උතුරේ ජනමත විචාරයක් පැවැත්වීමට ජයලලිතා ජයරාම් කරන ඉල්ලීම හා උතුරු නැගෙනහිරට බලය බෙදන ලෙස ඉන්දියාව කරන බලපෑමට ‘ජාතික සංවිධාන එකමුතුව‘ කොල්ලුපිටියේ පිහිටි මෙරට ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලයය ඉදිරිපිට දී අද උද්ඝෝෂණයක් පැවැත්වීය.
උද්ඝෝෂණය අවසානයේ විරෝධතා කරුවෝ දකුණු තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ පිළිරුවක් ගිනි තැබූහ.
දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමියන්, ලක්මව දියණියෝ සංවිධානයේ ලේකම් ප්‍රියංකා කොතලාවල, ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර ද මීට එක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පඹයන් පුච්චා වැඩක් නැහැ . පුළුවන් කෙනෙක් ජයලලිතව පුළුස්සා දමන්න . නැතිනම් අංග විකල කර දමන්න (අ)
ශීලා, ඔයා හිතන්නේ අපිට ඉන්දියාව නැතුව බැහැ කියලද? (නි)
ජයලලිතලාට අපේ රටට ඇඟිලි ගහන්න කිසිම අයිතියක් නැහැ (නි)
ශීලා කියන විදිහට, අපි කාලයක් යටත්වෙලා හිටියා වගේ හැමදාම පරදේශක්කාරයන්ට කොන්ද නමන්න ඕනෑ කියලද කියන්නේ? මේක අපේ රට. අපේ රට පාලනය කළයුතු ආකාරය කියලා දෙන්න එයාලා කවුද? (නි)
පිළිරුවක් ගිනිතැබීම සැබෑ රුවක් ගිනිතැබීමට සමානයි නේද? බෞද්ධයෙක් ලෙස මට නම් ඇතිවන්නේ දුකක් හා කළකිරීමක් (නි)
ඉන්දියාව කියන්නේ අපේ අසල්වැසියා. අපි ඉන්දියාවත් සමඟ හැකිතරම් සහයෝගයෙන් ඉන්න බලමු (නි)
ශීල, ඔයා මොනවද කියන්නේ? අපේ රට පහත් කරන්න එපා (නි)
මේ වැඩ නම් මම අනුමත කරන්නේ නැහැ (නි)
ජයලලිතාට එයාගේ රටේ ප්‍රශ්න විසඳලා ඉන්න කියමු, පළමුව (නි)
අපිත් නෂ්ටික බෝම්බයක් හදනකම් අපි කියන දේ කව්රුත් අහන්නේ නෑ. (ස)
ජයලලිතාගේ තිස් හත වැඩක් නැහැ. මොධි වැඩි බලයක් අරන් තියෙන්නේ. (ස)
ඉන්දියාවේ මෝදිගේ ප්‍රශ්නයට ලංකාවෙන් මෝඩ පිළිතුරක්! (අ)
ජයලලිතාට හිතෙන්නේ නැද්ද ඉන්දියාවේ ප්‍රශ්න විසඳලා හිටියා නම් හොඳයි කියලා? (නි)
ජයලලිතාගේ යෝජනාවට තව යෝජනා ශ්‍රී ලංකා රජයත් ඉදිරිපත් කළ යුතුයි. (නි)
ඉස්සර නම් ලංකාවේ මිනිසුන් මේ වගේ වැඩ කළේ නැහැ. දැන් ඒවත් කරන්න පටන් අරගෙනද? මේවා පෙන්වලා ජයලලිතාගේ දේශපාලනයට තවත් වාසියක් අත්කර ගනියි. (නි)
ඉන්දියාව කියන්නේ විශාල රටක්. පාලනය කරගන්න ඉතාමත් අපහසුයි. ඒවා ඔක්කොම තියාගෙන අපේ මේ පුංචි රටට ඇඟිලි ගහන්න තමයි හැමෝම උත්සාහ කරන්නේ. ඒ අයට අපේ රට ගැන තිබෙන කැක්කුම තමන්ගේ රට වෙනුවෙන් තිබුනා නම් කොච්චර ලස්සනද? (නි)
ශීලාගේ කතාවට මමත් එකඟයි. ලංකාවේ අය කටින් බතල කොළ හිටවන්න හරි දක්ෂයි. ඉන්දියාවෙන් අපිට එවන දේවල් නැවත්තුවොත් කාට කාටත් ඇත්ත තේරෙයි. (නි)
හරිනම් මේවා කරන්න ඕනෑ ඉන්දියාවට ගිහින් ජයලලිතා ඉදිරියේදියි (නි)
කවුරු මොනවා කිව්වත් ඉන්දියාව ඔවුන්ගේ ශ්‍රී ලංකා වෙළඳ පොළ නැති කරගන්න කැමති වෙන එකක් නැහැ. (නි)
අපි මෙච්චර කල් ඉන්දියන් අයට බැන්නා. දැන් අපේ අයට මොකද වෙලා තියෙන්නේ . අපිට කරන්න තිබුණේ තමිල්නාඩුවේ තියෙන අඩු පාඩු ටික පෙන්නලා දෙන විදියේ වැඩක් කරලා එයාලට එයාලගේ මිනිස්සු ටික බලා ගන්න කියල කියන්න. මොළෙන් ගහමු මෙයාලට. (ස)
මේකේ ප්‍රතිචාර දැක්කම පුදුම හිතෙනවනෙ..ඔබ තුමාලට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් වගේම,රටේ තවත් පිරිසකට උද්ඝෝෂණ කරන්න පඹයෝ පුච්චන්න අයිතියක් තියෙනවා, දහස් ගණන් පන තියෙන කොල්ලෝ කෙල්ලෝ වෙඩි බෝම්බ වලින් තමන්ගේ පන කැප කරලා මැරිලා රැක ගත්ත රටක් මේක, (ස)
ඉන්දියාවේ අයගේ පඹයෝ ලංකාවේ පුච්චනවා ලංකාවේ අයගේ පඹයෝ ඉන්දියාවේ පුච්චනවා, ප්‍රශ්නේ එහෙමම තියෙනවා! (ස)
ජය ලලිතා රගපාන්න දක්ෂ නිළියක් .ඔය චිත්‍රපට දෙබස් වලට කිපෙන්න එපා. (ස)
ලෝකෙන්ම නයට කකා.. දාන සද්දේ කොහොමද... මට පරණ ප්‍රස්තා පිරුලක් මතක් උන. තව ලෝකේ අපෙන් නයට කැවා නම් මොන සද්ද දායිද. (දී)
ජයලලිතා කියන දේවල් මධ්‍යම රජය අහන්න වෙනවා.හේතුව මන්ත්‍රීන් 37 දෙනෙක් ජයලලිතාගේ පක්ෂයෙන් පාර්ලිමේන්තුවට යවල තියෙනවා. (දී)
මේ වගේ වැඩ වලින් එයාට නැති වටිනාකමක් ඇති වෙනවා (දිල්)
@රණවක නියම වදන පුස් වෙඩිල්ල තමයි (දී)
පුස් වෙඩිල්ල (දී)
ඉන්දීය නායකයා නම් ඉල්ලාසිටින්නේ පළාත් සභා සඳහා 13 එහා ගිය බලයයි .ඇලි කෙහෙල් කාපු උගුඩුවො වගේ බලාගෙන ඉදල දැන් බොරුවට දේශප්‍රේමය මවාපාලා උද්ඝෝෂණ කරලා වැඩක් නැහැ. මේවා නිකම් ගැලරිය පිනවීමට කරන සංදර්ශන. (දී)
දැන් දැන් මාධ්‍ය හරහා සහ ජනතාවගේ සංවාද හරහා ඉන්දීය අගමැති මෝදි ලංකාව කෙරේ දක්වන ආකල්පය ප්‍රයෝජනයට ගෙන (ලංකාව කෙරේ ඔහු දක්වන සත්‍ය ආකල්පය කිසිවෙක් නොදනී) "මෝදි භීෂණය" ලාංකික ජනතාව තුල රෝපණය කර කොටින්ට කල නොහැකි දේ ලෙහෙසියෙන්ම කර ගැනීමට මාන බලන එතෙර මෙතෙර කුමණ්ත්‍රණය පැරදවිය යුතුයි - අපේ ඹලු සකසන්නට ඉඩ නොතබමු (දී)
මේවා තේරුමක් තියනවද නැද්ද කියල හරියටම කියන්න අමාරුයි. මෙහෙම දෙයක් තියනවා, ඉන්දියාව කියන්නේ කොහොමටවත් තේරුම් ගන්න අමාරු රටක්. එයාලගේ වාසියට තමයි හැම දේම. ඒවගේම හරිම කුහක රටක්. අපි රටක් විදියට කොන්ද කෙලින් තියාගන වැඩ කරනවා නම් මේවා ප්‍රශ්න නෙමෙයි.....(ස)
සිංහල දෙමල මුස්ලිම් අපි සැවොම සමගියෙන් සිටියොත් ජයලලිතා නෙවේ ඔබාමටත් බය වෙන්න ඕන නෑ. (ස)
ප්‍රදීප් ඔබාමා මිචෙල්ට බයයි, මිචෙල් කැරපොත්තාට බයයි. (ස)
ඇඟිල්ලේ තරමට ඉදිමෙන්ට දැන ගන්න. මොනවා තිබිලද මේ වැඩ දාන්නේ. හෙට අල්ලපු රටෙන් කෑමයි වාහන ටිකයි රෙදි සපත්තු වගේ අපි නයට කන අඩුම කුඩුම ටික එවන්ට බෑ කිවොත් මේ ගොල්ලන්ට කන්න වෙන්නේ වහ. (දී)
අපිත් ඉන්දියාවේ මිනිස්සු කරන බොලද වැඩ නොකර තීක්ෂණ බුද්දියකින් මේ ප්‍රශ්න බේර ගන්නවානම් හොදයි . මේ වගේ දේවල් වලින් අපි ලෝකෙට පෙන්වන්නේ අපේ නුගත් කම. (දී)
නිකන් බොරු වැඩ කරන නැතිව ඉන්න මහත්වරුනේ (දිල්)
1983 කරපු දේවල් නිසා 30 වසරක් වින්ද දුක දැන් අමතකද ?ලබාදුන් සාමය දිගටම පවත්වාගන්න නම් බුද්ධිමත් ලෙස වැඩ කරගන්න .ජයලලිතා කුලප්පු උනාට අපි කුලප්පු වෙන්නේ මොකටද ?(දිල්)
ශීලා යන්න ඉන්දියාවට,ඔයාට එහෙ හොඳයි මෙහෙට වඩා. (ස)
අපි එකා මෙන් වැඩ කලයුතු කාලයක් මේක.නමුත් මෙවැනි දේ තුලින් වෙන්නේ අපිවත් අර තමිල්නාඩුවේ රැලට සමාන වෙන එකයි. ජයලලිතලා උඩ පැන්නයි කියලා අපිට මොකෝ. (දී)
අපි වෙනමම දේශහිතෛෂී පක්ෂයක් හදමුද? මෙහෙම කළා කියලා එයාලා බයවෙන්නේ නැහැනේ (නි)
ජයලලිතාගේ පිළිරුව පිළිස්සීමෙන් වැඩක් වෙන්නේ නැති බව මාඟේ හැඟීමයි. දේශපාලන බලය වෙනුවෙන් මිනිසුන් මරාගන්නා දේශපාලකයන්ට මහත්මා දේශපාලනය උගන්වන්න.ඔවුන්ට බලයට පැමිණීමටත් මිනිසුන් ඉතිරිවිය යුතු බව වටහා දෙන්න. එයයි වියයුත්තේ (නි)
සීල, නොදන්නා දේ ගැන කතාකරන්න එපා. මේ සිංහලයන් එදත් රැකුණේ ලෙයින් ,මසින්,ජීවිත පුජාවෙන්... මෑතකදී වුණත් එහෙමයි. ඉදිරියටත් එසේම වේවි. (නි)
මේ ජන බලවේගය තමයි වැදගත් වන්නේ.... (නි)
අපේ ලංකාවත් දැන් ඉන්දියාව වගේ වෙලාද මන්දා? (නි)
ජයලලිතා ලංකාව ගැන කතා කරන්නේ නැතුව තමන්ගේ ප්‍රාන්තයේ අහිංසක දුප්පත් ජනතාව වෙනුවෙන් සේවයක් කළොත් හොඳයි. අපේ රට ගැන අපි බලාගන්නම්. (නි)