උතුරේ අතුරුදන් වූවන් හා යුද අපරාධ සෙවීමටත් යුද සිරකරුවන් මුදා ගැනීමටත් දෙමළ ජාතික සංධානය අලස හා ගොළුබෙළි පිළිවෙතක් අනුගමනය කරතියි උතුරේ අතුරුදන් වූවන් වෙනුවෙන් පිහිටුවා ඇති සංවිධානය යාපනය වීරසිංහම් ශාලාව ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම් ඒ සුමන්තිරන්ගේ පඹයකු පිළිස්සීය.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්දන් මහතා ද විරෝධතාකරුවන්ගේ චෝදනාවට ලක් විය. ඔහු පැමිණ සිටියේ ද නැත.
ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාව මාර්තු මාසයේ දී ඉදිරිපත් නොකර සැප්තැම්බර දක්වා කල් දැමීම ගැන ද ඔවුහු විරෝධය පළ කළහ.
රජයේ නිල නිදහස් උළෙලට පාර්ලිමේන්තු ක්‍රීඩා පිටියේ දී සහභාගී වීමෙන් ඔවුන් දෙමළ ජනයාට අසාධාරණයක් කළ බව ද උද්ඝෝෂකයෝ කීහ.
දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා එම උද්ඝෝෂණයට එක් වී සිටියේය.
සම්බන්දන් හා සුමන්තිරන් යන දෙදෙනා රජයට හිතවත්කම් දැක්වීම නිසා දෙමළ ජනතා අයිතිවාසිකම් දිනා ගැනීමට නොහැකි වී ඇතැයි ද මානව හිමිකම් වාර්තාව ලබන මාර්තු මාසයේ ඉදිරිපත් කළ යුතු යැයි ද ඔහු පැවසීය.
‘අතුරුදන් වූ ඥාතීන් තවම ජීවත් වෙතියි දෙමළ ජනතාව දැඩි ලෙස විශ්වාස කරනවා. ඒ නිසා රජය ඊට විසදුම් දිය යුතුයි. අලුත් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවාට වඩා ඔවුන්ගේ යහපත් ක්‍රියාවලින් දෙමළ ජනතාවට යහපතක් කරන බව පෙන්විය යුතුයි.
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ටීඑන්ඒ නායකයාටත් දෙහි කපයි
මහේෂ් Monday, 23 February 2015 04:01 AM
අනිවාර්යෙන්ම දකුණේ යුද සමයේ මැරුණු හා අතුරුදන්වන් ගැනත් සාධාරණ පරීක්ෂණයක් සිදු කර නිසි දඩුවම් තිබිය යුතුයි (දිල්)
සමීර Sunday, 22 February 2015 09:38 AM
මහින්ද මහත්තයා නේද රටට නිදහස ලබා දුන්නේ (දිල්)
අකිල Sunday, 22 February 2015 10:14 AM
යුද්දෙන් විනාශ වුණේ දෙමළ මිනිස්සු විතරද ? දැන් ඔය විලාපය නවත්තලා හැමදෙනම එක්ව ඉදිරියට යන්න.(හේ)
සම්පත් Sunday, 22 February 2015 11:55 AM
සමාදානෙන් කිසි දෙයක් තේරුම් ගන්න මේ අයට බැහැ වගේ ..යුද ජයග්‍රහණ නොලැබුනානම් බලන්න තිබුණා මේ අයගේ අනාගත පරම්පරාවට වෙන දේ .(හේ)
පිටබැද්දර ජයා Sunday, 22 February 2015 12:00 PM
නැවත ජාතිවාදය අවුසලා තවත් ලක්ෂ ගානක් බිල්ලට දෙන්නද මේ අය ලෑස්ති වෙන්නේ ,(හේ)
දුමින්ද Sunday, 22 February 2015 12:49 PM
සමීර, භෞතික යුද්ධයට නිමකිරීමත් සමග කළ යුතුව තිබු දෙය නොකිරීම වරදක්.(හේ)
නලින් Sunday, 22 February 2015 04:55 PM
මේ අය තමයි ප්‍රභාකරන්ට සහයෝගය දුන්නේ. (නදී)
රෙජි-සිඩ්නි Monday, 23 February 2015 12:02 AM
"වැඩි සෙනෙහස දබරයට "කියන්නේ ඕකට වෙන්න ඇති. (නි)
මොහාන් Monday, 23 February 2015 02:04 AM
යුද්ධයෙන් මියගිය හා අතුරුදන් වූ හමුදා සෙබලුන් ගැනත් පරීක්ෂණයක් පැවත් විය යුතුයි. (නි)
ශක්ති Monday, 23 February 2015 02:21 AM
ඉවසීමෙන්,කල්පනාවෙන් කටයුතු කරමු. (නි)