුන් අපගේ සිංහල දුපුතුන්ට නායකත්වය දුන් ඔහු සුද්දාටත් පෙන්නාවි නිර්භීතකමේ හැටි. (නි)

:       0       0

තුෂා Sunday, 21 June 2015 09:16 PM

ඔය "අබිෂේක" ලබලා සළු පිලි පොරවා ගන්නට සැරසෙන කට්ටියට කතිරේ ගහලා සන්තාපට පත් වෙච්ච කෙනෙක් මම.අන්තිමේ නටපු තොවිලයකුත් නැහැ,බෙරේ පලුවකුත් නැහැ.. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 22 June 2015 01:07 AM

මහින්ද මහත්තයා තමන්ගේ බලය රැක ගන්න පාර්ලිමේන්තුවේ තමන්ට අත උස්සගන්න පිරිස වැඩි කරගත්තේ කොහොමද කියල ප්‍රසිද්ධ කතාවක් නේ. එයා එහෙම කලේ අනුන්ගේ පක්ෂවල මන්ත්‍රී වරු බිලි බාගෙන. එ්කෙන් උනේ සියලු පක්ෂ කැඩී වෙන්වී යාමයි. පාර්ලිමේන්තුව ඒකාධිපති තත්වයට පත්වීමයි විතරයි. ජනතාවට එයින් කිසිදු සෙතක් උනේ නැහැ. දැන් වෙන්නේ ඒවාට ලැබෙන දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දීමයි. මෙහෙම නොඋනොත් බුදු බණත් බොරු වේවි. තව එකක් ඒ කාලේ එම සිදුවීම් වෙනකොට දැන් තමන්ගේ පක්ෂේ කැඩෙන එක ගැන කතා කරන උදවිය කලේ උදම් අණන එක විතරයි. රටක විපක්ෂයක් ගැන හිතුවේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන හිතුවේ නැහැ. හිතුවේ තමන්ගේ පක්ෂේ ගැන විතරයි. එහෙම වෙච්ච නිසා තමයි රට හැම තැනම වංචාව, දුෂණය, රජවෙන්න පටන් ගත්තේ. අද එදා හිටපු මැති ඇමතිලාට දුෂණ, වංචා චෝදනා තිබෙන්නෙත් ඒකයි. මින් ඉදිරියටවත් මෙයින් පාඩමක් ඉගෙන ගත්තොත් කාට කාටත් හොඳයි. (නදී)

:       0       0

ශෂි Monday, 22 June 2015 04:02 AM

තමන්ගේ පක්ෂයෙන් එළියට එවිත් , අනුන්ගේ උදව්වෙන් ජනතිපතිවෙලා දැන් ආයෙත් තමන්ට එරහිව වැඩකරපු අයව සහ පක්ෂ අදන්න දඟලනවා,ඔබතුමා එකවර ජනපති දුරයේ ඉන්නේ කියල පොරාන්දු වුණා, ඉතින් ශ්‍රී ලංකා නිදස පක්ෂ තමන්ගේ කැමැත්ත විදියට ඕන කෙනෙකු අගමැති අපේක්ෂක විදියට තෝරාගෙන ඡන්දෙට යන්න දෙන්න,(ම)

:       0       0

ශෂි Monday, 22 June 2015 04:55 AM

වර්තමාන ජනාධිපතිට වරම ලැබුණේ රට හදන්න මිස පක්ෂය හදන්න නොවේ. ඡන්දෙන් පස්සේ ගොඩක් හොරුන් ගෙදර යයි පස්සේ පක්ෂය හදන්න පුළුවනි (ම)

:       0       0

ටෙනිසන් Sunday, 21 June 2015 02:43 PM

කොහොම හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සීසීකඩ කරලා,සෑහෙන කාලෙක සිට පතල් කට උඩසිට පතල දිහා බලා සිටි රනිල් ඇතුළු කණ්ඩායමට පතලට බැහැල ගරාගන්න තැනට වැඩ සැල්සුවොත් එච්චරයි.ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිදුනි අන්න එදාට අතීතයේත් ,වර්තමානයේත් ඔබ රැකගත් ගුණදම් සමුදායක් වීද අනාගතයේදී එය නොපිට පෙරලී ඔබටද "ජුදාස් " නමැති මුද්‍රාව වදිනු ඇති. (බ)

:       0       0

තිළිණ Sunday, 21 June 2015 03:37 PM

පසුගිය රජය කාලේ සමහර බලගතු දේශපාලකයෝ අගමැති තනතුර බාර ගන්න සුදානමින් රන්වන් රන් කසීසළු සුදානම් කරගෙන සිටි බවට වාර්තා වුණා. අගමැති තනතුර තමාට නොලැබෙන ලකුණු පල වූ පසු තමාගේ දේශපාලන දිවියට අවුරුදු 25 ක් සපිරුණ උපහාර උලෙලදී නම් කීවේ කනිෂ්ටයන්ට තැන දීල තමන් විශ්‍රාම ගන්නවා කියල. එහෙම කියපු අයම තමයි පසුගිය මැතිවරණයේදී පෙරලියක් කරලා අභිෂේක ලැබුවේ, නමුත් දැන් දැන් පෙන්නේ දඩබ්බර භූමිකාවක් සඳහා සළු පිලි පොරවා ගන්නට සැරසෙන නියාවෙකි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3198 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2326 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3173 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3061 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 679 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1354 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36078 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24128 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 172 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site