බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි ඉදිරිපත් කර ඇති චෝදනා පත‍්‍රය සංශෝධනය කර ලබන 13 වැනි දා ඉදිරිපත් කරන ලෙස අභියාචානාධිකරණය නීතිපතිට අද (27) නියෝග කළේය.
මෙම චෝදනා පත‍්‍රය පිළිබඳව විරෝධතා ලිඛිතව ලබන නොවැම්බර් 18 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අභියාචානාධිකරණය හිමිනමට දැන්වීය.
මෙම රිට් පෙත්සම අභියාචානාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ සහ ප‍්‍රීති පද්මන් සූරසේන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුව අවසන් වීමෙන් පසු එම අධිකරණයේ ශබ්ද නඟා කථාකරමින් කලහකාරී ලෙස හැසීරීමෙන් ඥානසාර හිමි අධිකරණයට අපහාසයක් සිදු කර ඇත් දැයි විභාගයක් පවත්වා ඒ පිළිබඳව පියවර ගන්නා ලෙස හෝමාගම මහේස්ත‍්‍රාත්වරයා ඉකුත් ජනවාරි 20 වැනිදා මෙම පැමිණිල්ල අභියාචනාධිකරණයට යොමු කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කලබලනොවී බලමු මොකද වෙන්නේ කියලා (නි)
ඇයි උසාවි වලට ගල් ගහපු අයට සමාව දුන්න එකේ හාමුදුරුවෝ අපහස කළා නම් ඒකට සමාව දෙන්න බැරිද? (නි)
භද්‍රානි කවදාද නඩුකාරකමක් ගත්තේ. (නි)
අනේ අපේ හාමුදුරුවනේ!
විග්නේශ්වරන් සහ ඥානසාර හිමි..කෙනෙක් එළියේ ඉදන් හොදට කියවනවා..අනිත් කෙනාව ඇතුලට දා ගන්න දගලනවා (බ)
මේ හාමුදුරුවෝ හැමදේම කළේ සිංහලයා වෙනුවෙන්. නැතුව තමන්ගේ මඩිය තරකර ගන්න නෙවෙයි (බ)
උතුම් කාසාවත දේශපාලන අරමුණුවලට යොදාගැනීම මේ හාමුදුරුවෝ කළා වගේම පහුගිය රජය අනුබල දුන්නා. නීතිය යනු සැබෙවින්ම සියල්ලටම පොදු දෙයක්.(බ)
භද්‍රානි එතකොට විග්නේශ්වරන්ට පුළුවන්ද නීතිය ඉක්මවා යන්න . මම දන්නේ නැති නිසා ඇහුවේ (බ)
බුදුන් දෙසු ධර්මය අනුගමනය කළානම් රටත් ජාතියත් සාසනෙත් රැකෙනවා. නමුත් හැමෝම අනුන්ගේ වැඩ කරන්න යනවා තමන්ගේ වැඩේ කරන්නේ නැ. සියල්ල අනිත්‍ය ලෝකේ ජාතිය විතරක් නිත්‍ය නැ. යන තැනකට වැඩ කරගන්න.(බ)
ඒත් මං බැලුවා මොකද භද්‍රානි පේන්න නැත්තේ කියලා
ඥානසාර ස්වාමින්ට ට දඬුවම්, විග්නේෂ්වරන් ට නීතිමය පියවර නැත. විරෝදය පමණයි. (ම)
සියලු නීති රීති සිංහලයට විතරයි. මන්නාරමේ උසාවිය ගල් ගැසූ අය ඇමතිවරු විය. මෑතදී දෙමල තරුණයන් පොලිසියට ගල්වලින්ප හර දුනි. කිසිවක් නොදැන, අදහස් දක්වන උදචිය, සිංහලයන්ටම දොස් කියති. ලංකාවේ සිංහල අයට බැනීම, හමුදුරුවරුනට බැනීම ඉහලට යාමට හේතුවකි. මෝඩකමට හිතන විදියේ අරුමය ළඟදීම දැනෙනු ඇත. (බ)
හාමුදුරුවෝ පෙන්වා දුන් දේ තේරෙයි නුඹලාගේ තව වසර කිහිපයකින්.... එදාට පරක්කු වැඩියි. මන්නාරම උසාවියට ගල් ගැසීමට වත් මුස්ලිම් අය හා සිංහල අය වැරදියි කියන්නට බියයි. හාමුදුරුවෝ ගියේ රණවිරුවන් වෙනුවෙන්. (බ)
කවුරු මොනවා කිව්වත් නීතියට අධිකරණයට අපහාස කිරීම ආදර්ශමත් ක්‍රියාවක් නෙවෙයි (බ)
රටේ සිදුවන අසාධාරණයනට අයුක්ති සහගත දේවලට කහ සිවුරට පමණයි දැන් හඬක් නගන්න පුළුවන්. ඒකත් නැති කරන්න උඹලා වලී කනවනම් බලා පල්ලා තව ටික කාලෙකින් උඹලගේ ඔය රටට සිදු වෙන විපත්තිය.(බ)
හාමුදුරු නමක් කතා කළොත් ඒක ජාතිවාදී අපරාධයක්. විග්නේශ්වරන් කළොත් සංහිදියාව. ළමයිනේ තේරුම් ගනිල්ලා වෙනස. (බ)
අනේ සරත්, උසාවියට ගල් ගහපු ඇමතිලා ගැන ඔයා අහලා නැද්ද.
විග්නේශ්වරන් මොනවා කළත් යහ පාලන ආණ්ඩුවට ඇහෙන්නේ නැහැ, පෙන්නේ නැහැ. සිංහල බෞද්ධයන් වෙනුවෙන් කතා කරන හාමුදුරුවරුන්ව මොන චෝදනාව යටතේ හරි හිරේ යවන්න දඟලනවා. (අ)
සිංහල ජාතිය විසින් සිංහලයන් විනාශ කරනලදී .මෙහෙම දවසක් ඉතිහාසයේ ලියවුණු . උතුරේ දෙමළා අවුස්සන දකුණේ ජීවත් වන විග්නේෂ්වරන් හැමදාම රට විනාශ කළත් නීතියෙන් නිදහස් (බ)
කවුරු වැරදි කළත් දඩුවම් දිය යුතුයි. ඔය හාමුදුරුවන් පහුගිය දවස්වල කරපු දේවල් දිහා බැලුවම දැන් ඉන්න විදිය ගැන හිතා බලන්නත් අමාරුයි. (අ)
ඒ දා ඒ සිදුවීම කවුරු කොහොම කිවත්.. දුටු . ඇසු ... අය දනිති ...දිට්ට දම්ම වේදනීය කර්මයරට බාරයි ....!!! (අ)
මන්නරමේ කට්ටියක් උසාවියට ගලුත් ගහලා ලොකු ගාලගෝට්ටියක් කලා...එයාලට මොකුත් නඩු නැති රටේ සිංහල කියන මිනිහටයි හැම නීතියක්ම... නීතිය හැමෝටම එකක් වෙන්න ඕන....මේවට කියන්න දේවල් නෑ.(අ)
අනේ බුදු හාමුදුරුවනේ සාසනේට මේ මොකද වෙන්නේ .?(අ)
ඔව් ඉතින් සිංහල ජාතිය වෙනුවෙන් කතා කරන හැමෝම හිරේට යවමු.මේ හම්දුරුවොත් හිරේට යවමු .(අ)
ඔව් මේ හම්දුරුවෝ ඔක්කොම කලේ එයාගේ පව්ලේ යට දරුවන්ට නෝනට එහෙමනේ රටේ මිනිස්සු වෙනුවෙන් නෙමේ මිනිස්සු කිසි කෙනෙක් බැලුවද මේ හාමුදුරුවෝ කියන්නේ මොනවද කියල කියපු විදිය විතරි බැලුවේ කවද හරි තේරෙයි එත කොට නසරිස්ථානයක ජීවත් වන සුළු ජාතියක් විදියට ඔය ජාති වාදියෝ කියන ඔක්කොම ඉදියි (අ)
සිවුරට, ලෝගුවකට හෝ වෙනත් පුජනීය ඇඳුමකට මුවා වෙලා රටේ නීතිය ඉක්මවා කටයුතු කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. (බ)
බුද්ධ ශාසනය රැක ගන්න මහා නායක හිමි වරුත්, රට රැක ගන්න සිංහල බෞද්ධ නායකයිනුත් ඉන්නවා. කොහොමත් උසාවි භූමියක් තුල පැහැරීම හිමි නමකට තරම් නොවේ. (බ)
ඒ හාමුදුරුවන් හිරේ දාන්න යහපාලකයන් කරන වෑයමක්...!!! (අ)
භද්‍රානි එළියට එන්නේ මේ හාමුදුරුවෝ ගැන කතාකරනකොට විතරයි (නි)
එතකොට විග්නේශ්වරන් කරන දේවලට කෝ නීතිය? රටේ නීතිය නිදිද එතකොට?
භද්‍රානි අදහස් දාන්නේ ඉතින් මේ හාමුදුරුවෝ ගැන ප්‍රවෘත්තියක් පළවුණාම විතරනේ. (නි)
මේ විදියට මේ හාමුදුරුවන්ට නඩුවක් වැටිච්ච එක හොඳයි. මොකද දැන් ටිකක් සාමකාමිව ටිකක් වැදගත් විදියට කතාකරනවා (නි)
මන්නාරම උසාවියට ගහපු ඇමතිවරයාටත් නීතිය ක්‍රියාත්මක කරන්න. (නි)
සිංහල ජාතිය ගැන කතා කරනවා කියලා කතා කරන්නේත් වෛරයනේ (නි)
බද්‍රානි, ඒ හාමුදුරුවෝ කතා කළේ අපේ රට ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත්ත රණවිරුවන් වෙනුවෙන්. ඒ හාමුදුරුවෝ සිංහල බෞද්ධයන්ගේ ජාතික වීරයෙක් (නි)
බිලා අධිවේගී මාර්ගයේ සිටි පොලිස් නිලධාරීන්ට සමහරු නොසරුප් වචනවලින් බනිනකොට මේ අදහස් දාන අය සිටියේ නැද්ද? (නි)