තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් රෝහල් ගතකර අදට (07) දින 16ක් ගතවී ඇතත් තවදුරටත් ඇය සිහිසුන්වම සිටින බවට රෝහල් ආරංචිමාර්ග උපුටා දක්වමින් ඉන්දියාවේ ජනමාධ්‍ය වාර්තා කරයි
ඇය රෝහල්ගත කර සිටියෙදී ඇය මියගිය බවට අවස්ථා කිහිපයකදීම කටකතා පැතිරුණු බව සදහන් කරන එම මාධ්‍ය ඇගේ රෝගී තත්ත්වය හෝ වත්මන් තත්වය නිසි ආකාරව දැන ගැනීමට කිසිවෙකුටත් නොහැකි වී ඇති බවත්, ඇගේ ඥාතීන් හෝ ඇගේ රෝගී තත්වය පිළිබදව කිසිවක් ප්‍රකාශ නොකරන බවත් සදහන් කරයි
මේ අනුව ජයලලිතා ජයරාම් ට තමිල්නාඩුවේ හිටපු මහ ඇමති එම්.ජී.රාමචන්ද්‍රන්ට (එම්ජීආර්) හා සමාන රෝගී තතිවයක් හටගෙන ඇතිදැයි ඉන්දීය මාධ්‍ය කිහිපයක්ම ප්‍රශ්නයක් මතුකර තිබිණි. තමිල්නාඩුවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එම්ජී රාමචන්ද්‍රන් 1984 ඔක්තෝබර් මාසයේ හිටි හැටියේ රෝගාතුර වූ අතර ඔහුගේ මොළය මිය යාමේ හේතුව මත ඉන්දියාවේ ඇපලෝ රෝහල වෙත ඇතුළත් කර තිබිණි. දින ගණකනාවක් සිහිසුන්ව සිටි එම්.ජී.ආර් එම රෝහලේදීම මිය ගියේය. එවන් රෝගී තත්වයකට ජයලලිතාත් පත්ව සිටින්නේදැයි මෙම මාධ්‍ය වාර්තා කරයි
මේ පිලිබදව තොරතුරු වාර්තා කර ඇති තමිල්නාඩුවේ ප්‍රධාන පෙළේ මාධ්‍යන් වන දිනමනි දිනමලර් තුග්ලක් වැනි මුද්‍රිත මාධ්‍ය ඇයගේ රෝගය සහ වත්මන් සෞඛ්‍ය තත්වය සොයා ගැනීම සදහා වෙහෙසෙන බවද කියා සිටීයි
මේ අතර ඇය රෝහල් ගත කර දින 15ක් වූ ඊයේ ඇපලෝ රෝහල මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක සදහන් වූයේ ජයලලිතා ජයරාම්ගේ රෝගී තත්වය පාලනය කිරීම සදහා දිගින් දිගටම ප්‍රතිකාර කරනු පබන අතර ඇයගේ සෞඛ්‍ය තත්වය සොයා බලා ප්‍රතිකාර කිරීම සදහා එංගලකන්තයේ විශේෂඥ වෛද්‍යවරුන් වන රිචඩ් සහ එයිම්ස් මෙම රෝහලට කැදවා ඇති බවයි.
මේ වන විට මහ ඇමතිනියගේ සෞඛ්‍ය තත්වය යහපත් වෙමින් පවතින බවත්, වෛද්‍ය එයිම්ස් ප්‍රමුඛ කණ්ඩායම දිගින් දිගටම පරීකෂණ සහ ප්‍රතිකාර කටයුතු වල නියැලී සිටින බවත් ඇය තව දින ගණනාවක් රෝහල්ගතව සිටිය යුතු බවත් එම නිවේදනයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට රතිඥ්ඥා පත්තු කරන්න දවස ළගයි වගේ.......(බ)
ලංකාවට අටවන ගිනිගෙඩිවලට බේරිලා ඉන්නවා පුදුමයි (බ)
කරන කලට පවු මිහිරිය මීසේ, විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ. (බ)
අනේ..මේ අවස්ථාවේ..කරුණාකර සයනයිඩ් කරලක් කට මත රදවන්න. (බ)
ඉක්මනට ස්වර්ගයේ දොර ඇරේවා අපේ රටට කරපුවට (ම)
අනන්තවූ තුන්නුරුවන් ගුණ බලයෙන් එතුමිය ඉක්මන් සුවයට පත් වේවා..!ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා වර්ධනය වේවා..! කවුරුන් හෝ යමක් කීවද, කලාද එහි විපාකය එයාට තිබෙනවා, සසර පුරාවට රැගෙන යනවා. නමුත් අපි අපගේ බෞද්ධකම රැකගත යුතුයි (ම)
අනේ දම්මිකා ‘නිවන් සැප ලැබේවා‘ කියන්න (බ)
අපොයි! සිහි නැතිවුණාට ලංකාවේ නම මතක් කළා නම් මෙතුමියට වහාම සිහිය ඒවි. (නි)
අරුණ.. ස්වර්ගයේ නෙමෙයි, වෙන කොහේ හරි තමයි දොර ඇරෙන්නේ මම හිතන විදියට..(හේ)
දුක තමයි.(හේ)
කළ දේවල් තමයි ඔය ඵල දෙන්නේ.(හේ)
අපේ රටට එරෙහිව කරපු කෙනෙහිලි වලට මෙලොවදීම පඩිසන් දෙන්න පටන් අරන් වගෙයි.ශ්‍රී ලංකාවේ සාමය විනාශ කරමින්, ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙමින්, අපේ රටේ ධීවර සම්පත් හොරා කාපු මෙයාට මීටත් වඩා වද විඳලයි...(ම)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
ඔය දිට්ට ධම්මවේදනීය කර්මයයි. දම්මිකා, මම හිතනවා ඔයා ඒ කර්මය ගැන දන්නවා ඇති කියලා (නි)
කොටින් විසින් ඝාතනය කරනලද මිනිසුන්ගේ පවුල් වල සාමාජිකයන්, කොටින් නිසා අත පය දේපල අහිමිවී හිඟමනට වැටුන මිනිස්සු ඔවුන්ගේ දුක දෙවියන්ට කියනකොට කොටින්ට කඩේ ගිය අයටත් මේ දෙස් වදිනවා. ඒ විතරක් නොවේ, ඉන්දියාවේ ජාතික ධනය හොරකම් කරලා එහෙ ඉන්න දුප්පත් මිනිස්සුත් මේ අයට විරුධව දෙස් දෙවොල් තියනවා. දැන් ඔක්කොම එකතුවෙලා පොළියත් එක්ක හම්බ වෙනකොට කොහොමත් විඳවන්න වෙනවා (නි)