ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ සිසුන් පිරිසක් කොළඹ දෙසට විරෝධතා පා ගමනක් එන හෙයින් නුගේගොඩ හංදිය අසළ දැඩි වාහන තදබදයක් ඇති විය.
සිසුන් හැට දෙනකුගේ පන්ති තහනම ඉවත් කරන්නැයිද ඔවුන්ගේ ශිෂ්‍ය භාවය අහෝසිකිරිම වහා ඉවත් කරන්නැයිද ,සිසු මර්දනය වහා නතර කරන්නැයිද ,පෞද්ගලික විශ්ව විද්‍යාල විවෘත නොකරන්නැයිද ඔවුහු ඉල්ලති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුනුත් කාලකන්නි වේවි පාරේ යන මිනිස්සුත් කාලකන්නි කරනවා. පන්ති තහනම් කරලා තියෙන්නේ කරපු වැරදි වලට. පාර අවහිර කරාට මුන් මේ අල්ලලා කුඩුවට දන්නා ඕනා.(නදී)
'රට ගැන හිතන සොහොයුරන් .. ඒකයි කදුළු මේතරම්.' ඊට පළමු තමන් ගැන හරියට හිතන්න. එවිට රට හරියාවි.තමන් නිකමුන් වෙලා රටගැන හිතල වැඩක් නැත. දැන් ඔබලා ඉන්නේ තමන් ගැන හිතන වයසක. (නි)
එංගලන්තයේ පාසැලක ළමයෙක් හෙඩ් මාස්ටර්ගෙන් ඇසුවලු මෙහි ඉගෙනගන්න ළමයි සියලු දෙනාම යුනිවර්සිටි යනවද කියලා. එතකොට යුනිවර්සිටි යන්න බරි අය මොනවද පසුව කරන්නේ කියලා අර ළමයා ඇසුවා. හෙඩ් මාස්ටර් කීවා ඒ අය තමයි උනිවෙර්සිටි ගොස් එන අයට රස්සාවල් දෙන්නේ කියලා. එහෙමෙ නේද අද වෙන්නේ? යුනිවර්සිටි ගහිල්ලා ඇවිත් වැස්සටවත් යුනිවර්සිටියකට නොගිය අයගේ කොම්පැනිවල සේවය කොරනවා.(නදී)
මේ රටේ කැම්පස් ගියේ ඔයගොල්ල විතරක් නොවෙයි. ඒකාලේ විබාග පාස් වුන පලියට කැම්පස් ගත්තේ නැත. ඔබ දේශපාළුවන් පසුපස යාම අපේ ප්‍රශ්නයක් නොවේ. වෙන රටවල ළමයි ඉගෙනීමේ වේලාවෙන් පසු රැකියාවල් කරනවා ඉගෙනීමට මුදල් හොයන්න. සමහර ළමයි වියදම් කර ඉගෙන ගන්න ගමන් සමාජසේවා කටයුතු වලත් යෙදෙනවා. ඒකට අපේ අය? රටක දුප්පත් පොහොසත් උගත් නූගත් දක්ස අදක්ෂ සියලු දෙනාම ඉන්න ඕනෑනේ රටක ක්‍රියාකාරී පැවැත්මට. එක කොටසක් සිටියහොත් ක්‍රියාකාරීකමක් නැත. රට එකතැන පල්වෙනවා. එම නිසා කැම්පස් යාම සීමාකිරීමට ඉහල අධ්‍යාපනයට මුදල් අය කරන්න. (නි)
අනේ මේ වගේ උද්ඝෝෂණ වලට තමන්ගේ ළමයව එවලා සන්තෝෂ වෙන අම්මලා තාත්තලත් ඉන්නවද දන්නේ නැහැ. දෙයියනේ මොවුන්නේ රට හදන්න එන්න යන්නේ (නි)
මේ සේරම දේවල් ප්‍රශ්න මතක් වෙන්නේ කැම්පස් ඉන්නකම් විතරයි. ඔතනින් පිට වුනාම සේරම අමතකයි. මේ ගොල්ල කරන වැඩ නිසා තමයි ප්‍රයිවට් යුනිවසිටි වලට ඉල්ලුමක් ඇවිල්ලා තියෙන්නේ. 2012 අවුරුද්දෙ මෙඩිකල් කොලේජ් යන්න පුළුවන් අයත් දැන්මම පිටරට කැම්පස් වලට ගිහිල්ලා කියලා ඔය අය දන්නවද. මේ ලංකාවේ සල්ලි නේද පිටරටට ඇදෙන්නේ. සමාජවාදී කාරයෝ ඒවා ගැන මොකද කියන්නේ (නි)
මල් තරුණ වයස රන් මසුරන් වටිනා නිසාම වාසිටිය ඇතුලට විප්ලවකාරී දේශපාලනයක් කියලා දෙයක් රිංගගෙන ඉන්නවා. ඊට පස්සේ චුට්ටක් ඇත්නම් හරි. උද්ගෝෂණය සෙට් වෙනවා. තාරුණ්‍යය වල්මත් කරලා එම දේශපාලන නායකයෝ බලා ඉන්නවා. අදත් ඉන්නවා හෙටත් ඉන්නවා. පරපුරින් පරපුරට වල්මත්වුවන් පිරිසක් බිහි කරන මෙම කට්ටිය හඳුනා ගත්තොත් මේ දරුවෝ මේ විදිහට වෙන්නෙ නැහැ. පවතින රජය විශ්ව විද්‍යාල වල ඉන්න තාරුණ්‍යයට පැහැදිලි ප්‍රතිපත්ති මාලාවක් ලබාදිය යුතුව ඇත (නි)
ඔය කැම්පස් කොල්ලන්ට කරන්න පුළුවන් මොකක් හරි ලනුවක් ගිලලා අහිංසක මිනිස්සුන්ට වද දෙන එක තමා.(නදී)
කැම්පස් එකේ ප්‍රශ්න ගැන දන්නේ වැස්සකට හරි කැම්පස් ගියපු අය. මමත් කැම්පස් ගිය හන්දා දන්නවා අපි විඳපු දුක. ඒ කාලේ අපි කිසි කෙනෙක් තුන් වේල හරියකට කැවේ නැහැ. බෝඩින් වල අපා දුක වින්දා. රජය උසස් අධ්‍යාපනය ගැන නොසලකා හිඳීමේ පාපය ගෙවන්නේ ශිෂ්‍යයෝ. ඒ මදිවට දේශපාලන පක්ෂවලට කඩේ යන ශිෂ්‍ය නායකයෝ පක්ෂ නායකයන්ගේ ඉල්ලීමට අපිව බලෙන් උද්ගෝෂණ වලට ඇදල ගන්නවා. අද මගේ ළමයි මේ රටේ විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්නවා. එයාලට හැම දෙයක්ම තියෙන හන්දා ආණ්ඩුව කරන්නේ මොනවද කියලවත් එයාල දන්නේ නැහැ. එයාලට ඒ ගැන හොයන්න උවමනාවකුත් නැහැ. ගිය සතියේ සිඩිනි විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයක සුළු සිද්ධියක් උනා. බලධාරියෝ වහාම සියලුම ළමයි නේවාසිකාගාර වලින් අයින් කරලා හෝටල් වල නැවැත්තුව. කෑමබීම නොමිලේ. ඊට අමතරව හෝටලයේ ඉඳන් විශ්ව විද්‍යාලයට නොමිලේ බස් සේවයකුත් දැම්මා. ලංකාව දුප්පත් නිසා මෙහෙම දේවල් කරන්න කියල කවුරුවත් ඉල්ලන්නේ නැහැ. නමුත් අඩුම තරමේ මුලික පහසුකම් ටික දීල නිදහසේ අද්‍යාපනය කරගෙන යන්න වාතාවරණය හදල දෙනවනම් ඒ හොඳටම ඇති. (නදී)
මේ අය ඉගෙනගෙක ලොකු තැන්වලට ගියහම මේ අයට මිනිස්සු පෙනෙන්නේ නැහැ. දැන් තමයි සමාජ වාදේ.(නදී)
රට ගැන හිතන සොහොයුරන් .. එකයි කදුළු මේතරම්.(නදී)
චින්තක, විශ්වවිද්‍යාලෙන් එලියට ආවට පස්සේ 90% දේශපාලනේ අමතකකරනවා.(නදී)
පිනට උගන්වලා විශ්ව විද්‍යාලයට යන කාලේට ආදාර දීලා එලියට ආවම ආණ්ඩුව මේ ගොල්ලන්ට රස්සාවල් හොයලත් දෙන්න ඕනෑනේ. (නි)
විශ්ව විද්‍යාල වලට දේශපාලනය නැමෙති විෂබීජය වපුරන ජවිපෙට රටට හෙන ගැහුවත් ප්‍රශ්නයක් නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ දුප්පත් සහ බංකොලොත් දේශපාලන තත්වයෙන් ගොඩ එම පමණි. රටේ වඩාත් දැනුමෙන් සරු තරුණ පරම්පරාව මේ මෝඩයන්ට අසුවීම ඉතාමත් දුක්ඛිත තත්වයකි.(නදී)
දේශපාලන පක්ෂය මත පන්ති තහනම් තීරණය කරන්නේ ජ පුර විශ්වවිද්‍යාලයේ. දේශපාලනය විශ්වවිද්‍යාලයෙන් ඉවත් කරන්න කතාකරන අය ඒගොල්ලෝ කරපු දේශපාලනේ කරපු එක හොදා. මෝඩයෝ දේශපාලනයට එනවට වඩා උගත් කොල්ලෝ ටිකක් මැති සබේට යන එකනම් රටට සුබ දෙයක්.(නදී)
මේ දේවල් සැම පරම්පරවකම සිදු වුණා. දැන් ඉන්න උසස් අධ්‍යාපන ඇමති ඒ කාලේ කලේ ඕකමනේ. අපිට මතකයි, උද්ගෝෂණ නැති කැම්පස් පරිප්පු නැති හෝටලේ වගේනේ.(නදී)
ඔය හැමෝම හිනාවෙන්නේ මේ රටේ අධ්‍යාපනයට. කලු සුද්දොයි උන්ගේ උනුයි අධ්‍යාපනය කාල හපකරන්න තව දසමයයි. හිටපල්ලා තව ටික කාලෙකින් නැවත මේ රට වහල් යුගයට යන හැටි බලාගෙන. දෙනාටමගමේ පොඩිවුන්ට ගමේ පොඩි ස්කෝලේ වහලා. නගරෙට එන්න සල්ලි නැහැ. (නදී)
උපාධිය අරගෙන අම්මට තාත්තට සලකගෙන ඉන්න අපිත් ආසයි. ඒත් රටේ අනාගතය විශ්වවිද්‍යාල ශිෂ්‍යයා විදියට අපට පේන එක වැරැද්දක් වෙන්න ඇති. සමාවෙන්න...... හැබැයි මහත්තයෝ අපි විශ්වවිද්‍යාලයට ආවෙ අත් උස්සල වත් රටේ ආණ්ඩුවෙ ඉදුල් කාලවත් නෙවෙයි. අපි අද කියන මේ කතාව තව කාලෙකින් ඔබතුමන්ලට තේරෙද්දි පරක්කු වැඩියි කියල හිතෙයි.(නදී)
නිදහස් අධ්‍යාපනය විකුණන වැඩපිලිවෙලට වචනෙකින්වත් සහයෝගයක් දෙන්න එපා. පින් සිද්ධ වෙයි. මොකද නැත්නම් තමන්ගෙ මහන්සියෙන් රටට මේ තරම් වටිනා දෙයක් උරුම කරල දීපු කන්නන්ගර මහත්තයා ඔයාලට ශාප කරයි. (නි)
තව අවුරුදු 5 ක් 6 ක් ගියාම ඔයාලගෙ දරුවෙක් ඉස්කෝලෙකට දාගන්න රු. 10000 15000 ක් දෙන්න ගියාම තේරෙයි මේ අය අද කියන්නෙ මොනවද කියලා. (නි)
පාසල් අරින වෙලාවට පාරට බැස්සේ පිස්සෝ ටික. ට්‍රැපික් නිසා වාහන හිර වුනා ළමයි බඩ ගින්නේ අඩ අඩා හිටියේ. පවු කාරයෝ මහා ජනතාවට කරදරයක් නැතුව ඕන දෙයක් කරගනිල්ලා.(නදී)
රටේ අනිත් අය හැම දේකටම කටවල් වහගෙන හිටියට මොලේ තියෙන ළමයි එහෙම ඉන්නේ නැහැ. මේකට අදහස් ලියන්නේ කැම්පස් එකක් දැකල වත් නැති අය. ෂෙහාන් අනිත් අයට කිව්වට එයානේ ලොකුම බූරුවා. (නදී)
මගේ සහෝදරයා කලා උපාදියක් කරලා තාම රස්සාවල් හොයනවා දැන් අඋරුදු 5 තිස්සේ...මම නම් කිරිහරක් 4 දෙනෙක් හදාගෙන , එළවලු කොටුවකුත් කරගෙන පාඩුවේ ඉන්නවා! (අ)
සුදු කෝට් එකට ඔයාල කඩේ ගියාට , සුදු කෝට් කාරයෝ කවදද ඔයාලගේ පන්ති තහනම් උනාම ආවේ ? තමුන්ගේ අම්ම තාත්ත හරි ඉස්පිරිතාලෙකට එක්කගෙන ගිය දවසක බලන්න ඔය සුදු කෝට් කාරයෝ එදාට ඔයාලා දිහා හැරිලාවත් බලනවද කියලා? ඔය පෙලපාලි වලදි තුවාලයක් වෙලා ඉස්පිරිතාලෙට ගියොත් තේරේවි සුදු කෝට් කාරයොන්ට කඩේ ගියාට ලැබෙන ගරු බුහුමන්! කළු කෝට් කාරයෝ වගේම තමයි ගිනි කන එක දෙගොල්ලම කරන්නේ.(නදී)
බණ්ඩා මල්ලි, විශ්ව විද්යාලයකට ආවෙ නෑති කෑගහන ඔහෙලා මොනවද දන්නෙ? ඔය ඔයාල බනින එස් බී මහත්තය හිටියෙත් ඔය කෑගන ඔයාල ඉන්න ජ'පුඅර තමයි. ඕකට තමයි මල්ලි කියන්නේ කාලය මැවු වෙනසක අරුමේ කියල. ඔයාලත් වෙනස් වෙයි ඉහ නිකට පැහෙනකොට. එතකම් කෑ ගහන්නකෝ (අ)
බැනපු උන් දන්නවනේළමයි එහෙම කරපු ඇත්තම හේතුව.ඕව හොඳයිi ඇස් නැති කබරගොයින්ට (අ)
විශ්ව විද්යාලයකට ආවෙ නෑති කෑගහන ඔහෙලා මොනවද දන්නෙ? අපි ජ,පුර (දී)
විශ්ව විද්‍යායාල වලට එන්න ඕනේ ඉගෙන ගන්න .ඉගෙන ගෙන රට හදන්න පුළුවන්. හැමදම ඡේ. වී. පී. කට්ටිය කරන්නේ ළමයි කඩේ යවන එක . මෙයාලගේ උගුල් වලට අසු වන්න එපා. (අ)
ඉස්කෝලේ යන කාලේ දෙමව්පියන්ගේ සල්ලි නාස්ති කරපු , කැම්පස් එන්න බැරිවුණ අය තමයි ඔය වගේ මෝඩ කතා කියන්නෙ (අ)
කාලය උපරිමයෙන්ම ප්‍රයෝජනයට අරගෙන රටටට වැඩක් කරන පුරවැසියෙක් වෙන්න පිස්සෙක් නොවී. මොනවද මේ බොරු වැඩ! (නි)
හැමදාම ඉල්ලීම් ඉල්ලනවා රටට වැඩක් වෙන්නේ නැහැ.(නදී)
රටපුරා සිටින දේශපාලකයින් නඩත්තු කරනවා මදිවට උසස් අධ්‍යාපන ආයතන තුල සිටින දේශපාලකයිනුත් නොමිලේ නඩත්තුකරන්න මේ රටේ ජනතාවට බැහැ. ඒ නිසා විශ්වවිද්‍යාල වල සියලු සිසුන් දේශපාලනය කරනවානම් එවැනි ආයතන වලට ලබාදෙන මහජන මුදල් අත්හිටුවා සිසුන්ගෙන් වියදම් අයකරගතයුතුයි. දක්ෂ පුද්ගලික පාසල් හිමිකරුවෙක් යෝග්‍ය වන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල පරිපාලනයට පමණයි. එවැන්නෙකුට සාමාන්‍ය පාසල් පරිපාලනය කෙරෙහි ඇඟිලිගැසීමට ඉඩදියයුතු නැහැ. මෙවැනි අවස්ථාවල විශ්වවිද්‍යාල වසා දැමියයුතු නැහැ. කලයුත්තේ ඉගෙනීමට අවශ්‍ය ළමුන්ට උගන්වා දේශපාලනය කරන්නන් නෙරපාහැරීමයි. නැතහොත් සිසුන් සියලුදෙනාම දේශපලකයෝනම් එවැනි විශ්වවිද්‍යාල පුද්ගලික කරණය කිරීමයි.(නදී)
මේ ඔක්කොම කරන්න ඕනා අපේ සිංහල අයට තමයි. බලන්න අන්‍ය ජාතිකයෝ ඉස්සරහට එන්නේ නැහැ ඕවට. ඒ ගොල්ලෝ තමාගේ වැඩේ ගානට කරගෙන යනවා අපේ ඈයෝ අපේ සල්ලි කකා රට හදන්න යනවා ඉගෙනීම පැත්තක තියලා. මේ ඔක්කොටම වග කියන්න ඕන අර අන්තරේ ඉන්න අය.(නදී)
මම නම් කතා කරන්න යන්නේ නැහැ මේ සම්භන්දව මොකද කතා කරලා වඩක් නැහැ (දී)
වැස්සකටවත් කැම්පස් යන්න අපිට ඕනෑ කමක් නැහැ. අපි කියන්නේ කරන මගුලක් අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවෙන්න කරන්න කියලා. නිදහස් අධ්‍යාපනයක් ගැන කතා කරනවා. අද කොහෙද එහෙම එකක් තියෙන්නේ. මොන්ටි සූරියේ ඉදල ටියුෂන් මාස්ටර්ලා පස්සේ බඩ ගාල සල්ලි ගෙවලා ඉගෙනගෙන ඔතනට ගියාට පස්සේ නිදහස් අධ්‍යාපනේ මතක් වෙනවා. බුද්දිය කියන්නේ සමාජ ඇසුර.හා අත් දැකීම් මත ලබන දෙයක්. කටපාඩම් කරලා ගන්න කොළ කෑල්ලක් නෙමෙයි. බුද්ධිය කදුලක්වත් තියෙනවනම් තමන්ගේ ප්‍රසන විසදගන්න අනුන්ට හිරිහැර කරන්නේ නැහැ. මේ ළමයින්ගේ ගෙවල් වල ඉන්න අම්මලට හිතේ නිවනක් නැතුව ඇති.(නදී)
පලවෙනි වසරේ ළමඊ තමඊ මෙයාල මේවට අරගෙන යන්නේ. එයාල බයට යනවා. මගේ ළමයත් එහෙමයි. ගියේ නැතම් දන්නවනේ. බලන්න එයාල දිහා .(අ)
සිසුන් කරන වැඩේ හරියටම හරි. එහෙම කරන්නේ අනාගත දරුවෝ වෙනුවෙන්.(නදී)
විශ්ව විද්‍යාල ආයෙත් වහන්නද? සියලුම ළමයි දඬුවම් වලින් නිදහස් කරන්ඩ. අධ්‍යාපනය පිලිබඳ පැහැදිලි ප්‍රතිපත්තියක් එල දක්වන්න. හොද ඇමතිවරු පත් කරන්න. අධ්‍යාපනය පෞද්ගලික කළාට කමක් නැහැ. දුප්පත් ළමයි ගැනත් හිතන්ඩ. පුද්ගලික අධ්‍යාපන ආයතන වෙනම ඇමතිවරයෙක් යටතේ ස්ථාපිත කරන්ඩ. මේ සඳහා හොඳම මහත්මයා ග්‍රේරෝ මැති තුමායි. රජය තමන්ගේ ප්‍රති පතති ගැන ජනතාවට බොරු නොකිය යුතුයි.(නදී)
කෑගහන ඔය ඔක්කොම නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත අය. නිදහස් අද්‍යාපනය ටිකින් ටික කප්පාදු වෙනවා පෙන්නේ නැද්ද. ඔයගොල්ලන්ගේ දරුවන්ට ගෙවලා ඉගෙනගන්න උනදාට දනීවි නිදහස් අධ්‍යාපනයේ අගය.(නදී)
මේ ඔක්ක්කොම ජවිපෙ වැඩ. අහිංසක ළමයින්ට පාඩුවේ ඉගෙන ගන්න දෙන්නේ නැහැ. ජේ.වී.පී කාරයෝ එදත් කරේ ඕක තමයි අදත් කරන්නේ ඕකම තමයි.(නදී)
නුවන් හයියෙන් වාඩ් වෙන්න එපා නුවන තිබෙන තැන තැලෙයි. වෙන රටවල ඉහල අධයාපනයට රජයෙන් සල්ලි දෙන්නේ නැතිනම් අපි වගේ දුප්පත් රටක එහෙම කොරන්නේ මොකටද? දුප්පතා මිනිසුන් ගේ සල්ලි වලින් ඉගෙනගන්න ගියාම කරන දේ පෙනෙනවානේ ද? තමන් ගේ සල්ලිවලින් ඉගෙනගන්න අය ඔහොම කරන්නේ නැහැ. එම නිසා විශ්ව විද්‍යාල අධ්‍යාපනයට මුදල් අය කරන්න. මම රුපියල් 10000 මාසයකට බදු වසයෙන් ගෙවනවා මින් සතයක් වත් මෙයාලට වියදම් කරනවට මම කමති නැහැ. ඉගෙන ගන්න ඔබලා පමණක් නොවෙයි ඉගෙනීමට සල්ලි දෙන මේ රටේ මිනිස්සුත් දුප්පත්. එම නිසා ඔබලාගේ ඉහල අධ්‍යාපනයට මේ රටේ මිනිස්සු පලි නැත. මෙ රටේ දොස්තර කෙනෙකු කිරීමට රටේ මිනිස්සු කොපමණ වියදම් කරනවද නමුත් එලියට ආපු ගමන් පෞද්ගලික සේවය.(නදී)
ධර්මය වැටහෙන්නේ බුදුන්ට පමණයි, විශ්වවිද්‍යාල ප්‍රශ්න දන්නේ කැම්පස් ගිය අය විතරයි, රටපාලනය කලහැක්කේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් පමණයි, නිවැරදි නායකයන් තෝරාගත හැක්කේ රටේ බුද්ධිමත් ජනතාවට විතරයි වැනි එලොවටත් නැති මෙලොවටත් නැති අදහස් ජනතාවට කාවැද්දීම නිසා ලංකාවම මිහිපිට අපායක් වෙලා. මේ රටේ ඕනෑවටත් වැඩිය දේශපාලකයන් ඉන්නවා. එබැවින් නොමිලේ දෙන අධ්‍යාපනයෙන් ඉගෙනගන්නවා වෙනුවට තමන්ට වඩා ප්‍රායෝගික දක්ෂයින් පෞද්ගලික අධ්‍යාපනයෙන් බිහිවෙන එකට බියෙන් රට අවුල් කරන අධම දේශපාලන පඹයින් සියලුදෙනාම මහජන මුදලින් නඩත්තු වන විශ්ව විද්‍යාල වලින් නෙරපා හරින්න. (නි)
මෙන්න බොලේ බමුණෙක් හුම් හුම් ගානවා. කැම්පස් යන්න සල්ලි අයකලොත් දුප්පත් අයට ඔයාගේ බුදලේ දන් දෙනවද? (නි)
මගේ ඉන්දියන් යාලුවෙක් කියනවා එයාට රුපියල් කෝටි දෙකක් හොයන්න ඕනැලු. එයාගෙ දුවෙක් ඉංජිනේරු කෙනෙක් කරන්න උගන්වන්න. ඒ දේම අපේ ලංකාවටත් කරන්නයි හදන්නේ.සල්ලි තියෙන අයට පමණක් ඉගෙන ගන්න පුළුවන් වෙන්න.අපිට කන්නවත් සල්ලි නැතුව ඉදගෙන කෝටි ගානක් හොයන්නේ කොහොමද අපේ දරුවන්ට උගන්වන්න. ඒ දරුවන් 100 % ක්ම හරි. (නි)
13 වෙනි සංශෝදනය ගැන නොදන්නවා වෙන්න ඇති, ඒවා ගැන තේරෙන ළමයින්ට සහයෝගය දෙන්න මෝඩයෝ නොවී. (නි)
ඉල්ලීම් දිනාගන්න අනිත් අය පීඩාවට පත් නොකර.එහෙම කරන්න බැරි නම් ? (නි)
ලංකාවේ විශ්ව විද්‍යාල ගැන නම් කතා කරලා වැඩක් නැහැ , අපිත් ඕවල හිටපු නිසා දන්නවා ලංකාවේ විශ්ව විද්‍යාල වලින් පිට කරන්නේ පුස්සෝ විතරයි. ඕවල ඉන්න සිසුන් මෙන්ම ගුරුවරු පවා පුස්සෝ. කිසිම වැඩක් බැහැ. හාවර්ඩ් මොනෑෂ් ක්වීන් වැනි යුනිවසිටිවල කක්කුසිය පවා අධ්‍යාපනික වශයෙන් ඉදිරියෙන් ඉන්නේ ලංකාවේ සියලු විශ්ව විද්‍යාල වලට වඩා. ලංකාවේ විශ්ව විද්‍යාල ගොඩදාන්න බැරි තරමට ජෙප්පෝ අන්තරේ විනාශ කරලා . ලංකාවේ විශ්ව විද්‍යාල වලින් පිටවෙන අයට ප්‍රයිවෙට් කොම්පැනි ඩිරෙක්ටර්ලා කියන්නේ සෝම්බි කියලා. හේතුව ඒ අයට මෙලෝ වැඩක් බැහැ , කිසිම ප්‍රායෝගික දෙයක් හිතන්න බැහැ , භාෂාවක් දන්නේ නැහැ . පිනට ආණ්ඩුවේ ජොබ් ගත්ත ලංකාවේ උපාධිධාරියෝ කිසිම වැඩක් කරන්න බැරුව රජයේ ආයතන වල පින් පඩි කනවා. මේ ආයතන වල ඉන්න පියන්ලා මේ අයට වඩා නිර්මාණශීලියි . ඉතින් බටහිර විශ්ව විද්‍යාල වලට ඉගන ගත්ත කොල්ලෝ එක්ක මේ අයට හැරෙන්නවත් පුලුවන්ද . මේක බලන්න. යූජිනි ද සිල්වා නැමැති ශ්‍රී ලාංකික සම්භවයක් ඇති 14 වියැති දැරිය ස්වකීය අති විශිෂ්ඨ දක්ශතා තුලින් ලොවම මවිතයට පත් කරන්නට සමත්ව සිටී. මෙම දැරිය අමෙරිකාවේ හාවඩ් සරසවියේ නීති අංශයෙන් පශ්චාත් උපාධිය හැදෑරීමට සුදානම් වන බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. පුදුමයට කරුණ වන්නේ ඇය තවමත් ලාබාල වියේ සිටින්නියකව මේ විස්කම කිරීමය. එංගලන්තයේ මැන්චෙස්ටර් හී 1998 ජූනි මස 16වැනිදා උපත ලබා ඇති මේ දැරියගේ පියාවන්නේ ආචාර්ය යූජින් ද සිල්වා මහතාය. ඇය මේ වන විටත් අමෙරිකාවේ යුද අභ්‍යාස විශ්ව විද්‍යාලයේ බුද්ධි තොරතුරු විශ්ලේෂණ උපාධිධාරීණියකද වෙයි. දැන් බලන්න ජෙප්පෝ අන්තරේ අධ්‍යාපනික වශයෙන් කබාසිනියා කරපු ලංකාවේ විශ්ව විද්‍යාල වලින් පිටවෙන මෝඩ ගිරා පෝතකයෙකු මේ වගේ පිටරට විශ්ව විද්‍යාලයක ඉගන ගත්ත ළමයෙක් එක්ක සසදන්නවත් පුලුවන්ද. නමුත් අන්තරේ සහ ජෙප්පෝ නිසා එක හොඳ වැඩක් උනා පිටරට උපාධියේ අධ්‍යාපනික , සිවිල් සහ වාණිජ අගය මේඅය වැඩි කරලා දුන්නා. දැන් එංගලන්තයේ ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවේ , කැනඩාවේ ඩිප්ලෝමා එකක් කරලා එන සිසුවාට තැනක් තියනවා ලංකාවේ විශ්ව විද්‍යාල වල මාස්ටර්ස් කරපු කෙනෙකුට වඩා . එක තමයි කටුක ඇත්ත.(නදී)
ප්‍රශ්න විසඳන්න එන අය මහජනතාවට කරදර කරන්නේ එයාලා මොන වරදක් කලාටද ? මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා, ඔයාලා විතරද ඉගෙන ගන්න ඕනෑ? මෙයාල ගැන කතා කරලා ලේ පුච්චා ගන්න ඕනෑ නැහැ (නි)
මෙහෙම අය වාසිටි ගියත් මොකද,නොගියත් මොකද? මුස්ලිම්,දෙමල එකම ළමයෙක්වත් නැහැ (නි)
නොමිලේ ලැබෙන අධ්‍යාපනයේ අගය දන්නෙ නැති අය! (නි)
මෙයාලගේ සටන අනාගතයේ ශිෂ්‍ය පරපුර වෙනුවෙන්. අධ්‍යාපන කප්පාදුවට එරෙහිව. (නි)
කැම්පස් ගිය නැති කෙනෙකුට ඕක තේරෙන්න නැහැ. (නි)
ඉගෙන ගන්නේ නැතුව පිස්සු නටන මෙහෙමත් මිනිස්සු...!!! (නි)
මිනිස්සු කොච්චර රස්තියාදු වෙනවද? පාසල් ඇරිලා යන ළමයි. කියල වැඩක් නැහැ.මේ අයද රටේ අනාගතේ බාර ගන්න හෙට සරසවි වලින් එලියට එන්නේ? (නි)
ඉගන ගන්න කියලා ගිහිල්ලා පිස්සු නටන්නෙ නැතුව ඉගනගෙන, දෙමාව්පියන් දුක් මහන්සි වී හම්බකර දෙයින් උපරිම ප්‍රයෝජන ගන්න. (නි)
අනුන්ට කඩේ යන්නේ නැතුව තමුන්ගේ උපාධිය කරගෙන අම්මා තාත්තාට සලකාගෙන ඉන්න. ඔයාල නිකන් මෝඩ වෙන්න එපා (නි)
මේ මිනිස්සු පාරවල් බ්ලොක් කරලා ළඟදීම පොලිසියෙන් නෙමේ මිනිස්සුන්ගෙන් ගුටි කනවා (නි)
සිසුන් 60 දෙනෙකුගේ පන්ති තහනම් කරපු කෙනා උල තියන්න නේ තියෙන්නේ. එස්. බී මහත්තයා ඒ දවස්වල ස්ට්‍රයික් කලේම නැතිද හැබෑට? (නදී)
ඔහොම වැඩ කලොත් ඔයගොල්ලන්ට සදහටම මහපාර තමා හිමිවෙන්නේ. ඉස්සෙල්ලම මොලේ ඇතුව වැඩ කරන්න ඉගෙනගන්න. (නි)
රට , විශ්ව විද්‍යාල හදන්න පෙර තමන් හැදිලා ඉන්න , අපිත් (ලංකාවේ) විශ්ව විද්‍යාල වලට ගිය කාලේ රැල්ලට ඕවට ගියා. අපිව උද්ඝෝෂණ වලට යොමු කරපු ශිෂ්‍ය නායකයෝ හොරෙන්ම තමන්ගේ අනාගතය හදාගත්තා. අද ඒ අය තරම් කුහක මුදල වෙනුවෙන් ඕනෑම පවා දීමක් කරන මිනිසුන් කොහේවත් නැහැ. ඒ අය හොඳට ගෙවල් හදාගෙන වාහන තියාගෙන ඉන්නවා. සිසු නායකයන්ගේ කතා කරට අරගෙන වැඩ කරපු අපේ අනෙක් සිසුවෝ අද රැකියා නැතිව , කිසිම හැකියාවක් නැතිව පාරේ රස්තියාදු වෙනවා. අපිට නම් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට පිටතින් කෝස් කරලා දැනුම වැඩි කරගෙන පස්සේ පිටරට විශ්ව විද්‍යාලයක පශ්චාත් උපාධියකට එන්න පුළුවන් උනා ඕවා කරට අරගෙන අධ්‍යාපනය කාලකන්නි කර ගත්ත නැති නිසා. මම ඉන්න පිටරට විශ්ව විද්‍යාලේ සිසුන් කරන්නේ ඉගන ගන්න එක ,ඒ අයගේ ස්කිල්ස් වැඩි දියුණු කරන එක. නමුත් ලංකාවේ විශ්ව විද්‍යාල වල සිසුන් වෙන භාෂාවක් ඉගන ගන්න පරිගණක දැනුම ලබා ගන්න උනන්දුවක් නැහැ. පෝස්ටර් ගහ ගහ , පාරවල් වල උද්ඝෝෂණය කරන්න කැට හොල්ලන්න නම් දන්නවා. මේ අයට වැඩ බැරි නිසා පුද්ගලික අංශයේ කිසිම කෙනෙක් රැකියා දෙන්න කැමති නැහැ. අන්තිමේදී ලංකාවේ විශ්ව විද්‍යාල උපාධියට කිසිම තැනක් නැහැ. කවුරුත් ගණන් ගන්නේ නැහැ. (නදී)
අන්න හරි. පුළුවන් තරම් වාහනවලටත් මහජනයාටත් අවහිර කලාම මහජනයා සන්තෝසෙන් ගිහින් 'සිසු මර්දනය' එහෙම ඉවත් කරලා දෙයි. අලුත්ම විලාසිතාව අනුව හැමතැනම ප්‍රශ්න විසඳන්නේ පාරවල් අවහිරකරලා වාහන ගිනිතියලා නිසා විශ්ව විද්‍යාල ශිෂ්‍යයොත් එහෙම කලයුතුමයි. (නදී)
මේක තමයි අපේ සරසවි වල තත්වය. මම මගේ දරුවෙක් වත් යවන්නේ නැහැ. මේ අයගේ දෙමවපියන් දුක් මහන්සියෙන් උගන්නලා මේ අයව එවලා තියෙන්නේ ඉගෙන ගන්න. ඒ උනාට මේ ගොල්ලෝ කරන්නේ දේශපාලනය. මේ වගේ දරුවෝ ඉන්න දෙමාපියන් හරි පව්. මගේ දරුවෙක්ව කවදාවත් ලංකාවේ විශ්ව විද්‍යාලයකට දාන්නේ නැහැ.(නදී)
මේ සියල්ලටම රජය වගකිය යුතුයි. (නි)
දෙමාපියන්ගේ සල්ලි අපරාදේ. (නි)
සිසුන් 60 දෙනාගේ පන්ති තහනම් කරේ නිකන් වෙන්න බෑ.
මේ ආයුබෝවන්, විරෝධතාත් උපාධි පාඨමාලාවෙ කොටසක්ද ? (නි)
උපාධිය ගන්නේ අවුරුදු හතලිහෙදීද? (නි)
ඒ ගොල්ලෝ කියන ඔක්කොම දෙන්නකෝ. ඒ අයනේ ලොක්කෝ. හරියටම ඉස්කෝල ඇරෙන වෙලාවට පාරට බහින්නේ. නමුත් පෞද්ගලික විශ්ව විද්‍යාල ඕනෑ. අනිත් දරුවෝ කොහෙද යන්නේ. (නි)
පාරේ යන වාහනවලටයි මහජනයාටයි පුළුවන් තරම් අවහිර කරන එක තමයි අලුත්ම විලාසිතාව. රට පුරාම විරෝධතා එන හැටියට "විරෝධතා පා ගමන්" සඳහා අමාත්‍යාංශයක් ඇතිකරන්නත් ඉඩ තියෙනවා ඉක්මනින්ම. (නි)
පෞද්ගලික විශ්ව විද්‍යාල අහෝසි කළ යුතුයි. ළමයිත් තමන්ගේ අධ්‍යාපනය කරනවා ඇරෙන්න දේශපාලන වැඩ නොකළ යුතුයි. (නි)
මේකේ ප්‍රතිචාර දැක්කම දුක හිතෙනවා. වැස්සකටවත් කැම්පස් ගියපු නැති, නිදහස් අධ්‍යාපනයේ අගය දන්නේ නැති මිනිස්සු මේ රටේ ඉන්නේ. මේ ළමයි ඉගෙන ගන්න එක හරියට කරපු නිසයි අද කැම්පස් ඇවිත් ඉන්නේ. ඉස්කෝලේ යන කාලේ දෙමව්පියන්ගේ සල්ලි නාස්ති කරපු , කැම්පස් එන්න බැරිවුණ අය තමයි ඔය වගේ මෝඩ කමෙන්ට් දාන්නේ.(නදී)
වසර තිහක යුද්ධයෙන් පසු ලබා දුන් නිදහස පාවිච්චි කරන අයුරු අගෙයි. යුද්දය දිනන්න කලින් මේ වගේ ඒවා තිබුනේ නැහැ. හැම තැනම මුර පොලු විනාඩි 15 න් යන ගමනට අපි පැය දෙකක් කාලය මිඩංගු කළා. නිදහස අයුතු විදියට පාවිච්චි කරන මේ බංකොලොත් දේශපාළුවන් පිටු පස යන මෝඩ සිසුන්ට කොහොම තේරුම් කර දෙන්නද මන්දා.(නදී)
උඩින් දකින දෙය ගැන නොසිතා අන්තර්ගතය හිතන්න. මේවිදියට ගියොත් අනාගත සරසවි අධ්‍යාපනය අඳුරේ. එයට විරුද්ධව තම මේ සටන. නිකරුනේ කියවන්න එපා. (අ)
ළමුන්ට ඕනේ විදිහට පාසල් වැඩ කරන ක්‍රමයක් ලොව නැත ,ලෙඩ බෝ කරන්නදෙන්න බැරිය ,පාසල් නීතියට අවනත නොවන හැමදෙනාම ඉවත් කර අනාගතය වෙනුවෙන් පාසල් විනය රැකිය යුතුය (අ0
බුරුවනේ උද්ඝෝෂණ කරපල්ලා මහජනතාවට කරදරයක් නොවී පාලු පිට්ටනියකට ගිහිල්ලා. ලංකාවේ අනිවාර්යයෙන්ම පුද්ගලික කැම්පස් ඇතිකළ යුතුයි. (අ)
ඉගනගත්තට වැඩක් නෑ මුන් මෝඩ රිලව්. (අ)
කමෙන්ට් කරන එක්කෙනෙක්වත් ජපුරේ තියෙන ප්‍රස්න දන්නවද ? (අ)
කැම්පස් ගිහින් තමන්ගෙ පාඩුවේ උපාධිය කරගන්න තිබුනා ඒ අවශ්‍ය දේවල් ටික හරියට ලැබෙනවා නම්. නිකරුනේ පාරවල් වල උගුර ලේ රහ වැටෙනකම් කෑනොගා ඉන්න තිබුනා. හෙට දවසේ කැම්පස් එන නංගිලා මල්ලිලාගේ උපාධිය ආරක්ෂිත නම් අපිට පාඩුවේ ඉන්න තිබුනා. අන්තර්ජාලයේ 'පොරටෝක්' දෙන උදවිය ඒ වෙනුවෙන් අරගල කරනවා නම් අපිට පාඩුවේ ඉන්න තිබුනා (නි)
කලින් දාපු හැමකෙනෙක්ම අඩු ගැනේ කැම්පස් එකක හුලන් වට වැදිලා නැති අයයි (අ)
ළමයි විශ්ව විද්‍යාල වලට යන්නේ දැන් උද්ගෝෂණ කරන්න මිසක් ඉගෙන ගන්න නොවේ (දී)
සේරම ප්‍රශ්න ඉගෙනගන්න කාලේ වෙන වැඩ කරන එකනේ.පස්සේ පුළුවන් රට හදන්න. දැන් ඉගෙනගන්න. සුභ අනාගතයක්! (නි)
මට මතකය් මම කැට හොල්ලනකොට මායිම් ගම්මාන වල ලමින්ට සෙමිනාර් කරන්න, බස් වල යන අය කිවුවේ රට පෙරලන්න සල්ලි හොයනවා කියලා. ඕක ඇතුලට ගිය අහිංසකයෝ විතරයි ඕකේ ඇත්ත දන්නේ. (නි)
මේ ශිෂ්‍ය නායකයන්ට ඕනෑ දේශපාලනේ. ඇයි පුද්ගලික විශ්ව විද්‍යාලවලට විරුද්ධ වෙන්නේ මොකද, පිටරටට ගිහින් ඉගෙන ගන්නවට. පිට රටට සල්ලි යවලා මෙහෙ ඉඳන් පිටරට උපාධි ගන්නවට. පිටරට විශ්ව විද්‍යාලවල උපාධි දෙන කොලේජස් ලංකාවේ කොච්චර තියෙනවද? ඒවා වහන්න කියලා කෑ ගහන්නේ නැත්තේ මොකද? (නි)
මේ එක කට්ටියක් පාරට බැහැල මෙච්චර හරියක් කරනවානම් තව දවසකින් දෙකකින් තව තව කීයක් ඔය විදිහට පාරට බහීවිද දැන් නැහැ ,, මේවා ඉතින් ඇතැම් පාලකයන්ගේ ක්‍රියාකලාපයන් වල අනිටු ප්‍රතිඵල තමා, (අ)
සමහර රටවල පාරවල් හරස්කරගෙන උද්ගෝෂණ කරලා පහුගිය දවස්වල මහජනයා තමයි නිතිය අතට අරන් තිබුණේ. පොලිසිය එන්න ඉස්සර මහජනයා උද්ඝෝෂකයින්ට ගහලා එලවලා තිබුනා. අපිටත් ලගදීම වෙන්නේ ඒ ටික කරන්න තමයි. පාසලක් ඉවරවෙලා ළමයින්ට ගෙදරකට යන්න බැහැ. උදේ ඉදලා වැඩ කරලා හවසට ගෙදර යන්න බැහැ. නිකන් දෙන අධ්‍යාපනේ හරියට කරගන්නත් බැහැ. (නි)
මේ කාලෙ මෙහෙම දෙයක් නොවුනනම් තමා පුදුමෙ... ළමයි වුනත් එයාලට 2500 න් ජීවත් වෙන්න බෑනෙ. අවුරුදු 10කින් මහපොල වැඩිකරලා නෑ (අ)
මේ අහිංසක දරුවෝ තමන්ගේ උගත්කම නිසි විධියට කළමනාකරණය කරගෙන විශ්ව විද්‍යාලයට ඇතුළු වෙලා තිබුනට තමන්ගේ බුද්ධිය නිසි විදියට කළමනාකරණය කරගෙන තමන්ගේ අනාගතය තමන්ටත් රටටත් යහපතක් වෙන විධියට හසුරුවා ගන්නට කල්පනා නොකරන එක ගැනනම් ලොකු දුකක් දැනෙනවා. (අ)
අනේ නලීම් නොදන්නා දේවල් ගැන කතා එපා. පෞද්ගලික විශ්ව විද්‍යාල දාන එක හොද වෙන්නේ අනිත් ළමුන්ට නෙවේ. කොමිස් කාරයින්ට. මේ උද්ඝෝෂණ වැඩේනම් ජරාවක් තමා. මමත් කැම්පස් ඉන්නකම් ඕක තමා කලේ. දැන් තේරෙනවා මෝඩ වැඩක් කියලා.(නදී)
මෙයාල හිතන් ඉන්නේ එයාලට විතරයි මොලේ තියෙන්නේ, උගත්තු කියලා. ඒත් හැසිරීම බින්දුවයි. වෙන රටවල මෙහෙම පාරේ නටන්නේ නැහැ.(නදී)
අනාගත පරපුරට තමන්ගේ අනාගතය අනාගන්න මෙහෙම ගොබ්බයො ලංකාවේ විතරයි ඉන්නේ. (අ)
රටේ හිඟන මනුස්සය බොන තේ එකේ ඉඳන් ගහන බදු වලින් ඉගෙනගෙන අන්තිම ඒ මිනිස්සුන්ටම පුදුම වදයක් වෙන මේ වගේඅය කැම්පස් ගියාට වැඩිය හොඳයි පොල් කැඩුවනම්... ඉගෙනගන්න ආවනම් ඉගෙනගන් නැතුව දේශපාලන ගත්තෝ වෙලා දැන් කරන දේවල් වල රඟේ තේරෙන්නේ රස්සාවක් ගන්න ගියාම තමා (අ)