IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ටිකක් ඉවසන ලෙස මංගල ලෝකෙට කියයි

ඉදිරියට යෑමට පෙර නිවැරදි කර ගත යුතු බොහෝ දේ ශ්‍රී ලංකාවට තිබෙන හෙයින් ඒ සඳහා කාලය ලබාදී මදක් ඉවසිල්ලෙන් සිටින්නැයි අන්තර්ජාතික ප‍්‍රජාවගෙන් හා විශේෂයෙන් ජගත් මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටින බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඇමරිකාවේදී පැවසීය.

තම ඇමරිකා සංචාරයේ එක් අදියරක් ලෙස වොෂින්ටන් නුවරදී ජාත්‍යන්තර සාමය සදහා වන කාර්නගී එකමුතුව අමතමින් සිදුකළ දේශනයේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ෙමෙම කාලය ශී‍්‍රලංකාවට ඉතාම සංවේදී කාලයක් බව ඔහු කීය.නව රජය ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමටත්,යහපාලනය ස්ථාපිත කිරීමටත්,නීතියේ ස්වාධිපත්‍ය පවත්වාගැනීමටත්,සියළු ජාතීන්ගේ අයිතිවාසිකම් හා හිමිකම් සුරක්ෂිත කිරීමටත් කැපවී සිටින බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඇමරිකා ජනපති බරක් ඔබාමා සංචාරයක් සදහා පැමිණෙන්නේ නම් ඔහු පිළිගැනීමට ශී‍්‍ර ලංකාව ඉතා කැමැත්තෙන් සිටින බවද ඔහු සඳහන් කළේය.



අදහස් (0)

ටිකක් ඉවසන ලෙස මංගල ලෝකෙට කියයි

දුමින්ද Friday, 13 February 2015 06:20 AM

ඉවසීමේ ගුණය ඇමෙරිකාවට මෙන්ම උතුරු පළාත් සභාවටත් කියා දිය යුතුය (නදී)

:       0       0

නුවන සඳරුවන් Friday, 13 February 2015 06:26 AM

මංගල සමරවිර දක්ෂයි. මීට කලින් චන්ද්‍රිකාගේ කාලයේත් විදේශ සේවයේ හිටියනේ (නදී)

:       0       0

බන්දුල හේවාවසම් Saturday, 14 February 2015 01:51 AM

කෝලිත මහත්මයා, ටිකක් සුභවාදීව හිතන්න. මංගල ඇමතිවරයා කියන එක හරි. අපි මේ වෙලාවේ ජාතියක් වශයෙන් අපේ දුර්වර්ණ වුණ කීර්තිය නැවත ගොඩනඟා ගන්න බොහොම ඉවසිල්ලෙන් වැඩකරන්න ඕනෑ. ප්‍රශ්න වලින් හැංගිලා ඉන්න උත්සාහ කරනවට වඩා සංයමයෙන් ඒවාට මුහුණදෙන එකයි අද රටට අවශ්‍ය. අපි කවුද කියලා ජාත්‍යන්තරයට පෙන්නලා දෙන්න මංගල ඇමතිවරයා තමයි සුදුසුම පුද්ගලයා හැටියට මම දකින්නේ. අපි පක්ෂ පාට අමතක කරලා ධනාත්මකව මේ දේවල් දිහා බලමු කියලා මම යෝජනා කරනවා. (නි)

:       0       0

කෝලිත Friday, 13 February 2015 08:38 AM

මංගල මෙච්චර ඉක්මනට වැඩ පටන් ගත්තේ මහ මැතිවරණයේදී පරදින බව දැනගෙන. අපි දන්නවා මංගලගේ හැටි. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 14 February 2015 03:08 AM

බන්දුල හේවාවසම් මහත්මයාණනි, ඔබ තුමාගේ අදහස් දැක්ම හරිම අගෙයි. ස්තුතියි. බන්දුල මහත්මය දැකල තියෙනවද, සමහර ගවයින් කපල ගෙනත් දෙන තණකොළ කන්න අකැමති යි. උලාකන්න තමයි කැමති. ඒවගේ අපි මොනවා කිව්වත් නොතේරුන වගේ ඉන්න අයත් ඉන්නවා , අර මම කියපු ගවයෝ වගේ. (නදී)

:       0       0

රමණි Friday, 13 February 2015 10:35 AM

බත් මුට්ටිය ඉදෙනතුරු ඉවසලා ඉන්න. අප්‍රේල් වෙනතුරුම බෙදලා දෙන්න පුළුවන් එතකොට. (නි)

:       0       0

සම්පත් Saturday, 14 February 2015 04:25 AM

ඔව්, දැන්ම ඇමෙරිකාව ඉල්ලන දේවල් දුන්නොත් මහා මැතිවරනෙන් පරදිනවා. ටික ටික ඇමෙරිකාවට ඕන දේවල් කරපුවහම කාටවත් තේරෙන්නේ නැහැ. බන්දුල හේවාවසම් මහත්තයා දන්නේ නැතුවට ඇමෙරිකාව උදව් කරලා ගොඩගිය/ දියුණුවුණ එක රටක් කියන්න පුලුවන්ද? පේනවනේ මැදපෙරදිගට, පිලිපිනෙට, කරලා තියන උදව්වල තරම? (නදී)

:       0       0

සමන් Friday, 13 February 2015 11:18 AM

මිනිස්සු වැඩ නොකළත් නරකයි. වැඩකළත් නරකයි. අනේ මන්දා? (නි)

:       0       0

නන්ද Friday, 13 February 2015 11:50 AM

ටිකක් ඉවසන්න කියන්නේ ඇයි දන්නෙ නැහැ (නි)

:       0       0

රණවක Saturday, 14 February 2015 04:59 AM

විනාශයට ,අසමගියට,ත්‍රස්තවාදයට,රටවල් කඩන්නට උදව් කරන්න ඇමෙරිකාව ඕනෑම වෙලාවක සුදානම්. (නදී)

:       0       0

බන්දුල හේවවාසම් Saturday, 14 February 2015 07:37 AM

අජිත් කරුණාරත්න සහ සම්පත් මහත්වරුනි, ඔබලාගේ අදහස් වලට ස්තුතිය්. සම්පත් මහත්මයා කියනවා වගේ අපේ දේශපාලකයෝ හුඟක් දේවල් කරන්නේ නම් මැතිවරණයක් බලාගෙන තමයි. කනගාටුවෙන් හරි කියන්න ඕනේ මමත්වයම නැතුව රට ගැන හිතලා වැඩ කරන දේශපාලකයෝ බිහි වෙන්න මේ පවතින රාමුව ඉඩ සලසන්නේ නෑ. ඒ වගේ ජාතික නායකයෝ ලබන්න අපේ රට පින් කරලා නැතිද කියලත් හිතෙනවා. කොහොම වුණත් ඇමෙරිකාව එක්ක ගනුදෙනු කරන එක දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. එත් ලෝකේ පොලිස්කාරයව තරහ කරගෙන කොහොමද. කාලයක් තිස්සේ අපේ පාලකයෝ ඇති කරලා තියෙන තත්ත්වයෙන් ගොඩ එන්න නම් අපිට බොහොම කලපනාවෙන් වැඩ කරන්න වෙනවාමයි. අපේ රටේ භුමි පිහිටීමේ හැටියට ඔය හැම බලවතාටම අපව අවශ්‍ය වුණේ අද ඊයේ නෙමේනේ. විටින් විට පටු දේශපාලන අවශ්‍යතා ඉටු කර ගන්න අපි අපේ වල ටික ටික හාරගත්තා. අපේ දරුවොන්ට තමය මේවෑ ප්‍රතිඵල භුක්ති විදින්න වෙන්නේ. ගොඩ යාම කෙසේ වෙතත් ඉන්න තැනින් පහලට වටෙන්නේවත් නැතිව අපට ඉන්න පුළුවන් වුනොත්...... (අ)

:       0       0

සිල්වා Friday, 13 February 2015 02:43 PM

කොහොමද මංගල මහත්තයා වැඩකරන විදිය? ලෝකෙත් එක්ක ඉතාම දක්ෂ විදියට ගනුදෙනු කරනවා. එතුමා හරියට හරි. හැමදෙයක්ම නිවැරදි කරන්න කාලය අවශ්‍යයි. ඒ නිසා ඉවසීමෙන් බුද්ධිමත්ව මේ තනතුර හොබවන්න ඕනෑ (නි)

:       0       0

අමන්දා Friday, 13 February 2015 05:52 PM

අප්‍රේල් වෙනකන් විතර හින්දා ඉක්මනට මේක කරපු එක හොඳයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 79 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 72 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 588 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1365 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 178 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 91 1

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38403 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 882 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site