(විමුක්ති එස් රුද්‍රිගු)
ජපන් ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා ඉතාමත් උනන්දුවෙන් බලා සිටින බව ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිත ආයතනයේ දකුණු ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිනි ඉමොටෝ සචිකෝ මහත්මිය පවසා ඇත.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහ ඉමොටෝ සචිකෝ මහත්මිය අතර පැවති හමුවකදී සචිකෝ මහත්මිය මේ බව පවසා තිබේ.වොෂින්ටනයේ පැවැත්වුන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත රැස්වීම් වලට සමගාමීව මෙම හමුව සිදුව ඇත.
එසේම ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිත ආයතනයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සහාය වීමට කැපවී සිටින බවද ඉමොටෝ සචිකෝ මහත්මිය පවසා තිබේ.
දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
රස්නායකපුර කඩිගාවේ දී වෑන් රථයකට යටවී රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයකු ඊයේ රාත්‍රී මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය කියයි.
හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකට මෙවර පළාත් පාලන මැතිවරණයට හම්බන්තොට නගර සභාවට සමගි ජනබල වේගයේ අපෙක
හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලයේ ’’සියපත් උදානය’’ අලුත් අවුරුදු කුමරියට පළඳවන රුපියල් කෝටි 10 වටිනා ඔටුන්න එළිදැකීමේ උත්සවය පසුගිය දා හරිත විශ්ව
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය සාකච්ඡා කොට වෙනස් කර ගැනීම සඳහා නියෝජිත කණ්ඩායමක් ඇමරිකාවට යැවීමට රජය තීරණය කර තිබෙන
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
ජපානය මෙරට ව්‍යාපෘති ගැන උනන්දුවෙන්
ravin Sunday, 16 April 2023 02:59 PM
අපොයි වෙන්නැති. හැබැයි පහුගිය කාලේ විශාල ජපන් සමාගම්වල මෙහෙ කාර්යාල කීපයක් වසා දැමුවා කියලා නම් ප්‍රවෘත්ති දැක්කා... උදාහරණ මිට්සුබිෂී සමාගම...
Bamunuarachchi Sunday, 16 April 2023 07:00 PM
ලංකාවේ ව්‍යාපෘති කරන්න කවුරුත් උනන්දුයි කියලා නිතර කියනවා... අපිට ඇහිලා තිබෙනවා නමුත් ව්‍යාපෘති පටන් ගන්න කෙනෙක් නැහැ. 1989 ජෙප්පන් පිටරට ආයෝජකයින්ට කර්මාන්ත කරුවන්ට කරපු දේ ඔවුන්ට මතක නිසා වෙන්න ඇති. ජෙප්පන් ඉන්නතුරු විදෙස් ආයෝජකයින්, කර්මාන්තකරුවන් මෙරටට ඒවිද කියා සැකයි...