ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ වසර 20 ක පමණ කාලයක් විවිධ නිලතල දරමින් හා භාවනා පුහුණුව ලබමින් කටයුතු කළ භක්තිමත් බෞද්ධයකු වූද ජිනීවා උසස් අධ්‍යාපන ආයතනයක ගණිතය හා කාර්මික අධ්‍යාපනය පිළිබඳ ප්‍රවීණ ආචාර්යවරයෙකුවූද ලුවී නිකොලෙට් මහතා ඇසළ පුර පසළොස්වක පොහෝදා ආචාර්ය තවලම ධම්මික නාහිමියන්ගේ හා ප්‍රංශයේ තුර්නොන් භාවනා ආයතනාධිපති ඥානධරෝ මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් ජිනීවා හි ලක්ඛණ හිමි නමින් පැවිදි වී තායි හා ලාඕස ථෙරවාද සම්ප්‍රධාය අනුව යමින් ඒ හිමියන් මහණ උපසම්පදාව එදිනට ලැබුහ.
වස් කාලය තුළ එම ආයතනයේ වැඩ වසන ලක්ඛණ හිමියෝ ඉන් අනතුරුව ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අචාර්ය පරවාහැර චන්දරතන නාහිමි ඇසුරේ ධර්ම අධ්‍යාපනය ලැබීමට ද නියමිතය.
මෙම අවස්ථාවට අනුරාධපුර භික්ෂු ධර්ම පීඨයේ විනය පාලක අතලේ සුමණ හිමි, ජිනීවා බෞද්ධ විහාරයේ සහකාර හල්විටිගල සුජාත හිමි, කාම්බෝජ ජාතික බුන් හිමි හා ප්‍රංශ ජාතික ෆ්රෙඩ් හිමියෝද සහභාගී වුහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකිනකොටත් සන්තෝෂයි (නි)
හරිම සතුටුයි. තව තවත් යුරෝපයට දහම් මග අවබෝධ කර දෙන්නට අපේ ධම්මික හාමුදුරුවන්ටත් සුජාත හාමුදුරුවන්ටත් ධෛර්ය ශක්තිය ලැබේවා..! (නදී)
ලෝකයේ බෞද්ධාගම පැතිරී යන අවස්ථාවක එහි අර්ථය හරියට තේරුම් ගත් බුද්ධිමතුන් සසරේ භයංකාරය දැක එයින් මිදීමට මාවත සකසා ගැනීම පුදුම වීමට කරුණක් නොවෙයි. එයයි සත්දර්මය. නිවන් මගට පාරමිතාවක් වේවා. (නදී)
අතාර් සී ක්ලාක් මහතා කී දේ ඇත්ත (නදී)
කියන්න නම් දේවල් තියෙනවා. ඒත් බැහැ වගේ (නදී)
ධර්මයෙහි හැසිරෙන ඕනෑම පුද්ගලයෙක් යහපත් පුරවැසියෙක්. (නදී)
ලොව පහලවූ පරම සත්‍යය වර්තමාන බටහිර ජාතින්ටත් අවබෝධ වීම බුද්දාලම්බන ප්‍රීතිය දනවන හේතුවක් ......සාදු.. සාදු....සාදු. (නදී)
සාධු සාධු සාධු! (නි)
සාධු !!! සාධු !!! සාධු !!! වහ වහා නිර්වාණය සාක්ශාත් වේවා!! (නි)
මේ වගේ දේවල් දකිනකොට හරිම සතුටක් දැනෙනවා (නි)
මේ වගේ ඒවා නවත්තන්න එහෙ කව්රුත් නැති හින්දා හොඳයි (නදී)
මීට අවුරුදු දහයකට පමණ පෙර පුවතක් තිබුනා ඊශ්‍රායල් ජාතික රහතන් වහන්සේනමක් සිතුල්පව්වේ වනගතව හාවනායෝගීව ඉන්න බව. ඒ ගැන නැවත සොයා ලිපියක් පළකරන මෙන් ලංකාදීපයෙන් කාරුණිකව ඉල්ලා සිටිමි (නි)
මේ සිද්ධිය ලංකාවටත් හොඳ ආදර්ශයක්. (නි)
මෙවැනි පුතුන් මෙලොවට බිහිකළ අම්මාවරුන් මතු බුදු වෙන්නෝන ......හරි ස්තූතියි. බටහිර රටක මහත්මයෙක් පැවිදි වීම ගැන සාධු.....සාධු.....සාධු.....!(අ)
බුදු සසුන සැමදා බැබළේවා! (නි)
මේ වගේ උත්තමයන් මේ ලෝකයේ තවත් ඉන්නවා කියලා දැනගත්තහම අපේ ලෝකය ගැන හරිම ආඩම්බරයි (නි)
මහේෂ් සිල්වා, නලින් ජයලාල්,චන්දික, අසංග, ගුනවර්දන, ජයන්ත, ශාමිලා, යන අයගේ අදහස් වලට ගරු කරන අතර අද ඇමෙරිකාව ආදී රටවලද බෞද්ධාගම වැළඳගත් අය සැලකිය යුතු පිරිසක් සිටින බව සතුටින් දැන්වීමට කැමැත්තෙමි. සාධු,සාධු,සාධු. බුදු සසුන ලොව බැබලේවා. (නදී)
අනුන්ට සාධු නද දීමෙන් තමන්ට වන සෙතක් නැත තමන්ද එම තත්වයට පත්වීමම උතුම්ය (නදී)
බුදු සසුන සැමදා බැබළේවා! (නදී)
මෙය මට ලොකු සතුටක් (නි)
ස්වාමින් වහන්සේට බුදු සසුන බැබලවීමට හැකි වේවා ! (ස)
බුදුදහම දිනෙන් දින ඉදිරියට පැමිණේවා කියලා ප්‍රාර්ථනා කරනවා! (නි)
ලංකාවේ උගත්තු ඔය විදිහට මහන වෙනවද. ලංකාවට හොද ආදර්ශයක් (නදී)
සාධූ සාධූ සාධූ! ඔබ වහන්සේට මේ භවයේදීම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා! (නි)
මේ සංසාර ගමනේ ඇති භයංකර ස්වභාවය හරිහැටි තේරුම් ගත් බුද්ධිමත් මහත්මයෙක් වගේ. දැන් ඒ ස්වාමීන් වහන්සේට නිවන් මගට යාමට චතුරාර්ය සත්‍ය අවබෝද වේවායි ප්‍රර්ථනා කරමි (නදී)
දැන්වත් අපේ රටේ ඉන්න අයට තේරෙන්න ඕනා බෞද්ධාගමේ වටිනාකම. උගත් මිනිස්සු දන්නවා ලෝකේ තියෙන පරම සත්‍ය තියෙන්නේ බෞද්ධාගමේ විතරයි කියා (නදී)
උගතුන් බුද්දිමතුන් බුද්දාගම වැලඳ ගන්නා විට නූගතුන් සහ මෝඩයින් බුද්දාගම අත් හැර යනවා. ඉන් රටට වන පාඩුව රටේ සංස්කෘතිය වෙනස් වෙනවා. (නදී)
විශ්වයේ පරම සත්‍ය බුද්ධ ධර්මයයි. ලොව සියලුම රටවල වෙසෙන බුද්ධිමතුන් බුද්ධාගම වැලඳගැනීම එයට හොඳ නිදසුනක් (නදී)
සංසාරයේ ඇති භයංකාර තත්වය කඩිනමින් අවබෝද කරගත හැක්කේ බුද්දීමතුන්ට පමණි. එම භයානක බව අවබෝද කර ගත් තැනැත්තා හිස ගිනිගත් අයෙකු ගින්න නිවා ගැනීමට ඉක්මන් වන්නාන් මෙන් සසරින් එතෙර වීමට වෙහෙසෙයි. මේ මහත්තයට ඉතා ඉක්මන් බවයකදීම නිර්වාණය අත්පත් කරගැනීමට වාසනාව ලැබේවා (නදී)
ලංකාවේ ඉපදුන අය බෞද්ධාගමට නිගා දෙන වැඩ කරද්දී විදේශ උගත්හු බෞද්ධ දර්ශනය කරා ඇදෙනවා (නදී)
ඔබට තෙරුවන් සරණයි! (නි)
හා! හා!! ...........බුද්ධාගම ගැන කතා කරලා ජාතිවාදය අවුස්සන්න එපා. පන්සලේ දායක සභාවේ රැස්වීමටත් දැන් ඔත්තු කාරයෝ ................හැබැයි බුද්ධාගමට විතරයි. සේරම. (ස)
බුදු සසුනත් ලංකාවත් බැබළෙනවා ඔබ වැනි බුදුපුතුන් නිසා. නිරෝගී සුවයම පතමි! (නි)
බුදුසරණ වේවා! (නි)
සාධු ! සාධු !! සාධු !!! (නි)
පිටිගල හරියටම හරි (නි)
බුදු සරණයි! (නි)
උන්වහන්සේට මේ භවයේදීම නිවන අවබෝධ වේවා! (නි)
අර කට්ටියගෙන් අවසර අරගෙනද ඔය වැඩේ කළේ. ලංකාවට එනවා නම් පරිස්සමට (නදී)
යුරෝපයේ මිනිස්සු විවාහ වෙන්නෙත් දෙන්නා හොඳින් අවබෝධ කරගෙන. මහණ වෙන්නෙත් ධර්මය හොඳින් අවබෝධ කරගෙන. ලංකාවේ එ්කේ අනිත් පැත්ත. (නදී)