IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ජවිපෙට මහින්දත් සැකයි මෛත්‍රීත් සැකයි

‘‘ඒකාධිපති පාලනය පරදවමු! ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙළගැසෙමු!” තේමාවෙන් යුතුව ජනතා විමුක්ති පෙරමුණ පසුගියදා නුගේගොඩ දී පැවැත්වූ ජන රැළියේදී පොදුජන යුගයක් උදාකරන තුරු ජවිපෙ ප්‍රහාරය දිගටම එල්ල කරන බව කේ.ඩී ලාල්කාන්ත කිවේය.

‘‘මහින්ද ජනාධිපතිවරණය තීරණය කළේ පසුගිය මාර්තු මාසයේ. මහින්ද සටනේ තනිවම දුවමින් හිටියා පසුගිය මාස අටේ. බත් දන්සල්, මෝටර් සයිකල්, රයිස් කුකර්, ගෑස් කුකර් බෙදුවා.

18වන සංශෝධනය අහෝසි කරන්න පාර්ලිමේන්තුවක්  ඕනෑ. ජනවාරි 08 ජනාධිපතිවරණය අවසන් වූ වහාම මේ රටේ පාර්ලිමේන්තු මැතිවරණයක් එන්න  ඕනෑ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණටත් මේ රටේ ජනතාවටත් ඡන්ද දෙකක් එක සටනක් තිබෙනවා”

දැන් මෛත‍්‍රීපාල මහත්තයා දින සීයයෙන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බව කියනවා. 17වන සංශෝධනය නැවත කි‍්‍රයාත්මක කරනවා කිව්වා. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අදාල කාරණා ගණනාවක් මාස කිහිපයක් ඇතුළත කි‍්‍රයාත්මක කරනවා කියනවා. මේ ගෙවුණු කාලය තුළ අත්දැකීම් ප‍්‍රමාණයක් තියෙනවා. මේ ජාතියේ පොරොන්දු දෙන පළමු අවස්ථාව නෙවෙයි. ජවිපෙ අපි තීරණ ගණනාවක් අරගෙන තිබෙනවා. ජවිපෙ මේ රටේ මෙතනින් එහාට ජවිපෙ ගැන හැර වෙන කිසිම පුද්ගලයෙක් ගැන කිසිම ව්‍යාපාරයක් ගැන චරිත සහතික දෙන්නේ නැහැ. චරිත සහතික දුන්නු ලිපි ශීර්ෂ, පෑන්, සීල් විසිකරලා දැම්මා. ඒ නිසා අපිට පිටින් හැදෙන කුමන බලවේගයක් ගැන හෝ කුමන එකමුතුවක් ගැන අපි මේ රටේ ජනතාවට සහතික දෙන්නේ නැහැ. ඒ නිසා මේ මැතිවරණයේදී ජනතාව පෙළගස්වන අරගල කරන මාවතකට ප‍්‍රවේශයක් ගත්තා.“

ජ.වි.පෙ. ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ,

මහින්ද රාජපක්‍ෂ මහත්තයා යන මේ ගමන කල් ඇතිව දැකපු එකම දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ විතරයි. අද ආණ්ඩුවෙන් එළියට බැහැලා කන් කෙඳිරි ගාන කාටත් අතීතය මතක්කර ගන්න සිද්ධ වෙලා.

2009 යුද්ධය අවසන් වීමේ ජයග‍්‍රහණය තමන්ට තනිවම ලියාගෙන 2010 ජනාධිපතිවරණයට ගියා. මහ මැතිවරණය පවත්වලා මහජනතාවගෙන් 2/3 බලය ඉල්ලූවා. නමුත් සරල බහුතරයක් විතරයි දුන්නේ. එක්සත් ජාතික පක්‍ෂය, මුස්ලිම් කොංග‍්‍රසය වගේ පක්‍ෂවලට අල්ලස් දීලා මන්තී‍්‍රවරු අරගෙන සුජාත නොවන 2/3 බලය හදාගත්තා. අල්ලස් දීලා ගත්ත 2/3 පාවිච්චි කරලා 18වන සංශෝධනය හදිසි පනතක් හැටියට සම්මත කරගත්තා. අපි පාර්ලිමේන්තුව වටකළා. පාර්ලිමේන්තුව ඇතුළේ අපේ සහෝදරවරු හඬ නැගුවා. නමුත් ලයිට් කණු වගේ ඉන්න අය අත උස්සලා ඒක  සම්මත කරගත්තා

ජ.වි.පෙ. නායක අනුර දිසානායක ,

‘‘විධායක බලය තියාගෙන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් තියාගෙන ජනාධිපතිවරණය ගෙනාවේ තවත් වසර හතකට බලයේ ඉන්න සැලසුමටයි. රාජපක්ෂ දෙවන බලයුගය ආරම්භ කළොත් රාජපක්ෂ පවුල හැර වෙනත් පාලනයක් මේ රටේ තියෙන්න පුළුවන් කමක් නැහැ. එවැනි පාලනයන් රටවල්වලට මහා විනාශයක් කැඳවලා තිබෙනවා. ලිබියාවේ ගඩාෆි, ඊජිප්තුවේ මුබාරක්, සිම්බාබ්වේ මුගාබේ වැන්නන් ඒ රටවලට ගෙනත් දුන්නේ විනාශයන් පමණයි. රාජපක්ෂගේ පළමුවෙනි බලයුගය ආර්ථිකය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය, මාධ්‍ය නිදහස විනාශ කර දමා තිබෙනවා.

යටිමඩි ගහන කොමිස් ආර්ථිකයක් හදලා තිබෙනවා. ලෝකේ පුරාම ණය අරගෙන කොන්ක‍්‍රීට් කණු ගොඩනගන එකද සංවර්ධනය කියන්නේ. තවත් මේ පාලනයට ඉඩදිය යුතුද?

ප‍්‍රජාතන්ත‍්‍රවාදය පොඩිපට්ටම් කරදමා තිබෙනවා. තවදුරටත් මේ අධිකරණ පද්ධතිය රටේ ජනතාවට යුක්තිය සාධාරණය ඉටු කරන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පත්කිරීමේ සම්ප‍්‍රදාය සුණුවිසුණු කර දැම්මා.

අද ලෝකය හමුවේ අපි හුදකලා වෙලා. විදෙස් ප‍්‍රතිපත්තිය විනාශ කර දැම්මා. විදේශ කටයුතු අමාත්‍යංශයට පවුලේ ඥාතීන් පිරෙව්වා. ජී.එල්. පීරිස් ටයිකෝට් දාලා හිටියට අද විදේශ කටයුතු අමාත්‍යංශය පාලනය කරන්නේ සචින් වාස් ගුණවර්ධනයි. ඒ මදිවට හැම ඡන්දයකටම විදුලි පුටු කතා කියනවා. යුධ අධිකරණ කතා කියනවා. ජනතාව මුලා කරනවා. ධීවර කර්මාන්තයට පහර වැදුණා. යුරෝපයට මාළු අපනයනය කරන්න බැහැ. ඇගළුම් කර්මාන්තයට පහර වැදුනා. ජී.එස්.පී ප්ලස් නැතිවුණා. ඒ නිසා රටේ පෞරුෂය ආරක්ෂා කරගන්න මේ පාලනය ගෙදර යවන්න  ඕනෑ.

රාජපක්ෂගේ කඩේ බඩු ගන්න එක නතර කරන්න  ඕනෑ. ඒ විතරක් නෙවෙයි රාජපක්ෂගේ කඩය වහලා දාන්න  ඕනෑ. අනෙක් පැත්තේ මෛත‍්‍රී මුදලාලිගේ කඩේ. ඒ කඩේ බෝර්ඩ් එක හොඳයි. ‘විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා. 17වන සංශෝධනය නැවත ගේනවා. 18 අහෝසි කරනවා.’ කඩේ බෝර්ඞ් එක හොඳයි. මුදලාලිත් අලූත්. නමුත් අලූත් කඩේ බඩු ගැන අපිට ෂුවර් නැහැ. නමුත් අපි සහතික කරලා කියනවා රාජපක්ෂගේ කඩේ වහලා දාන්න  ඕනෑ කියලා. ජනතාව තීරණය කළ යුතුයි යන්න  ඕන කඩේ මොකක්ද කියලා. දැන් රාජපක්ෂ ස්ටෝර්ස් එකේ වැඩ කරපු අයත් එළියට ඇවිත් ඉන්නේ. ඒ අය කියනවා එදා රාජපක්ෂ කරපු වැඩවලට අත උස්සපු එකට අද කණගාටු වෙනවා කියලා. ජවිපෙ අපි ඒ කතා එදා ඉඳලා කිව්වා. ඒ නිසා වහලා දාන්න  ඕනෑ.

001_1010 001_1097 001_1191 001_1212 001_1223 001_1259



අදහස් (0)

ජවිපෙට මහින්දත් සැකයි මෛත්‍රීත් සැකයි

ඇසළ Tuesday, 02 December 2014 08:23 AM

මෙතන ජේ.වී.පී එකට කඩේ යන්නේ සත්‍යපාල විතරයි. පව් කියලත් හිතෙනවා (නදී)

:       0       0

හේසාන් Tuesday, 02 December 2014 08:27 AM

ඔය කියන කවුරුත් පොරොන්දු දෙන්නේ බලයට එන තුරු පමණයිනේ. බල ලොභිත්වයනේ තියෙන්නේ. අනික රටට එපා උන අය එකතු කරළා නම් කවදාවත් රට හදන්න බැහැ. (නදී)

:       0       0

උපාලි Tuesday, 02 December 2014 08:29 AM

මේ වගේ අපැහිදිලි කතාවලින් තමයි මේ ගොල්ල හැමදාම අපිව ඇන්දුවේ. ජ.වී.පෙ. කියන්නේ මේ ලෝකේ තේරුමක් නැති කතා කියන පිරිසක් බව නැවතත් තහවුරු කළා. (නදී)

:       0       0

ශිරන්ති Tuesday, 02 December 2014 09:17 AM

අපිට නම් මුළු දේශපාලනයම සැකයි .අප්පිරියයි . (අ)

:       0       0

නුවන් Tuesday, 02 December 2014 03:53 PM

අතීතය බැලුවම මේගොල්ලෝ හරියට මීහරකගේ ඇගේ ඉන්න මැක්කෝ වගේ! (ස)

:       0       0

නිශාන්ත Tuesday, 02 December 2014 05:55 AM

උතුරු නැගෙනහිර පලාත් සභාවට මැතිවරණය පවත්වද්දි හෙල උරැමයේ ගම්මන්පිල මහත්තයා ජ.වි.පෙ. නායක අනුර කුමාර මහත්තයට ගන්න පුළුවන් ඡන්ද සංඛ්‍යව ගැන අභියොග කලාම හෙල උරුමය මැතිවරණයට ඉදිරිපත් නොවී කරන විවේචන ගනන් ගත යුතු නැහැ කිවිවා. ජේ.වි.පිය ඉදිරිපත් නොවී කරන විවේචන ගනන් ගන්න ඕනද? (ර)

:       0       0

රත්නේ Tuesday, 02 December 2014 06:29 AM

ජේ.වී.පී එක ඉදිරිපත් කරන පණිවිඩය හරිම පැටළිලි සහගතයි. මහින්ද රාජපක්ෂ අනිවාර්යයෙන්ම බලයෙන් පහකල යුතුයි කියන ගමන්ම, අනිත් පැත්තෙන් කියනවා මෛතීපාල ඇතුලු පොදු විපක්ශ බලවේග ශුවර් නෑ කියලා. ජේ.වි.පි ය මේ එක එක සංකීර්ණ දේවල් කියන්නේ නැතුව, මෛතීපාල ඇතුලු පොදු විපක්ශයට එකතු වෙන්න ඕනා. පොදු බලවේගයක් විදියට වැඩ කලොත් විතරයි, ඔය කියන දේවල් කර ගන්න පුළුවන්. ජාත්‍යන්තරව අපි හුදකලා වෙලා කියන ජේ.වී.පී එක, පළමුව මේ රට ඇතුලේ හුදකලා ගමනක් යන්නේ නැතුව, පොදුවේ වැඩ කල යුතුයි. (නදී)

:       0       0

සත්‍යපාල Tuesday, 02 December 2014 07:23 AM

ජේ වී පි එක කියන දේවල් වල කිසිම පැටලිලි සහගත තත්වයක් නැහැ. පැහැදිලියි පමණක් නොවෙයි නිරාකුලයි, ඔවුන් මහින්ද මහත්තයාව පරාජය කරන්න කියනවා ඔහුව පරාජය කරන්න කළහැකි හැමදෙයක්ම කරනවා කියනවා හැබැයි ඔවුන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ඡන්දය දෙන්න කියන්නේ නැත්තේ ඔහු බලයට පැමිණ පොරොන්දු ඉටු නොකලොත් එහි වගකීම ඔවුන්ට භාර ගැනීමට නොහැකි නිසා පමණක් නොව ඒ සදහා ජනතාව පෙලගස්සවා ජනතා අරගලයක් මතින් හෝ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ අරමුණින් වන අතර ඒ සදහා ජනතාව ඉදිරියට යාමට නම් ඔවුන් මෙම සන්ධානයේ හවුල් කරුවන් නොවීම වාසි සහගත වන අතර වර්තමාන ජනාධිපතිවරයා පැරදවිය හැකි එකම අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතා බවට රටේ ජනතාව තේරුම් අරගෙන ඇති නිසා ඒ පිලිබදව අලුතෙන් පැවසීමට අවශ්‍ය නොවනු ඇති බවට ඔවුන් කල්පනා කරනවා ඇත. (නදී)

:       0       0

මනෝ Tuesday, 02 December 2014 07:34 AM

අහෝ ජේ.වී.පී එකේ අවසානය. ගොඩ ඉදන් වී වපුරන්න බැහැ. මැදට බහින්න. 38 අරන් අන්තිමේදී කරපු මෝඩ වැඩේ මතකයිනේ. (නදී)

:       0       0

හර්ෂිනී Tuesday, 02 December 2014 07:38 AM

මෛත‍්‍රී මුදලාලිගේ කඩේ. ඒ කඩේ බෝර්ඩ් එක හොඳයි. කඩේ බඩු ගැන අපිට ෂුවර් නැහැ. මෛත‍්‍රීපාල මහත්තයා දින සියයෙන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බව කියනවා අපිට ෂුවර් නැහැ. එවැනි එකමුතුවක් ගැන අපි මේ රටේ ජනතාවට සහතික දෙන්නේ නෑ. අද කණගාටු වෙනවා රාජපක්ෂ ආරක්ෂා කරගන්න බැරි උන එකට (නදී)

:       0       0

මුදුතා Tuesday, 02 December 2014 07:50 AM

සත්‍යපාල හරි (අ)

:       0       0

හරින් Wednesday, 03 December 2014 02:13 AM

මේ කතාව අපැහැදිලියි කියන්නෙ තම තමන්ට අවශ්‍ය විදියට ඔවුන්ව හසුරුවාගන්න බැරි උදවිය කියලයි මම නම් කියන්නේ. සත්‍යපාල ඉතාම සරලව පැහැදිලි කර තියෙනවා. ඔවුන් කොහෙවත් කියන්නේ නැහැ වර්ජනය කරන්න කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 9 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1326 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 808 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1342 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 954 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site