IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ටයර් - වාහන කොටස් බදු වැඩි වේ

බස් හැර  සෙසු වාහන ටයර් (30% හෝ කිලෝවට රු 140 හෝ වැඩි ප්‍රමාණය ) ,වාහන අමතර කොටස් (15% සිට 30% දක්වා),බටර් ඇතුළු කිරි නිෂ්පාදන( 30% හෝ කිලෝවට රු 200 ක් යන දෙකින් වැඩි ප්‍රමාණය), රට මත්පැන් හා දුම්කොළ නිෂ්පාදන ආනයන බද්ද අද සිට සංශෝධනය කරන බව මුදල් අමාත්‍යංශය කියයි.

දේශිය කර්මාන්ත ප්‍රවර්ධනය සදහා මේ පියවර ගන්නා බවත් විශේෂයෙන්  ලුහු ඉංජිනේරු කර්මාන්තය, කිරි හා ටයර් නිෂ්පාදනයට සානුබල  සැපයීම මෙහි අරමුණ බව අමාත්‍යංශය පවසයි.

සින්ගල් කැබ් සදහා වන බද්ද  සංශෝධනය කෙරේ.එසේ කරනුයේ දැනට පවතින විෂමතාවයක් නිවැරදි කිරීම සදහා බවත් අමාත්‍යංශය කියයි.



අදහස් (0)

ටයර් - වාහන කොටස් බදු වැඩි වේ

ද සිල්වා Thursday, 01 August 2013 04:15 AM

තව තව අධිවේගී මාර්ග හදන්න, ඉදිරියට ඒවායේ යන්න වෙන්නේ බර කරත්ත වලින් තමයි. එතකොට ලෝකයේ ලොකුම වරාය, ලොකුම ගුවන්තොටුපලට වාහන නැති අධිවේගී මාර්ගයත් එකතු කරන්න පුළුවන්. ලංකාවේ හදන ටයර් වාහන වලට දැමුවහොත් අධිවේගී තියා ගමේ පාරකවත් යන්න බැහැ, දෙදරනවා. ඡන්දෙට පෙර මෙහෙම නම් ඡන්දෙට පස්සේ කොහොමද ? කරුණාකර ඇමති මණ්ඩලය අඩු කරන්න , තෙල් පිරිපහදුවක් හදන්න , කිරිපිටි මිල අඩුකරන්න (නි)

:       0       0

චමින්ද Thursday, 01 August 2013 04:23 AM

දයාසිරි ආවට පස්සේ ජනතාවට ලැබෙන වාසි දැන් ටික ටික ලැබෙන්න පටන්ගෙන වගේ (නි)

:       0       0

ශානුක ප්‍රියන්ත Thursday, 01 August 2013 11:16 AM

හිතාගන්න බෑ ලංකාවට කුමක්ද සිද්දවෙගන යන්නේ කියල.අසරණ මිනිස්සු කොහොමද මේ විදියට ජිවත් වෙන්නේ? ඇමතිවරුන් නිස්කාරනේ මොනතරන් මුදලක් නාස්ති කරනවද දවසකට මේ රටේ.අනික මේ හැමදේටම මුල ශක්තිමත් විපක්ෂයක් නැතිකමයි. (ස)

:       0       0

අප්පුහාමි Thursday, 01 August 2013 05:09 AM

මේ රටේ අහිංසක ජනතාව පෙළෙන පීඩාවේ සීමාවක් නොමැත. හරිම කණගාටුයි (නි)

:       0       0

පාලිත Thursday, 01 August 2013 11:42 AM

දැන්නම් මිනිස්සුන්ට හිතෙනවා ඇති යුද්දේ තිබුණා නම් හොඳයි කියලා. (නි)

:       0       0

පාලිත Thursday, 01 August 2013 11:46 AM

ලංකාවේ චන්දෙ දෙන්න පක්ෂයක් නැ. තමන්ගේ චන්දෙ අවලංගු කරලා දාන්න. තෙල් හදන රටවල මිල එහෙමමයි අවුරුදු ගානක්. ඒත් අපේ රටේ තෙල් මිල අවුරුද්දට 4 පාරක් ඉහල යනවා. (දී)

:       0       0

පාලිත Thursday, 01 August 2013 11:44 AM

මිනිසුනේ තමන්ගේ මොලේ හරිහැටි පවිච්චි නොකොළොත් චන්දෙදි, වෙන්නේ ලොකු විනාසයකි අතළඟ.(ස)

:       0       0

දිසානායක Wednesday, 31 July 2013 07:33 PM

මොළය නොවෙහෙසා කළ හැකි පහසුම දේ තමා බදු වැඩි කිරීම. දියුණු රටවල දළ ජාතික අදායම වැඩි කිරීමට කාර්මික සහ කෘෂිකාර්මික නිෂ්පාදන වැඩි කර රටේ අදායම ඉහළ මට්ටමක පවත්වා ගැනීමට කටයුතු කළත් ලංකාවේ පොදු ජනයා පීඩනයට පත් කරන බදු බර ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නැත. (නි)

:       0       0

අමිල Wednesday, 31 July 2013 07:32 PM

ඔන්න ආශ්චර්ය , (අ)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 31 July 2013 07:33 PM

ඉතා හොන්දයි,හරක් මස් මිලත් වැඩි කරන්දකෝ,අපේ රජය දිනේව. අපි මෙවරත් ඔබටමයි. (අ)

:       0       0

රුවන් Wednesday, 31 July 2013 07:34 PM

චින්තන ඉදිරි දැක්‌මේ සෑම තැනම තිබෙන්නේ "විනයගරුක, නීතිගරුක, සදාචාර සමාජයක්‌, එක රටක්‌, එක නීතියක්‌, රාජ්‍ය සේවය ජනතාව පිණිසයි" වැනි දේවල්ය. නමුත් ක්‍රියා පිළිවෙත දකින විට කිසිවක් සිතාගත නොහැක (නි)

:       0       0

ව.සිල්වා Wednesday, 31 July 2013 07:48 PM

ජනතා ප්‍රවර්ධනය වෙනුවෙන් ඇමති මණ්ඩලය අඩු කරන්න නොහැකිද? (නි)

:       0       0

ටිකිරි Thursday, 01 August 2013 04:58 PM

මෙහෙම වහල්ලු වගේ දඩ ගෙවමින්,බදු ගෙවමින් ජීවත් වෙනවට වඩා මැරෙන්න හරි මුළු ලංකාවම එකතු වෙලා පාරට බහින්න ඕනෑ.මොකද මරනවා කියලා සියල්ල මරලා දාන්න බැහැනේ.අනික මානව හිමිකම් කියලා දේකුත් තියෙනවනේ. (නි)

:       0       0

වරුණ Thursday, 01 August 2013 07:34 AM

දැන් පටන් අරගෙන තියෙන්නේ පොදු රද මඩුල්ලේ වියදම් හොයන්නද මන්දා, දුප්පතාගේ බඩට ගහලා හරි (නි)

:       0       0

ටිකිරි Thursday, 01 August 2013 05:01 PM

ඇසළ, ඕක අර දම්මික පෙරේරා කියන කෙනාට තේරෙන්නේ නැහැනේ. (නි)

:       0       0

චානුක Wednesday, 31 July 2013 08:08 PM

දැන් වාහනයක්වත් පාරේ ගිහින් ඉවරයිනේ. කොහොමද පාර්ට්ස් වැඩි වුණහම වාහන යන්නේ පාරේ? තව ටික කාලයක් ගියාම ලංකාව ඉවරයි (නි)

:       0       0

රන්ජන් Wednesday, 31 July 2013 08:19 PM

ලංකාවේ වැවෙන, එංගලන්තේ වැවෙන්නේ නැති එළවලු ලාබයි එංගලන්තයේ. කිරි බටර් ලාබයි එංගලන්තයේ. මට තේරෙන්නේ නැහැ මොකක්ද මේ රටට වේගෙන යන්නේ කියලා. අරහේ එළවලු විසිකරනවා, ඒත් කොළඹ ගිනි ගණන්. දේශපාලුවන්ට සම්බන්ධ මුදලාලි මාෆියාව ලංකාව වෙලාගෙන. (නි)

:       0       0

දනුෂ්ක Thursday, 01 August 2013 12:39 PM

අනේ රටකට ගිය කල. මෙහෙම ගියොත් කවුද මේවට වග කියන්නේ.. (ස)

:       0       0

කරු Wednesday, 31 July 2013 08:23 PM

ලොකු ලොකු අයට ගානක් නැහැ නැති බැරි එදාවේල හම්බකරගෙන කන මනුස්සයා ජීවත් වෙන්නේ කොහොමද කියලා. අනේ අපේ රට බෞද්ධ වුණාට අපිට දුකයි. මොකද මෙතරම් පවු වැඩ හොරකම් කරන රටක් ලෝකේ කොහෙවත් නැතුව ඇති. මේකට වග කියන්න ඕනෑ විශේෂයෙන්ම වර්තමාන විපක්ෂයත්. මොකද රජය කරන හැම වැඩකටම ඔවුන් එකග නිසා. (නි)

:       0       0

සරත් Thursday, 01 August 2013 12:51 PM

මේ සැරේ අපි චන්දෙ දෙන්නම්කො (දී)

:       0       0

ෂෙරිෆ් Wednesday, 31 July 2013 08:36 PM

දයාසිරි මහත්තයත් ඇතුලට ආවා, ශ්‍රී ලංකා වාසි සැමට සුභ ආරංචි දෙකක් සමග අද අපි ක්‍රිකට් මැච් ජයග්‍රණය කරලා ජයපැන් බොන්න පුළුවන්, සංශෝධනය යනු වැඩි කීරීම බව අපි හොදින් ඉගෙන ගත්තා පවතින රජයෙන්. (අ)

:       0       0

ටිකිරි බණ්ඩාර Wednesday, 31 July 2013 08:56 PM

රටේ ඉන්න කකුල් දෙකේ හරක් ටික මසට විකුනන්නේ කවද්ද? (අ)

:       0       0

අමිල Thursday, 01 August 2013 08:29 AM

ආපහු බලු බද්දත් ගේමු. තව පුළුවන් තන කිරි බද්ද, වැසිකිළි බද්ද වගේ ඒවත් හඳුන්වා දෙන්න. හැබැයි පිදුරු බද්ද ගෙනාපු දාට තමා රජය පාඩමක් ඉගෙන ගන්නෙ අපේ මහජනයට කන්න දෙයක් නැති වෙලා (නි)

:       0       0

නිරෝෂ් Thursday, 01 August 2013 08:40 AM

අධිවේගී සහ කාපට් මාර්ග හැදුවට පස්සේ , වාහන අමතර කොටස් පාවිච්චිය අඩු වෙනවා. එතකොට එම ප්‍රශ්නෙට විසදුම ලබෙයි. ඒත් කෑම බීම වැඩිවෙන එක නම් හැමෝටම දරාගන්න අමාරුයි. කුසගින්න අඩුකරන විදිහක් හොයා ගත්තොත් තමයි හරි. (නි)

:       0       0

හෆ්සල් Wednesday, 31 July 2013 09:35 PM

මේක ආරම්බයක් පමණි. රටේ දැනට තියන තත්ත්වය ඉතා භයානකයි. තව එන්න තියනවා ආශ්චර්ය සතුටේ බෑ (අ)

:       0       0

ඉස්මෛල් හුසේන් Thursday, 01 August 2013 08:41 AM

අපි ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න හිතාගෙන ඉන්නවා. එහෙත් මෙහෙම බදු වැඩි කරනකොට ඒවා කරන්න හිතෙන්නේ නැහැ. ඡන්ද කරන්න මෙහෙමද සල්ලි හොයාගන්නේ? අපිට තේරෙන්නේ නැත්තෙ ඒකයි. වාහන බදු වැඩිකරපු එකෙන් වහනයක් ගන්න තියා ඒ ගැන හිතලාවත් නැති දුප්පතුන්ටත් මේවට ගෙවන්න වෙනවා. මොකද ලොකු ව්‍යාපාරිකයෝ මේ ඔක්කොම බදු භාණ්ඩ වලට එකතු කරලා විකුණා දමනවා. ඒක නිසා ලංකාවේ මොන බද්ද වැඩි කළත් දුප්පත් මනුස්සයට තමයි ප්‍රශ්නේ. වෙළෙන්දෝ කාටවත් මේවා දැනෙන්නේ නැහැ. මේක පාලකයින්ට තේරෙන්නේ නැත්තේ ඇයි කියලා අපිට හිතාගන්න බැහැ. (නි)

:       0       0

සුනිල් Thursday, 01 August 2013 08:47 AM

ටයර් නෙති වුණාට කමක් නැහැ. මොකද දැන් අපිට යන්න වෙලා තියෙන්නේ රිම් එකෙන් නේ ! (නි)

:       0       0

සුනිල් Thursday, 01 August 2013 08:47 AM

ටයර් නැති උනාට කමක් නැහැ මොකද දැන් අපිට යන්නවෙලා තියෙන්නේ රීම් එකෙන් නේ !! (ස)

:       0       0

නිමාලි Thursday, 01 August 2013 08:49 AM

ආරම්භයක් පමණි. වයඹ ජනතාවට දයාසිරිගේ ග්‍රහ මාරුවත් , දැයට කිරුළේ ප්‍රතිලාභත් , බඩගින්නේ ආශ්චර්යයත්, ඡන්දෙට පෙර විදගන්න පුළුවන් වීම ලොකු දෙයක් (නි)

:       0       0

කුමා Thursday, 01 August 2013 08:49 AM

මහින්ද චින්ත‍නයෙන් මොටර් බයිසිකල් තිවිල් වල මිල සහ පාර්ට්ස් වල මිට අඩු කරන්න බැරිද. (ස)

:       0       0

ඇසළ Thursday, 01 August 2013 08:50 AM

ඉන්න ඇමතිවරු, උප ඇමතිවරු ගණන 25 බස්සලා, පාර්ලිමේන්තුවේ ඉන්න ගණන 150 කට බස්සලා, පළාත් සභා, ප්‍රාදේශීය සභා විසුරවලා හැරලා, පරණ තිබුන ඩි.ආර්.ඕ ක්‍රමය ඇති කළොත් රට සියලු දේකින්ම සම්පුර්ණ වෙයි. මෙච්චර බදු අවශ්‍ය වෙන්නෙත් නැහැ. තෙල් මිල බාගයකින් අඩුකර ගන්න පුළුවන්. දැන් අපි ගෙවන බදු වලින් වෙන්නේ අහක ඉන්න අය සැප විදින එක. (නි)

:       0       0

චානක. Wednesday, 31 July 2013 09:55 PM

ඔක්කොම හිතුවා නේද දයා ඒ පැත්තට පැනල රටට සිරිය ගෙනේවි කියලා.මොකද මේ වුනේ(අ)

:       0       0

නිමල් Thursday, 01 August 2013 08:54 AM

ලගදී ඉතියෝපියාව පෙනේවි අපට... (ස)

:       0       0

රංග Wednesday, 31 July 2013 09:59 PM

ඔය ගැන හිතන්න එපා තව වතාවක් දිනවල බඩගින්නේ ආශ්චර්යය විදගන්න (අ)

:       0       0

නලිත Thursday, 01 August 2013 09:04 AM

කරත්තවලින් ගමන් කරන යුගයකට යමු.ආශ්චර්යමත් රටක්.මේ ජනතාවට සුබ අනාගතයක් (නි)

:       0       0

මාලක Thursday, 01 August 2013 02:14 PM

චන්දයක් එනවා නේද ලග ලගම (දී)

:       0       0

දර්මේ Wednesday, 31 July 2013 10:54 PM

අපේ ආශ්චර්යයට ටයර් මිල නගින නිසා තව මොනවායේ මිළ නගිද? (නි)

:       0       0

බණ්ඩා Thursday, 01 August 2013 02:21 PM

ලංකාවම එකතු වෙලා,පාරට බහින්න ඕනේ

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 01 August 2013 09:57 AM

ඔන්න කනෝ පිනුම් - කිව්වලු. (නි)

:       0       0

මොහමඩ් Thursday, 01 August 2013 12:15 AM

උපතින් මා හට මේ හැම උරුමයි (නි)

:       0       0

කපුකොටුව Thursday, 01 August 2013 12:28 AM

සියළු දෙනාම ගෙදර පාවිච්චියට බස් එකක් ගත්තා නම් හොදයි (නි)

:       0       0

අස්මිත් Thursday, 01 August 2013 10:14 AM

මෙතරම් බදු ප්‍රමාණයක් වැඩි කරලා තියෙන්නේ ඔය එක ඇමතියෙක් හරි ජනතාව විදින දුක හොදට දන්නා නිසයි.ඔය එක් කෙනෙක්වත් තමන්ගේ පඩියෙන් බඩු භාණ්ඩ මිලදී ගන්නවද? බඩු මිළ වැඩි කරන්න විතරක් හොදටම දන්නවා.දැන් ලංකාවේ ඒක පුද්ගල ණය බර කීයද?ලෝකයටම ණයවෙලා ගොඩනැගිලි අහස උසට නංවලා,ජනතාවගේ බඩ පිට කොන්දට හා කරන සංවර්ධනය මොකටද? මේ විදිහට ඉන්දියාවේ ශත පනහක් වැඩි කළොත් ජනතාව පාරට බහින්න සුදානම්. නමුත් ලංකාවේ බඩු මිල වැඩි කළත්, විදුලි බිල වැඩි කළත් ඒකට සහයෝගය දෙන තාවකාලික සන්තෝසම් අරගෙන පාරදිගේ පෙළපාලි යන ජනතාවකුත් ඉන්නවා. එමේ සෑමදේටම හරි කියන උදවියත් ලංකාවේ උද්දමනයට වගකියන්න ඕනෑ (නි)

:       0       0

සංජීව Thursday, 01 August 2013 10:18 AM

මිනිස්සුන්ට බොරු කරන්න බැහැ.ඕක තමයි රටේ ඇත්ත.. (නි)

:       0       0

ටිකිරි Thursday, 01 August 2013 10:31 AM

නිමල්, අපි ඉතියෝපියාවක්,සෝමාලියාවක්,බන්ගලිදේශයක්,මියන්මාරයක් කරා දැනුවත්ව හෝ නොදැනුවත්වම ගමන් කරමින් සිටිනවා. (නි)

:       0       0

ටිකිරි Thursday, 01 August 2013 10:31 AM

මම මේ බැලුවේ දම්මික පෙරේරා මේකත් සාදාරනීකරණය කරලද කියලා (නි)

:       0       0

සමන්ත Thursday, 01 August 2013 01:28 AM

දේශිය කර්මාන්ත වල කොහෙද වාහන අමතර කොටස් නිෂ්පාදනය කරන්නේ? (නි)

:       0       0

ටිකිරි Thursday, 01 August 2013 10:35 AM

මම නම් මගේ පෙම්වතියගෙ උපන් දිනයට "සුදු අශ්වයෙක්" තෑගී කළා.තව ලැම්බෝගිනියකුත් මග එනවා. (නි)

:       0       0

ගුණරත්න Thursday, 01 August 2013 02:58 AM

දැන් අහවලා කියයි බඩුමිළ වැඩි නොකර කොහොමද රටක් දියුණු කරන්නේ කියලා. (නි)

:       0       0

මොහමඩ් Thursday, 01 August 2013 03:17 AM

බලන්නකෝ ටිකිරි බණ්ඩාරගේ ටිකිරි මොළේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 99 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 138 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 1829 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 2704 3

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2042 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 530 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36865 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24332 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 573 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site