IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ටියුෂන් පන්තියට එරෙහිව දහම් පාසල් වසයි

ඉරිදා උදේ ටියුෂන් පන්ති පැවැත්වීමට එරෙහිව බලපිටිය දහම්පාසල් 46 ක් වසා මව්පියෝ හා ගුරුවරු බලපිටිය බස් නැවතුම්පොළ ඉදිරිපිට අද උදේ උද්ඝෝෂණයක් ඇරඹූහ. බලපිටි ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී රන්දොඹේ ඥානිස්සර හිමියන්ගේ අනුශාසනා මත මේ විරෝධය පැවැත්වේ.



අදහස් (0)

ටියුෂන් පන්තියට එරෙහිව දහම් පාසල් වසයි

සමන් Sunday, 30 September 2012 12:21 PM

නියමයි. ඉදිරියට සියලු ටියුෂන් පන්ති නැවැත්විය යුතුයි. (නි)

:       0       0

ප්‍රසන්න Sunday, 30 September 2012 12:30 PM

ඔය උද්ඝොෂණයට ටියුෂන් මාස්ටර්ලත් ඇති .අපි නොදන්න ලංකාවේ උද්ඝෝෂණ . ආචාර්‍යවරු ඔක්කොම සම්බන්ධ කර ගත්නම් මරු (ස)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 30 September 2012 12:32 PM

හැමෝටම ඉතින් පේන්නේ අපි ටියුෂන් එකක් කරගෙන යන්තම් කාලා ඇඳලා හිටියොත් විතරයි. අරහේ ලොකු ලොකු මිනිස්සු දුෂණ වංචා කරද්දී සද්දේ වහලා එයාලට සපෝට්. අපිට තමයි සද්දේ පෙන්නන්න එන්නේ. නොදොකින් විතරක්! (නි)

:       0       0

සරසි Sunday, 30 September 2012 12:39 PM

ඉරිදාට ටියුෂන් කරන අය අතර හාමුදුරුවරුනුත් ඉන්නවා. මේ හොද වැඩය සාර්ථක වේවා! (නි)

:       0       0

රත්න Sunday, 30 September 2012 12:50 PM

ටියුෂන් පන්ති ඉරිදාට පමණක් නොව සදහටම නැවැත්විය යුතුයි. (නි)

:       0       0

ඇන්ඩි Sunday, 30 September 2012 12:49 PM

ලෝකයේ තිබෙන ආගම් වල ගණනට අනුව නම් මේ ලෝකය දැන් අපරාධ නැති, යුද්ධ නැති, ගැටුම් නැති පුදුමාකාර ලෙස සාමකාමී තැනක් විය යුතුයි. මොකද හැම ආගමකම කියන්නේ හොද නරක ගැන නිසා. නමුත් ඇත්තටම වෙන්නේ ඒකේ අනිත් පැත්ත. ආගම් එක සාධකයක් ගැටුම් වලට. (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Sunday, 30 September 2012 01:03 PM

මේක නම් අගය කළ යූතූ හොද වැඩක්. ඉරිදා දහම් පාසැල් සහතික අනිවාර්ය කරන්න. (නි)

:       0       0

ජීව Sunday, 30 September 2012 01:33 PM

ළමයෙක් රජයේ පොඩි පාසලකට ගියාම ඒකෙ අධ්‍යපනය මදි කියලා ටියුෂන් පන්ති යවනවා.ඒක සාධාරණයි. එහෙම නම් උසස් කියන පාසලකට හෝ ජාත්‍යන්තර කියන පාසලකට යවනවා නම් ටියුෂන් පන්ති යවන්න ඕනෑ නැහැනෙ. නමුත් ඔය මොකට ගියත් ටියුෂන් යන්න ඕනෑ. ඒ කියන්නෙ මේ එකකවත් හරි අධ්‍යාපනයක් ළමයෙකුට දෙන්නෙ නැහැ කියන එකයි. අද වෙනකොට ගුරුවරු, ගුරු හොරු බවට පත්වෙලා ඉවරයි. අපේ රටේ තියෙන මාෆියා මුල්‍ය ක්‍රමය අනුව මොන සුද්ධවන්තයා වුණත් ඒ බවට පත් වෙනවා.මේවට පිළිතුරු සපයන්න අපේ ඇමතිවරු උගත් නැහැ.ඒක තමයි මෙතෙක් උගත් අයගෙන්වත් රටට ප්‍රයොජනයක් නැත්තෙ.දැන් ඉතින් මේ අයත් ගිහින් සරසවි ඇදුරොත් එක්ක වාඩි වුණා නම් අධ්‍යාපනය කෝකවෙතත් ආදායම හරි තව වැඩි කරගන්න පුළුවන් වෙයි. (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 30 September 2012 01:39 PM

හවසට ටියුෂන් කරන්න පුලුවන්නේ. (නි)

:       0       0

මාලක Sunday, 30 September 2012 02:48 PM

මොකක්ද දහම් පාසල් වලින් කෙරෙන වැඩේ? හාමුදුරුවරු හැමදාම බැලුවොත් වර්ජන වල. (නි)

:       0       0

පනාගොඩ Sunday, 30 September 2012 02:56 PM

මේ විදියට හරි කමක් නැහැ, ළමයි දහම් අධ්‍යාපනයට යොමු කරන්න පුලුවන් නම්. (නි)

:       0       0

මහේෂ් Sunday, 30 September 2012 02:53 PM

ඒක හොද වැඩක්. (නි)

:       0       0

මොහොමඩ් Sunday, 30 September 2012 03:02 PM

අද සමාජයේ සංස්කෘතිය හා සදාචාරය පිරිහි මිනී මැරිම්, ස්ත්‍රී දුෂණ, මැර දේශපාලන වැඩිවී ඇත්තේ දහම් පාසැල් අධ්‍යාපනය හෙවත් මූලික සංස්කෘතික හා ආගමික අධ්‍යාපනය නැතිවී යාම යන හේතුන් මතයි. මෙයට ඉරිදා උදේ ටියුෂන් පන්තිත් බලපාන බැවින් එයට එරෙහිව විරෝධතා දැක්වීම අනාගතයේ හොද සමාජයක් බිහිකිරිමට හොද අඩිතාලමක් ‍වේවි. (නි)

:       0       0

ශකිල Monday, 01 October 2012 09:28 AM

බුද්ධාගමේ කොහෙද තියෙන්නෙ බලහත්කාරයෙන් ආගම දහම උගන්වන්න කියලා? තමන්ට ගැළපෙන දේ ‍තෝරගන්න එක තමන්ගෙ අයිතියක්. (නි)

:       0       0

අසෝක Monday, 01 October 2012 10:27 AM

මොහොමඩ් මහත්ත්මය‍ණෙනි ඔබ හරි , මාගේ ස්තුතිය.(ස)

:       0       0

කුමාර Sunday, 30 September 2012 05:28 PM

දරුවෝ ඔයාලගේ .මොකටද ටියුෂන් යවන්නේ ? දහම්පාසල් යවන්න . බොරු උද්ඝෝෂණ එපා.ආණ්ඩුව පඹ ගාලක පැටලිලා ඉද්දි තව කරදර කරන්න එපා ..(ස)

:       0       0

යොහාන් Sunday, 30 September 2012 07:02 PM

දිගටම දහම් පාසල් වැහුවොත් ටියුෂන් කාරයින්ට පල්ලම.අනික ඒ අය කලින් වැස්සකටවත් පන්සල් පල්ලි වලට ගොඩ වෙලා නැතුව ඇති. (ස)

:       0       0

ලියනගේ Sunday, 30 September 2012 09:19 AM

ටියුෂන් පන්ති අනිවාර්යයෙන් ඉරිදාට හෝ තහනම් කළ යුතුයි (නි)

:       0       0

සමන්ත Sunday, 30 September 2012 09:55 AM

මේවා කරන්න ඕනෑද? ළමයි උපකාරක පන්ති වලට යවන්නේ නැතිව දහම් පාසල් යවන්න. එතකොට හරිනේ. පන්තිත් ඉබේම වැහෙයි. (නි)

:       0       0

තිලක් Sunday, 30 September 2012 10:44 AM

ටියුෂන් පන්ති කොහොමටත් තහනම් කළ යුතුයි. අපේ ළමා පරපුර විනාශ කිරීමේ ප්‍රධානම චූදිතයා ටියුෂන්. ළමයින්ට ළමා කාලය අහිමි කළේ ඔය පන්ති යාමයි. රටට ජාතියට ආදරය කරන, එකිනෙකාට ආදරය කරන, අනෙකාගේ දුකේදී හිත උණුවෙන, ජය පරාජය දෙකම දරාගන්න පුළුවන් රටේ අනාගත සමාජ නායකත්වයට සුදුසු දරු පරපුරක් ගොඩනැගීමට ලොකුම බාධාව ඔය කියන ටියුෂන් පන්තියයි. ළමයි කටපාඩම් කළ උගතුන් මිස යහපත් දක්ෂ පරාර්ථකාමී රටට ආදරය කරන මිනිසුන් බවට පත්වීමට ඇති ලොකුම බාධකය එයයි. මේ විදියට දිගටම යනකොට දැඩි ආත්මාර්ථකාමී, රටේ පොදු සම්පත් කොල්ලකාගන්නම හිතන නරුම ජනතාවක් පමණක් ඉතිරි වෙයි. ඒ නිසා ළමයින් යහපත් පුරවැසියන් කිරීමට අඩිතාලම දමන ළමාකාලය ඉස්සර වගේ පාසල් තුළින් පමණක් දීලා ඔය කඩ ටික වහලා දාන්න ඕනෑ. මේක හදිසිම අවශ්‍යතාවයක්. (නි)

:       0       0

ශ්‍රිරානි Sunday, 30 September 2012 10:41 AM

ඔච්චර දහම් පාසලුත් මොකටද එක අතකින් බැලුවහම? (නි)

:       0       0

දුමින්ද Sunday, 30 September 2012 10:55 AM

දහම් අධ්‍යාපනය ඉතා වැදගත් (නි)

:       0       0

මංජු Sunday, 30 September 2012 11:01 AM

සන්තෝෂයි , හාමුදුරුවරු හා බෞද්ධ ජනතාව මෙහෙම ක්‍රියාත්මක වීම ගැන ගොඩක් සතුටුයි (ස)

:       0       0

රුක්මාල් Sunday, 30 September 2012 11:11 AM

සෙනසුරාදා , ඉරිදා , පොහොය දිනය යන මේ දිනයන්වල අමතර පන්ති තහනම් කල යුතුයි (ස)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 30 September 2012 11:15 AM

ඇයි දහම් පාසැල් පවත්වන්නේ ටියුෂන් සර්ගේ ගෙදරද?(ස)

:       0       0

අශෝක Sunday, 30 September 2012 11:26 AM

අපේ හාමුදුරුවනේ, කතාව ඇත්ත. අපේ දැන් ඉන්න දෙමව්පියන්ට ඕනෑ කොහෝම හරි දරුවා විශ්වවිද්‍යාලයේ යවන එක. ඊටපස්සෙ ඒ දරුවාට බුදුදහම ගැන වැටහීමක් නැතිනිසා අනවශ්‍යය ප්‍රශ්න හදාගන්නවා. ඊට පස්සේ කවුද පළි? (නි)

:       0       0

ගුණරත්න Sunday, 30 September 2012 11:44 AM

දහම් පාසල් සියලු ආගම් වලම තියෙනවා. සියලු ආගමික නායකයින් මෙයට එක්විය යුතුයි. (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 30 September 2012 11:50 AM

ඒකටත් උද්ඝෝෂණ. දරුවාව යැවිය යුතු තැන දෙමාපියන් විසින් තීරණය කළ යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 85 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 114 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


ජාත්‍යන්තර තර්ජන වලට මුහුණ දෙන්න එක්සත් ජනපද සහය
2024 ඔක්තෝබර් මස 10 131 0

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත


අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්
2024 ඔක්තෝබර් මස 10 526 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත


මාතර පරණ සෙට් එකක්ම මෙවර මහ ඡන්දයට නෑ
2024 ඔක්තෝබර් මස 10 831 1

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරු


ජන අරගලයත් දිවයිනටම නම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 252 1

ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39760 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25843 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 67 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 383 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1246 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site