පාසල පිරිසිදු නොකළැයි පහ ශ්‍රේණියේ දැරියකට සෙසු ළමයින් ලවා ටොකු ඇන්නවීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බකමූණ දියබෙදුම නාමල් වැව විදුහල්පති සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
දැරිය පොලොන්නරුව රෝහලට ඇතුළු කරනු ලැබුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනෙක් ළමයින් ලවා ටොකු ඇන්නෙව්වහම, තමන් බේරිලා කියලා හිතන්න ඇති. දරුවෙකුට දඩුවම් කිරීමට අවශ්‍ය නම්, ඒකටත් ක්‍රමයක් තියෙනවා. (නි)
මේවා නම් හරිම අරුම පුදුම සිදුවීම්. නූගත් මිනිසුන් කරන පහත් තලයේ ක්‍රියාවක් මෙතුමා කර තිබෙන්නේ.අඩුම තරමින් කුඩා දරුවන් කෙරෙහිවත් හදවතෙහි සෙනෙහසක් දක්වන්න බැරි දරදඩූ මනුෂ්‍ය කොට්ඨාශයක් සමාජයෙන් බිහිවෙලා තියෙන්නේ.මෙහෙවු අය කොහොමද සමාජයට හොඳ පුරවැසියන් බිහිකරන්නේ? (නි)
කෝ මේ ස්ටාර්ලින් මහත්තයා. (ස)
ගමේ අය එකතුවෙලා එයාගේ ඔලුවට ටොකු බෙදන්නයි තිබුනේ (නි)
අනේ අපේ ගුරුවරුන්ගේ තරම! සතියට වතාවක් කොහෙන්හරි කෙනෙක් මුළු රටම ගඳගස්සවනවා. (නි)
මානසික ලෙඩක් ද ? (නදී)
මෙහෙම උසස් විදුහල්පතිතුමාලා ගුරු උතුමන්ලා ගැනමනේ අද අහන්න ලැබෙන්නේ. ගිය සතියේ කෙනෙක් තමන්ගේ ගුරුතුමියක දේශපාලන උත්තමයෙක් ළඟට යැවූ එක ගැන ඇහුවට පස්සේ හුස්මක්වත් ගන්න ලැබුනේ නැහැනේ මේ ගුරු උතුමා ගැන අහන්න. (නි)
මෙවැනි මොලයක් නැති දිසාපාමොක්ලට දිය යුතු දඩුවම් නම් එම පාසලේම බාලාන්සයේ ගුරුවරයෙක් ලෙස සේවයට යෙදවීමයි .(අ)
මෙහෙත් ගුරුවරු! (නි)
ළමයා දැනගන්න ඕනෑ පාසල් යනකොට මින්පසු හිස් ආවරණයක් දමාගෙන යන්න. (නි)
මොහු ගුරු සේවයට සුදුසු නැත (නදී)