ඉරිදා උදේ ටියුෂන් පන්ති පැවැත්වීමට එරෙහිව බලපිටිය දහම්පාසල් 46 ක් වසා මව්පියෝ හා ගුරුවරු බලපිටිය බස් නැවතුම්පොළ ඉදිරිපිට අද උදේ උද්ඝෝෂණයක් ඇරඹූහ. බලපිටි ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී රන්දොඹේ ඥානිස්සර හිමියන්ගේ අනුශාසනා මත මේ විරෝධය පැවැත්වේ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉරිදාට ටියුෂන් කරන අය අතර හාමුදුරුවරුනුත් ඉන්නවා. මේ හොද වැඩය සාර්ථක වේවා! (නි)
මොහොමඩ් මහත්ත්මයණෙනි ඔබ හරි , මාගේ ස්තුතිය.(ස)
බුද්ධාගමේ කොහෙද තියෙන්නෙ බලහත්කාරයෙන් ආගම දහම උගන්වන්න කියලා? තමන්ට ගැළපෙන දේ තෝරගන්න එක තමන්ගෙ අයිතියක්. (නි)
දිගටම දහම් පාසල් වැහුවොත් ටියුෂන් කාරයින්ට පල්ලම.අනික ඒ අය කලින් වැස්සකටවත් පන්සල් පල්ලි වලට ගොඩ වෙලා නැතුව ඇති. (ස)
දරුවෝ ඔයාලගේ .මොකටද ටියුෂන් යවන්නේ ? දහම්පාසල් යවන්න . බොරු උද්ඝෝෂණ එපා.ආණ්ඩුව පඹ ගාලක පැටලිලා ඉද්දි තව කරදර කරන්න එපා ..(ස)
අද සමාජයේ සංස්කෘතිය හා සදාචාරය පිරිහි මිනී මැරිම්, ස්ත්‍රී දුෂණ, මැර දේශපාලන වැඩිවී ඇත්තේ දහම් පාසැල් අධ්‍යාපනය හෙවත් මූලික සංස්කෘතික හා ආගමික අධ්‍යාපනය නැතිවී යාම යන හේතුන් මතයි. මෙයට ඉරිදා උදේ ටියුෂන් පන්තිත් බලපාන බැවින් එයට එරෙහිව විරෝධතා දැක්වීම අනාගතයේ හොද සමාජයක් බිහිකිරිමට හොද අඩිතාලමක් වේවි. (නි)
ඒක හොද වැඩක්. (නි)
මේ විදියට හරි කමක් නැහැ, ළමයි දහම් අධ්‍යාපනයට යොමු කරන්න පුලුවන් නම්. (නි)
මොකක්ද දහම් පාසල් වලින් කෙරෙන වැඩේ? හාමුදුරුවරු හැමදාම බැලුවොත් වර්ජන වල. (නි)
හවසට ටියුෂන් කරන්න පුලුවන්නේ. (නි)
ළමයෙක් රජයේ පොඩි පාසලකට ගියාම ඒකෙ අධ්‍යපනය මදි කියලා ටියුෂන් පන්ති යවනවා.ඒක සාධාරණයි. එහෙම නම් උසස් කියන පාසලකට හෝ ජාත්‍යන්තර කියන පාසලකට යවනවා නම් ටියුෂන් පන්ති යවන්න ඕනෑ නැහැනෙ. නමුත් ඔය මොකට ගියත් ටියුෂන් යන්න ඕනෑ. ඒ කියන්නෙ මේ එකකවත් හරි අධ්‍යාපනයක් ළමයෙකුට දෙන්නෙ නැහැ කියන එකයි. අද වෙනකොට ගුරුවරු, ගුරු හොරු බවට පත්වෙලා ඉවරයි. අපේ රටේ තියෙන මාෆියා මුල්‍ය ක්‍රමය අනුව මොන සුද්ධවන්තයා වුණත් ඒ බවට පත් වෙනවා.මේවට පිළිතුරු සපයන්න අපේ ඇමතිවරු උගත් නැහැ.ඒක තමයි මෙතෙක් උගත් අයගෙන්වත් රටට ප්‍රයොජනයක් නැත්තෙ.දැන් ඉතින් මේ අයත් ගිහින් සරසවි ඇදුරොත් එක්ක වාඩි වුණා නම් අධ්‍යාපනය කෝකවෙතත් ආදායම හරි තව වැඩි කරගන්න පුළුවන් වෙයි. (නි)
මේක නම් අගය කළ යූතූ හොද වැඩක්. ඉරිදා දහම් පාසැල් සහතික අනිවාර්ය කරන්න. (නි)
ලෝකයේ තිබෙන ආගම් වල ගණනට අනුව නම් මේ ලෝකය දැන් අපරාධ නැති, යුද්ධ නැති, ගැටුම් නැති පුදුමාකාර ලෙස සාමකාමී තැනක් විය යුතුයි. මොකද හැම ආගමකම කියන්නේ හොද නරක ගැන නිසා. නමුත් ඇත්තටම වෙන්නේ ඒකේ අනිත් පැත්ත. ආගම් එක සාධකයක් ගැටුම් වලට. (නි)
ටියුෂන් පන්ති ඉරිදාට පමණක් නොව සදහටම නැවැත්විය යුතුයි. (නි)
ටියුෂන් පන්ති අනිවාර්යයෙන් ඉරිදාට හෝ තහනම් කළ යුතුයි (නි)
හැමෝටම ඉතින් පේන්නේ අපි ටියුෂන් එකක් කරගෙන යන්තම් කාලා ඇඳලා හිටියොත් විතරයි. අරහේ ලොකු ලොකු මිනිස්සු දුෂණ වංචා කරද්දී සද්දේ වහලා එයාලට සපෝට්. අපිට තමයි සද්දේ පෙන්නන්න එන්නේ. නොදොකින් විතරක්! (නි)
ඔය උද්ඝොෂණයට ටියුෂන් මාස්ටර්ලත් ඇති .අපි නොදන්න ලංකාවේ උද්ඝෝෂණ . ආචාර්‍යවරු ඔක්කොම සම්බන්ධ කර ගත්නම් මරු (ස)
නියමයි. ඉදිරියට සියලු ටියුෂන් පන්ති නැවැත්විය යුතුයි. (නි)
ඒකටත් උද්ඝෝෂණ. දරුවාව යැවිය යුතු තැන දෙමාපියන් විසින් තීරණය කළ යුතුයි. (නි)
දහම් පාසල් සියලු ආගම් වලම තියෙනවා. සියලු ආගමික නායකයින් මෙයට එක්විය යුතුයි. (නි)
අපේ හාමුදුරුවනේ, කතාව ඇත්ත. අපේ දැන් ඉන්න දෙමව්පියන්ට ඕනෑ කොහෝම හරි දරුවා විශ්වවිද්‍යාලයේ යවන එක. ඊටපස්සෙ ඒ දරුවාට බුදුදහම ගැන වැටහීමක් නැතිනිසා අනවශ්‍යය ප්‍රශ්න හදාගන්නවා. ඊට පස්සේ කවුද පළි? (නි)
ඇයි දහම් පාසැල් පවත්වන්නේ ටියුෂන් සර්ගේ ගෙදරද?(ස)
සෙනසුරාදා , ඉරිදා , පොහොය දිනය යන මේ දිනයන්වල අමතර පන්ති තහනම් කල යුතුයි (ස)
සන්තෝෂයි , හාමුදුරුවරු හා බෞද්ධ ජනතාව මෙහෙම ක්‍රියාත්මක වීම ගැන ගොඩක් සතුටුයි (ස)
දහම් අධ්‍යාපනය ඉතා වැදගත් (නි)
ඔච්චර දහම් පාසලුත් මොකටද එක අතකින් බැලුවහම? (නි)
ටියුෂන් පන්ති කොහොමටත් තහනම් කළ යුතුයි. අපේ ළමා පරපුර විනාශ කිරීමේ ප්‍රධානම චූදිතයා ටියුෂන්. ළමයින්ට ළමා කාලය අහිමි කළේ ඔය පන්ති යාමයි. රටට ජාතියට ආදරය කරන, එකිනෙකාට ආදරය කරන, අනෙකාගේ දුකේදී හිත උණුවෙන, ජය පරාජය දෙකම දරාගන්න පුළුවන් රටේ අනාගත සමාජ නායකත්වයට සුදුසු දරු පරපුරක් ගොඩනැගීමට ලොකුම බාධාව ඔය කියන ටියුෂන් පන්තියයි. ළමයි කටපාඩම් කළ උගතුන් මිස යහපත් දක්ෂ පරාර්ථකාමී රටට ආදරය කරන මිනිසුන් බවට පත්වීමට ඇති ලොකුම බාධකය එයයි. මේ විදියට දිගටම යනකොට දැඩි ආත්මාර්ථකාමී, රටේ පොදු සම්පත් කොල්ලකාගන්නම හිතන නරුම ජනතාවක් පමණක් ඉතිරි වෙයි. ඒ නිසා ළමයින් යහපත් පුරවැසියන් කිරීමට අඩිතාලම දමන ළමාකාලය ඉස්සර වගේ පාසල් තුළින් පමණක් දීලා ඔය කඩ ටික වහලා දාන්න ඕනෑ. මේක හදිසිම අවශ්‍යතාවයක්. (නි)
මේවා කරන්න ඕනෑද? ළමයි උපකාරක පන්ති වලට යවන්නේ නැතිව දහම් පාසල් යවන්න. එතකොට හරිනේ. පන්තිත් ඉබේම වැහෙයි. (නි)