පසුගිය සෙනසුරාදා (02) උදෑසන සිට නුගේගොඩ, කෝට්ටේ ඇතුළු ප්‍රදේශ කිහිපයක පවතින ජල කප්පාදුව අද (04) මධ්‍යම රාත්‍රිය වන තුරුත් පවතින බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කියයි.
පැය 50ක් පමණ තිස්සේ ජලය නොලැබීම නිසා එම ප්‍රදේශ වාසීහු අපහසුතාවට පත්ව සිටිති. පෙරදින (03) ජලාපවාහන මණ්ඩලයට ඇමතුම් ගත් විට රාත්‍රී 10ට ජල සැපයුම දෙන බව කීවත් නොලැබුණු බව ද ඔවුහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසස් පෙළ මේ පාර මුහුණ දෙන ළමයි කොච්චර ඉන්නවද. මේ මෝඩ බලදාරීන්ට ඒ දේ තේරෙන්නේ නැති හැටි. (නදී)
මම කියපු එක හරියටම ගැලපෙන උදවිය කලබල වෙලා. තොප්පිය හරි නිසා දාගෙන.(අ)
පොලොවතුල යම් අලුත්වැඩියාවක් කරනකොට කාලගුණික හේතුමත වෙලාවට කිරීම අපහසුබව තේරුම් ගැනීම කලයුතුය. ජලය දීමට ප්‍රමාදවුයේ නොකඩවා ඇදහැළුණු වර්ෂාවය .හිතා මතා ජලමන්ඩලය වැඩ ප්‍රමාද නොකරන බව අපට විස්වාසය . (දී)
කෝ මේ අදහස් දමන බන්දුල පෙරේරා නැද්ද? (නි)
වතුර ඉක්මනින් දෙන්න මිනිස්සු ඔක්කොම අපහසුතාවයෙන් ඉන්නේ (දී)
මේ සිදුවෙලා තියෙන්නේ ජල නල වල ප්‍රශ්නයක් නොවේ.(දී)
මිනිසුන් කොච්චර අපහසුතාවයට පත්වන්න ඇද්ද? (නි)
සත්‍යපාල වගේ අය ලංකාවේ ඕනෑතරම් ඉන්න නිසා තමයි අපිට මේ හැමදේම වෙලා තියෙන්නේ (නි)
නාල හමාරයි (දී)
මම දවසක් නනා ඉන්නකොටත් වතුර නැති උනා (දී)
හැකි ඉක්මනින් මෙය විසඳන්න (දී)
තාම වතුර නැ නුගේගොඩ පැත්තට. (දී)
සත්‍යපාල තමන්ගේ නුගත්කමයි ගැතිබවයි පෙන්වන්නේ නැතුව ඉන්නවද? පාරේ විරෝධතා කරන එකයි වතුර නැති එකයි සමාන වෙන්නේ කෝමද ? නිකන් ණයට කහින්නේ නැතුව වැරදි දේට වැරදී කියන්න පුරුදු වෙන්න කොන්දක් තියෙන මිනිහෙක් වගේ. විරෝධතා වලින් වෙන අපහසුතාවය වගේ වතුර නැතුව සිද්දවෙන අපහසුතාවය දාස් ගුණයක් විශාලයි. තමන්ගේ ගැත්තෙක් උනාට ප්‍රසිද්දියේ ප්‍රදර්ශනය කරන්න එපා (දී) .
දවස් ගණනක් තිස්සේ වතුර නැහැ (නි)
මේ අය මොනවද මේ කරන්නේ? (නි)
ඔය ප්‍රවාහන මණ්ඩලය අපේ මානුෂික අයිතිවාසිකම් කඩ කරලා නේද? (නදී)
දේශප්‍රේමීන් කරන්නේ අධිරාජ්‍ය වාදීන් කියා සුද්දන් පට්ටා ගැසීමයි.ලබුගම , කලටුවාව ජලාශ ඔවුන් ඉදිකලේ නැත්නම් බස්නාහිර පළාතේ ජනතාවට බොන්නවෙන්නේ කැළණි ,කළු ගඟේ ,බෙරේ ජලයයි.මහවැලි,වික්ටෝරියා,ඉගිණිමිටිය ,උඩවලවේ,ආදී දැවැන්ත ජලාශයන්ගෙන් වියලි කලාපයේ ජනතාවට,පානීය ජලය දෙන්න තරම් වත් වගකිව යුතු අය අදක්ෂවීම හා අපොහොසත්වීම ඉතාමත් ශෝචනීය පුවතක් තව දුරටත් !!කඳුරට වාන් දොරටු අරිනවා වියලි කලාපයේ වැව් පතුලේ ලිං හාරනවා(අ)
හා හා කට්ටිය බොරුවට කලබල වෙලා කෑගහන්න එපා.වතුර නැත්නම් සල්ලි දීල කඩෙන් වතුර බෝතල් ගන්න. මමත් ලගදීම වතුර බිස්නේස් එකක් පටන් ගන්නයි හදන්නේ. (නදී)
ජල සම්පාදනේට බනින කී දෙනෙක් දොස්තරලා හෙදියෝ තෙල් සංස්‌ථා සේවකයෝ දුම්රිය සේවකයෝ පාර වහගෙන විරෝදතා දක්වපු සිසුන් ඇතිද ? තමුන්ලා කොතරම් මිනිසුන්ට හිරිහැර කරලා ඇතිද? හැම කෙනාම තමන් කරනකොට හරි අනිත් කෙනා කරනකොට වැරදි. අන්තිමට "අපිම දන්නේ නෑ මේ නැව අපිත් එක්ක ගිලෙනකම්" සමහර අය ඉන්නවා තමන්ගේ අබුඩේ තමන් අතින් මලපහ වුනත් ආණ්ඩුවට බනිනවා. හැබැයි තමන් රටට කරන කිසිවක් නෑ. අනුන්ට බැන බැන තමන් කරන තරමක් කරන්නේ ජරා වැඩ. මේ තමයි තිත්ත ඇත්ත. එවැනි ගොඩක් අයගේ අරමුණ තමන්ට පුද්ගලික වාසි ගන්න පුළුවන් රජයක් බිහිකර ගැනීම සදහා ජනතා විරෝධයක් ඇතිකිරීම. (නදී)
මේ අය ආඩම්බර කම පැත්තකට දාල සුද්දාගෙන් මේ දැවෙන ප්‍රශ්නෙන් අපේ රට බේර ගන්න විදියක පානිය ජල ප්‍රශ්නෙට විසදුමක් සොයාගන්න දැනුමක් ලබා ගන්නවනම් හොඳයි (නදී)
රටේ ජනතාව නිවටයන් බව හිතාගෙනයි මේ අය වැඩකරන්නේ. පාලකයන් වගේම නිලධාරිනුත් ජනතාව ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැතිවයි කටයුතුකරන්නේ. වෙන රටක උනානම් ජල සම්පාදන මණ්ඩලයේ සභාපති ගෙදර යවලා. අඩුගානේ ඇමැතිවරයාවත් මේගැන රටට ප්‍රකාශයක් කරන්න අාවේ නැහැ (නදී)
ප්‍රදේශයේ හැමෝටම තියෙන්නේ මණ්ඩලයේ ප්‍රධානියාගේ ගෙදරට ගිහින් වැසිකිලි පෝලිමේ ඉන්න. ඇත්තමයි මෙහෙම අමන වැඩ වලට වෙන කරන්න දෙයක් නැහැ. (නදී)
හැමෝම එකතු වෙලා ගිහිල්ල ඔය මණ්ඩලේ ලොක්කගේ ගෙදරින් වතුර ඇද ගන්න තියෙන්නේ. (නදී)
මේ වගේ වැඩ පටන් ගන්න ඕන අ.පො.ස අසස් පෙළ විභාගය පවත්වන මාසයේම එම දිනයටම වතුර නැති වෙන විදයටද? ඒ පැත්තේ ළමයි අද හරියට අසරන වෙලා විභාගෙට යන්න ලැස්තිවෙලා වතුර නැතිව හුල්ලන්න වෙලා. නියම මොල කාරයෝ. මේකවත් කල්පනා උනේ නැතිද ? අඩු තරමින් හැම නාලිකාවකම නිවේදනයක් නිකුත් කරන්න ඕන නේද? වතුර කප්පාදුව ගැන කලින්ම වතුර ටිකක් පුරව ගන්න. එ්කත් එදාම උදේ එක සැරයක් කියනව අද උදේ ඉදල වතුර කපනව කියල. මේවයි වැඩ කරන්නේ හෝඩි පනිතියේ අයද? මම හිතනවා ඒ අයගෙන් උපදෙස් ගත්ත නමි හොදියි කියල. (නදී)
වතුර අද එන එකක් නැහැ මේ ගොල්ලෝ බොරු කියන්නේ. අද 6 ට දෙනවා කියනවා 6 උනාම රෑ 12 ට කියනවා රෑ 12 ට කියනවා හෙට උදේ කියා හොර බොරු තක්කඩි නිලධරයෝ (නදී)
මේවා ඔක්කොම සුද්දගේ වැරදි (නදී)
ඌවට ඡන්දය ඉල්ලන සමහර කට්ටිය කියන කතා ඇහෙනකොට එයාලගේ නොහැකියාව, ලැජ්ජා නැතිකම හොඳට පේනවා. (නි)
ඊයේ රාත්‍රියේ ප්‍රවෘත්ති බලන ගමන් මගේ පුතා අහනව“ ඇයි තාත්තේ එක පැත්තක වතුර පිටාර ගලන්න තියෙනවා. අනිත් පැත්තේ පොලව වෙිලිලා. ඒ උඩහ පැත්තේ තියෙන වතුර පල්ලෙහා ඉන්න අයට බටදිගේ ගෙනත් දෙන්න පුලුවන්නේ කියලා”. උත්තරයක් දෙන්න ගියොත් දරුව ඉදිරියේ නරක වචනයක් කියවෙයි කියල භයක් ඇතිවුන නිසා “ඔව් පුතේ” කියල මම නිශ්ශබ්ද වුණා. (නදී)
වතුර නැතුව දැනට පැය 74 යි. මෙම වාර්තාව ගිනස් වාර්තා පොතට අනිවාර්යෙන්ම යනවා. (නදී)
ජලාප්‍රවාහන මණ්ඩලයේ කට්ටිය අපිට පුදුමාකාර දුකක් දෙන්නේ. එහෙම කරන්නේ අපි මොන වරදක් කරාටද? දැනට වතුර නැතුව පැය 73 කට වැඩියි. කරන්ට් නැතිව හිටියත් වතුර නැතිව ඉන්න පුලුවන්ද. ජල මණ්ඩලයේ කට්ටිය අැයි එ් ගැන හිතන්නේ නැත්තේ? (නදී)
සෙනසුරාදා ඉරිදා සඳුදා මේ ලියන මොහොත රාත්‍රී 10.25 වන තුරුත් හරියටම දවස් තුනක් පර්චස් කීපයක බිත්ති හතරකට කොටු උනා. පොළවෙන් එකදු වතුර බිඳක් ගත නොහැකි , ටැප් වතුරින් පමණක් අවශ්‍යතාවයන් ඉටුකර ගන්නා අපට ජලප්‍රවාහන මණ්ඩලය මගින් ලබා දුන් අගනා තෑග්ගට බොහොම ස්තුති. (නදී)
පාරවල් හැදීමට වඩා හොඳයි ජල වාරිමාර්ග පද්දතිය කලින් හදල දුන්නනම් (නදී)