‘හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ සහ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ විශ්‍රාම වැටුප අහිමි කළේ ජනතා විමුක්ති පෙරමුණයි. ඊළගට කාගේ විශ්‍රාම වැටුප අහිමි කරන්නේ කාගෙද?‘ ඇමැති මහින්ද අමරවීර මහතා අම්බලන්තොටදී එසේ ප්‍රශ්න කළේය.
‘වීරවරයකු වශයෙන් සිටි ෆොන්සේකා දේශපාලනයට ඇද අතරමං කරලා. එක්සත් ජාතික පක්ෂයත් ඊට වගකිවයුතුයි. ජවිපෙ ලණු කා අද හොඳටම අතරමංවෙලා.
ඒ විදියටම හිටපු අගවිනිසුරුවරියගේ විශ්‍රාම වැටුපටත් වැඩේ දුන්නා. ලොක්කන් දෙදෙනෙකුම වළපල්ලට දාලා ඉස්සරහට එන්නයි ජවිපෙ හැදුවේ. දේශපාලන පැවැත්ම උදෙසා කවුරුන් හෝ බිලි දීමයි ජවිපෙ සිරිත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරුන්ට උතුර දකුණ මාරුවුණත් ජනතාව ඉන්නේ සිටිය යුතු නිවැරදි තැනයි. (නි)
මේ වගේ ප්‍රශ්න වලදී ජේ.වී.පී. එක ඉදිරිපත් නොවී ප්‍රකාශයක් කරන එක කෝකටත් හොදයි. (නි)
එයාලා රටට හොද සේවයක් කළ දෙන්නෙක්. එයාලා බොරුකාරයින් නෙමෙයි. (නි)
එයාලා ගොඩක් රටට සේවය කළ දෙන්නෙක්.. ලක්මව එයාලට කවදත් ණය ගැතියි...!(නු)
මේවායේ දඩුවම් විදින්න රජයේ සේවකයිනුත් ලැහැස්ති වෙන්න ඕනෑ. (නි)
ඒ දෙන්නට විතරක් නෙමෙයි අනිත් අයටත් ඒක නැතිවෙයිද කියලා දැං හිතෙනවා..!(නු)
එතකොට දුප්පතාගේ සලාකයටත් සමහරු හීනියට වගේ අනින්නේ... (නි)
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ සහ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ විශ්‍රාම වැටුප අහිමි කළේ ජවිපෙ.?(නු)
ඔබතුමා ගැන රටේ ජනතාව දන්නවාට වැඩි යමක් දැන් දැනගන්න ඇති.
ජවිපෙ තව ඉන්නේ සුළු පිරිසයි. (නි)
සිංහලයෝ තම ජීවිතය නැති වුවත් තණකොළ හෝ අසූචි නොකති. (නි)
මෙතන ජේ වී පී එකට බණින අයට මුල මතක නැහැ, කෙළෙහි ගුණෙත් නැහැ. අපේ රටේ මිනිස්සු ඇයි මෙතරම් කුහක? කෙනෙකුගේ කරදරේකදී කිරිබත් කන, මුල අමතක වෙන ගුණමකු පිරිසක්. (නි)
බන්දුල නිවැරදියි. (නි)
කරන කලට පවු මිහිරිය මී සේ- විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ (නි)
අනේ එයාලට මොකුත්ම තේරෙන්නේ නැතුව ඇති. (නි)
මට නම් තේරුනේ නැහැ (දී)
කොහොමද එහෙම වෙන්නේ (දී)
මම නම් විස්වාස කරන්නේ නැහැ ඒක (දී)
එතකොට ඔබතුමාලා නෙමෙයිද රට පාලනය කරන්නේ? (නි)
අපි සිහි බුද්ධියෙන් වැඩ කරන්න ඕනේ (දී)
මේ දෙන්නගේ හිමිකම් අහිමි කළේ කවුද කියලා ජනතාව විසින්ම උත්තර දේවි වැඩි කල් නොගොස්ම. (නි)
ශිරාණි මැතිණියට සිදුවූදෙයට පටු අදහස් ගලපන්න එපා.(නු)
මෙතුමා නේද එක කාලෙක ජනතාවට පටි තද කරගන්න කිව්වෙ.,!(නු)
හැමෝම මොන මොනවා හරි කියනවා (දී)
ඒ කොහොමද (දී)
ජනරාල් ජවිපෙත් එක්ක එකතුවෙලා කළා නම් කළේ ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වීම පමණයි. ඒක තීතී විරෝධී හෝ සදාචාර විරෝධී වැඩක්ද? ඒ වැඩේට පස්සෙ එක එක්කෙනා එතුමාට විරුද්ධව කළ දේවල් ශිෂ්ට සම්පන්නද? (නි)
විශ්‍රාම වැටුප කෙසේවෙතත් ජේ.වී.පි නැති වුණා නම් තව පොඩ්ඩෙන් අපෙත් ඊ ටී එෆ් එක නැතිවෙනවා. (නි)
සහතික ඇත්ත (ස)
ජවිපෙ පොඩ්ඩක් හරි මොලේ ඇති දෙයක් කළේ 2005දි විතරයි. (නි)
කතාව මසුරන් (ස)
කියන්නා කෙසේ කියුවත් අසන්නාගේ කාර්යය සිහිබුද්දියෙන් ඇසීමයි (දී)
මේ රැස්වීමට ආපු අය කවුද දන්නෙ නැහැ. (නි)
දැන් ඔහොම කියන කට්ටිය ඔක්කොම සර්ව සාධාරණ, හොද කට්ටියද? (නි)
ඊළගට එයාලම එයාලගෙ විශ්‍රාම වැටුප නැති කරගන්නවා.!(නු)
තීන්දුව අපි දෙවියන්ට භාරදෙමු. (නි)
සරත් ෆොන්සේකා මහත්තයා එදත් වීරයා. අදත් වීරයා. ආයෙ ඒකේ වෙනසක් නැහැ. (නි)
ඔක්කොම කයිවාරුකාරයෝ. (නි)
ජවිපෙද ඒක කළේ?(නු)
අනේ තවත් කතාවක් කියන්නකෝ. (නි)
එතකොට මේ සේරම කලේ ජේ.වි. පී එකද?(නු)
ඇමතිතුමෝ ඒක හදලා දෙන්න බැරිද?(නු)
කවුරුන් පාගාගෙන හෝ ඉහළට යාමේ සංකල්පය. (ත)
ජ.වි.පෙ. මොනවා හිතාගෙන හිටියත් ඇත්ත මොකක්ද කියලා පේනවා හැමදාම ඡන්ද ප්‍රථිඵල ආපුවහම. (නි)
මෙයාලට තියෙන අභියෝගය ජ.වි.පෙ තමයි..(නු)
මොකක් හරි වැරදි දෙයක් කළොත් ඒකට කෑගහන්නෙත් ජේ.වී.පී.. පස්සේ බලපුහම ඔක්කොම කරලා තියෙන්නෙත් ජේ.වී.පී. හැබැයි රටේ ඉන්න මොලේ තියෙන මිනිස්සු දන්නවා ඔක්කොම වුණු හැටි. ඊළඟ ඡන්දෙදි බලාගමුකෝ අපි. (නි)
මසුරම් වටින කතාවක්. අපේ රටේ මිනිසුන්ට තවම ජවිපෙ කරපු දේවල් ගැන අවබෝදයක් තියනවා. කවදා මිනිසුන්ට නුවණ පෑදෙයිද දන්නේ නෑ. (ත)
මේ දේ කළේ ඔබතුමාලනේ. (ත)
මම නම් හිතන්නේ එහෙම නෙවේ. කරපිංචා මුලධර්මය හොඳින් ක්‍රියාත්මක කරන බවයි. (ත)
සහතික ඇත්ත. ජවිපෙ නොසිටියානම්.. (ත)
සහතික ඇත්ත.
ලණු දීම සිරිතක්. ලණු කෑම අනුවන කමක්. (ත)
ඉතින් ඇයි ඒ අයට විශ්‍රාම වැටුපක් දෙන ක්‍රමයක් හදන්න බැරි? (නි)
අනුන්ගේ විශ්‍රාම වැටුප කොහොම උනත් ඇමතිතුමෝ ඔබතුමාලාට තනතුරු ලැබුනෙත් 2005 ජේ.වී.පී. එක නිසා තමයි.,!(නු)
ඇට නැති දිව ඕනෑ පැත්තකට නවන්න පුළුවන්නේ. (නි)
ජේ.වී.පී. එකේ පෙන්ෂන් එකට විද්දේ කවුද දන්නෙ නැහැ? (නි)
හැමදාම පාරෙ බෝර්ඩ් උස්සගෙන කෑගහනවා. (ත)
හැමෝම දන්නවා මේවා කළේ කවුද කියලා. (නි)
හිනා යන රස කතා. (ත)
හැබැයි ඊළගට ඔබතුමාලගේම පක්ෂයේ කෙනෙක්ගේ වෙන්නත් පුලුවන්. (නි)
වැරදි නම් දඬුවම් දෙන්න ඕනේ. (දී)
මේවා ගැන වගකිව යුත්තෝ සොයා බලන්න ඕනේ. (දී)
එහෙම කලා නම් ඒක වැරදි (දී)
වෙනදේ බලන් ඉම්මු අපි (දී)
අනේ ඔබතුමන්ලා හරි අහිංසකයිනෙ බලපුවම. (ස)
ඒ කියන්නේ ඒ දෙන්නගෙ වරදක් නැතිව අනුන්ගේ වරදකට ද දඩුවම් කළේ? (නි)
ඒ කියන්නේ ඒ දෙන්නගෙ වරදක් නැතිව අනුන්ගේ වරදකට ද දඩුවම් කලේ (ස)
මොනවා කියනවාද මන්දා (දී)
තේරෙන්න කියන්නකො (දී)
කට බොරු නොකීවත් දිව බොරු නොකියනු ඇත ..... (නි)
සෑම් ඊළග ඡන්දයේදී බලාගනිමු කිවුවට ඊළග ඡන්දයේදී මීටත් වැඩිය ඡන්ද ගන්න බව මට විශ්වාසයි. (නි)
කාගෙවත් දේවල් නැති කරන්න කාටවත් පුලුවන්ද? (දී)
කියලා වැඩක් නැහැ. දෙන්නාම පවු! (නි)
අසාධාරණයක් උනා නම් හොයල බලන්න ඕනේ. (දී)
විශ්‍රාම වැටුප හිමි විය යුත්තට හිමි වියය යුතුයි. (දී)
හිමි දෙයක් තියෙනවානම් අනිවාර්යෙන්ම ඒක හිමි වෙනවා. (දී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. එතකොට ඔය ගොල්ලන්ගේ මේකට කිසිම සම්බන්ධයක් නැද්ද? (නි)
ඔය දෙන්නාටම අසාධාරණයක් වුණේ කාගෙන්ද කියලා තේරෙනවා ඇතිනේ. (නි)
කතාව නම් හොදයි. නමුත් ගෞරවණීය විදියට කතාකළොත් නේද හොද? (නි)
අදහස් දක්වන්න කලින් පොඩ්ඩක් හිතන්න (දී)
කතාව නම් මසුරන්! (නි)
නන්නත්තාර වී ඇති දේශපාලන ව්‍යාපාර පසුපස යන්නෝ මන්ද බුද්ධිකයන් යැයි මට සිතේ. (නි)