ජෝර්දානයේ ඇමෙරිකන් හමුදා නිලධාරීන් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය.
ප්‍රහාරයෙන් ඇමෙරිකන් හමුදා නිලධාරීහු තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 25 ක් යැයි ඇමෙරිකන් හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ප්‍රහාරය එල්ල වූයේ ජෝර්දානයේ සිරියානු දේශසීමාවට නුදුරින් පිහිටි ඇමෙරිකන් හමුදා රැඳී සිටින කඳවුරකටය.
ප්‍රහාරය එල්ල කරන්න ඇත්තේ ඉරාන හිතවාදී ඉස්ලාමීය සටන්කාමීන් යැයි ඇමෙරිකාව පවසයි. ප්‍රහාරය එල්ල කළ කිසිවකුටවත් කිසිදු සමාවක් නොදෙන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත.
ඉරාන හිතවාදී සටන්කාමීන්, හවුති සටන්කාමීන් ද ඇතුළුව, මේ වනවිට සිරියාවේත්, ඉරාකයේත්, ඇමෙරිකන් හමුදා ඉලක්ක කර ගනිමින් පහර දෙයි. ඒ, ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතරේ ගැටුම්වලින්, ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් ඝාතනය වීමට විරෝධය දක්වමිණි.
ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් මියගිය සිවිල් වැසියන් ගණන මේ වනවිට 26,400 පසු කර තිබේ.
(ඒ.එෆ්.පී.)
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජෝර්දානයේ ඇමෙරිකන් සෙබළුන්ට ඩ්‍රෝන ප්‍රහාරයක්
චන්දන Monday, 29 January 2024 03:47 PM
ඇමරිකාව ඊශ්‍රායලයට උදව් කරන්න ගිහිල්ලා ඉල්ලගෙන කනව වගේ ලංකාව ත් රතු මුහුද රකින්නට ගිහිල්ලා ඉල්ලගෙන කනව .