ජර්මනියේ ඔබර්ඩොර්ෆ් නගරාධිපති හර්මන් ආකර් මිහින්තලයේ රජ මහා විහාරයේ දී අද තාවකාලික පැවිද්ද ලැබීය.
මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් ජර්මනියේ රතනසිරි නමින් පැවැදි වූ ඒ හිමියෝ භාවනා කිරීමෙන් සිත එකඟ කර ගැනීම තම අරමුණ බව කීහ.
ධම්මරතන හිමියන් ජර්මනියට වැඩම කළ අවස්ථාවක පුරපති හමු වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හාමුදුරුවනේ, අනේ හැකි නම් මේ වගේ දෙයක් අපේ බෞද්ධ දරුවන්ට එක වසරක් හෝ මාස හයක් සසුන්ගත වෙන්න ඉඩ සලසන්න. වයස 15 - 20 අතරේදී මේ දේ කරනවා නම් ගොඩක් හොඳයි. පලවෙනි කණ්ඩායමට මමත් ආදාර කරන්නම්. (නදී)
බුදු මගේ සැනසුම ඇත. අපේ අයට අගයක් නැහැ.(නදී)
ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! (නදී)
මෙවැනි දේ බොහෝ සිදුවෙනවා. ප්‍රචාරය වීම තමයි අඩු.(නදී)
ඕනෑම දෙයක් එහෙම තමයි තියෙන අයට අගයක් නැහැ.(නදී)
හොඳ ප්‍රවෘත්තියක්. අපේ පත්තර වල මේ වගේ ප්‍රවෘත්ති හරි අඩුයි.(නදී)
ජර්මනියේ බර්ලින් නුවර ක්‍රිස්තියානි පුජකවරයෙක් දැනට වසර 35 කට පමණ ඉහතදී ලංකාවේදී මහණ වුනා.(නදී)
සසර මග නිවන්නට බුදු දහම කරා යොමුවීම සියළු ලෝ වැසියන්ටම පොදු ධර්මතාවයක් බව මෙමගින් සනාථ වේ. (නදී)
මේ ලොවේ තිබෙන ශ්‍රේෂ්ටතම දර්මය බුදු දහමයි. එය නැවත වතාවක් ලෝකයට කියාදුන් අගනා මොහොතකි මෙය.(නදී)
තාවකාලික පැවිද්ද කියල එකකුත් තියෙනවද? (නදී)
තාවකාලික මහන දම බෞද්ධ දර්ශනයට පටහැනිය. මෙතන ලොකු වැරැද්දක් සිදු කර ඇත.(නදී)
කුමාරසේන ලියනපතිරණ, බුදුදහම අත් හැරලා ලංකාවේම කි දෙනෙක් වෙනත් ආගම් වලට ගන්නවද? (නදී)
මේ වගේ දේවල් මම ගොඩක් දැකල තියනවා. සිවුරේ ඉන්නවා නම් හොදයි. ඇරලා යන එක තමයි ප්‍රස්නේ. ඊට පස්සේ කරන දේවල් වලින් ආගමටත් නිගා වෙනවා.(නදී)
මේ අය ලංකාවට එන්නේ හොදකට නං නෙවේ.(නදී)
මේව ගේ අවස්ථාවලදී වැඩි දෙනෙක් කරන ප්‍රතිචාර වලින් පෙනෙන්නේ තමන් හට උරුමවෙලා තිබෙන /නැතිනම් තමන් අදහන දර්ශනයට/ආගමට තවත් කෙනෙක් ඈතුලු වූ විට,තමාගේ පැත්තේ අය වැඩිවෙනවා යයි(දේශපාලන පක්ෂයක සෙනග වැඩිවනවා සේ) ඇතිවනු ලබන ලෞකිකමය ආශාවකින් තෘප්තිමත්වන ආකාරයයි. හැබැයි මේ කිසිම කෙනෙක් බුදු දහමේ හෝ කිතු දහමේ හෝ හින්දු දහමේ හෝ ඉස්ලාම් දහමේ ගැඹුරු වටිනාකම් අවබෝධ කරගෙන නැතිබව නම් ඒකාන්තයෙන්ම ස්ථිරයි.(නදී)
යුරෝපයේ තරුණයෝ බුද්ධාගමට එන්න කැමතියි. (ත)
මෙයාල තාවකාලිකව මහන වෙනවා කියන්නේ එච්චර හොද දෙයක් නම් නෙවෙයි. මොකද අද මෙයාලට තර්ක කරන්න බැරි එකම ආගම බුද්දාගම විතරයි. (නදී)
රතනසිරි හිමියනි, භාවනාවෙන් පුරුදු කළ හැකි සිතේ එකඟත්වය තුලින් ඔබේ සිතුම් පැතුම් සඵල වේවා! (නදී)
මම හිතන්නේ තාවකාලිකව හරි මෙහෙම කළොත් හොඳ දෙයක් වෙනවා කියල .ධර්මය අවබෝධ කර ගැනීමට (අ).
තාවකාලික පැවිද්ද අපි අනුමත කල යුතුයි. මියන්මාරයේ 300000 ක් හාමුදුරුවරු ඉන්නවා . (නදී)
බුදුදහමේ ඇති හරය පෙරදිගත්, එ වගේම බටහිර බුද්ධිමතුනුත් සීඝ්‍රයෙන් වටහා ගනිමින් පවතින මේ සංක්‍රාන්ති යුගයේදී අපගේ වගකීම වනුයේ බෞද්ධ දර්ශනය වගේම බුද්ධාගමත් ආරක්ෂා කර ගැනීමයි.(නදී)
බුදු දහම ගැන තේරුම් ගෙන ඒ සරණ යාම තමයි හොදම දේ (දී)
බුද්ධ ධර්මය ගැන අඩම්බරයි. (නදී)
මේ සිද්දියට විශාල ප්‍රචාරයක් ලබා දෙන්න. (ස)
මමත් බුද්ද ධර්මය ඉගෙන ගත්තා නමුත් තාවකාලික පැවිද්ද ලැබීම ගැන කිසිම දවසක අහලා නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරන්න.(නදී)
නිර්මල බුද්ධ ධර්මය ගැන හොඳ අවබෝධයක් ලබාගත් තවත් අමුත්තෙක් (දිල්)
බුද්ධිමතුන්ගේ ධර්මය බුදුදහමයි. නවීන විද්‍යාව මගිනුත් සනාථ කරන්නේ බුදුදහමේ සත්‍යතාවයයි.(දිල්)
මේවගේ දේවල්නම් බලන්නත් ආසයි. (ත)
කෙනෙකු බෞද්ධයෙකු වීම වාසනාවක්. තාවකාලික පැවිද්ද ලංකාවට ආගන්තුකයි. මෙහේ සම්ප්‍රදායන් එක්ක පටලවගන්න එපා. (නදී)
හරිම ආඩම්බර හැගීම්බර අවස්ථාවක්. අපේ සමහර මිනිස්සු වෙන ආගම් අදහන්න ගත්තට බුදු දහමේ වටිනාකම දන්නා මිනිස්සු ඒක වැලද ගන්නවා.(නදී)
අපේ රටේ සමහරු සල්ලි වලට යම් ,යම් වරප්‍රසාද වලට බුද්ද ධර්මය පාවා දෙනකොට බටහිර රටවල් වල සුද්දෝ සත්‍ය වටහාගෙන බුද්ද ධර්මය වැලදගන්න ප්‍රවනතාවය එන්න ,එන්න වැඩි වෙන බවක් අපට පේනවා.(නදී)
මේවා සංසාර පුරුදු. සාදු! සාදු!! සාදු !!! (නදී)
සාදු! සාදු!! සාදු!!! ලොව තුර අමා මෑනි වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම බුදු රහ්ජාණන් වහන්සේට මගේ නම්ස්කාරය වේවා! (නදී)
රතනසිරි හිමියනි, භාවනාවෙන් පුරුදු කළ හැකි සිතේ එකඟත්වය තුලින් ඔබේ සිතුම් පැතුම් සඵල වේවා! (නදී)
නමෝ බුද්ධාය.(නදී)
ඔබ ගැන අපිට ආඩමිබරයි.(නදී)
මොන තරම් ලෞකික සම්පත්වලින් පිරී ඉතිරී ගියත් ජීවිතයේ සැබෑ අරුත සැඟවී ඇත්තේ ආධ්‍යාත්මක සුවය තුළ බව පෙර දිග ලෝකය කෙසේ වෙතත් අපර දිග ලෝකය දිනෙන් දින තේරුම් ගනිමින් සිටී. දැනට වසර 35 කට පමණ ඉහතදී ජර්මනියේ බර්ලින් නගරයේ විසු ක්‍රිස්තියානි පුජකයෙකු වූ එකාර්ඩ් ක්‍රෝනෙබර්ග් මහතා ඉඳුරුවේ උත්තරානන්ද නායක හිමිගෙන් තාවකාලික පැවිද්ද ලබා ගත්තා පමණක් නොව ඉහාමත් වැදගත් සුත්‍ර ගණනාවක් ජර්මන් භාෂාව ට පෙරලා ග්‍රන්ථයකුත් ප්‍රකාශයට පත්කළා. (දිල්)
තාවකාලිකව මහන වෙන්න පුලුවන් ද? (නදී)
සාධු සාධු සාධු එතුමාගේ පෙර කල පිනක් පලදුන් මොහොත අද දවස. සිතන පතන බෝධියකින් අමා මහා නිවන් සැප ලැබේවා! (නදී)
ඇයි ඉතින් තාවකාලක පැවිද්දක්.(නදී)
ශ්‍රී ලංකාවේ අපේ පුරපති වරුන්ට මෙය ඉතා අගනා ආදර්ශයක්.!ශාසනයේ දියුණුව ඇති කරන්න (දිල්)
ලංකාවේ පුරපතිලා මහන වෙනවාද? (දී)
මේක අපේ පුරපතිලට ආදර්ශයක් (දී)
ඉතාම හොඳ දෙයක් . (දී)
ඉතාමත් සන්තෝසයි .උපතින්ම බෞදයන්ට වැඩිය අන්යාගමිකයන් තේරුම් ගෙන සත්‍ය අවබෝද කරගැනීම . මෙතුමාට සත්‍ය අවබෝධ කර ගැනීමට ශක්තිය දිරිය ලැබේවා (දී)
ඇත්තටම සතුටක් මෙවැනි අය දැකීමත් (දී)
ආඩමිබර වියයුතු කාරණයකය (දිල්)..