බස් හැර සෙසු වාහන ටයර් (30% හෝ කිලෝවට රු 140 හෝ වැඩි ප්‍රමාණය ) ,වාහන අමතර කොටස් (15% සිට 30% දක්වා),බටර් ඇතුළු කිරි නිෂ්පාදන( 30% හෝ කිලෝවට රු 200 ක් යන දෙකින් වැඩි ප්‍රමාණය), රට මත්පැන් හා දුම්කොළ නිෂ්පාදන ආනයන බද්ද අද සිට සංශෝධනය කරන බව මුදල් අමාත්‍යංශය කියයි.
දේශිය කර්මාන්ත ප්‍රවර්ධනය සදහා මේ පියවර ගන්නා බවත් විශේෂයෙන් ලුහු ඉංජිනේරු කර්මාන්තය, කිරි හා ටයර් නිෂ්පාදනයට සානුබල සැපයීම මෙහි අරමුණ බව අමාත්‍යංශය පවසයි.
සින්ගල් කැබ් සදහා වන බද්ද සංශෝධනය කෙරේ.එසේ කරනුයේ දැනට පවතින විෂමතාවයක් නිවැරදි කිරීම සදහා බවත් අමාත්‍යංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ බැලුවේ දම්මික පෙරේරා මේකත් සාදාරනීකරණය කරලද කියලා (නි)
අපි ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න හිතාගෙන ඉන්නවා. එහෙත් මෙහෙම බදු වැඩි කරනකොට ඒවා කරන්න හිතෙන්නේ නැහැ. ඡන්ද කරන්න මෙහෙමද සල්ලි හොයාගන්නේ? අපිට තේරෙන්නේ නැත්තෙ ඒකයි. වාහන බදු වැඩිකරපු එකෙන් වහනයක් ගන්න තියා ඒ ගැන හිතලාවත් නැති දුප්පතුන්ටත් මේවට ගෙවන්න වෙනවා. මොකද ලොකු ව්‍යාපාරිකයෝ මේ ඔක්කොම බදු භාණ්ඩ වලට එකතු කරලා විකුණා දමනවා. ඒක නිසා ලංකාවේ මොන බද්ද වැඩි කළත් දුප්පත් මනුස්සයට තමයි ප්‍රශ්නේ. වෙළෙන්දෝ කාටවත් මේවා දැනෙන්නේ නැහැ. මේක පාලකයින්ට තේරෙන්නේ නැත්තේ ඇයි කියලා අපිට හිතාගන්න බැහැ. (නි)
ටයර් නෙති වුණාට කමක් නැහැ. මොකද දැන් අපිට යන්න වෙලා තියෙන්නේ රිම් එකෙන් නේ ! (නි)
ටයර් නැති උනාට කමක් නැහැ මොකද දැන් අපිට යන්නවෙලා තියෙන්නේ රීම් එකෙන් නේ !! (ස)
ආරම්භයක් පමණි. වයඹ ජනතාවට දයාසිරිගේ ග්‍රහ මාරුවත් , දැයට කිරුළේ ප්‍රතිලාභත් , බඩගින්නේ ආශ්චර්යයත්, ඡන්දෙට පෙර විදගන්න පුළුවන් වීම ලොකු දෙයක් (නි)
මහින්ද චින්තනයෙන් මොටර් බයිසිකල් තිවිල් වල මිල සහ පාර්ට්ස් වල මිට අඩු කරන්න බැරිද. (ස)
ඉන්න ඇමතිවරු, උප ඇමතිවරු ගණන 25 බස්සලා, පාර්ලිමේන්තුවේ ඉන්න ගණන 150 කට බස්සලා, පළාත් සභා, ප්‍රාදේශීය සභා විසුරවලා හැරලා, පරණ තිබුන ඩි.ආර්.ඕ ක්‍රමය ඇති කළොත් රට සියලු දේකින්ම සම්පුර්ණ වෙයි. මෙච්චර බදු අවශ්‍ය වෙන්නෙත් නැහැ. තෙල් මිල බාගයකින් අඩුකර ගන්න පුළුවන්. දැන් අපි ගෙවන බදු වලින් වෙන්නේ අහක ඉන්න අය සැප විදින එක. (නි)
ලගදී ඉතියෝපියාව පෙනේවි අපට... (ස)
කරත්තවලින් ගමන් කරන යුගයකට යමු.ආශ්චර්යමත් රටක්.මේ ජනතාවට සුබ අනාගතයක් (නි)
ඔන්න කනෝ පිනුම් - කිව්වලු. (නි)
මෙතරම් බදු ප්‍රමාණයක් වැඩි කරලා තියෙන්නේ ඔය එක ඇමතියෙක් හරි ජනතාව විදින දුක හොදට දන්නා නිසයි.ඔය එක් කෙනෙක්වත් තමන්ගේ පඩියෙන් බඩු භාණ්ඩ මිලදී ගන්නවද? බඩු මිළ වැඩි කරන්න විතරක් හොදටම දන්නවා.දැන් ලංකාවේ ඒක පුද්ගල ණය බර කීයද?ලෝකයටම ණයවෙලා ගොඩනැගිලි අහස උසට නංවලා,ජනතාවගේ බඩ පිට කොන්දට හා කරන සංවර්ධනය මොකටද? මේ විදිහට ඉන්දියාවේ ශත පනහක් වැඩි කළොත් ජනතාව පාරට බහින්න සුදානම්. නමුත් ලංකාවේ බඩු මිල වැඩි කළත්, විදුලි බිල වැඩි කළත් ඒකට සහයෝගය දෙන තාවකාලික සන්තෝසම් අරගෙන පාරදිගේ පෙළපාලි යන ජනතාවකුත් ඉන්නවා. එමේ සෑමදේටම හරි කියන උදවියත් ලංකාවේ උද්දමනයට වගකියන්න ඕනෑ (නි)
මිනිස්සුන්ට බොරු කරන්න බැහැ.ඕක තමයි රටේ ඇත්ත.. (නි)
නිමල්, අපි ඉතියෝපියාවක්,සෝමාලියාවක්,බන්ගලිදේශයක්,මියන්මාරයක් කරා දැනුවත්ව හෝ නොදැනුවත්වම ගමන් කරමින් සිටිනවා. (නි)
අධිවේගී සහ කාපට් මාර්ග හැදුවට පස්සේ , වාහන අමතර කොටස් පාවිච්චිය අඩු වෙනවා. එතකොට එම ප්‍රශ්නෙට විසදුම ලබෙයි. ඒත් කෑම බීම වැඩිවෙන එක නම් හැමෝටම දරාගන්න අමාරුයි. කුසගින්න අඩුකරන විදිහක් හොයා ගත්තොත් තමයි හරි. (නි)
මම නම් මගේ පෙම්වතියගෙ උපන් දිනයට "සුදු අශ්වයෙක්" තෑගී කළා.තව ලැම්බෝගිනියකුත් මග එනවා. (නි)
හිතාගන්න බෑ ලංකාවට කුමක්ද සිද්දවෙගන යන්නේ කියල.අසරණ මිනිස්සු කොහොමද මේ විදියට ජිවත් වෙන්නේ? ඇමතිවරුන් නිස්කාරනේ මොනතරන් මුදලක් නාස්ති කරනවද දවසකට මේ රටේ.අනික මේ හැමදේටම මුල ශක්තිමත් විපක්ෂයක් නැතිකමයි. (ස)
දැන්නම් මිනිස්සුන්ට හිතෙනවා ඇති යුද්දේ තිබුණා නම් හොඳයි කියලා. (නි)
ලංකාවේ චන්දෙ දෙන්න පක්ෂයක් නැ. තමන්ගේ චන්දෙ අවලංගු කරලා දාන්න. තෙල් හදන රටවල මිල එහෙමමයි අවුරුදු ගානක්. ඒත් අපේ රටේ තෙල් මිල අවුරුද්දට 4 පාරක් ඉහල යනවා. (දී)
මිනිසුනේ තමන්ගේ මොලේ හරිහැටි පවිච්චි නොකොළොත් චන්දෙදි, වෙන්නේ ලොකු විනාසයකි අතළඟ.(ස)
අනේ රටකට ගිය කල. මෙහෙම ගියොත් කවුද මේවට වග කියන්නේ.. (ස)
මේ සැරේ අපි චන්දෙ දෙන්නම්කො (දී)
චන්දයක් එනවා නේද ලග ලගම (දී)
ලංකාවම එකතු වෙලා,පාරට බහින්න ඕනේ
මෙහෙම වහල්ලු වගේ දඩ ගෙවමින්,බදු ගෙවමින් ජීවත් වෙනවට වඩා මැරෙන්න හරි මුළු ලංකාවම එකතු වෙලා පාරට බහින්න ඕනෑ.මොකද මරනවා කියලා සියල්ල මරලා දාන්න බැහැනේ.අනික මානව හිමිකම් කියලා දේකුත් තියෙනවනේ. (නි)
ඇසළ, ඕක අර දම්මික පෙරේරා කියන කෙනාට තේරෙන්නේ නැහැනේ. (නි)
ඔය ගැන හිතන්න එපා තව වතාවක් දිනවල බඩගින්නේ ආශ්චර්යය විදගන්න (අ)
ඔන්න ආශ්චර්ය , (අ)
ඉතා හොන්දයි,හරක් මස් මිලත් වැඩි කරන්දකෝ,අපේ රජය දිනේව. අපි මෙවරත් ඔබටමයි. (අ)
චින්තන ඉදිරි දැක්‌මේ සෑම තැනම තිබෙන්නේ "විනයගරුක, නීතිගරුක, සදාචාර සමාජයක්, එක රටක්, එක නීතියක්, රාජ්‍ය සේවය ජනතාව පිණිසයි" වැනි දේවල්ය. නමුත් ක්‍රියා පිළිවෙත දකින විට කිසිවක් සිතාගත නොහැක (නි)
ජනතා ප්‍රවර්ධනය වෙනුවෙන් ඇමති මණ්ඩලය අඩු කරන්න නොහැකිද? (නි)
දැන් වාහනයක්වත් පාරේ ගිහින් ඉවරයිනේ. කොහොමද පාර්ට්ස් වැඩි වුණහම වාහන යන්නේ පාරේ? තව ටික කාලයක් ගියාම ලංකාව ඉවරයි (නි)
ලංකාවේ වැවෙන, එංගලන්තේ වැවෙන්නේ නැති එළවලු ලාබයි එංගලන්තයේ. කිරි බටර් ලාබයි එංගලන්තයේ. මට තේරෙන්නේ නැහැ මොකක්ද මේ රටට වේගෙන යන්නේ කියලා. අරහේ එළවලු විසිකරනවා, ඒත් කොළඹ ගිනි ගණන්. දේශපාලුවන්ට සම්බන්ධ මුදලාලි මාෆියාව ලංකාව වෙලාගෙන. (නි)
ලොකු ලොකු අයට ගානක් නැහැ නැති බැරි එදාවේල හම්බකරගෙන කන මනුස්සයා ජීවත් වෙන්නේ කොහොමද කියලා. අනේ අපේ රට බෞද්ධ වුණාට අපිට දුකයි. මොකද මෙතරම් පවු වැඩ හොරකම් කරන රටක් ලෝකේ කොහෙවත් නැතුව ඇති. මේකට වග කියන්න ඕනෑ විශේෂයෙන්ම වර්තමාන විපක්ෂයත්. මොකද රජය කරන හැම වැඩකටම ඔවුන් එකග නිසා. (නි)
දයාසිරි මහත්තයත් ඇතුලට ආවා, ශ්‍රී ලංකා වාසි සැමට සුභ ආරංචි දෙකක් සමග අද අපි ක්‍රිකට් මැච් ජයග්‍රණය කරලා ජයපැන් බොන්න පුළුවන්, සංශෝධනය යනු වැඩි කීරීම බව අපි හොදින් ඉගෙන ගත්තා පවතින රජයෙන්. (අ)
රටේ ඉන්න කකුල් දෙකේ හරක් ටික මසට විකුනන්නේ කවද්ද? (අ)
මේක ආරම්බයක් පමණි. රටේ දැනට තියන තත්ත්වය ඉතා භයානකයි. තව එන්න තියනවා ආශ්චර්ය සතුටේ බෑ (අ)
ඔක්කොම හිතුවා නේද දයා ඒ පැත්තට පැනල රටට සිරිය ගෙනේවි කියලා.මොකද මේ වුනේ(අ)
මොළය නොවෙහෙසා කළ හැකි පහසුම දේ තමා බදු වැඩි කිරීම. දියුණු රටවල දළ ජාතික අදායම වැඩි කිරීමට කාර්මික සහ කෘෂිකාර්මික නිෂ්පාදන වැඩි කර රටේ අදායම ඉහළ මට්ටමක පවත්වා ගැනීමට කටයුතු කළත් ලංකාවේ පොදු ජනයා පීඩනයට පත් කරන බදු බර ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නැත. (නි)
අපේ ආශ්චර්යයට ටයර් මිල නගින නිසා තව මොනවායේ මිළ නගිද? (නි)
උපතින් මා හට මේ හැම උරුමයි (නි)
සියළු දෙනාම ගෙදර පාවිච්චියට බස් එකක් ගත්තා නම් හොදයි (නි)
දේශිය කර්මාන්ත වල කොහෙද වාහන අමතර කොටස් නිෂ්පාදනය කරන්නේ? (නි)
දැන් අහවලා කියයි බඩුමිළ වැඩි නොකර කොහොමද රටක් දියුණු කරන්නේ කියලා. (නි)
බලන්නකෝ ටිකිරි බණ්ඩාරගේ ටිකිරි මොළේ? (නි)
තව තව අධිවේගී මාර්ග හදන්න, ඉදිරියට ඒවායේ යන්න වෙන්නේ බර කරත්ත වලින් තමයි. එතකොට ලෝකයේ ලොකුම වරාය, ලොකුම ගුවන්තොටුපලට වාහන නැති අධිවේගී මාර්ගයත් එකතු කරන්න පුළුවන්. ලංකාවේ හදන ටයර් වාහන වලට දැමුවහොත් අධිවේගී තියා ගමේ පාරකවත් යන්න බැහැ, දෙදරනවා. ඡන්දෙට පෙර මෙහෙම නම් ඡන්දෙට පස්සේ කොහොමද ? කරුණාකර ඇමති මණ්ඩලය අඩු කරන්න , තෙල් පිරිපහදුවක් හදන්න , කිරිපිටි මිල අඩුකරන්න (නි)
දයාසිරි ආවට පස්සේ ජනතාවට ලැබෙන වාසි දැන් ටික ටික ලැබෙන්න පටන්ගෙන වගේ (නි)
මේ රටේ අහිංසක ජනතාව පෙළෙන පීඩාවේ සීමාවක් නොමැත. හරිම කණගාටුයි (නි)
දැන් පටන් අරගෙන තියෙන්නේ පොදු රද මඩුල්ලේ වියදම් හොයන්නද මන්දා, දුප්පතාගේ බඩට ගහලා හරි (නි)
ආපහු බලු බද්දත් ගේමු. තව පුළුවන් තන කිරි බද්ද, වැසිකිළි බද්ද වගේ ඒවත් හඳුන්වා දෙන්න. හැබැයි පිදුරු බද්ද ගෙනාපු දාට තමා රජය පාඩමක් ඉගෙන ගන්නෙ අපේ මහජනයට කන්න දෙයක් නැති වෙලා (නි)