සිංහරාජයේ ඇති ශ්‍රී ලංකාවට ආවේණික මීවන ශාක බීජාණු සොරකම් කළ ජර්මන් ජාතික විශ්ව විද්‍යාලයේ ආචාර්ය කාල්ස් පීටර් මාලිස් වෙල්රියස්ට සහ ඔහුගේ බිරිය හෙලන් ක්ලේරාට රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් රාජා සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා රුපියල් දහ අට ලක්ෂ හතලිස් දහසක දඩ නියම කළේය.
සිද්ධියට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි ජර්මන් ජාතික විශ්ව විද්‍යාල ශිෂ්‍ය ලින්ඩර් වෙල්රියස් සහ සාරා කාවුෆ්මාමන් නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.
සැකකරුවන් භාවිත කළ මෝටර් රථය රුපියල් ලක්ෂ පනස් පහක බැඳුම්කරයක් මත මුදා හැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම පුදුමයි...මීවන ශාකවල බීජානු ඉතා පහසුවෙන් කාටත් හොරා ගන්න පුළුවනි.අනිවාර්යයෙන්ම මේ අයගේ ක්‍රියාකාරකම් ගැන තමන්ගේ උකුසු ඇස හොඳින්ම යොමාගෙන හිටපුකෙනෙක් වෙන්න ඕන,ඔවුන්ව අල්ලාගත්තේ. (කෞ)
විජිත් හරි. මීවන ශාක බිජ ලක්ෂ ගානක් හැදෙනවා. කොලේක ඔතාගෙන පර්ස් එකේ දා ගෙන යන්න පුළුවන්. මේක අල්ල ගත්ත එක මෙන්ම ඔප්පු කිරීමත් ඉතා පුදුමයි. (අ)
මේ රටවල් අපට මිත්‍රත්වයේ දෑත දිගුකරන ගමන් කරන පහත් වැඩ! (නි)
සිංහරාජෙ යනකොට මඟපෙන්වන්නෙක් යනවනේ. එයා ගානට වැඩේ දෙන්න ඇති. ඔය වාගේ දේවල් අනන්තවත් වෙන නිසා හොඳ විමසිල්ලෙන් ඉඳලා තිබෙන බවත් පෙනෙනවා. (නි)
අපේ මිනිස්සු හොඳ දක්ෂයෝ. අපිව අන්දන්න සුද්දන්ට බැරිබව පෙනෙනවා නේද? හම සුදු නිසා ඕනෑම කැත වැඩක් කරලා බේරෙන්න පුළුවන් කියලා මේ අය හිතුවා වෙන්න පුළුවන් (නි)
මීවන ශාක ටිකක් ගත් කෙනා අහුවෙනවා. අක්කර ගණන් බදු අරගෙන කෝටි ගණන් වන සම්පත් හූරාකෑ, ජාතික සමාගම් වලින් කොමිස් ගත් අය ගැන හොයන්න එක්කෙනෙක්වත් නැහැ. දුකයි! (නි)
මේ හොරකම් අල්ලගන්න දායක උන හැමෝටම වගේ අපි හිස නමා ආචාර කරනවා , අපි අපේ දේ රැක ගමු මිලට මුදලට යට නොවී. (ර)
අනුන්ගේ දේවල් කොල්ල කන එක ඔය දියුණුයි කියාගන්නා ජාතිවල ජම්ම ගති ලක්ෂණයක් (බ)
මේ වගේ අය ලංකාවට ආවම අපි වැඩි අවදානයකින් ඉන්න ඕන. මතක නේද බිබිලේ දොඩම් වලට උන දේ. (ර)