ටිකට් නැතිව දුම්රියේ ගමන් කිරීමේ වරදට නියම කැරෙන දඩය මාර්තු 11 වැනිදා සිට රුපියල් 2500 දක්වා වැඩි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
පළමු පන්තිය සඳහා රුපියල් 1600ක්, දෙවැනි පන්තියට රුපියල් 1200ක් හා තුන්වැනි පන්තියට රුපියල් 900ක් වශයෙන් දැන් දඩ ගැසේ.
තුන්වැනි පන්තියේ ටිකට්පතින් දෙවැනි පන්තියේ ගමන් කිරීමේ වරදට දඩය ද රුපියල් 2500 දක්වා වැඩි කරීමට යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරක්කු වෙන ඒවාට නැද්ද විසදුමක්? (නි)
කුමාරි කියන දේවත් තේරුම් ගන්න බැරිතරම් මෝඩයෝ මේ ලංකාවේ ඉන්නවනේ? (නි)
දැඩි සුපරික්ෂාවට ලක් කිරීම නිතිපතාම සිදුකළ යුතයි. ටිකට් නැති අය අල්ලාගෙන දඩ අයකර ගත යුතුයි. ගාන වැඩිකළ එකනම් ඉතා අගෙයි.වැරදි කර කර නිලදාරින්ට ගහන්නත් යනවා. වැඩිපුර එකවර අල්ල නොගෙන දෙතුන්දෙනා ගානේ අල්ල ගෙන දඩ අයකිරිම දීගටම කරන්න. පිරිස වැඩි උනාමනේ මේ හැම ප්‍රශ්නේ . දඩ ගෙවන කොට ඔය අමාරුව හොඳ වේවි.(නු)
කරුණාකර පළමුව මගීන්ට යාමට ඇති තරම් ඉඩ පහසුකම් සපයා දෙන්න. (නි)
උපුල්, කුමාරිගේ මෝඩ කමට වඩා මම දකින්නේ යමක් වටහා ගැනීමේ දුර්වල කමයි... (ස)
මම විතරක් නොවෙයි කවුරුවත් වැරද්දක් දකින එකක් නැහැ මේ වැඩේ (දී)
තුන්වන පන්තියේ ටිකට් එකකින් දෙවන පන්තියේ ගිහින් අහුවුණොත් ටිකට් ගත්තෙම නැහැ කියන එක 2500 ගෙවනවට වැඩිය ලාභයි. (නි)
කුමාරි, ඔයා ඇත්තටම මෝඩයි. (නි)
2500 තිබුණා නම් කෙනෙක් ටිකට් නොගනීද? ගෙවිය හැකි සාධාරණ දඩයක් අයකරන්න. එවිට දූෂණයත් සිදු නොවෙයි. (නි)
මොනවා වුණත් අගය කළයුතු වැඩක්. (නි)
දඩ වැඩි කළාට වැඩක් නැහැ. සතියට දවස් 2ක් වත් පරික්ෂා කරන්න ඕනෑ. මුහුදුබඩ මාර්ගයේ කාර්යාල දුම්රිය වල දෙවැනි පන්තිය සහිත දුම්රියන් ධාවනය වුවත් එම මැදිරි වල වැඩියෙන් යන්නේ 3න් වැනි පන්තියේ මගීන්. වැඩි ගානක් දීලා දෙවැනි පන්තියෙ වාර ප්‍රවේශ පත්‍ර අරන්, ටිකට් අරන් යන මගීන්ට සිදුවන අසාධාරනයක් ඒක. එක්කො දෙවෙනි පන්තියක් නැති කරන්න ඕනෑ. මාසෙකට එක පාරක්වත් පරීක්ෂා කරන්න එන්නේ නැහැ. ඒකයි මේකට හේතුව. 3න් වැනි පන්තියේ මැදිරි වැඩි කරන්න ඕනෑ නැත්නම්. මිනිස්සු 1000 ක් යන්න ඉන්නවා එන්නේ 400කට යන්න පුලුවන් මැදිරි සහිත දුම්රියක්. (නි)
අපේ රටේ මිනිස්සු හැමදේම තමන්ට ඕනෑ විදියට කරන්න බලන්නේ. රටේ පොදු නීතියක් තියෙනවා. මේ කෝච්චිවල නගින සමහර මිනිස්සු ( විශේෂයෙන් ගැහැණු අය ) ටිකට් පරීක්ෂකවරුන්ට කියන්නේ 3වැනි පන්තියෙ ඉඩ නැහැ, ඒ නිසා 2වැනි පන්තියෙ හිටගෙන යනවා කියලා. හැබැයි ඔය බොහොමයක් මිනිස්සු හැමදාම හොරෙන් යන්නේ. මේ මිනිස්සු කොහොමද තමන්ගේ ළමයෙකුට හොරකමක් වංචාවක් කරන්න එපා කියලා උගන්වන්නේ?අම්මා තාත්තා හොරෙන් කෝච්චියෙ ගිහින් අහුවෙලා කිව්වාම. තමන් තමන්ට අවංක වෙලා 2වැනි පන්තියට නගිනකොට ඊට අදාළ ටිකට් පත ගත්තා නම් කිසි කරදරයක් නැහැ. (නි)
කුමාරිට රස්සාවක්වත් දෙනවා කිවුවද? (නි)
කුමාරි යන්නෙත් හොරෙන් වගෙයි. (නි)
දඩය මදි. තව වැඩිකරන්න. (නි)
වරදක් නැහැ (දී)
කුමාරි, ඔයාගෙ අදහස දැක්කහම ඔයාගේ මෝඩකම ගැන තේරෙනවා. (නි)
මමනම් එක පයින් කැමති (දී)
ආශ්චරය වෙත කඩිනමින් ළගාවීමේ හොද සාර්ථක ක්‍රමයක්. (නි)
වැරදීමකින් හෝ නොදැනුවත්කමට යන එක කෙසේ වෙතත් දුරගමන් දුම්රිය වල 3වන පන්තියේ අඩු පෙට්ටි සංඛ්‍යාවක් තියෙන්නෙ. උදා-5.55 උඩරට මැණිකේ 2ක් විතරයි තියෙන්නෙ. ගොඩක් මගීන් අපහසුවෙන් යන්නේ පළමු දෙවන හෝ පංති වල, ටිකට් නැති නිසා.
5000 ගන්න කමක් නැහැ. අන්න ඒ වැඩ වලින් තමයි හම්බුකල යුත්තේ, ජනතාවගෙන් ගන්න බදු අඩු කරන්න (දී)
ඉතා සාධාරණයි (දී)
ලංකාවේ දුම්රිය වල ඔනතරම් හොරෙන් යන්න පුලුවන්. හැම දුම්රිය පොලකින්ම පිටවෙන්න හොර දොරටු තියෙනවා. දකුණු කළුතර දුම්රිය ස්ථානයෙන් මම දවස් ගානක් ටිකට් පෙන්වන්නේ නැතුව පිට වුණා. තවම ඒ ටිකට් මාලග තියෙනවා. මුහුදුබඩ දුමිරිය මගේ හැම තැනින්ම හොරෙන් පිටවෙන්න පුලුවන්. පුරුදු කාරයෝ ගොඩදෙනෙක් හොරෙන් යන්නේ. දඩ ගෙවන්න වෙන්නේ අහු උනොත්නේ. හොරෙන් යන්න බැරි ක්‍රමයක් හදන්න එවිට දඩ ගහන්න වෙන්නේ නැහැ (අ)
හොරෙන් යන නිසා කීයක් දඩ ගැහුවත් කමක් නැහැ. ඒ වගේම හිඟන අයගෙන් තියෙන කරදරෙත් නැති කරනවා නම් තමයි ගොඩක් හොඳ (නි)
ඕනෑම පන්තියකටම 5000ද (දී)
පොඩි ළමයින්ගෙන් කියක් ගන්නවාද (දී)
ඒ වැඩේ නම් මසුරන් වඩක් (දී)
ඒ වැඩේ නම් හොදයි ,මොකද ඒ කරන්නේ වරදක් නේ. ටිකට් අරන් යන්න අපි දැන ගන්න ඕනේ (දී)
කොච්චි වල තියෙන පහසුකම් දැක්කාම සල්ලි නැතුවම තමයි යන්න හිතෙන්නේ (දී)
මමනම් කියන්නේ රු 5000 කලත් කමක් නැහැ (දී)