IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘ජනපතියි අමරදේවයි පිලේ පැදුර හේනෙන් කොළඹට ගෙනෙති‘

හෙළයේ මහා ගාන්ධර්වයා ලෙස සැලකෙන පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේවයන්ගේ 88 වැනි උපන් දිනය නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සෙනසුරාදා (5) පැවැති ‘සසර වසන තුරු‘ අමරදේව ප්‍රණාම ගී හරසර වැඩසටහනේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාද අමරදේවයන්ගේ ගීත දෙකක් ගැයීමට එක්විය.

එහිදී ජනපති අමරදේවයන්ගේ ජනප්‍රිය ගීත දෙකක් වන ‘පිලේ පැදුර හේනට අරගෙන යනවා..‘ සහ ‘ශාන්ත මේ රෑ යාමේ‘ යන ගීත දෙක ගායනා කළේය.

ජනපති හා අමරදේවයන් එක්ව පිලේ පැදුර ගීතය ගායනා කළ අතර අමදේවයන්, ඔහුගේ දරු දෙදෙනා ඇතුළු පවුලේ අය සමග එකතුවූ ජනපති ශාන්ත මේ රෑ යාමේ ගීතය ද ගායනා කළේය.

‘පිලේ පැදුර හේනට අරගෙන එනවා
එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා
රටා වියපු අත් දෙක මට සිහි වෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා

ඉර පායා ඉර අවරට ගියාදෝ
හඳ පායා හඳ අවරට ගියාදෝ
ඇඬූ කඳූළු මුහුදට එක් වුණාදෝ
ළමා ළපටි නෑනා කොයි ගියාදෝ

උඹේ කරට මල් මාලා ගොතන්නට
මදු මල් පිපෙනවා හේනේ වැට දිගට
උඹේ කටින් ගී සීපද අහන්නට
තවමත් ගිරවු එනවා පෙර පුරුද්දට‘

ශාන්ත මේ රෑ යාමේ එන්නා

කුමුදු මලේ සිරියා

සඳකාන්ති වැදී සෞම්‍යා

එයි නැගී හද ප්‍රේම තරංගා

මේ අමා දහරේ

නෙක තුරුළිය නැළවෙන්නේ

මේ සීතල මද පවනේ

හා අසේ වන කෝකිල ගීතේ

සෝක යාවී සිඳීලා

වෙසඟ මේ පුන් පොහෝදා

මා හිමි දිනූ ත්‍රෛලෝනා

මේ රැයේ ගීත ගයාලා

සුන්දර රඟ පාලා

අති සෝබන මේ උයනේ

අපි නැළවෙමු පෙම් දහරේ‘‘

amaradewa_201512601 amaradewa_201512602 amaradewa_201512603 amaradewa_201512604 amaradewa_201512605 amaradewa_201512606 amaradewa_201512607 amaradewa_201512608

 



අදහස් (0)

‘ජනපතියි අමරදේවයි පිලේ පැදුර හේනෙන් කොළඹට ගෙනෙති‘

ජයවර්ධන Tuesday, 08 December 2015 04:02 AM

අගෙයි අමරෙද්වයාෙණනි, දීර්ඝායුෂ වේවා.. අතිගරු ජනාධිපති තුමණි මේ සම්පත් වල අස්වනු මතු පරපුර සදහා දායාද කරන්න (ම)

:       0       0

ලතා Monday, 14 December 2015 06:10 AM

කලාකරුවෙක් ජනාධිපති වීම රටේ භාග්‍යයක් අමරදේවයන්ටත් ජනාධිපති තුමන්ටත් දිගාසිරි!!! (ම)

:       0       0

සනත් Tuesday, 08 December 2015 08:51 AM

සෝබන නැතිව වැඩකරන ජනාධිපති තුමාට මම ගරු කරනවා. ලංකාවේ අප්‍රසන්න දේශපානය හොද තත්වයකට ගෙන්න එතුමාට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා.(ම)

:       0       0

විජිත් Tuesday, 08 December 2015 10:01 AM

සැබෑ කළා කරුවා සැමවිටම සිටින්නේ දේශපාලකයන්ට වඩා ගවු ගණනක් ඉහළිනි. එය විශ්ව සාධාරණ සත්‍යයක්. ඔබ දෙපලටම වාසනාවන්ත අනාගතයක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 74 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 671 0

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 758 0

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 754 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 880 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 977 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23468 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23083 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 370 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site