බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ප‍්‍රගීත් එක්නැලිගොඩ නඩුවේදී අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසීරීමෙන් අධිකරණයට අපහාස කර ඇතැයි සඳහන් කරමින් එම හිමියන්ට එරෙහි සංශෝධිත චෝදනා පත‍්‍රයක් නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද (13) ඉදිරිපත් කළේය.
මීට පෙර ඉදිරිපත් කර තිබූ චෝදනාපත්‍රය සංශෝධනය කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබිණි. ඒ අනුව මෙම සංශෝධිත චෝදනා පත්‍රය ඉදිරිපත් කළේය.
පෙත්සම එස් තුරෙයිරාජා මහතා ඉදිරියේ සලකා බැලිණි.
2016 ජනවාරි 25 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී තමන්ට කිසිදු සම්බන්ධයක් නොමැති නඩුවක දී අධිකරණයේ ගෞරවයට අභියෝග කිරීම, නඩුවක සැකකරුවන්ට ඇප දෙන ලෙස කිසිදු අවසරයකින් තොරව ඉල්ලීම සහ එම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ නීතීඥවරයාට අපහාස කිරීම ඇතුළු චෝදනා හතරක් ඥානසාර හිමිට එරෙහිව ඉදිරිපත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැමදේම රටේ නීතියට යටත්බව ගැන අවබෝධයක් නොමැති අය නිසා තමයි අපරාධ වැඩිවෙලා තියෙන්නේ. දඬුවමට තරාතිරමෙන් බාධාවක් නොවිය යුතුයි. (බ)
මේ අය පන්සල් ඇතුළට රිංග ගත්තාම රටට හා දහමට මොකද වෙන්නේ? (බ)
රටේ නිදහස වෙනුවෙන් තම ජීවිත කැපකළ රණවිරුවන්ගේ නිදහස නැති කරනකොට, එයට විරුද්ධනොවී ඉන්න මේ රටේ මිනිස්සු දැනගන්න ඕනෑ (නි)
අර උසාවියට ගල්ගහපු කෙනාට චෝදනා කීයද? (නි)
කෝ මේ භද්‍රානි? නැද්ද අද අදහසක් කියන්නේ? (නි)
ඔවැනි ප්‍රශ්න හමුවේ ගලක් අතට ගන්නවද? නැත්නම් සත්‍යක්‍රියා කර මහත්ම ගාන්ධි වගේ වෙනවද? සිරිවීර (අ)
සිංහලයන් වෙනුවෙන් , රණවිරුවන් වෙනුවෙන් පෙනී ඉන්න ඔක්කොම හිරගෙට.කොටින්ට ,බටහිරට ඕන විදියට නටන ලෝකේ එකම රට ලංකාවයි. සිංහලයන් වෙනුවෙන් ඉන්න හාමුදුරුවන් දඩුවම් දෙන්න කියනවා. මේක කළේ වව්නියාවේ විග්නේශ්වරන් කොටියට එරෙහිව තිබ්බ උද්ඝෝෂණට පලිගන්න (අ)
ගහන්න ගහන්න වඳින එකත් මෝඩයලු. වඳින්න වඳින්න ගහන එකත් මෝඩයලු (නි)
උත්තරීතර අධිකරණයට ගල්ගැසූවන්ට මේ නීතිය අදාළ නැද්ද? (නි)
සිවුරු ඇදගෙන නීතියට උඩින් යන්න හිතෙනවානම් එක ඒ අයගේ මහා බොලද වැඩක් (ම)
රොමේෂ්, විකුම් රංගන ඔබල වගේ අපි අපේ මව් බිමට ද්‍රෝහී වෙන්නේ නෑ. අපේ රණ විරුවන් වෙනුවෙන් බය නැතිව කතා කල ඥානසාර හාමුදුරුවෝ අපේ රටේ ජාතික වීරයෙක්! (අ)
කරන දෙයක් කරගන්න ශාසනේට අපහාස නොකර (රේ)