කොටි සංවිධානයට එරෙහිව රජය හිමිකැරගත් හමුදා ජයග‍්‍රහණය ගැන පැවැත්වූ පරීක්ෂණය හැම මට්ටමකින්ම දෝෂ සහගත යැයි ද අන්තර්ජාතික මට්ටමින් යුද අපරාධ සෝදිසියක් වෙනුවෙන් ශ්‍රී ලංකාව කිසිම ආදේශයක් ඉදිරිපත් කැර නැතැයි ද ඇම්නෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය කීය. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර මානව හිමිකම් කමිටුව ඉදිරියේ ශ්‍රී ලංකාවේ ප‍්‍රශ්නය මතුවීමට සතියකට කලින් පිටු 69ක වාර්තාවක් ඉදිරිපත් කරන මෙම සංවිධානය උගත් පාඩම් හා සංහිඳියා කොමිසම දැඩි විවේචනයට ලක් කරයි. 2009 මැයි මාසයේ පැවැති අවසන් යුද්ධයේ දී අඩු ගණනේ දසදහසක් මරා දමන්නට ඇතැයි උතුරේ සේවය කළ සහන සේවකයන් හා ඇසින් දුටුවන්ගේ සාක්කිද ඉදිරිපත් කරමින් ”ක්ෂමා සංවිධානය” කියනුයේ සාමාන්‍ය වැසියන් විශාල වශයෙන් රැුස්වී සිටි ප‍්‍රදේශවලට යුද හමුදාව දැන දැනම ෂෙල් ප‍්‍රහාර එල්ල කළ බවයි. සටනට සම්බන්ධ නැති සාමාන්‍ය වැසියන් මිනිස් පළිහක් ලෙස යොදා ගත්තැයි එම සංවිධානය කොටි සංවිධානයට ද දොස් කියයි. ”යුක්තිය ඉටුවන්නේ කවදාද” යනුවෙන් නම් කැර ඇති මේ වාර්තාවෙන් එම සංවිධානය කියනුයේ උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ අධිකාරිය, සංයුතිය හා කළ කී දෑ සියල්ල හැම මට්ටමකින්ම දෝෂ සහගත බවයි. එම කොමිසමේ සිටින රජයේ සේවකයන් ගණන උලූප්පා පෙන්වන වාර්තාව සඳහන් කරනුයේ හිතාමතා නීතිය කඩකිරීම, නීති විරෝධී ඝාතන හා බලයෙන් සිදුකළ අතුරුදන් කිරීම් ගැන සෙවීමට එම කොමිසම අපොහොසත් වී ඇති බවයි. අන්තර්ජාතික පරීක්ෂණයක් කරනු වෙනුවට උගත් පාඩම් හා සංහිඳියා කොමිසම ලවා පරීක්ෂණයක් කිරීමෙන් ශ්‍රී ලංකා රජය අන්තර්ජාතික ප‍්‍රජාව නොරැුවටිය යුතු බව ද මෙයින් සිදුවනුයේ යුද අපරාධ හා මානව වර්ගයාට එරෙහි අපරාධ අභියෝගයට ලක් නොවීම යැයි ද එම සංවිධානයේ ආසියා ක්ෂාන්තිකර අධ්‍යක්ෂ සෑම් සරිපි කියයි. ශ්‍රී ලංකා රජය කියනුයේ ආරක්ෂක හමුදා අතින් එකම සාමාන්‍ය වැසියකුවත් මිය නොගිය බවයි. එහෙත් පසුගිය අපේ‍්‍රල් මාසයේදී එක්සත් ජාතීන්ගේ මහා ලේකම් බෑන් කී මූන් විසින් පත් කරන ලද කමිටුව කියා සිටියේ ශ්‍රී ලංකාවේ දෙපාර්ශ්වයම යුද අපරාධ කළ බවට ”විශ්වාස කළ හැකි චෝදනා” ඇති බවයි.
ඉස්ලාමයේ අනුගාමිකයන් ප්‍රධානතම ආගමික උත්සවය වන රාමසාන් උත්සවය අද (31) දිනයට යෙදී තිබේ.
පැසිෆික් සාගරයේ, ඕස්ට්‍රේලියාවටත් නවසීලන්තයටත් ඔබ්බෙන් පිහිටි ටොංගා දූපත් සමූහය් අසල රික්ටර් පරිමාණයේ ඒකක 7.1 ක් සටහන් කළ භූමිකම්පාවක් හටගත්තේය
පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සැලකිය යුතු කණ්ඩායමක් අප්‍රේල් 21 වැනිදාට පෙර හෙළිදරව් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙයියන්දර දී අද (30)පැවසීය.
ශ්රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා දිවුරුම් දුන්නේය. ඒ අනුව නීතිඥ රජීව් අමරසූරිය මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 29 වැනි සභාපතිවර
මූල්‍ය වංචා චෝදනාවක් මත වැලිකඩ බන්ධනාගාරයේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නිදාගැනී
ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට නිල සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට අ
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ජිනීවා සමුළුවට කලින් ඇම්නෙස්ටිය කට අරී